මහා සයුර යටින් ගමන් කල හැකි උමගක් තිබ්බොත්?

21

ඔබට ලන්ඩන් සිට නිව්යෝර්ක් බලා ගමන්කිරීමට අවශ්‍ය නම් ඔබට ඒ සදහා ගමන් මාර්ග කිහිපයක් භාවිතා කරන්නට පුළුවන්,මුහුදෙන් ගමන් කිරීම ගුවන් යානයෙන් ගමන් කිරීම ඔබට ඉතා ඉක්මනින් මතකයට නැගේවි,නමුත් මුහුදේ ගමන් කිරීමට අධික බියක් දක්වන පුද්ගලයන්ට නම් එය සරල කාරනාවක් වන්නේ නැහැ,ඔබට මෙවැනි ගමනක් සදහා අවම ඩොලර් 3000ක් පමණ වැය වෙනවා,ඔබට ගුවන් යානයේ ගමන් කිරීමට තීරණය කරනවානම් ඒ සදහාද ඔබට වැය වන කාලය පැය 8-11 අතර කාලයක් වෙනවා.සමහරක් පුද්ගලයන් සයුරේ ගමනාගමනයට මෙන්ම ගුවන් යානා වල ගමන් කිරීමටත් දක්වන්නේ ඉතා විශාල බියක්.මේ සියලුම ප්‍රශ්න වලට විසදුම ලෙස විශ්වකර්ම නරබන ඔබ සිතන්නේ කුමක්ද?ඒ ගැන ඔබ සමග කතා කරන්නට මේ විදියෝවෙන් අපි සුදානම්.

ඔබට සයුර හරහා ඉතා ඉකමනින් ගමන් කිරීමට හැකි මාර්ගයක් තිබෙනවා නම්?ඔව් සිතන කාරණය සත්‍ය වන්නට පුළුවන්.ඔබට ඒ සදහා අවශ්‍ය වන්නේ උමගක්.විවිධ ගමනාගමන මාධ්‍යන් ඔස්සේ ගමනාගමනය කල හැකි උමගක් තිබේ නම් ලොව බොහෝ දෙනා මුහුණ දී සිටින විශාල ගැටළු රාශියක් අවම කරගන්නට ඔබට පුළුවන්. මෙවැනි මුහුදු යටින් ඉදි කරනු ලැබූ උමං චීනයේ සහ ජපානයේ දැනටමත් තිබෙනවා.

මෙවැනි උමගක් ඉදි කිරීම සදහා සුදුසු තාක්ෂණික ක්‍රම දෙකක් තිබෙන අතර කොටස් වශයෙන් ඉදි කිරීම වන අතර දෙවන ක්‍රමය වන්නේ පැනල වශයෙන් ඉදි කිරීමයි.පළමු ක්‍රමයේදී සිදු වන්නේ කොටස් වශයෙන් ඉදි කර ඒවා එකට සම්බන්ධ කිරීමයි.දෙවන ක්‍රමයේදී සිදු වන්නේ ඉතා ගැබුරු මුහුදු පත්ලට වන්නට උමගක් ඉදි කිරීමයි. නමුත් පළමුව අප සිතා බැලිය යුත්තේ මෙවැනි උමගක ධාවනය කිරීම සදහා සුදුසු ප්‍රවාහන මාධ්‍යය කුමක්ද යන්නයි. ලන්ඩන් සිට නිව්යෝර්ක් දක්වා ඔබ ගමන් කරන්නේ කාරයකින් යයි සිතුවොත් එයට ඔබට ගත වන කාලය පැය 28කට ආසන්න වෙනවා.එය ගුවන් ගමනකට වැය වන්වාටත් වඩා වැඩි කාලයක්.නමුත් මෙහි ප්‍රවාහන මාධ්‍යය ලෙස Hyperloop දුම්රියක් යොදා ගත හොත් කිලෝමීටර 6400ක් වන දුර ගෙවාඅ දැමීම සදහා ඔබට වැය වන්නේ පැයක් පමණයි.මෙවැනි අධි තාක්ෂණික දුම්රියකින් පරිසරයට සිදුවන හානියද ඉතා අවම වෙනවා.නමුත් මෙවැනි දුම්රියක් ධාවනය කරවීමට නම් උමන් මාර්ගයේ ඉතා කුඩා තෙතමනයක් හෝ වාතයක් නොමති රික්තකයක් බවට පත් විය යුතු වෙනවා.එසේ කුඩා හෝ වායු බුබුලක් තිබීමෙන් වුවද ඝර්ෂණය නිසා ඇති විය හැකි විනාශය සිතා ගත නොහැකි තරම් එකක්.එසේ නම් මේ සදහා සුදුසු ක්‍රියා මාර්ගය කුමක්ද?

රික්තක සහිත සංවෘත කැප්සුලයක් නිර්මාණය කිරීම ඒ සදහා සුදුසුම ක්‍රමය ලෙස හැදින්විය හැකියි.නමුත් ඒ සදහා භාවිත කරන උපකරණ ගැන සලකා බැලීමේදී ඒ තරම් විශාල උපකරණ භවිතා කලත් එම ක්‍රමය සාර්ථක නැති බව පර්යේෂණ වලින් හෙළි වී තිබෙනවා.
මේවා හැරුණු කොට විද්‍යාඥයන්ට භාවිතා කල හැකි අනෙක් ක්‍රමය වන්නේ හයිද්රෝලික් ජැක් භාවිතා කිරීමයි.යකඩ කොන්ක්‍රීට් සහ සිමෙන්ති භාවිතා කර එවැනි ඉදි කිරීමක් සිදු කල හොත් පීඩනය අවම කරගැනීමේ හැකියාවක්ද ලැබෙන අතර තෙතමනය පාලනය කර ගැනීමේ හැකියාවක් ද තිබෙනවා.නමුත් මුහුදු පත්ලේ ඇති පරිසර සාධක මත මෙවැනි නිර්මානයක් සිදු කිරීමේ හැකියාවක් නොමැති නිසා එම අදහසද අත්හර දැමීමට පර්යේෂකයින්ට සිදු වී තිබෙනවා.

පරිඝනක තාක්ෂනය ඔස්සේ තැටි වශයෙන් මෙවැනි ඉදි කිරමක් සිදු කළහොත් ඒ සදහා වසර 111ක් ගත වන බවත් අභ්‍යන්තර අවරණය නිම කිරම සදහා වසර 21ක් ගත වන බවත් ගණනය කිරීම් වලින් හෙළි වී තිබෙනවා.එසේ නම් එයින් අදහස් වන්නේ මෙවනි නිර්මාණයක් සිදු කල හැක්කේ විශ්වක්ර්මයකින් පමණක් බවයි.නමුත් මෙම කාර්යය සිදු කිරම සදහා ක්‍රමයක් තිබෙන බව විද්‍යාඥයන් පෙන්වා දී තිබෙනවා.

මේ සදහා භාවිතා වන උපක්‍රමය වන්නේ සාගරය තුලට ගිල්විය හැකි නලයක් භාවිතා කිරීමයි.මෙම උපකරණය ඇටවීම සදහා වැඩි පරිශ්‍රමයක් දැරීමට අවශ්‍ය වන්නේ නැහැ.එහිදී සිදුවන්නේ කලින් සාදන ලද අටවුම් එකට සම්බන්ධ කිරීමයි.මෙම මාර්ය්ගය අධික පීඩනය ට සහ අධික ගබුරටද සරිලන ලෙස නිර්මාණය කර තිබෙනවා.මෙහිදී සිදුවන හානි වලක්වා ගැනීම සදහා යකඩ හෝ ප්ලාස්ටික් භාවිතා කිරීම අත්‍යාවශ්‍ය වෙනවා.

මෙවැනි උමගක් සෑදිය හැකි අනිත් ක්‍රමය වන්නේ මුහුදු ගබුරේ පාවෙන පාලමක් ඉදි කිරීමයි.සාගර පතුලේ ඇති අනවශ්‍ය පිඩනය අවම කර ගැනීම සදහා මෙම නිර්මාණය සදහා සුදුසු ගැබුර ලෙස තීරණය වී ඇත්තේ මිටර 50-100 අතර ප්‍රමානයක්.මෙවැනි පාලමක් නිර්මාණය කරන විට එවැනි ගබුරක් තුල විශාල පීඩනයක් යටතේ එවැනි නිර්මාණයක් සිදු කිරීම පහසු වන්නේ නැහැ.

මේ කුමන නිර්මාණය සිදු කලත් ඒ සදහා වැය වන මුදල සුළු පටු වන්නේ නැහැ. මෙවැනි මාර්ගයක දෝෂනිරාකරනය සදහා ඉතා ඉහල තාක්ෂණයක් අවශ්‍ය වන අතරම ඒවා සදහා රොබෝ තාක්ෂනය පවා අවශ්‍යව වනවා.මෙවැනි සියලුම උපකරණ සමග මෙම උමග නිර්මාණය කිරීම සදහා වැය වෙතයි අපේක්ෂා කරන මුළු මුදල ඩොලර් ට්‍රිලියන 12ක්.

ක්‍රමයෙන් දියුණු වෙමින් පවතින විද්‍යාව සහ තාක්ෂණවේදය දෙස අවධානය යොමු කල විට මෙවැනි යමක් නුදුරේ නිර්මාණය නොවෙතැයි කියන්නට අපට හැකියාවක් නැහැ.මෙවැනි අධි තාක්ෂණික උමන් මාර්ග නිර්මාණය වුවහොත් එය නුතන ලෝකය උඩු යටිකුරු කරනු ඇතිබව බොහෝ දෙනාගේ මතයයි.

Comments

comments