Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

තොල් වල හැඩයෙන් කියවෙන ඔබේ චරිතය

Posted on November 28, 2022November 28, 2022

මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ තොල් වල ස්වභාවය අනුව ඔබේ චරිත ලක්ෂණ ගැනයි. මේ කියන කොයි වගේ ලක්ෂණ ද ඔබට තියෙන්නේ බලන්න. 

1.සාමාන්‍ය දෙතොල්.

ධනාත්මක මිනිසුන්. උඩු තොල සහ යටිතොල සමාන, සාමාන්‍ය තොල් සඟලක් තියන අය ජිවිතේ සමබරව පවත්වාගෙන යන, common-sense එක පාවිච්චි කරලා, මුහුණ දෙන්න වෙන ඕනම ප්‍රශ්නයකට උත්තර හොයන්න දක්ෂ අය. ඔබේ ශක්තිය තියෙන්නේ ඔබට අන් අයට ඇහුන්කම් දීමට ඇති හැකියාව මතයි. ඔයා විවේචන සුළුවෙන් තකන, අන් අයගේ අදහස් වලට ගරු කරන කෙනෙක්. ඔයාව ලේසියෙන් තරහ ගස්සන්න කාටවත් බැහැ. මේ ඔක්කම ශක්තිමත් පෞර්ෂය එක්ක ඔයා හිනාවෙන්න, ආදරය කරන්න, විහිලු කරන්න කැමති බොහොම විනෝදකාමී කෙනෙක්. හැම වෙලේම ඔයාට පෙන්නේ වීදුරුව භාගයක් හිස් කියල නෙවෙයි, භාගයක් පිරිලා කියලා, ඔයා ඒ වගේ ධනාත්මක සිතිවිලි වලින් පිරුණු කෙනෙක්.

2. සිහින් දෙතොල්.

සිහින් දෙතොල් තියන අය අනිවාර්යෙන්ම හුදකලා පුද්ගලයන්. ඒ අය කැමති ඒ විදියට ඉන්න තමයි. ඒ වගේම එයාලට අනික් අයගේ උදව් නැතුව සැහෙන දුරට ජිවත් වෙන්න පුළුවන් වගේම තමන්ගේ ප්‍රශ්න වලට තනිවම උත්තර  හොයාගන්නත් පුළුවන්. ඔයාට තියෙන්නේ සිහින් තොල්නම් ඔයා කොහේ හරි විනෝද ගමනක් යන්න උනත් කැමති තනියම. ඔයා තනිවම ඉන්න කැමති එක ඇරෙන්න ඔයාට මිනිස්සු එක්ක ඉන්න බැරි ප්‍රශ්නයක් නැහැ. ඔයා කණ්ඩායමක් එක්ක ඉද්දි කොහොමද අනිත් අයත් එක්ක කතාබහ කරලා ඉන්නේ කියලා හොඳට දන්නවා.

3.පිරිපුන් විශාල දෙතොල්.

රැකබලාගන්නන් වගේ තොල් සඟලක් තියන අයව දෙවියෝ මවලා තියෙන්නෙම අනික් කෙනෙක්ව ආදරෙන් රැකබලා ගන්න කිව්වොත් පැහැදිලියි. ඔයාට තියෙන්නේ මේ වගේ තොල් නම්, ඔයා අනිවාර්යෙන්  පුංචි කාලේ හැම තැනම ඉන්න බල්ලන්ට, පුසන්ට කෑම දෙන්න කැමති, පාරේ ඕනෑම අසරණ සතෙක් ගෙදර ගේන්න බලාගෙන ඉන්න ජාතියේ ළමයෙක් වෙන්න ඕන.  ඔයාගේ ජාන වලටම ලියවිලා තියන දෙයක් තමයි අනෙක්  පුද්ගලයන්ව (හෝ සත්තුන්ව) රැකබලා ගන්න එක. ඒ වගේම ඔබට එකට සහජ දක්ෂකමකුත් තියනවා. ඕනෑම හදිස්සි අවස්ථාවකදී ඔයා ඔයාගේ ආරක්ෂාවට කලින් අනික් අයගේ ආරක්ෂාව ගැන බලන එක. මේ වගේ අය තමයි දරුවන්ට හොඳම දෙමව්පියන් වෙන්නේ.

4.යටිතොල උඩු තොලට වඩා පළලයි නම්.

රණකාමී අයෙක්, ඔයා ඔෆිස් එකක වාඩිවෙලා වැඩ කරන්න කැමති ජාතියේ කෙනෙක්  නේද? ලෝකේ මේ තරම් හිත ඇදගන්න දේවල් වලින් පිරිලා තියන කොට කෙනෙක් කොහොමද බිත්ති  හතරකට කොටු වෙලා දවසම ඉඳගෙන වැඩ කරන්නේ? මේ වගේ තොල් තියන අය දන්නවා ලෝකේ කොච්චර විනෝදාත්මක  තැනක්ද කියල. ඒ වගේම කොහොමද  විනෝද වෙන්නෙත් කියලා හොඳට දන්නවා. ඔයාට හැම වෙලේම ක්‍රියාශීලි ජිවිතයක් ඕන, අලුත් තැන් වලට යන්න ඕන, අලුත් මිනිස්සු හම්බවෙන්න ඕන, අලුත් දේවල් අත්දකින්න ඕන. ඔයා කුතුහලයෙන් පිරිලා, සමාජශිලියි. ඔයා අලුත් දේවල් හැම එකකටම ඔයාගේ ජිවිතේ දොර ඇරලයි තියෙන්නේ. ඔයා අනිත් මිනිස්සුන්වත් ඔයාගේ වීර චාරිකා වලට සම්බන්ධ කරගන්න ජාතියේ කෙනෙක්. 

5.ප්‍රමාණයෙන් කුඩා පිරුණු දෙතොල්.

අඟර දඟරකාරයෝ. මේ වගේ දෙතොල් තියන අය ස්වභාවයෙන්ම අඟර දඟරකාරයෝ. ඒ වගේම කපටියි. මේ අයගේ ජිවිතේ ප්‍රධාන දේ තමයි තමන් සුව පහසුවෙන් ඉන්න එක. ඒ නිසාම මේ අය තමන්ව හොඳට රැකබලා ගන්නවා. මෙයාලව මුලින්ම හමුවෙන කොට එයාලා හරිම ආත්මාර්ථකාමී වගේ දැනුනත්, ඇත්තටම එයාල යාලුවන්ට ඕන උදව්වක් කරන, හදිස්සියකදී මුලින්ම උදව්වට දුවගෙන එන ජාතියේ අය. නමුත්  වෙනස තමයි මෙයාල මේ කිසිම දෙයකින් තමන්ට හානියක්  කරගන්නේ නැහැ. ඒහින්දම මේ අය ජිවිතේ සාර්ථක කරගන්නවා.

Post Views: 6,955

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes