උපන් දවසට අනුව ඔබේ ගතිගුණ මෙහෙමයි

1305

ජ්‍යොතිෂය ශාස්ත‍්‍රයට අනුව ජන්මියෙකු මෙලොව එළිය දකින දිනය ඔවුන්නොවුන්ගේ විශේෂ ගති ලක්‍ෂණ මෙසේ දක්වනු ඇත.

ඉරිදා

රවි ග‍්‍රහයාට හිමි දිනයක් ලෙස සැලකෙන ඉරිදා දිනයේ උපත ලැබූ අය සමාජයේ මූලිකත්වය ගෙන කටයුතු කිරීමට කැමැත්තක් දක්වයි.

සඳුදා

සඳු ග‍්‍රහයාට හිමි දිනයක් ලෙස සැලකෙන සඳුදා දිනයේ උපත ලැබූ අය ප‍්‍රසන්න පෙනුමකින් නිහතමානී ගති පැවතුම් වලින් සමන්විත වූවත් එදිනෙදා කටයුතු වලදී මන්දගාමී වේ.

අඟහරුවාදා

කුජ ග‍්‍රහයාට හිමි දිනයක් ලෙස සැලකෙන අඟහරුවාදා දිනයේ උපත ලැබූ අය දැඩි මුරණ්ඩු මෙන්ම හිතුවක්කාර ගති පැවතුම් වලින් හෙබි අතර තම මතයට අනුව කටයුතු කරයි.

බදාදා

බුධ ග‍්‍රහයාට හිමි දිනයක් ලෙස සැලකෙන බදාදා දිනයේ උපත ලැබූ අය තීක්‍ෂණ බුද්ධියකට හිමිකම් කියන චතුර කථිකත්වයකට දක්‍ෂ අයවළුන් වේ.

බ‍්‍රහස්පතින්දා

ගුරු ග‍්‍රහයාට හිමි දිනයක් ලෙස සැලකෙන බ‍්‍රහස්පතින්දා දිනයේ උපත ලැබූ අය සැම විටම ධර්මානුකූලව තම ජීවන රටාව ගෙනයෑමට උත්සාහ දරන අතර ආත්ම ගෞරවය රැුකෙන පරිදි දිවි ගෙවයි.

සිකුරාදා

සිකුරු ග‍්‍රහයාට හිමි දිනයක් ලෙස සැලකෙන සිකුරාදා දිනයේ උපත ලැබූ අය හැමවිටම විනෝදකාමී දිවිපෙවතක් ගතකිරීමට උත්සාහ දරන අතර පේ‍්‍රමයද විනෝදයක් සේ සලකයි.

සෙනසුරාදා

ශනි ග‍්‍රහයාට හිමි දිනයක් ලෙස සැලකෙන සෙනසුරාදා දිනයේ උපත ලැබූ අය හේතුවක් ඇතිව හෝ නැතිව නිතර කල කිරුණු ස්වභාවයෙන් මන්දගාමී ලෙස ගෙවීමට පෙළඹෙයි.

ජ්‍යොතිෂවේදී රංජන් සිසිර කුමාර

දිවයින ඇසුරිනි

Comments

comments