Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ඇඳට නැගලා මට තුරුලු වෙලා ඔයා කවුද කියලා  ඇහුවා – නදීකා ගුණසේකර

Posted on November 29, 2022November 29, 2022

මගේ මුල්ම නම තමයි සන්ධ්‍යා දර්ශනී ගුණසේකර කියලා කියන්නේ. ඉතින්… මේ ෆීල්ඩ් එකට ආවට පස්සේ ඒ නම වෙනුවට මට නදීකා ගුණසේකර කියන නම තිබ්බා. එදා ඉඳන් මාව කවුරුත් දන්නේ නදීකා ගුණසේකර කියන නමින්.

කොහොමද ඒ අවස්ථාව ලැබුණේ?
මගේ අම්මා චිත්‍රපටවලට සම්බන්ධයිනේ. ඉතින් සංඝදාස කියන මහත්තයා ඔය කාලේදී කාංචනා කියන චිත්‍රපටය අධක්ෂණය කරමින් ඉඳලා තියෙනවා. දවසක් අහම්බෙන් අම්මව සංඝේ අයියට මුණ ගැහිලා ඇන්ටිගේ අර පොඩි දරුවා දැන් ලොකු ඇති නේද? මම අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. ඒකට නවක නිළියක් ඕනේ කියලා කියල තිබුණා. ඒකේ ප්‍රධාන චරිතය රඟපෑවේ විජය කුමාරණතුංග මහත්මයා. ඒ වෙද්දී මම හිටියේ ගම්පොල. ඉතින්… අම්මා මාව එක්කරගෙන ඇවිත් සංඝේ අයියට පෙන්නුවා. අවසානයේදී කාංචනා කියන චිත්‍රපටයේ මම ප්‍රධාන චරිතය රඟපෑවා.

මෑත කාලයේදී ඔබ නිර්මාණවලට දායක වුණේ නැහැ. ඇයි?
කැමතියි කියලා හිතෙන නිර්මාණයක් මෑත කාලයේදී ලැබුණේ නෑ. ආරාධනා ලැබුණු අවස්ථා තිබුණා. නමුත් කාලවේලාව සහ ඒ නිර්මාණයට දායක වීමෙන් හිතට දැනෙන තෘප්තිය අඩු නිසා මම ඒවා බාරගත්තේ නෑ.
රංගනය කියන දේ එදා රුපියල් ශතවල රුඳුණේ නැහැ. චිත්‍රපටයක් කරද්දී එදා අපි පුදුමාකාර කැපකිරීමක් කළේ. සමහරදාට ගෙදර ඇවිත් වෙලාවකට හිතෙනවා අයියෝ… අර කොටස ඊට වඩා තව හොඳට කරන්න පුළුවන්නේ කියලා. ඒ තරමටම එදා අපේ හිතට ඒ චරිත වැදිලයි තිබුණේ. කතා පිටපත අතට ලැබෙන්නේ රූගත කිරීම් කරන තැනට ගියාට පස්සෙයි. එදා අපි ඒ චරිතයේ ජීවත් වුණා. එදා අපි කරපු චරිතය ගැන අපිටම මානසික සතුටක් දැනුණා. නමුත් අද බොහෝ නිර්මාණ එහෙම නැහැ. ඒ නිසා ලැබිච්චි බොහෝ අවස්ථා මෑත කාලයේදී මම බාරගත්තේ නැහැ. මට මතකයි රිදී නිම්නයට පස්සේ තමයි මට බැද්දේගම රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ. ලබාගන්න බැරි ලොකු සම්මාන රැසක් ලැබුණා වගෙයි මට ඒ අවස්ථා දෙක දැනුණේ.

ඔහොම ජීවිතේ ගෙවෙද්දී ජීවිතේට ලැබෙන ලොකුම වටිනාම සම්මාන දෙකත් ලැබෙනවානේ. ඒ සැමියා සහ දියණිය…?
ජීවිතේ ගෙවද්දී ඒ අතර කාලයේදී බොහෝ හැලහැප්පීම් සිදුවුණා. මගේ විවාහය ටිකක් ප්‍රමාද වුණේ සිනමාව නිසානම් නෙවේ. කවමදාකවත් සිනමාව මම මගේ ජීවිතේ කරගත්තෙනම් නැහැ. නමුත් කාලයා මාව ඒ විදිහට විවාහය පරක්කු වෙන තැනට ඇදගෙන ආවා. මගේ යාළුවන්ගේ මාර්ගයෙන් සුරේන්ව මුණගැහුණා. ඇත්තටම අපි දෙන්නා ෆෝන් එකෙන් අවුරුද්දක් තිස්සේ කතා කරලා තමයි මුණගැහුණේ. දැන් අපි විවාහවෙලා අවුරුදු දහ අටක් වෙනවා.

දැන් නදීකටයි සුරේන්ටයි දුවෙක් ඉන්නවා.

ඔව්… දැන් අපිට අවුරුදු දහතුනක දුවෙක් ඉන්නවා. එයා කොළඹ ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලබනවා. මගේ මව්පියන්ට බොහෝම ‍ළෙංගතුයි. අම්මා බැන්නත් මම අඬනවා. අපි ලොකු වුණාට පස්සෙත්, බැන්දට පස්සෙත් අම්මගෙන් බැණුම් අහලා තියෙනවා. ඉතින් මගේ වැඩේ අඬන එක විතරයි. ඒ මව්පිය බැඳීම මම තෙනුකිගෙනුත් බලාපොරොත්තු වුණා. තෙනූ තමයි මගේ හොඳම යාළුවා. එයා මාත් එක්ක හරිම යාළුයි. මගේ ඉසසර හිටපු යාළුවන්ගෙන් හුඟ දෙනෙකුගේ දරුවෝ අද විවාහකයි. හැබැයි මම තාම ඉන්නේ පොඩි දරුවෙක් එක්කයි.

තෙනුකි පුංචි කාලේ දැනගෙන හිටියද නදීකා රංගන ශිල්පිනියක් කියලා?
එයා පුංචිම කාලේ දවසක් ඉස්කෝලේ ගිය අලුත ගෙදර ආපු ගමන් මගේ අතින් ඇදගෙන කාමරයට ගියා. මට ඇඳ උඩින් වාඩිවෙන්න කියලා එයා ඇඳට නැගලා මට තුරුලු වෙලා ඔයා කවුද? කියලා ඇහුවා. ඒක මට පුදුමයක් වුණා. මම ඇයි පුතේ කියලා අහද්දී එයා මට තුරලු වෙලා නෑ.. අම්මි අද ටීචර්ලා මාව වඩාගෙන ගිහින් අනිත් ටීචර්ලාට මේ නදීකගේ දූ කියලා පෙන්නුවා… ඇයි එහෙම.. කියලා ඇහුවා. එදා තමයි මම දුවට මම කවුද කියලා කියලා දුන්නේ. ඊට පස්සේ එයා දැනගත්තා.
මොනවා වුණත් අද මගේ ජීවිතේ හරි සැහැල්ලුයි. සුරේන් එක්ක තෙනුකි එක්ක ගත කරන මේ ජීවිතේ අද හරි සැහැල්ලුයි. ආපස්සට බලලා කරපු නිර්මාණ ගැන හිතලා ලබන සතුට මේ අද අලුතින් බිහිවෙන බොහෝ නිර්මාණවලින් ලැබෙන්නේ නැහැ කියලයි පේන්නේ. ඒ නිසා හොඳ නිර්මාණයක් ලැබුණොත් බාර අරගන්නවා මිස අද මේ ගෙවන ජීවිතයට මම හරි ආදරෙයි. 

Post Views: 8,080

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes