Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මොනදේ නැතත් මට හොඳ පපුවක් තියනවා – නතාෂා පෙරේරා

Posted on December 2, 2022February 8, 2023

නතාෂා පෙරේරා කියන මේ දක්ෂ කළා කාරිනිය ගැන නොදන්නා කෙනෙක් ඉන්නවද. කුඩා කාලයේම කළා ක්ෂේත්‍රයට පැමිණි නතාෂා එදා සිට අද දක්වාම සෑම ක්ෂේත්‍රයකින්ම දක්ෂතා පෙන්වන කෙනෙක්.

මගේ ජිවිතේ හැරවුම් ලක්ෂය විදියට කියන්න පුලුවන් හොඳ අවස්තාවක් තමයි දඟ මල්ල නිර්මාණය. ඒ තුලින් මට ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩක් ලැබුනා.මතක් වෙද්දී හරිම සතුටුයි ඒ වගේම ජිවිතේ වෙනස් වුනු තැනක් විදියටත් හඳුන්වන්න පුලුවන්. එම චරිතය තුලින් ඇයට හොඳම නිලියට හිමි රාජ්‍ය සම්මානයත් දිනාගන්නට හැකියාව ලැබෙනවා.

ෆැෂන් කරනවා, ගමන් බිමන් යනවා, ඒ විදිහට මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. එතනින් එහාට අනිත් අයගේ වැරදි හොයන්නේ නැහැ. මම දන්නා දෙයක් නම් තවත් කෙනෙකුට කියලා දෙනවා.මට හොඳ හදවතක් තියනවා කියලා දන්නවා. කිසිම කෙනෙකුට ඉරිසියාවක් කරන්නේ නැහැ.

ප්‍රිහාන් අලුත් පිම්මක් පනින්න යනවලු. නතාෂා දික්කසාදය ගැන කතා කරපු ගමන්ම ඔබත් වෙනස් වුණා නේද ..? ඔව්. මේ දවස්වල ලොකු පිම්මක් පනින්න යන්නේ. වෙන දීගෙක නෙමෙයි. අලුත් ගීතයක් කරලා එළිදක්වන්න සූදානම් වෙනවා. මේ ගීතය යුග ගීතයක්. ගී පද බන්දුල නානායක්කාරවසම් මහතාගේ සංගීතය අස්ලාන්ගේ. තනුව මගේ.

මම බන්දුල මහත්මයාට තනුව දීලා කිව්වා මට මෙන්න මේ විදිහේ ගීතයක් කරන්න ඕන පද ටික හදලා දෙන්න කියලා. එතුමා ලස්සන වචනවලින් ලස්සන සිංදුවක් ලියලා දුන්නා. යුග ගායනයට නව පරපුරේ ගායිකාවක් තෝරා ගත්තා. කොහොමද මේ ගීතයට නතාෂාගෙන් ලැබුණු ප්‍රතිචාර. ඇය ඒ ගීතය නරඹන හැම විටම අඬනවා කියන කතාව ඇත්තද..? එයාට සිංදුව කළාට පස්සේ අහන්න බලන්න දුන්නා. කීප සැරයක් එයා බැලුවා.

බලපු හැම වෙලාවෙම ඇඬුවා. එයාට ඒක ෆීල් වෙලා රසට. ඒකයි එයා හැඟීම්බර වෙන්නේ. ඒ විඩියෝ එක බලන්නම ඕන. එහෙම නැතුව කිවුවට තේරෙන්නේ නැහැ ඒ හැඟීම. ලස්සන හඬක් තියෙන ලස්සන බිරිඳක් ඉද්දි ඇයව මඟ හැරලා වෙන කෙනෙක් ගයන්න තෝරා ගත්තාට ඇගේ අමනාපයක් නැද්ද ..?

නතාෂා කියන්නේ මම කැමතිම හඬ. අපි කොහේ හරි පාටියකට ගියත් අපි දෙන්නා සිංදු කියනවා. එයා වෙන කෙනෙක් එක්ක සිංදු කියද්දි මම හරි ආසාවෙන් අහගෙන ඉන්නවා. මොකද ඒ තරම් ඒ හඬට මම ආදරෙයි. නමුත් මේ අලුත් ගීතයට එයාව කොහෙත්ම ගැළපෙන්නේ නැහැ අපි දෙන්නා හරි නිදහසේ ජීවත් වෙන දෙන්නෙක්.

එහෙම නීති දාගෙන කොටු කරගෙන නැහැ, සංගීතය පැත්තෙන් විතරක් නෙමෙයි පෞද්ගලික ජීවිතේත් එහෙමයි. ‍ පසුගිය කාලේ ලොකුවට ප්‍රචාරය වුණා දෙන්නා ඩිවොස් කියලා..? ඔව්. අපි දෙන්නව එකට සමාජ මාධ්‍ය ඔස්සේ දකින්න ලැබෙන්නේ නැහැ, විශේෂයෙන්ම මගේ ෆොටෝස්වත් මම ෆේස්බුක් දාන්නේ නැහැ.

ඒකත් එක හේතුවක් ඔය කතාව පැතිරෙන්න. පාටියකට ගියත් මම ඒ මොහොත එන්ජෝයි කරනවා මිසක් ෆොටෝස් ගන්නේ නැහැ. ඒ මගේ හැටි. මගේ ෆෝන් එකේ එක ෆෝටෝ එකක් හොයා ගන්න බැහැ මගෙයි නතාෂාගෙයි. නතාෂා බල කරලා ෆොටෝස් ගත්තොත් මිසක්. ඒ වගේම එයා පහුගිය දවසක වීඩියෝ ඉන්ටර්විව් එකකට ගියා. එතැනදි මෙයා පැහැදිලිව කියනවා.

නමුත් හෙඩ් ලයින් එක දාලා තිබ්බ විදිහෙන් බොහෝ දෙනෙක් වැරදි විදිහට තේරුම් ගත්තා. ඒක බලලා මට හරියට කෝල්ස් ආවා. මම පුළුවන් විදිහට තේරුම් කරලා දුන්නා. ඒ කියන්නේ ඔබ දෙදෙනා එක වහලක් යට තවම ජීවත් වෙනවා ..? ඔව්, අනිවාර්යයෙන්ම. වෙන් වෙන්න හේතු නැහැ අපිට. දෙන්නා එකට දැක්කේ නැහැ කියලා ඩිවොස් කියන එක කොහොමද කවුරුත් ජජ් කරන්නේ. අපි එදා වගේම හොඳින් ජීවත් වෙනවා.

වෙන අයගේ පවුල් ජීවිත ඇතුළේ තියෙන සුන්දර වගේම තරහාවීම් යාළුවීම් බැණ ගැනිම් ඔක්කොම අපි අතරත් තියෙනවා. කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ. පවුල් දෙකක දෙන්නෙක් එක පවුලක් හදා ගත්තේ. ඝට්ටන නොගැලපීම් නැතුව නෙමෙයි. අදටත් දෙන්නටම දිනුම ඕන. දෙන්නගෙන් එක්කෙනෙක්වත් නැමෙන්න කැමති නැහැ.

නමුත් දෙන්නගෙම හිත් වෙනස්. ආදරණීයයි. අපි අපිට ආදරෙයි. ඒ නිසා වෙන් වෙන්න හේතු ඇති වුණත් මේ සංසාරික බැඳීම මේ විදිහටම තියෙයි. ඒ වගේම මෙච්චර කාලයක් නෝට්ටු කොළයක් පස්සේ දුවලා විඳින ජීවිතේ මඟ ඇර ගත්තාද කියලත් හිතෙනවා. ඒ නිසා ඉදිරියේ දී අපි දෙන්නා වැඩිපුර එකට ඉන්න කාලය යොදවන්න හිතුවා.

ලොකු කට්ටක් කාලා යාළු වෙලා අත හරින්නේ කොහොමද නේද ..? ඒකනේ. නතාෂා එක්ක යාළු වුණේ හරියට පස්සෙන් ගිහිං, අවුරුදු තුනක කාලයක් එයාගේ පස්සෙන් ගියා මම ආදරේ කරන්න. හරිම අමාරුවෙන් කැමති කර ගත්තේ.

ඊට පස්සේ අවුරුදු හතරක් ආදරේ කරලා තමයි 2011 අවුරුද්දේ විවාහ වුණේ. පස්සෙන් ගිහිං යාළු කරගත්තේ කියලා කොහෙවත් කියන්න එපා කියනවා නතාෂා. එයා කැමති නැහැ මම එහෙම කරා කියලා වත් හිතන්න. ඒ තරම් ආදරෙයි. මම හිතන්නේ අපේ බැඳීම සංසාරික බැඳීමක්. කොච්චර රණ්ඩු කරත් බැණ ගත්තත් ඒ වෙලාවට විතරයි.

දෙන්නගේ දික්කසාදය ගැන කතා පැතිරෙද්දි ඇය හා ඔබ ඊට ප්‍රති උත්තර දුන්නේ කොහොමද ..? එයා නිතරම සෝෂල් මීඩියා ඉන්න නිසා එයාට ඒ කතා ගැන ගාණක් නැහැ. ඒවා හිතන්නේ නැහැ. නමුත් ඇයි මෙහෙම කතා හදන්නේ කියලා මට නම් දුකක් ඇති වුණා. ඇයි දෙන්නා එකට ගී කියන්නේ නැත්තේ.

නතාෂා එක තැනක කියලා තිබුණා ඔබ ඇයට කිවුවා කියලා වෙන වෙනම ගීත කරමු කියලා..? අපි දෙන්නගේ වෙඩින් එක දවසේ අවුට් කරන්න හිටපු ගීතයක් තියෙනවා. ඒකේ වීඩියෝ එක ලැබෙන්න ගොඩක් කල් ගියා. ඊට පස්සේ ඒක අත ඇරලා දැම්මා.

ලොකු බජට් එකකට කරපු සිංදුවක්. දැන් ගැලපෙන්නේ නැහැ ඒක. ළඟදිම අපි දෙන්නගේ ගීතයක් අහන්න පුළුවන්. ඒකත් ඉක්මනින් රිලීස් කරනවා. මම මුලදී එහෙම කිවුවේ එයා එක්ක සිංදු කරන්න තිබුණු අකමැත්තක් නිසා නෙමෙයි. ඒ කාලේ මම සිංදු කරන එක නතර කරලා බිස්නස් වැඩවලට මුල් තැන දුන්නා.

මාත් එක්ක සිංදු කරන්න හිටියොත් එයාටත් කරන්න බැරි වෙන නිසයි. ඒකට එයාගේ හිත රිදුණට ඒක එයා තේරුම් ගත්තා. දැන් ආයෙමත් හොඳ ගීත දෙකකින් ජනතාව අතරට එනවා. ඔබේ පදිංචිය ඕස්ට්‍රේලියාවේ. නැවත විදෙස්ගත වෙනවා කියන්නේ ඇත්ත ද..?

අපි දෙන්නා 2019 නැවත එහේ ජීවත් වෙන්න යන්න ඉන්නකොට තමයි කොවිඩ් ආවේ. ඒත් එක්කම නොයා හිටියා. මෙල්බන්වලින් ඇඩිලේඩ් ගියා. දැන් ජීවත් වෙන වාසස්ථානය තියෙන්නේ එහේ. අපි දෙන්නා නැවත හරි ඉක්මනින් එහේ යන්න ඉන්නේ.

අලුත් ගීතය හිට් එකක් වෙයි කියලා හිතෙනවද කියලම මේ කතාබහට සමුදෙමු..? ඒක ජනතාව ආදරෙන් භාර ගනියි. හදවතට දැනෙන සංවේදී ගීතයක්. ඒත් එක්කම පරණ ප්‍රිහාන්ව බොහෝ දෙනෙකුගේ මනසට එයි කියලා විශ්වාස කරනවා. බලමු කාලයක් නොදැක්ක නිසා හිතා ගන්න බැහැ.

Post Views: 20,728

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes