Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මම ගෙදර ඉන්නෙ ඇඳුම් නැතුව,මට ඕන විදියට – යුරේනි නොෂිකා

Posted on December 3, 2022February 14, 2023

සමාජ ජාල වෙබ් අඩවිවල නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන චරිත කිහිපයක්ම ඉන්නවා. ඒ අතරින් යුරේනි නෞෂිකා මුලින්ම ඉන්න රංගන ශිල්පිණියක් හැටියට හඳුන්වන්න පුළුවන්. යුරේනි කියන්නේ කෙළින් කතා කරන කෙනෙක්. මේ දවස්වල හිරු මෙගාස්ටාර්ස් වේදිකාවේ නටන ඇය ගොසිප් මවන්නියක් නිසා හිරු ගොසිප් එක්ක කතා බහකට එකතු කරගත්තා. මේ ඇය ගැනයිපසුගිය කාලය පුරාවටම කතාබහට ලක්වූ ජනප්‍රිය චරිතයක් තමයි යුරේනි නොෂිකා කියලා කියන්නේ.

මේ දවස්වල යුරේනි අඩව් කස්තිරම් ඔක්කොම අල්ලලා නටනවා නේද ..?ඔව්. මේ දවස්වල හොඳටම බිසී. හිරු මෙගාස්ටාර්ස් නිසා.හොඳට නටනවා. පුහුණුවීම් එක්ක.කණ්ඩායම කිරුළු දරයිද…?අපි සුර්යන්ස් කණ්ඩායම නිරන්තරයෙන්ම මෝටිවෙට් වෙනවා.  හැමෝම උනන්දුයි.එක එක විදිහට දක්ෂතා පෙන්වනවා. අපි හැමෝම උත්සහා කරනවා හොඳ තරගයක් දෙන්න. බලමු දිනයිද කියලා.

පුංචි තිරය එපා වෙලාද යුරේනිව දකින්නවත් නැත්තේ…?පුංචි තිරය නම් එපා වෙලා නැහැ. ඒත් හොඳ නිර්මාණ බිහි වෙනවා අඩුයි. හොදම චරිතයකට ආරාධනාවක් ලැබුණොත් භාර ගන්නවා. නමුත් කොටස් පනහක් විතර තියන ටෙලි නාට්‍ය විතරයි.

මෙගාවලින් ජනප්‍රිය වුණ යුරේනිට දැන් මෙගා අරහන් වෙලාද…?දැන් නිර්මාණය වෙන මෙගා ගැන මම සතුටු වෙන්නේ නැහැ. ඒවා නිර්මාණාත්මක නැහැනේ. මම කැමති නැහැ මාව එකම විදිහට දකින්න. මට ඕන වෙනස්ම චරිත වලින් මේ ක්‍ෂෙත්‍රයේ රැඳෙන්න. මම උත්සහා කරන්නේ නිතරම හොඳ දෙයක් කරන්නයි. ඉතින් අවස්ථාවක් ලැබුණොත් සම්බන්ධ වෙනවා.

ඕනෑම චරිතයක් රඟපාන්න පුළුවන් මානසික මට්ටමක්ද ඔබට තියෙන්නේ. කැමරාව ඉදිරියේ යුරේනිට ගණිකාවක් වෙන්න කිව්වොත් ..?යථාර්ථය මොකක්ද කියන එක අපි තේරුම් ගන්න ඕන. සාමාන්‍ය ජිවිත ගත කරන මිනිස්සුන්ගේ ජිවිත තමයි අපි කැමරාව ඉදිරියට ගේන්නේ. ඒකනේ නිළිකම කියන්නේ. නිළියක් නළුවෙක් විදිහට ලැබෙන ඕනෑම චරිතයක් කරන්න බැරි නම් වැඩකුත් නැහැ. මම නම් භය නැතිව ඒ චරිතය භාර ගන්නවා. ලජ්ජවෙන්නෙත් නැහැ .නමුත් මම විශේෂයෙන්ම අධ්‍යක්ෂක කව්ද කියලා බලනවා. මම රඟපෑවට වැඩක් නැහැ. අධ්‍යක්ෂකගේ අධ්‍යක්ෂණය හොඳ නැති නම්.

ඩනිරුවත් වෙන්නේ නැහැ කිව්වට යුරේනි බොහෝ වෙලාවට අඩනිරුවත් වෙනවා නේද..ජනප්‍රියත්වය වැඩි කරගන්නද එහෙම කරන්නේ..?ලංකාවේ අඩනිරුවතින් නිර්මාණවලට ඉන්න බැහැනේ. ලංකාවේ ඉන්නේ තවමත් ගල් යුගයේ ජිවත් වෙන මිනිස්සු. මොන දේ කරත් වැරදියට පෙන්නේ. හොඳ මානසිකත්වයකින් බලන්න අපේ මිනිස්සු දන්නේ නැහැ. පිටරටවල්වල එහෙම නැහැ. ඒ නිසා මොන දේ කරන්නත් කලින් දෙපාරක් හිතන්න ඕන. මම අඩනිරුවත් වෙන්නේ ජනප්‍රියත්වය බලාගෙන නෙමෙයි.

යුරේනි ශරීරය බාගයක් ඇරෙන්න විලාසිතා කරන කෙනෙක් නේද…?මම කැමති විලාසිතා මම කරනවා. මගේ ශරීරයට ගැලපෙනවා නම් කව්රු මොනවා කිව්වත් මට අදාළ වෙන්නේ නැහැ. මට ලස්සනයි නම් මම අඳිනවා. ඒක වෙන කෙනෙක්ට අපහසුවක් වෙන්න විදිහක් නැහැනේ.චිත්‍රපටිවලට සම්බන්ධ වෙන්නෙත් නැද්ද..?මම රඟපෑව චිත්‍රපටි දෙකක් ලඟදීම විකාශය වෙනවා.

ආදරේ කරන්න පෙම්වතෙක් ඉන්නවා කියන්නේ ඇත්තද ..?තවම මම තනිකඩයි. පෙම්වතෙක් නැහැ පෙම්වතියක් වෙන්න.මේ වෙනකොට කීදෙනෙක්ට ආදරේ කරලා තියනවද ..?එක්කෙනෙකුට ආදරේ කරන්න  මම නම් ඉන්නේ ගල් යුගයක නෙමෙයි. මම කිහිප දෙනෙකුට ආදරේ කරලා තියනවා. නොගැලපීම් නිසා වෙන් වුණා.විවාහය ගැන හිතන්නෙත් නැද්ද …?මගේ දෛවයේ ලියැවුණු කෙනා එනකල් ඉන්නවා.

“අපි මොනතරම් හොඳට රඟපෑවත් වඩක් වෙන්නේ නැහැ හොඳ ධ්‍යක්ෂණයක් නැත්නම්. පෞද්ගලික ජිවිතේ වුනත් මම කැමති විලාසිතා කරනවා.ගැලපෙනවා කියලා හිතෙන දේවල් කරන්න කාගෙන්වත් අවසර ගන්නේ මොකටද. මගේ ගෙදර මම ඉන්නේ ඉඳුම් නැ, තුව නලා එහෙම නිදහසේ එහෙම ඉන්නවා.

ඒක මට සාමාන්‍ය දෙයක්, ඒක කාටවත් ප්‍රශ්නයක් වෙනවා කියලා මම හිතන්නේ නැහැ. මගේ ගෙදර මට ඕනේ විදියට ඉන්නවා එච්චරයි. ඇයගේ ලස්සන චයරුප පෙළක් පහතින් බලන්න.”

ලංකාවේ තරුණ තරුණියන් ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක් තමයි යුරේනි නොෂිකා කියන්නේ. මේ වනවිට ලංකාවේ ඇය හඳුනන්නේ නැති කෙනෙක් නොමැති තරම්. ඉතින් අද අපේ කතාබහට එකතුවෙලා ඉන්නේ යුරේනි නොෂිකා. ඉතින් යුරේනි අපි නිතරම දකිනවා ඔබ රංගනයෙන් දායක වෙන්නේ නවකයින් අධ්‍යක්ෂණය කරන නිර්මාණ වලට ඇයි ඒ ”ඔව් නීනෝ ලයිවු, නයිට් රයිඩර් වගේම ඉදිරියේදී විකාශනය වෙන්න තියෙන සිනමාපට ඔක්කොම සිනමාපට අලුත් අධ්‍යක්ෂකවුරුන්ගේ නිර්මාණ. මම ඒවා හිතලා බාරගන්නවා නෙවෙයි පිටපත කියෙව්වට පස්සේ ඒකට ආස හිතෙනවා ඉතින් ඒවා බාරගන්නවා. කොහොම වුනත් මගේ ඒ තේරීම් වැරදිලා නෑ”

ඇයි වැඩිය ටෙලිනාට්‍ය වලට සම්බන්ද වෙන්නේ නැත්තේ ”මේකනේ ටෙලිනාට්‍ය වලට අඩුම දවසට පැය 10-12ක් වත් කැප කරන්න ඕන, හැබයි එහෙම කරනවානම් මගේ ගාන මට ගෙවන්න ඕන, එහෙම නැතිව මම වැඩ බාරගන්නේ නෑ. එහෙමයි කියලා මම මහා ලොකු මුදලක් වැය කරන්නේ නෑ. බොහොම සාදාරන මුදලක් තමයි මම අයකරන්නේ හැබැයි ඒ ගාන මට ලැබෙන්න ඕන. අනිත් කාරණය තමයි නිර්මාණවල ගුණාත්මක භාවය. හොඳ පිටපතක් ලැබුනොත් මම ගාන ගැන හිතන්නේ නෑ හැබැයි ගැටලුව තියෙන්නේ එහෙම පිටපත් අඩුයි”

යුරේනි කියන්නේ තනිකඩ තරුණියක් ඉතින් අපිට කියන්නකෝ යුරේනි වැඩියෙන්ම ආදරේ කලේ කාටද කියලා ”එයා ලංකාවේ කෙනෙක් නෙවෙයි. මම නාට්‍යක් කරපු මුල් කාලයේ තමයි මට එයාව මීට් වුනේ. දවසක් මම රමණි සිරිවර්ධනගේ සැලෝන් එකට ගියා කොන්ඩේ හදාගන්න, ඒ යද්දී මගේ යාලුවෙක් එතන හිටියා එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක්, ඉතින් මම එයාට අතවනාගෙන ගියා එතන තමයි එයත් හිටියේ එදා රෑ ඒ යාලුවා කතා කරලා ඇහුවා අපේ කෝච් ඔයාගේ නම්බර් එක ඉල්ලනවා දෙන්නද කියලා මමත් ඉතින් හා කිව්වා. ඊටපස්සේ අපි ගොඩක් හිතවත් වුනා ඊටපස්සේ ඒක ආදරයක් බවට පත්වුනා. අපි විවාහ වෙන්න හිටියේ, කොහොම හරි අවසානයේ ඒ ප්‍රේමයට සමුදුන්නා, බොක්කටම වැදුන ආදරයක් ඒක, දවසක් එයා පාන්දර 2ට විතර කෝල් එකක් අරන් යාලුවෙක් ඉන්නවා කියලා කෙනෙක්ට ෆෝන් එක දුන්නා ඒ කතා කලේ ශාරුඛාන් ඒ වගේ සුන්දර මතක ගොඩක් තියෙනවා ඒ ආදරේට”

Post Views: 17,007

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes