Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මම හරිම වාසනාවන්ත වෙන්න ඕනේ ඒ වගේ ආදරයක් ලබන්න – ශනුද්‍රි ප්‍රියසාද්

Posted on November 27, 2022November 27, 2022

ශනුද්‍රි ප්‍රියසාද් ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ප්‍රියසාද් පවුලේ බාලයා වූ ශනුද්‍රි මේ වෙද්දී පුංචි තිරය සේම රිදී තිරයත් හරි අපූරුවට ජයගනිමින් ඉදිරියට යනවා. මේ දවස්වල පුංචි තිරයේ හිරු නාළිකාවේ විකාශය වන දිවිතුරා හි ඊශා ලෙසින් ප්‍රේක්ෂක ආදරය ලබන ඇය ඊට නොදෙවෙනි ආදරයක් රිදී තිරයෙන් ලබමින් ඉන්නවා.

මේ වෙද්දී ශනු පුංචි තිරයෙන් සහ රිදී තිරයෙන් දකින්න ලැබෙනවනේ, කොහොමද ප්‍රතිචාර?

ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි. පුංචි තිරයෙන් නම් මාව නිතරම දැකලා තියෙනවා. හැබැයි මේ දවස‍ෙවල නම් වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ රිදී තිරයට. මම පොඩි කාලේ සිනමාවට ළමා නිළියක් විදියට සම්බන්ධ වුණත් වැඩිමහල් චරිතයක් කරන පළවෙනි වතාව. ඒ නිසා මටත් ඒ අත්දැකීම අලුත්. හරිම සතුටුයි කියන්න ඉතාම ආදරෙන් ප්‍රේක්ෂකයන් ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටය බලනවා.

ශනුගේ තාත්තාත් අපිට ඉන්න සිනමාකරුවෙක්, මොනවගේ ප්‍රතිචාරයක් ද තාත්තා දුන්නේ?

එදා නම් තාත්තා වොයිස් කට් එක පවා දෙද්දී මගේ ගැන කිව්වේ නැහැ. තාත්තා වැඩිපුරම කිව්වේ චිත්‍රපටය ගැන. නමුත් ගෙදර ඇවිත් එයා හරිම සතුටින් ඒ ගැන කතා කළා. තාත්තාත් අවුරුදු ගාණක් තිස්සේ චිත්‍රපට කරපු කෙනෙක්. ඉස්සර ෆිල්ම් බලන්න සෙනඟ එනවා වගේ දැන් මේ චිත්‍රපටය බලන්න සෙනඟ එන එක ගැන පුදුම සතුටකින් ඉන්නේ. තාත්තා මගේ රංගනයන් හැමදාම අගය කරනවා. වැරදි අඩුපාඩු තැන් පෙන්වලා දෙනවා. ගෙදරින් තමයි හැමදාම වගේ මට හොඳම ප්‍රතිචාරය ලැබුණේ.

පුංචි තිරයේ ඊශාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඊශාටත් පුදුම ප්‍රතිචාර ලැබෙන්නේ. මිනිස්සු කියනවනේ මෙගා නාට්‍යය නම් බලන්නේ නැහැ කියලා. හැබැයි දිවිතුරා නාට්‍යයට මිනිස්සු හරි කැමතියි. ඒ විදියට ප්‍රතිචාර ලැබෙන්නේ අනවශ්‍ය විදියට කතාව දිග්ගස්සන්නේ නැතුව කතාව ලස්සනට ගලාගෙන යන නිසා සහ ඉන්න පිරිස නිසා වෙන්නත් පුළුවන්. මේ වෙද්දී ලංකාවේ විතරක් නෙවෙයි ලංකාවෙන් පිට ඉන්න අයත් බොහොම කැමැත්තෙන් බලනවා. ඊශා කියන චරිතයට ලබන පෙබරවාරි වලට අවුරුදු දෙකක් වෙනවා. මේ කාලය තුළ දවසින් දවස ඊශාට තියෙන ප්‍රේක්ෂක ආදරේ වැඩි වුණා මිස අඩුවක් වුණේ නැහැ.

නිර්මාණයකට ඇරයුමක් ලැබුණොත් මුලින්ම බලන්නේ පිටපත ද? එහි අධ්‍යක්ෂකවරයා කවුද කියලද?

මම මුලින්ම ඉල්ලන්නේ පිටපත. මගේ පැත්තෙන් උපරිමය කරන්න පුළුවන් ද කියන එක වැදගත් වෙන්නේ. ඊට පස්සේ එහි අධ්‍යක්ෂකවරයා කවුද කියන එක බලන්නේ. එයා ප්‍රවීණ වෙන්නම ඕනේ නැහැ අලුත් කෙනෙක් වුණත් එයා කරන නිර්මාණ හොඳයි නම් මම ඒ විශ්වාසයෙන් නිර්මාණය භාරගන්නවා.

ශනු කියන්නේ පුංචි කාලේ ඉඳන්ම මේ කලාවේ ඉන්න කෙනෙක්, ශනුට රඟපාන්න ලැබෙන්නේ අලුතින් ක්ෂේත්‍රයට එන අය එක්ක, කොහොමද ඒ අය අභියෝගයක් වෙන අවස්ථා තියෙනවද?

මම එහෙම තරගකාරී කෙනෙක් නෙවෙයි. මට පොඩි කාලේ ඉඳන් මේ ක්ෂේත්‍රය දැක්ක නිසා අලුත් දෙයක් නෙවෙයි. අලුතින් එන රංගන ශිල්පින් කිහිපදෙනයි අඳුරන්නේ. මට යාළුවො කියලා ගොඩක් අය නැහැ. මම ළඟින්ම ආශ්‍රය කරන දෙතුන් දෙනයි ඉන්නේ. මම කා එක්කවත් තරගකාරී නැහැ. හැබැයි මම දන්නේ නැහැ තව කාට හරි මගෙත් එක්ක තරගයක් තියෙනවද කියලා. මම ඒවා ගැන ගණන් ගන්නේ නැහැ. මම මගේ පාඩුවේ මගේ වැඩ කරන් යනවා.

ආදරේ ගැන මොකද හිතෙන්නේ

මේ දවස්වල ආදරණිය ප්‍රාර්ථනා එක්ක ප්‍රේක්ෂකයන් හම්බෙන්න යනවා. ඒ අය අපිව දැක්කම සතුටු කඳුළු පුරෝගෙන අපිව බඳාගෙන ඒ අයගේ හිත් තුළ තියෙන ආදරේ ගැන කතා කරද්දී පුදුමත් හිතෙනවා. ඒ ගැන වචන වලින් කියන්න අමාරුයි. අමුතුම විදියට දැනෙන ආදරයක්. මම හිතන්නේ හරිම වාසනාවන්ත වෙන්න ඕනේ ඒ වගේ ආදරයක් ලබන්න. ඒ අයටත් මම හැමදාම හරිම ආදරෙයි. මම හිතන්නේ මොකක් හෝ පිනක් කරලා ඇති මිනිසුන් අතරට මෙහෙම යන්න ලැබෙන්නේ.

අනුෂා රණසිංහ

Post Views: 6,137

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes