අනාගතයේදි පෘතුවියේ ඇතවන වෙනස්කම් වලින් බිඳක්

    346

    අතීතයේ පටන් පෘතිවියේ බොහෝ වෙනසකම් රාශියක් සිදුවී තිබේ. එම වෙනස්වීම් තව ඉදිරියටත් එසේමය. ඉදිරි වසර බිලියන 7.5 ඇතුලතද පෘතිවියේ විශාල වෙනස්වීම් කීපයක්ම සිද්දවෙනබව ඔබ දන්නවාද? අපි බලමු ඒ වෙනස්වීම් මොකක්ද කියලා..

    අපි සියලු දෙනාම දන්නා ජනප්‍රියම වල්ගා තරැවනම් Halley’s Comet වේ එම වල්ගාතරැව සෑම වසර 75ට වරක්ම පෘතුවියට ලංවෙනවා. අවසන් වතාවට එම වල්ගාතරැව දකින්නට ලැබුනේ 1986 වර්ශයේදීය, නමුත් නැවතත් 2061 ජූලි 28 වන දින එම වල්ගාතරැව නැවතත් පෘතුවියට සමීප වීමට නියමිතයි.

    අදින් වසර 50ක් ඇතුලත අපට සුපර් නෝවා පිපුරැමක් දැකගන්න පුළුවන්ය. ඒ බව පවසා සිටියේ යොහියෝ විශ්ව විද්‍යාලයේ පරීක්ෂකයින් පිරිසකි. ඔවුන් පවසන අන්දමට දුරේක්ෂයන්වලින් මෙම සුපර් නෝවා පිපුරැම 100%ක්ම දැකගන්නට පුළුවන් බවය. ඊට අමතර පෘතුවි වාසින්ට රාත්‍රියේදි පියවී ඇසින්ද දැකගන්නට හැකිවනු බවය. සූර්යාට වඩා ස්කන්දයෙන් යුත් සියලුම තාරකාවන් එහි අභ්‍යන්තරයේවූ සියලුම හයිට්‍රජන් භාවිතා කල පසුව සුපර් නෝවා පිපුරැමකින් පුපුරා යාමක් සිද්ද වෙනවා. බිඳ වැටීමට ආසන්න එවැනි තාරකාවන්වල මද්යේ වූ කෝරිකයන් වල ඇති පරමාණුක අනු පිටවෙන්නට පටන් ගනී. ඒ වගේම ගුරැත්ව තරංගයක්ද නිකුත් කිරීමක් සිදුවේ. අද විද්‍යාව මොනතරම් දියුණුයිද කිවහොත් ඒවා හඳුනා ගැනීමට උපකරණයන්ද තිබීම හොඳම උදාහරණයකි.

    අදින් වසර 62ට පසුව තවත් වැදගත් දෙයක් සිදු වේවි. එනම් 1950DA ග්‍රාහකයෙකය පෘතුවියේ ගැටීමේ අවධානමය. එම අනාවැකිය සිදුකර තිබෙන්නේ වගකිව යුතු ආයතනයක් වන නාසා ආයතනයයි. මෙම ග්‍රාහකයේ කක්ෂියේ ගමන් පථයන් අධ්‍යයණය කිරීමේදි පෙනි තිබෙන්නේ 2880 වර්ශයේ මාර්තු 16 වෙනි දින එම ගමන් මාර්ගය පෘතුවිය හා වැටෙන බවයි. එම ග්‍රාහකයේ විශ්කම්භය අඩි 3200ක් පමණ වේ.

    තවත් වසර 80,000න් පමණ පෘතුවියම වසාගන්නා අයිස් වලින් වැසී යාමට පටන් ගනි. අවසන් වරට අයිස්වලින් මුලු පෘතුවියම වැසිගොස් තිබෙන්නේ දැනට වසර 12,000ට ඉහතදීය. එම කාලයේදි අද පෘතිවියේ පවතිව වැඩි ජනාවාසයන් බවට පත්වී තිබෙන තැන් අයිස් වලින් මුලුමනින්ම වැසිගොස් තිබේ. කැනඩාව සහා උතුරැ ඇමරිකාවද මුලුමනින්ම අයිස්වලින් වැසි ගොස් තිබේ. පසුගිය වසර මිලියන 2.5හ කාලය තුල මෙවැනිම අයිස්වලින් පෘතුවිය වැසිගිය අවස්තා 50ක් පමණ සිදුවී තිබේ. හේතුව සෑම වසර ලක්ෂයකට වරක්ම පෘතුවිය අයිස්වලින් වැසීයාමක් සිදුවී තිබේ. එම කාලය තුල පෘතුවිය අයිස්වලින් මිදීමට වසර 10,000ක් පමණ ගතවනු ඇති. මෙවැනි දෙයක් සිදුවන්න හේතුව පෘතුවියේ කක්ෂය තුල සහා අක්ෂය තුල සිදුවන වෙනස්වීම් නිසාවෙනි. එවිට සූර්ය රශ්මිය පොලොවට පතිතවන විදියද සහමුලින්ම වෙනස්වේ. විද්‍යාඥ්‍යයින්ගේ අනුමානයට අනුව තවත් වසර 80,000න් පෘතුවිය අයිස්වලින් වැසී යාමක් අනිවාර්යයෙන් සිදුවන බවය.

    තවත් වසර 250ක් පෘතිවියේ සියලුම මහද්වීපයන් එකින් එකට සමීප වී එක් විශාල මහද්වීපයක් නිර්මාණය වේ. විද්‍යඥ්‍යයින් පවසන ආකාරයට එම කාලයේදි ඕස්ට්‍රේලියාවේ සිට ඇලස්කාවට ගොඩබිමින් ගමන්කිරීමට හැකිවනු බවය. අප දන්නා කාරණයක්නම් පෘතුවියේ මහද්වීපයන් නිරන්තරව වෙනස්වෙමින් පවතින බවය. මීට වසර මිලියන 250ට පමණ ඉහත පෘතුවියේ තිබී ඇත්තේ එකම එක පහද්වීපයක් පමණි. ඉන් පසු ටිකෙන් ටික වෙනස් වී අද අප දකින මහද්වීපයන් නිර්මාණයවී තිබේ. තවත් අව්රැදු 250න් පසු පෘතුවිය එක් මහද්වීපයක් බවට පත්වනු ඇතැයි විද්‍යාඥ්‍යයින් විශ්වාස කරති.

    තවත් වසර බිලියන් 4න් පසු ක්ශිරපත මන්දාකිණිය හා ඇන්ඩ්‍රෝමීටා මන්දාකිණිය එකින් එක ගට්ටන වීමක් සිදුවේ. එවිට නිර්මාණය වන්නේ මිල්කෝමීඩා නමින් හඳුන්වන අළුත්ම මන්දාකිණියයි. විශ්වය අධික වේගයකින් ප්‍රසාරනය වන නිසා සාමාන්‍යයෙන් සිදුවන්නේ සැලකිය යුතු වේගයකින් මන්දාකිණිය අපෙන් ඈතට යාමය. එසේනම් මෙම මන්දාකිණි දෙක එකින් එකට ගඨටනය වන්නේ කෙසේද? ඊට හේතුව වන්නේ ක්ශීරපත මන්දාකිණිය හා අසල්වැසි මන්දාකිණියන් ගුරැත්වයෙන් බැඳි පැවැත්වීමයි. එනිසා අසල්වැසි මන්දාකිණි අප වෙත පැයට සැතපුම් දෙලක්ෂ පන්සදහසක වේගයකින් එනු ඇත. එසේනම් තවත් වසර බිලියන 4න් මෙම ගඨඨනය සිදුවේවි කියා විද්‍යාඥ්‍යයින් විශ්වාස කරති. නමුත් තාරකාවන් එකිනෙකා අතර ගඨඨනයක් සිදු නොවේවි. හේතුව තාරකාවන් පිහිටා තිබෙන්නේ එකිනෙකාට ඉතාමත් දුරින්ය. නමුත් මෙම සිදුවීම දැක ගන්නට කිසිදු ජීවියෙක් පෘතුවියේ ජීවත්වනු නොඇත. හේතුව තවත් වසර බිලියන 5ක් පමණ ගතවූ පසු සූර්යාගේ හයිට්‍රජන් සියල්ල තරනයවී එය රතු යෝධයෙක් බවට පත්වනු ඇත.

    රතු යෝධ තාරකාවක් යනු මිය යමින් සිටින තාරකාවකි. එම තාරකාව පෘතුවියේ සීමාව ඉක්මවමින් රතු යෝධයෙක් බවට පත්වේවි. එවිට රතු යෝධයා විසින් පෘතුවිය ගිලගනු ලැබේ. වසර බිලියන 7.5න් සූර්යාගේ මද්යේහු කෝරිකයේ සමබරතාවය ගිලිහි එය බිඳ වැටීමක් සිදුවනු ඇත. සුපර් නෝවා පිපුරැමකින් කළු කුහරයක් බවට පත්වීමට තරම් ස්කන්දයක් සූර්යාට නැත. එනිසා කළු කුහරයක් බවට පත් නොවි සුදු වාමන තාරකාවක් බවට පත්වේ.

    මොහොමඩ් අක්‍රම්

    Comments

    comments