Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ලියොනල් මෙසීව ආජන්ටිනා නැෂනල් ටීම් එකට ගත්ත හැටි දන්නවද?

Posted on November 24, 2022November 24, 2022

මේ කතාවට මට ඔබව අවුරුදු 19 ක අතීතයට එක්කගෙන යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ 2003 අවුරුද්දට! 2003 දි හියුගෝ ලොකටෙල්ලි ගේ පුහුණුකාරිත්වය යටතේ ක්‍රීඩා කරපු ආජන්ටිනා වයස අවුරුදු 17 න් පහළ පාපන්දු කණ්ඩායම, 17 න් පහළ ලෝක කුසලාන අවසන් පූර්ව වටය ස්පාඤ්ඤය හමුවේ පරාජයට පත් වෙලා තිබුණා. හැබැයි ලෝක කුසලානය තිබුණ ෆින්ලන්තය ට යන්න සතියකට කලින් ලොකටෙල්ලි ට අපූරු වීඩියෝ පටයක් නරඹන්න පුළුවන් වුණා.

මේ වීඩියෝ එකේ ඉන්නෙ පොඩි එකෙක්. බොහොම හොඳට ෆුට්බෝල් ගහනවා. වයසට වඩා හපන්කම් පෙන්වන කොල්ලා මේ වෙද්දි ස්පාඤ්ඤයේ බාසිලෝනා ඇකඩමි එකේ ක්‍රීඩා කරනවා කියලා ලොකටෙල්ලි දකිනවා. මූ ආජන්ටිනා කාරයෙක් කියලා දැනගත්තම ලොකටෙල්ලි ගේ ඇස් උඩ ඉන්දවුණා. World Cup එක පරාද වෙලා ආවට පස්සේ ඔහු එකහෙළාම කියා සිටින්නේ මේ පොඩි එකා හිටියා නම් මීට වඩා අපි වෙනසක් කරනවා කියලා. හැබැයි මෙසී ව ගන්නෙ කොහොම ද කරන්නේ කොහොම ද කියන ප්‍රෙහේළිකාවෙ ලොකටෙල්ලි ඇතුළු ආජන්ටිනා පාපන්දු බලධාරීන් හිර වෙලා හිටියා.

මේක ප්‍රහේලිකාවක් වෙන්න ප්‍රධානතම හේතුව වුණේ මේ වෙද්දිත් ස්පාඤ්ඤය මෙසීව තමන්ගේ ජාතික කණ්ඩායමට ගන්න කුරුමානම් අල්ලමින් ඉඳපු හින්දයි. හැබැයි ස්පාඤ්ඤයට වඩා පොඩි කොල්ලා තමන්ගේ උපන් රට වෙච්ච ආජන්ටිනාව ට ක්‍රීඩා කරන්න කැමැත්තෙන් ඉන්නවා කියලා ලොකටෙල්ලි ඇතුළු පිරිස දැනගන්නවා. ඔවුන් වහාම මිෂන් මෙසී ගේම් එක පටන් ගත්තා. මුළින්ම අවශ්‍ය වුණේ මෙසී ගේ විස්තර සහ ඔහුව සම්බන්ධ කරගන්නයි.

2003 කියන්නේ සමාජ මාධ්‍ය නැති, හෑන්ඩ් ෆෝන් එකක් පවා කලාතුරකින් මනුස්සයෙක් ළඟ රැදුණ යුගයක්. මෙසී රොසාරියෝ වල බව දැනගත්ත ආජන්ටිනා වල ස්පෝට්ස් කෝඩිනේටර් හිටපු ඕමාර් සොවුටෝ ටෙලිපෝන් බුක් එක අරගෙන රොසාරියෝ වල හිටපු හැම මෙසී කියන නමකටම කෝල් කරන්න පටන් ගත්තා. අන්තිමට කෝල් ගොඩකට පස්සේ ඕමාර් මෙසී ගේ ආච්චි අම්මව හොයාගන්නවා. මෙසී ගේ ආච්චි බාසිලෝනා වල නම්බර් එකක් දෙන්න කටයුතු කළා.

මහ රෑ ජාමේ බාසිලෝනා වලට කෝල් කරන ඕමාර් සොවුටෝ කියනවා,

“මම කතා කරන්නේ ආජන්ටිනා පාපන්දු කණ්ඩායමෙන් අපි කැමතියි ලියනාඩෝ මෙසී ව ආජන්ටිනා ජාතික කණ්ඩායමට එකතු කරගන්න”

“මොකක්? කවුද ලියනාඩෝ කියන්නේ?”

ලියෝ ලියෝ කියපු නිසා අපි හිතුවේ ඔහුගේ නම ලියනාඩෝ කියලා. අපි අඩුම ඔහුගේ නමවත් හරියට දැනගෙන ඉඳලා නෑ. පස්සෙ කාලෙක ඔහු හිනා වෙනවා. මේ කෝල් එකට ප්‍රතිචාර දක්වන මෙසී ගේ තාත්තා කියනවා,

“මගේ දරුවා ආජන්ටිනා වලට ක්‍රීඩා කරන්න පොඩි කාලේ ඉඳලම සෑහෙන්න ආසවකින් හිටියේ. හැබැයි මේ වනතෙක් ඔහුට කවුරුත් කතා කළේ නෑ.”

ඒකත් ඇත්ත. පොඩි කාලෙම ඒජන්ට් කෙනෙක් දැකලා මෙසී ව බාසිලෝනා අරන් ගියා මිසක් ඊට පස්සෙ ආජන්ටිනා වලට ඔහුව සම්පූර්ණයෙන්ම මිස් වුණා. දැන් මෙසී ගේ පැත්තෙන් කැමැත්ත තියෙන නිසා ස්පාඤ්ඤයට වඩා ඉක්මන් වෙන්න ආජන්ටිනාව ට උවමනා වුණා. මෙසී ව ගන්න ස්පාඤ්ඤයෙන් සල්ලි දෙන්න පවා සූදානම් වුණා කියන කටකතා තියෙනවා. හැබැයි මෙසී ගේ පාර්ශවය කවදාවත් ඒ සිද්ධිය සත්‍යයි කියලා නෑ. හැබැයි ඔවුන් ඒක අසත්‍යයි කියලත් නෑ. ඒවා ඒ විදිහටම තිබුණාවේ!

ප්ලේයර් කෙනෙක් ව නැෂනල් ටීම් එකකට ගන්න එක එහෙම ලේසි දෙයක් නෙමෙයි. වයස අවුරුදු 20 පහළ කණ්ඩායමට සුහද තරගයක් සූදානම් කරන ආජන්ටිනා පාපන්දු බලධාරීන් මෙසීව ඒ තරගයට අවශ්‍ය බව කියලා බාසිලෝනා වෙතට ෆැක්ස් එකක් යවනවා. මේ ෆැක්ස් එක කියෝපු බාසිලෝනා එවන්නේ හරිම සරල රිප්ලයි එකක්.

“පිස්සුද? එහෙම බෑ. මෙසී ට යූත් කොපා දෙල් රේ එක ගහන්න තියෙනවා.”

මේ කාලෙදි ආජන්ටිනා පාපන්දු සම්මේලනයේ සභාපති ඉන්නේ ගොඩ්ෆාදර් ඔෆ් සවුත් ඇමරිකන් ෆුට්බෝල් කියන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණ හූලියන් ග්‍රාන්ඩානා! ඒ රිප්ලයි එකෙන් පස්සේ ග්‍රාන්ඩානා ගේමට බහිනවා. ගෝඩ්ෆාදර්, මේ වෙද්දි ෆිෆා එකේ දෙවනියා විදිහට ඉඳපු නිසා ග්‍රාන්ඩානා ගේ ඉල්ලීම අහක දාන්න බාසිලෝනා ට බැරි වුණා. ඒ කියපු විදිහටම වයස අවුරුදු 20 පහළ තරගය පවත්වන්න ට කටයුතු යෙදුණා. මේ මැච් එකට ආජන්ටිනා මීඩියා වලට පොටෝග්‍රැපර්ස් ලට පවා එන්න කියලා තිබුණා.

“මේ මැච් එක එහෙම වැදගත් එකක් නෙමෙයි. පොඩි කොල්ලෙක් ඉන්නවා ඔහුව ගන්නයි අපිට ඕනි.” මට දැනුම් දුන්නේ ඒ විදිහටයි. මෙහෙම කියන්නේ එදා ආපු ඡායාරූප ශිල්පියෙක් වුණ මාරියෝ ක්වින්ටේරෝස්

බෙන්ච් එක ළඟට යන මාරියෝ අහනවා, “කෝ කවුද මෙතනින් මෙසී කියන්නේ? ඒකට ප්‍රතිචාර දක්වන පොඩි කොල්ලෙක් අත උස්සනවා. මාරියෝ වහාම මේ කොල්ලව කැමරාවට හසුකරගන්න කටයුතු කළා.

මැච් එක ආජන්ටිනාව බොහොම පහසුවෙන් ගෝල 4-0 ක් විදිහට ජයග්‍රහණය කරලා හිටියේ. දෙවනි භාගයේ අන්තිම හරියෙදි පිටියට එන ලියොනල් මෙසී පන්දුව අරගෙන සෙන්ටර් බැක් දෙක බොහොම පහසුවෙන් පහු කරලා ගෝල් කීපර් ටත් Dribble කරලා ගෝලයක් ගහනවා. මෙසී ගේ ආජන්ටිනා වරම පටන් ගන්නෙම තප්පර 6 ක සෝලෝ ගෝල් එකකින්. පහුවෙනිදා උදේ වෙද්දි මාරියෝ ක්වින්ටේරෝස් ගහපු පොටෝස් පත්තර පුරා පළවෙලා තිබුණා. මෙසී කුණාටුව ආජන්ටිනාව වටේ හමායන්න පටන් ගත්තා.

මේ ඔක්කොම පටන් ගත්තේ පොඩි වීඩියෝ ක්ලිප් එකකින්. ඒ වීඩියෝ ක්ලිප් එක එද ලොකටෙල්ලි ට හමු නොවෙන්න මෙසී කවදාවත් ආජන්ටිනාවට ක්‍රීඩා නොකරන්න ඉඩ තිබුණා. මේ වීඩියෝ ක්ලිප් එක හම්බුණේ කොහොමද?

2002 දි ආජන්ටිනා ජාතික කණ්ඩායමේ පුහුණුකරු විදිහට හිටපු මාසෙලෝ බියෙල්සා තමන්ගේ ක්‍රීඩයන්ව බලන්න සහ යුරෝපා ක්‍රීඩා සමාජ වල ඉන්න නවකයන් ව බලන්න යුරෝපයේ සංචාරයක නිරත වුණා. බාසිලෝනා වල බියෙල්සා නතර වෙලා ඉන්නකොට ආජන්ටිනා ටීම් එකේ ඇසිස්ටන් මැනේජර් හිටපු ග්ලාඩියෝ විවාස් කියනවා ඔබව හම්බෙන්න කෙනෙක් අවිල්ලා ඉන්නවා කියලා,

හොටෙල් ලොබියෙ දි බියෙල්සා ව හම්බෙන මේ මනුස්සයා ලියොනල් මෙසී ගැන විස්තර කියනවා. එහෙම කියලා විනාඩි 12 ක වීඩියෝ ටේප් එකකුත් බියෙල්සා ට ලබා දෙන්න කටයුතු කරනවා. මේ කොල්ලාව මේ වෙද්දිත් ස්පාඤ්ඤ ජාතික කණ්ඩායමෙන් ලබාගන්න උත්සාහ කරන බවටත් එකී පුද්ගලයා අනතුරු අඟවනවා. එතනින් එහාට වීඩියෝ ක්ලිප් එක ආජන්ටිනාවට ගිහින් වුණ දේ තමයි උඩ කතාව!

පොඩ්ඩක් ඉන්න! මාර්සෙලෝ බියෙල්සා ට මේ වීඩියෝ ක්ලිප් එක දුන්න අභිරහස් මිනිසා කවුරු වෙන්න ඇතිද? ඒ වෙන කවුරුත් නෙමෙයි හෝර්හේ මෙසී. ලියොනල් මෙසී ගේ තාත්තා❤️

Post Views: 6,082

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes