Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ඔබ ධනවතෙක් වීමට යන බව ඔබට කියන හීන

Posted on January 18, 2021January 18, 2021

හීන තමයි මිනිස්සුන්ව ජීවත් කරන්නේ. හීන කියන වචනය තමන්ගේ බලාපොරොත්තුවකට වගේම නින්දේදේ දකින විවිධාකාර දර්ශනවලට භාවිතා වෙනවා.මේ අවස්ථා දෙක සඳහාම සිහිනය කියන වචනය  භාවිතා කරන්න එක හේතුවක් වෙන්න ඇත්තේ තමන් දැඩිව බලාපොරොත්තු වන යම් දෙයක් යටි සිත අවදි වීම හරහා නින්දේත් දකින්න ලැබෙනවා කියන විශ්වාසය.

ඒ වගේම සමහර අවස්තාවලදී මීට අමතරව තමන්ගේ ජීවිතය පිළිබඳව විවිධ සංඥා සිහින මඟින් අපට ලබා දෙනවා.සිහින පලාපල කීමේ ශාස්ත්‍රය පෙරදිග ලෝකයට නම් ආගන්තුක දෙයක් නෙමෙයි.ක්‍රිස්තියානි සභ්‍යත්වයේ බලපෑම නිසා ඇතැම් අවස්ථාවල මේ සිහින ඵලාඵල තේරීම මිථ්‍යා දෙයක් කියලා අපේ රටේ මතයක් ගොඩනැගිලා තිබ්බා.හැබැයි බයිබලය තුළ පවා සිහින ඵලාඵල  පිළිබඳව සඳහන් වෙනවා. පරණ ගිවිසුම පුරාවට එවැනි කතා කථා රාතා රාශියක් අපිට හමු වෙනවා.අද වෙද්දී බටහිර විද්‍යාව පමණක් තමන්ගේ එකක් පිළිසරණ බවට පත් කරගෙන ඉන්න සමහර පිරිස් සිහින පලාපල විමසීම බැහැර කරනවා. හැබැයි අපි අද මේ වීඩියෝව ගෙන එන්නේ ඔවුන් වෙනුවෙන් නම් නෙමෙයි.දුප්පත් වී ඉපදීම පිළිබඳව පසු තැවෙමින් තමන්ගේ උපරිමයටත් වඩා උත්සාහ කරමින්  ධනවත් වීමට වෙර දරන පිරිස් වෙනුවෙන්.සමහර විට ඔබ මේ වීඩියෝව බලනවා ඇත්තේ දවස පුරාම මහන්සි ලැබෙන සුළු විවේක කාලය තුළදී තුළදී පමණක් වෙන්න පුළුවන්.ඔබ ජීවිතයේ යම්කිසි දවසක නින්දේදී අපි මේ සඳහන් කරන අන්දමේ හීනයක් හෝ හීන කීපයක් දැක තිබෙනවා නම් කිසි විටෙක ඔබ කරගෙන යන කටයුතු නතර කරන්න එපා.ජයග්‍රහණයේ සතුට  නුදුරු අනාගතයේම ඔබට ලැබේවි.ඒ වගේම යම් කෙනෙක් මේ වගේ  සිහින දැක්කේ නෑ කියල දුක් වෙන්න එපා.ඔබේ ධෛර්යත් එක්ක ඔබේ සිහින සැබෑ කර ගැනීමේ හැකියාව ඔබ තුළම පවතිනවා.එහෙමනම් ඔබ ධනවතෙක් බවට පත්වෙන බවට ඉඟි ලබා දෙන සිහින ගැන කතා කරන්න කලින් ඔබට කුඩා මතක් කිරීමක් කරන්න තියෙනවා. ඒ තමයි ඔබ තවමත් අපේ විශ්වකර්ම යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරල නැත්තම් සබ්ස්ක්‍රයිබ්  කරන්නත් අපේ වීඩියෝස් නිකුත් වූ සැනින් එසැනින් දැනගන්න පුංචි බෙල් සලකුණ ක්ලික් කරන්න කියන පණිවිඩය.

යම්කිසි අවස්ථාවක ඔබ සිහිනයෙන් කිරි සහ පැණි දැක්කනම් ඔබේ ජීවිතයට කිරි පැණි ඉතිරීම නුදුරු අනාගතයේදීම සිදුවන බවට එක සලකුණක්. සියවස් ගණනාවක් පුරා සුබ කටයුත්තකදී කිරි පැණි රැගෙන යාම අපේ චාරිත්‍රයක්.ඒ වගේම ඉන්දියාවේදී සුබ කටයුත්තක් ආරම්භ කිරීමට පෙර කිරි පැණි ආහාරයට ගැනෙනවා.ඒ වගේම බයිබලය තුළ දෙවියන් වහන්සේ පොරොන්දු වූ දේශය ගැන යුදෙව්වන්ට පවසන්නේ “මම නුඹලාව කිරි පැණි ගලා යන දේශයකට රැගෙන යනවා” කියලා.

ඒ වගේම යම්කිසි අවස්ථාවක දී මී වද බැඳීමේ යෙදෙන  කාර්යබහුල මී මැස්සන් ඔබේ සිහිනය තුළදී දුටුවානම් එම සිහිනය අර්ථය වන්නේ ඔබේ සිහිනය කරා යෑමට තව තවත් මහන්සිය වැඩකටයුතු වැඩ කටයුතු කළ යුතු බවයි.එසේම යම්කිසි සිහිනයක් තුල කිරි මහා පරිමාණයෙන් දකින්න ලැබෙනවා ධනස්කන්ධයක් සමඟ සිතේ සැනසිල්ල ඔබ වෙත පැමිණෙන බවට   එයින් සනාත වෙනවා.

මීට අමතරව කහ, සුදුළූණු හෝ ලුණු සිහිනෙන් දැකීම තුළිනුත් මේ ආකාරයම ප්‍රතිඵල ඔබට ලැබෙනවා.අනාදිමත් කාලයක ඉඳන් ආහාර රස කිරීමට භාවිතා කරන ඉහත සඳහන් කරපු දේවල් කෑම වේලට නැතුවම බැරි වෙලා තියෙනවා.ඇතැම් අවස්ථාවලදී  සාමාන්‍ය එළවළුවලටත් වඩා මේ ද්‍රව්‍යවල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා.විශේෂයෙන් කහ ගැන කතා කළොත් එහෙම නිවසකට ගොඩ වැදීමේ දී ගෙන යා යුතු සුබ ද්‍රව්‍යයක් විදිහට කහ කැබැල්ලක් සැලකෙනවා.

ඒ වගේම දෙලුම් ගෙඩියක් සිහිනයෙන් දැකීමත් මේ ආකාරයටම ධනවත් බව ඔබ වෙත ළඟා වෙන බව කියවෙන එක සංකේතයක්.

එසේම යම්කිසි දිනයකදී ඔබ රත්රන් හෝ රන් පැහැයෙන් දිදුලන යම්කිසි වස්තුවක් සිහිනයෙන් දකින්නේ නම් නුදුරු අනාගතයේදීම මහා ධනස්කන්ධයක් ඔබ වෙත උරුම වන බවට එය පැහැදිලි සලකුණක්.මේ පිළිබඳව පෙරදිග වගේම බටහිර රටවල සිහින පලාපල කරන්නන් අතර කිසිදු විවාදයක් නැහැ.නමුත් බටහිර බටහිර සිහින පලාපල තේරීමේ ශාස්ත්‍රය තුළ රන් පැහැයට අමතරව තවත් පැහැයක් ගැන සඳහන් වෙනවා.එම පැහැය සඳහා ඔවුන් භාවිතා කරන්නේ “Burgundy Red” යන වචනයයි.නමුත් පෙරදිග සිහින පලාපල තේරීමේ ශාස්ත්‍රය තුළ රතු පැහැය එතරම් සුබ වර්ණයක් ලෙස සලකන්නේ නැහැ.නමුත් අපි මෙහිදී මතක තබාගත යුතු කරුණ වන්නේ අපරදිග ශාස්ත්‍රවල ධනවත්කම පිළිබඳව සිහින මඟින් කියන්නේ තද රතු වර්ණය නොව රතු වර්ණයේම වෙනත් ස්වරූපයක් බව කියන එක.

යම්කිසි අවස්ථාවක ඔබ සිහිනයෙන් ධාන්‍ය වර්ග ගොඩක් කුමන ස්වරූපයකින් හෝ දකිනවා නම් ඉන් කියවෙන්නේ ඔබේ මහන්සියේ අස්වැන්න නෙළා ගැනීමේ කාලය ළං ව ඇති බවයි.පෙරදිග සම්ප්‍රදාය තුළ  මෙලෙස වී දැකීම යහපත් සලකුණක් ලෙස සලකන අතර අපරදිග සම්ප්‍රදාය තුළ තිරිඟු,බාර්ලි, මිලට් වැනි බෝග වර්ග දැකීම  සුභ යැයි විශ්වාස කෙරෙනවා.හොඳ අස්වැන්නකින් ගොවියාට සතුට ධනය වගේම ලාභයත් ගෙන එනවා.ඒ ඇසුරෙන් මේ සිහින පලාපල අර්ථකථනය ලබා දුන්නා වෙන්නත් පුළුවන්. හැබැයි මෙහිදී යම් දෙයක් ගැන මතක් කළ යුතු වෙනවා.ඒ තමයි යම්කිසි අවස්ථාවක එකිනෙකා තුළ ධාන්‍ය වලට යම් හානියක් සිදුවන ආකාරය දුටුවේ නම් නිරූපණය වන්නේ ධන හානියක් පිළිබඳවයි. මේ නිසා එවැනි කාලයකදී අතිශයින් පරිස්සම් සහගතව කාලය ගත කළ යුතු වෙනවා.

රාත්‍රි සිහිනයදි  ඔබට අංක අට සලකුණ හෝ යම්කිසි ශුභ වස්තූන් අටක් සිහිනෙන් දකින්නේ නම් ඉන් කියවෙන්නේ ඔබේ සුබ කාලය උදාවීමට තව ඇත්තේ සුළු කාලයක් බවයි.බොහෝ දෙනෙක් විශ්වාස කරන පරිදි අපේ රටේ අංක හා බැඳුණු වාසනාව ඒ ගැන විශ්වාසය ඇති වෙලා තියෙන්නෙ බටහිර ජාතීන්ට යටත් වුණාට පස්සේ කියලා. හැබැයි ඒ අදහස කිසිසේත්ම නිවැරදි එකක් නම් නෙමෙයි.උදාහරණයක් විදියට කමතේ අටමගල ඇඳීම කියලා චාරිත්‍රයක් සිද්ධ කරා.ඒ මගින් සිද්ධ කරේ මංගල සම්මත වස්තූන් අටක් කමතේ ඇඳීම.ඒ වගේම 108 සැලකුණේත් ශුද්ධවූ  අංකයක් විදිහට.අනාදිමත් කාලයක ඉඳන් බෞද්ධයෝ භාවිතා කරන නවගුණවැලට පබළු 108ක් ඇතුළත් වෙලා තියෙනවා.8 සුබ සංකේතයක් විදිහට සලකන එක අපේ රටට සහ ඉන්දියාවට පමණක්ම සීමා වූ එකක් නෙමෙයි.විශේෂයෙන් චීනය තුළ අංක සඳහා විශේෂ තැන් තැනක් ලැබෙනවා.උදාහරණයක් විදියට අංක 8 නිරූපණය කිරීම සඳහා ඔවුන් භාවිතා කරන්නේ “ba” යන ශබ්දය.මෙම ශබ්දය සෞභාග්‍යය සඳහා චීන භාෂාවේ යෙදෙන “fa” යන ශබ්දය සමග සමාන වීම නිසා අනාදිමත් කාලයක පටන් 8 වාසනාවේ අංකය ලෙස චීන සංස්කෘතිය තුළ පිළිගැනීමට ලැබුණා.එසේම  උදේට 2008  වසරේදී පැවති බීජිං ඔලිම්පික් උළෙල අගෝස්තු 8 වැනිදා එනම් අටවැනි මස 8 වන දින රාත්‍රී 8.08 ට ආරම්භ වුණා.මාතෘකාවෙන් පොඩ්ඩක් පිට පැන්නොත් චීනය කියන්නේ කොයි තරම් දියුණු රටක් වුණත් තමන්ගෙ අක්මුල් අමතක නොකරපු රටක් බවට හොඳම උදාහරණයක් මේක.නමුත් ඊට සාපේක්ෂව අපේ රටවල් ඉන්න තත්ත්වය ගැන හිතා ගැනීම අපි ඔබටම බාර කරනවා. ආපහු ප්‍රධාන මාතෘකාවට ආවොත් අටේ ඉලක්කමේ ඇති සමමිතික ස්වභාවයත් 8 සුභ ඉලක්කමක් ලෙස සැලකීමට එක හේතුවක් වුණු බව මෙම විශ්වාසය පිළිබඳව පර්යේෂණ පැවැත්වූ  පර්යේෂකයන් සිතනවා. හැබැයි අද වෙද්දි බටහිර රටවල බලපෑම නිසාද මන් දන්නෑ අපේ රටේ බොහෝ දෙනෙක් හිතන්නේ හතේ ඉලක්කම වාසනාවන්ත අංකයත් කියල.අපේ සංස්කෘතිය සහ සම්ප්‍රදාය තුළ වාසනාවේ සංකේතය විදිහට අටේ ඉලක්කම පිළිගන්නා බව අමතක කරන්න එපා.

අපි කලින් සඳහන් කරපු සිහින සංකේත වලට අමතරව කලාතුරකින් පමණක් පිරිසක් රාජලියාගේ සංකේතය තමාගේ සිහින තුළ දකිනවා.මේ සංකේතය දකින පිරිස අප කලින් සඳහන් කරපු සංකේත දැකපු පිරිස් වලට වඩා මහා ධනවතුන් බවට පත්වෙනවා ඒ කියලා විශ්වාස කෙරෙනවා. ලංකාවේ පවා මහත් ආන්දෝලනයට ලක්වුණු ධන කුවේරයන් තමන්ගේ සිහින තුළ රාජාලියන් දුටු බව තමන්ගේ සමීපතමයන්ට පවසා තිබෙනවා කියන එකත් මතක් කළ යුතුයි.අද වෙද්දි පෙරදිග සම්ප්‍රදායටත් වඩා බටහිර සම්ප්‍රදාය තුළ දී රාජාලියා තුලින් අධිෂ්ඨානය සහ ධෛර්යය නිරූපණය වනවා. පුරාණ ග්‍රීසිය තුල පැවති විශ්වාස වලට අනුව රාජාලියා ඔවුන්ගේ ප්‍රධාන දෙවියා වන සියුස්ගෙ සංකේතයයි. ඔබගේ සිහින තුළදී තමන්ගේ ගොදුර  ඩැහැගන්න රාජාලියෙක් දුටුවේ නම් ඔබේ අධිෂ්ඨානය කරා යෑමට ඔබ තුළ ඇති විශ්වාසය ඉන් නිරූපණය වෙනවා.ඇතැම් විට ජයග්‍රහණය සඳහා යම් තාක් දුරකට සටනක යෙදීමට ඔබට සිදු වෙනවා ඇති.නමුත් කිසි දිනක ඔබ පසුබට වියයුතු නැහැ. ඒ මතු අනාගතයේදී ජයග්‍රහණය ඔබ කරාම එළඹෙන බවට රාජාලියෙකු සිහිනයකදී දැකීම තුළින් විශ්වය ඔබට අනාවැකි අත් පවසා ඇති නිසා.

ඊළඟට අපේ සඳහන් කරන්න යන සංකේතය ගැන ඇතැම් විට ඔබ එකඟ නොවෙන්න පුළුවන් මොකද අපේ සංස්කෘතිය තුළ මස් ආහාරයට ගැනීම ඒ තරම් හොඳ කාරණයක් විදිහට නොසැලකෙන නිසා.නමුත් යම් සිහිනයකදී ඔබ හොඳින් සකස් කරන ලද මස් ආහාරයට ගන්නා ආකාරය දුටුවේ නම් ඔබේ බලාපොරොත්තු සඵල වී මහත් ධනයක් ඔබ වෙත පැමිණෙන බවට එය එක්තරා ඉඟියක්.නමුත් මෙහිදී අපි එම සිහිනය තුළ ඔබ දැකිය යුත්තේ හොඳින් පිසන ලද මස් යන්න අවධාරණය කළ යුතුයි.මක්නිසාද යම්කිසි අවස්ථාවක ඔබ ඔබ සිහිනයෙන් අමු මස් බුදින ආකාරය දුටුවේ නම් එම සිහිනය ඔබට අනතුරු ඇඟවීමක්.ඔබ  සිදු කරගෙන යන ව්‍යාපාර කටයුතු ආදිය පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව අමු මස් බුඳීමේ සිහිනය ඔබට කියනවා.

ඇතැම් අවස්ථාවක මුදල් පිළිබඳ සිහින මවමින් සිටින ඔබට මුදලුත් සිහිනෙනුත් පෙනෙන්න පුළුවන්.මුදල් මගින් භෞතික ධනවත්කම පමණක් නොව ආධ්‍යාත්මිකවද ඔබ ධනවත් වන බවට ඉඟියක් ලබා දෙනවා.යම්කිසි අවස්ථාවක සිහිනයේ දී ඔබ සඟවා තිබූ මුදලක් සොයා ගන්නා ආකාරය දුටුවේ නම් නිරූපණය වන්නේ වාසනාව ඔබ තුළ ඇති බවත් එය යථාර්ථයක් කර ගැනීමට අවශ්‍ය මාර්ගය ඔබ විසින්ම පාදා ගත යුතු බවත්ය.ඒ වගේම යම්කිසි අවස්ථාවක ඔබ විසින් තවත් පුද්ගලයෙකුට ණයක් ලබා දෙන ආකාරය සිහිනය තුළ දුටුවේ නම් ඉන් කියවෙන්නේ ඔබට අවශ්‍ය පමණටත් වඩා මුදල් නුදුරු අනාගතයේදීම ලැබෙන බවයි.

ඊළඟ ධනවත් වීමේ සලකුණ ගැන කියද්දි ඇතැම් අය මොන විකාරයක්ද කියලා වුණත් කියන්න පුළුවන්.මොකද ධනවත් වීම සිහිනයෙන් හෙළිකරන ඊළඟ සංකේතය වන්නේ අසූචියි.බැලූ බැල්මට ඔබට මේක විශ්වාස කරන්න අමාරු වෙන්න වුණත් පුළුවන්.නමුත් අපි ඔබට එක් සොයාබැලීමක් කරන්න කියනවා. ඒ තමයි බෞද්ධ සාහිත්‍ය තුළ අප මහා  බුදුරජාණන්වහන්සේ බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීමට පෙර දින දුටු සිහින පහක් පිළිබඳව විස්තර කෙරෙනවා.එයින් පළමු සිහිනය වන්නේ අසූචි කන්දක් උඩ නොගෑවී ඒ මත එහා මෙහා තමන් වහන්සේ සක්මන් කරන බවයි.සිද්ධාර්ථ තවුසාණන් එම සිහිනය තෝරාගන්නේ බුද්ධත්වය ලබා ගැනීමෙන් පසුව තමන් වහන්සේට මහත්සේ ලාභ සත්කාර ආදිය ලැබෙන මුත් ඒ කිසිවක් කෙරෙහි ඇලීමක් ගැලීමක් නොමැතිව තමන් වහන්සේ කාලය ගත කරන බවයි.ඒ නිසා අපිට හිතන්න පුළුවන් දේ තමයි ඈත අතීතයේ ඉඳන් පෙරදිග සම්ප්‍රදාය තුළ සිහිනයෙන් අසූචි දැකීම ධනවත් වීමේ එක සංකේතයක් විදිහට සැලකුණා කියන එක.යම්කිසි විදිහකින් එම හීනය තුළ නොසිතූ මොහොතක ඔබ අසූචි මතට පය තබන ආකාරය දුටුවේ නම් එයින් කියවෙන්නේ ඔබ කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු මොහොතක විශාල ධනයක් ඔබ වෙතට උරුම වන බවයි.යම්කිසි විදියකින් ඔබ සිහිනය තුළ දැක්කේ සතෙකුගේ අසූචි නම් ඒ තුළින් තනිව ගත් කල ඔබගේ සෞභාග්‍යය පමණක් නොව ඔබගේ පවුලේ එසේත් නැත්තම් ඔබ සේවය කරන සමාගම ධන ලාභ ලබන බවට ඉඟි කරනවා ඒ හරහා ඔබටත් ලාභයත් සිද්ධ වෙනවා නොඅනුමානයි.

හින්දු භක්තිකයන් විශ්වාස කරන පරිදි යම්කිසි පුද්ගලයෙකු සිහිනයෙන් ධනලක්ෂ්මිය  දුටුවහොත්  ඉන් පැවසෙන්නේ අදාළ පුද්ගලයා එතුමියගේ ආශිර්වාදය ලැබූ බවයි.ඇයගේ ආශිර්වාදය නිසා දස දෙසින්ම දානය ඔහුවෙත ගලාගෙන එනවා නොඅනුමානයි.අවසාන වශයෙන් මෙවැනි සිහින ඔබ දැක ඇත්නම් ඒ පිළිබඳව අදහස් අපිත් එක්ක බෙදා බෙදාගන්නත් අමතක කරන්න එපා.යම්කිසි විදිහකින් ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ පවසන්න අකමැති නම් ඒගැන අපිට ඊමේල් කරන්න.

Post Views: 50,269

4 thoughts on “ඔබ ධනවතෙක් වීමට යන බව ඔබට කියන හීන”

  1. Priyantha Mudiyanse says:
    October 21, 2020 at 2:29 pm

    Boho Kaalayaka sita mama sihinen asuchi dakinawa – magem asuchi thamai dakinne – e wagema public toilets wala mama asuchi karana hati nithara dakinawa – samaharawita ma awata anith aya inna bawath penawa. Ita kuda lamayek kaledi kisi kenekgen danuwath novi – bosathanan dutu deyata samana deyak nithara mage hithata danuna – eka sihinayaka result ekak da kiyala mata mataka ne. Panuwan pirunu itha duganda hamana kaupata bolayak wage me loke diha mama balagena innawa dakka mathakai. mata honda rakiyawak thiyenawa – foreign country ekaka jeewath wenne nubuth kawadawath hadisi dhana labha labi ne. Matha kalayedi mage asuchi nitharama dakinawa adu gane sathiyakata sarayak wath mama ewage hinayak dakinawa.

    Reply
  2. Tharushi says:
    August 24, 2021 at 5:21 am

    මම මෙන්න මේ දේවල් දුටුවා. මැරුනු හරකෙකුගෙ හිසකින් පනුවන් එලියට එනු දුටුවා.එසේ සිදු වුනේ සාපයකට අනුවයි. තවද මගෙ සුරතල (බැලලියක්) මිය යනු දුටුවා. මුගටියකූ කතා කර්මින් සිටිනු දුටුවා.නමුත් ලගට යන විට උගේ ශරීරයේ මස් තිබුනේ නෑ. තවද මගෙ මවට පිටස්තරයකු කරදර කරනු දුටුවා. මගේ නංගි හිවල්ලු දෙන්නෙක්(පින්තූරයක්) පාටකරමින් සිටුයා. මේ වගේ හීනයක් පෙනුනේ ඇයි?

    Reply
  3. Rashadi says:
    October 1, 2021 at 9:49 pm

    නිතරම හීනෙන් පේනවා සෙරෙප්පු නැතිව බොරලු පාරවල්වල ඇවිදන් යනවා. ඒකෙ තේරුම මොකද්ද?

    Reply
  4. W.M.ඉමන්තිකා says:
    April 5, 2022 at 6:05 am

    ඔබේ පලාපල ඉතාමත් ප්‍රයෝජනවත්.මම අද සිහිනයක් දැක්කා.එය මට විමසන්න කෙනෙක් නෑ එයට පිලිතුරක් ලබා දෙන්න..මම විවාහ වීමට සිටින කෙනා සහ මම එහි සිටියේ. අනිත් අය මගේ පාසලේ යාලුවන් වගේ මතක නෑ..මම විවාහ වීමට සිටින කෙනා බුදු පිලිමයක් පූජා කලා ඒක පංසලක්ද කියන්න මතක නෑ..මං ගොඩක් සතුටෙන් ඒ පිලිමෙට පුද පූජා කලා ඔහු බුදු පිලිමය පූජා කරපු තැන ඒ වෙනුවට සදුන් වලින් කල ලොකු බුදු පිලිමයක් තිබුනා..ඒක එයාට ලැබුන තෑග්ගක් වගේ අපි පුද පූජා කරන නිසා එය ලැබිලා තිබුනා..අපි දෙන්නා එකටමයි හිටියේ…මට හීනේ පිලිවෙලකර මතක නෑ..මට මේකේ පලාපල කියන්න හැකිනම් පිං ඔබට

    Reply

Leave a Reply to W.M.ඉමන්තිකා Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes