සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහයන් එකම කක්ෂයක ගමන් කලොත් සිදුවන්නේ කුමක්ද?

12

අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සිටින සියලුම ග්‍රහයන් තමන්ට වෙන්වූ නිශ්චිත මාර්ගයක ගමන් කරන බව බොහෝ දෙනෙකු දන්නා කරුණක්.පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙම ග්‍රහයන් එකිනෙක සමග ගැටීමේ හැකියාවක් නොමැති බවයි.නමුත් අපට මෙය සම්පුර්ණයෙන්ම විශ්වාස කල හැකිද?

අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති කුඩාම කක්ෂයේ සම්පුර්ණ වට ප්‍රමාණය කිලෝමීටර 240ක් පමණ වෙනවා.විද්‍යාඥයන් පවසන්නේ අප නොදන්නා ඕනෑතරම්ආකාශ වස්තුන් තිබීමට මෙම ඉඩකඩ ප්‍රමාණවත් වන බවයි.මෙවැනි ආකාශ වස්තුන් එකිනෙක ගැටීමට පවතින එකම බාධකය වන්නේ ගුරුත්වාක්රෂණයයි.මෙම ගුරුත්වාකර්ෂණය නොතිබෙන්නට සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහයන් කිලෝමීටර දහස් ගණනක් ඈතට නික්මී යන්නට පුළුවන්.එසේම එකිනෙක සමග ගැටෙන විශාල ග්‍රහයන් නිසා ඒ සමග ඇතිවන කැබලි අවකාශයට නික්මී යන්නට පුළුවන්.

අපගේ සද නිර්මාණය වී ඇත්තෙත් මෙවැනි විශාල වස්තුන් දෙකක් අතර ඇතිවූ විශාල ගැටීමකින් පසුවයි.සුර්යයා වටා ගමන් කරන ආකාශ වස්තුන්ට කිසිදු අවහිරයකින් තොරව ගමන් කිරීමට අවස්ථාව ඇත්තේ ඒ සදහා නිශ්චිත වූ තත්වයන් යටතේ පමණයි.

කෙසේ වෙතත් අභ්‍යාවකාශ වස්තුන් දෙකක් එකම කක්ෂයක ගමන් කිරීම කිසි සේත්ම සුදුසු කාරණයක් වන්නේ නැහැ,සෙනසුරු ග්‍රහයාගේ උප ග්‍රහයන් දෙදෙනෙක් ගමන් කරන්නේ අශ්ව ලාඩම් හඩති වෙනස් කක්ෂීය මාර්ග දෙකකයි.නමුත් අනෙක් උප ග්‍රහයන් දෙදෙනා සෑම වසර හතරකටම වරක් එම ග්‍රහයන් දෙදෙනා තම කක්ෂීය ගමන් මාර්ග වෙනස් කරගනු ලබනවා.මෙම ක්‍රියාවලිය වසර බිලියන ගණනාවක සිදු වන්නක් වන අතර මෙම අභ්යාවාකාශ වස්තුන් කිසිදු දිනයක එකට හමු වී නැහැ.විද්‍යාඥයන් විසින් සිදු කරන ලද පරීක්ෂණ වලට අනුව ඔවුන් පවසා ඇත්තේ මෙම උප ග්‍රහයන් එකිනෙක මත ගැටීමේ හැකියාවක් පවතින බවයි.නමුත් ඔවුන් පෙන්වා දෙන්නේ එවැන්නක් සිදු වීමට තවත් වසර මිලියන 2.2 පමණ අසන්න වශයෙන් ගත වන බවයි.

අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක තුනක් හෝ හතරක් එකම කක්ෂීය මාර්ගයක ගමන් කල හොත් කුමක් සිදු වේවිද?සියලුම ග්‍රහලෝක අතර පවතින දුරද සමාන වුයේ යයි සිතන්න.මෙවැනි තත්වයක් යටතේ මනුෂ්‍ය වර්ගයට ආරක්ෂා වීමේ හැකියාටක් තිබේද?

මෙවැනි තත්වයක් යටතේ ග්‍රහලෝක තනිවම භ්‍රමණය වීමට උත්සාහ ගන්නා අතර අභ්‍යාවකාශ වස්තුන් තමා කැමති මාර්ගයක ගමන් කිරීම අරබයි.මෙවැනි තත්වයක් යටතේ අපට සුර්යයා වටා ග්‍රහලෝක පිහිටන අනුපිළිවෙලක් නිර්ණය කිරීම අපහසු වන අතර අපගේ ප්රුතුවියද වෙනත් ස්ථානයක් අත්පත් කරගෙන සිටිනු ඇත.මෙවැනි අවස්ථාවක පෘතුවියට හිමි වන ස්ථානය වන්නේ අංක එකයි.මෙම සංසිද්ධිය සමග පෘතුවිය සුර්යයාට කිලෝමීටර මිලියන තිහකින් ලං වන අතර උෂ්ණත්වය සෙල්සියස් අංශක 60කින් වර්ධනය වේ.මේ සමග පෘතුවියේ මෙතෙක් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය වාර්තා වන අතර නවීන පහසුකම් සහිත වායු සමීකරණ යන්ත්‍ර ආශ්‍රිතව පමණක් වාසය කිරීම පහසු වනු ඇත.මේ සමගම පෘතුවියේ ඇති සියලුම ජල මුලාශ්‍ර සිදී යන අතර අනෙක් විශේෂම කාරණය වන්නේ පෘතුවියේ වසරකට ඇති දින ගණන අඩු වීමයි.මෙවනි තත්වයක් යටතේ පෘතුවියේ සිටින මිනිසෙකුගේ වසරකට අයත් දින ගණන වන්නේ දින 159කි.එසේම සුර්යයා වටා ගමන් කිරීම සදහා පෘතුවියට ගත වන්නේද දින 206ක් පමණි.එසේම මේ සමග ගුරුත්වාකර්ෂණය ද ක්‍රමයෙන් වැඩි වීමට පටන් ගනී.පෘතුවියට පමණක් නොව නෙප්චුන් ග්‍රහයාටද අත් වන්නේ මෙවැනිම ප්‍රතිපලයකි.නෙප්චුන් ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවත් වන අතර එය නැවත අපගේ සෞරග්‍රහ මණ්ඩලය ට ඇතුල් වන්නේ නැත.එසේම අගහරු ග්‍රහයාත් අපගේ සෞරග්‍රහා මණ්ඩලයෙන් ඉවත් වීමක් සිදු විය හැකිය.

නෙප්චුන් වෙනුවට අපගේ පෘතුවිය සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවත් වී කිලෝමීටර බිලියන ගණනක් ඇති වෙනත් සෞරග්‍රහ මණ්ඩලයකට ඇතුල් වේ යයි කිව නොහැක්කේ කාටද?ක්ක්ෂයන්ගේ සිදුවන වෙනස් වීම සහ ජේදනය වීම් නිසා කුමක් සිදු වේ දැයි යන්න පුරෝකථනය කිරීම පහසු කාරණයක් නොවේ.මෙවැනි පුරෝකථනය කිරීම් බොහොමයක් සුපිරි පරිඝනක ආශ්‍රිතව සිදු කලත් ඒවායේ ඇති නිවැරදි භාවය පිළිබද සම්පුර්ණයෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක් කිසිවෙකුටත් නැත.එසේම ප්ලුටෝ වැනි ග්‍රහලෝක සම්පුර්ණයෙන්ම කැඩී බිදී විනාශ වී යන බව පර්යේෂකයින්ගේ මතයයි.පර්යේෂණ වලට අනුව පෘතුවිය සම්පුර්ණයෙන්ම වෙනස් මාර්ගයක ගමන් අරබන අතර ක්‍රමයෙන් අඩු වන උෂ්ණත්වය නිසා මුළු ප්රුතුවියම ග්ලැසියර වලින් වැසි යාම ආරම්භ වේ.

කෙසේ වෙතත් මෙසේ සියලුම ග්‍රහලෝක එකම කක්ෂයක පිහිටීම කිසි සේත්ම සිදු නොවන්නක් බව විද්‍යාඥයන් පෙන්වා දී තිබෙනවා.මේ හේතුව නිසා සුර්යයාගේ සිට තුන් වන ස්ථානය හිමි කරගෙන සිටින අපි එහි පළමු ස්තානය ලැබේ යයි අනියත බියකින් පසුවීමේ අවශ්‍යතාවයක් නැහැ.

Comments

comments