අප ගන්නා සියලුම ආහාර ජානමය තාක්ෂනය ආශ්‍රිතව නිෂ්පාදනය කරන ඒවා වුවහොත් කුමක් සිදු වේවිද?

24

2050 වන විට ලෝකයේ ජනගහනය බිලියන නවය ඉක්මවන බවට ගණන් බලා තිබෙනවා.

පර්යේෂණ වලින් පවසන පරිදි මේ කාලය වන විට සත්ව සහ ශාක අහාර නිෂ්පාදනය වැඩි දියුණු නොකළහොත් මුළු ලෝක වර්ගයාටම සිදු වන්නේ විශාල ආහාර හිගයකට මුහුණ දීමටයි.අනාගතයේ සිදු විය හැකි යයි අපේක්ෂා කරන විශාල ව්‍යසන ගණනාවක් පිලිබදව විශ්වකර්ම නරබන ඔබට මේ වීඩියෝව හරහා නරබන්නට පුළුවන්.
මේ ව්‍යසනය සදහා ඇති සරලම විසදුම ලෙස ජාන තාක්ෂනය ඔස්සේ නිපදවන ආහාර සුදුසු බව ඔබට හැගී යන්නට පුළුවන්.එය එසේ වුවහොත් සුපිරි වෙළද සල් වල සහ ආහාර නිෂ්පාදන අලෙවි කරන ස්ථාන වල මෙවැනි ආහාර සුලබව දැක ගැනීමට අනාගතයේදී ඔබට හැකි වේවි.නමුත් ඒ සමග ඇතිවන අතුරු ආබාධ වලට සහ සුව කල නොහැකි රෝග වලට ඔබට සිදු කල හැක්කේ කුමක්ද?

1994 වර්ෂයේ පළමු වරට ජාන තාක්ෂනය අලලා නිෂ්පාදනය කරනු ලැබූ තක්කාලි ඇමරිකාවේ වෙළදාම සදහා තබා තිබු අතර ඒවා සාමන්‍ය තක්කාලි මෙන් දෙගුණයක් කල් තබා ගැනීමේ හැකියාවෙන් යුක්ත වුනා.ඉන්පසුව ජාන තාක්ෂනය ඔස්සේ නිර්මාණය කරනු ලැබූ සොයා බෝංචි වෙළදපලේ දකින්නට ලැබුණු අතර වර්තමානය වන විට බෝග වර්ග 28ක් වෙළදාම සදහා නිකුත් කර තිබෙනවා.බිට්,අර්තාපල්.ඉරිගු මේ අතර ප්‍රධාන ස්ථානයක් ගනු ලබනවා.ජාන තාක්ෂනය ඔස්සේ නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදන වල ප්‍රමාණය නිශ්චිතවම ගණනය කර නැතත් මේ වන විට රටවල් විස්සක ජාන තාක්ෂනය ඔස්සේ ආහාර නිපදවන ගොවිපල ගණන මිලියන දහයකි.

මෙම තක්ෂයන යොදා ගෙන ආහාර නිපදවන ප්‍රධාන රවටල් වන්නේ ඇමරිකාව,ආජන්ටිනාව,
බ්‍රසීලය,චීනය සහ ඉන්දියාවයි.සාමන්යෙන් අර්තාපල් වගාවක නිසි පලය ලබා ගැනීම සදහා වසර 6-12 අතර කාලයක් ගත වුවත් ජාන තාක්ෂනය ඔස්සේ ඒ සදහා ගත වන්නේ මාස හයක් පමණි.ජාන තාක්ෂනය ඔස්සේ සොයා ගත් අපුර්වතම සොයා ගැනීම වන්නේ “රන්වන් සහල්” නම් භෝගයයි.විටමින් A ඌනතාවය සදහා පැහැදිලි පිලියමක් වන මෙම භෝගය විටමින් ඌනතා නිසා දකුණු ආසියාවේ සහ අප්‍රිකා රට වල මිය යන දහසකුත් මව් වරුන්ට සහ කුඩා දරුවන්ට විසදුමක් ලබා දීමට සමත් වී ඇත.ලොව පුරා සටින බිලියන ගණනක් පෝෂණ ඌනතා සහිත මිනිසුන්ට අවශ්‍ය විටමින් සහ පෝෂණ සංඝටක ලබා දීමට මෙම ආහාර ය සමත් වී ඇත.

ජාන තක්ෂනය මගින් භෝග නිෂ්පාදනය සදහා වැය වන්නේ ඉතා අඩු කාලයකි. එසේම එහිදී සිදුවන පරිසර හානියද ඉතා අවම වේ.පළමුව වදුරෙකුගේ වෛරසයක් මියෙකුගේ කලලයකට එන්නත් කල විද්‍යාඥයන් පිරිසකට පළමු ජාන තාක්ෂණික සත්වයා බිහි කිරීමේ ගෞරවය හිමි විය.මෙවැනි පර්යේෂණ ගණනාවකට පසු වර්තමාන ජාන තාක්ෂනය නිර්මණය වී ඇති අතර ඒ ඇසුරින් නිපදවන ලද බටලුවන්ගේ කිරි මිනිසුන්ගේ රුධිරය කැටි ගැසීම සදහා උපකාරී වේ.මේවා හිමෝෆිලියාව වැනි රුධිරය කැටි ගැසීමේ ප්‍රශ්න සහිත මිනිසුන්ට එන්නත් කරනු ලබන අතර ඒවා එම රෝග පාලනය සදහා හේතු වේ.

තවත් උදාහරණයක් වන්නේ ජාන තාක්ෂනය ඔස්සේ නිර්මාණය කරනු ලැබූ ඌරන්ය.

මෙම සත්වයන්ගේ මස් වල ඇති මේද ප්‍රමාණය අවම වන අතර එම මස් මෘදු බැවින්ද වැඩිවේ.
මේ වන විට ජාන තාක්ෂනය ගැන පර්යේෂණ සිදු කරන විද්‍යාඥයන් උත්සහ කරන්නේ මිනිසුන්ගේ අවයව වලට සමාන අවයව නිපදවිමටයි.

නමුත් මේ පිළිබද සෘණාත්මක මතවාද දරන දර්ශනවාදීන් පවසා සිටින්නේ මෙම ආහාර මිනිසුන් ඝාතනය සදහා යොදා ගත හැකි රහසිගත අවි බවයි.ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ආහාර නිසා මිනිසුන්ගේ දේහයේ ආසාත්මිකතා සහ මාරාන්තික ආබාධ ඇති වන බවයි.ඇමරිකාවේ ජාන තාක්ෂනය අනුව කරනු ලබන නිශාපදන බහුලව දකින්නට ලැබෙන අතර එහි ආසාත්මිකතා වලට මුහුණ දෙන පිරිස සියයට හැත්තෑ පහකි. නමුත් ස්වීඩනයේ ජාන තාක්ෂනය ඔස්සේ නිෂ්පාදනය කරනු ලබන ආහාර වලට තහනමක් පනවා ඇති අතර එරට ආසාත්මිකතා වලට මුහුණ දෙන පිරිස සියයට පහකි.

මෙයින් අදහස් වන්නේ මෙම ආහාර සහ ආසාත්මිකතා අතර පැහැදිලි සම්බන්ධයක් ඇති බවයි. එසේම ජාන තාක්ෂනය ඔස්සේ නිදප්වනු ලබන ශාකයක් ස්වාභාවික සත්වයෙකු අතින් පරාගනය වුවහොත් සිදු විය හැකි යයි අපේක්ෂා කරන හානිය සුළු පටු නොවේ.පරිසරයට හානි දායක වන විශාල ආක්‍රමණික ශාක බිහි වීම මෙහිදී සිදු විය හැකි අතර මේවා නිසා මිනිසුන්ටද බරපතල හානි සිදු විය හැකිය.

කෙසේ වෙතත් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර ඇති පරිදි කිසිදු ආහාරයකට අපගේ දේහයේ ඇති ජාන සැකැස්ම වෙනස් කිරීමේ හැකියාවක් නැත.අපගේ ආහාර ජීර්ණ පද්ධතියට ඇතුල් වන කුමන ආහරයක් වුවද ඒවා පළමුව කුඩා සංඝටක වලට බෙදී යාම සිදු වේ.මෙම පෝෂණ සංඝටක සියල්ල දේහයට අවශෝෂණය කර ගන්නා අතර ඒවා දේහයට අවශ්‍ය ශක්තිය නිපදවීමට,මේදය සංචිත කිරීමට සහ සෛල නිපදවීම ආදී වශයෙන් කාර්යයන් රාශියක් සදහාම යොදා ගැනේ.එයින්න් අදහස් වන්නේ අප ගන්නා කුමන ආහරයක් වුවත් මෙසේ කුඩා සංඝටක බවට පත් වන බවයි.
වර්තමානයේ ජිවත් වන බොහෝ දෙනා පවසන්නේ ජාන තාක්ෂනය ඔස්සේ නිෂ්පාදනය කරනු ලබන ආහාර වලට අප බිය විය යුතු බවයි.නමුත් මෙවැනි ආහාර වලින් මිනිසාට සිදුවන හානිය පිළිබද තවමත් පර්යේෂණාත්මකව සනාත කොට නැත.

මෙම ආහාර වලට වඩා අපගේ දේහයට හානි දායක වන බොහෝ දේවල් වලට අපට එදිනෙදා ජීවිතය තුල මුහුණ දීමට සිදුවේ.උදාහරනයක් ලෙස එක්ස් කිරණ,කෘමිනාශක හදුන්වා දිය හැකිය.බුද්ධිමත් ඔබ අවබෝධ කරගත යුත්තේ පර්යේෂකයින් ගේ මෙම වෑයම මිනිසුන්ගේ දේහය තුලට විෂ ඇතුල් කිරීමට නොව දිනෙන් දින ඉහල යන ජනගහනයට අවශ්‍ය ආහර නො අඩුව සැපයීමට බවයි.

Comments

comments