Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මගේ ගෙදර එකට නිදාගෙන හිටපු අය මගේ ගෙදර ඇඩ්‍රස් එක දාලා ගහන්න කියලා කිව්වා – IRAJ

Posted on December 5, 2022December 5, 2022

නින්ද නොයන හැන්දෑවේ, රන් රන් රන් වැනි ගීත හරහා තාරුණ්‍ය ආමන්ත්‍රණය කළ වෙනස්ම නිර්මාණකරුවෙක් තමයි ඉරාජ් වීරරත්න කියන්නේ. පසු කාලෙක ඔහු අපේ රටේ සංගීත ක්‍ෂේත්‍රයේ වගේම දේශපාලන ක්‍ෂේත්‍රයේද ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වෙනවා. ඒ ඔහු කරන නිර්මාණ වගේම ප්‍රකාශ හේතුවෙන්. පසුගිය කාලයේ ඇති වුණු අරගලය හේතුවෙන් ඉරාජ් දුක්මහන්සියෙන් හම්බකරගත්තු සියලු දේපොළ විනාශ වෙනවා.

කලබල තිබුණ කාලෙත් මම මගේ මතය වෙනස් කළේ නැහැ. ගොඩක් කලාකරුවෝ තමන්ට ෂෝ ටික නැතිවෙයි කියලා බයට වගේම ඔවුන්ගේ ව්‍යාපාර රැකගන්න අරගලයට එකතු වුණා. මම මුල ඉඳලා අරගල කියන දේවල් වලට විරුද්ධයි. මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරන්න ඕනෑ. හැබැයි කරපු විදිහට වැරදියි. ඒ වෙලාවේ මට මියුසික් වීඩියෝ එකක් කරන්න පුළුවන් විදිහේ වාතාවරණයක් තිබුණේ නැහැ. මුහුණු පොතේ එහෙම ෂෙයාර් වුණා, අපිට සංගීත උපකරණ වගේම කිසිම දෙයක් දෙන්නේ නැහැ කියලා. එතකොට අපිට මියුසික් වීඩියෝ එකක් තනියම කරන්න බැහැනේ. කිසිම දෙයක් දෙන්නේ නැහැ කියලයි ෆේස් බුක් පෝස්ට් ගියේ. එතකොට මට හිතුණා හරි කමක් නැහැ. උඹලා මට දෙන්න එපා මම හොලිවුඩ් ගිහිල්ලා වීඩියෝ එකක් කරනවා කියලා. ඒක තමයි මේ වීඩියෝ එක. ලංකාවට ආවට පස්සේ දැන් ඒ තත්ත්වය වෙනස් වෙලාද? දැන් ඉතිං ඔක්කොම වෙනස් වෙලා.

දැන් ඉතිං කිසි ප්‍රශ්නයක් නැහැනේ. ඉරාජ්ගේ ප්‍රශ්න විසඳුනාද? මට බැණපු මිනිස්සුත් එළියේ ලස්සනට කතා කරනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕවා සියල්ල ටේ‍රන්ඩ් එකට යන දේවල්. ආපහු දේශපාලනය කරන්න අදහස් තියෙනවාද? අපොයි නැහැ. දේශපාලනය කරන්න කිසිම අදහසක් නැහැ. මට මියුසික් විතරයි කරන්න ඕනෑ. මම කළේ හිටපු ජනාධිපතිතුමාගේ මතය වෙනුවෙන් අවසන් මොහොත වෙනකම් පෙනී සිටින එක විතරයි. එතැනින් එහාට මගේ කිසිම දේශපාලනයක් නැහැ. මම ඉදිරියට කරන්නේ මගේ සංගීත වැඩකටයුතු සහ මගේ ව්‍යපාර වැඩකටයුතු විතරයි. අරගලයක් හින්දා ගෙවල් දොරවල් පවා විනාශ වුණා. ඒ ගැන දුකක් තියෙනවාද? ඒක ප්‍රශ්නයක් නැහැ. මම ඒවා කරපු අයට වෛර කරන්නේ නැහැ. මගේ ගේ විනාශ කළේ අවු. 18, 19, 20 වගේ පුංචි කොල්ලො. අන්තිමට පොලිසියෙන් කිව්වා කවුද කළේ, මොනවද කළේ, මොන දේශාපාලන පක්‍ෂයටද මොවුන් සම්බන්ධ කියලා. දැන් ඉතිං ඒ දරුවන් රවට්ටලා තියෙන්නේ ඒ ගොල්ලො වෙනුවෙන් නීතිඥයෝ පෙනී සිටිනවා කියලා. දැන් ඒ දරුවන්ට නඩු පවා වැටිලා.

ඒ දරුවන්ගේ දෙමාපියන් කතා කරලා කියනවා අපේ දරුවන්ගේ ජීවිතයම ඉවරයි මේවා අමතක කරන්න කියලා. පරණ වෙච්ච දේවල් අමතක කරන්න සූදානම්ද? ඔව්. මම එහෙම හිතේ තියාගෙන ඉන්න මනුස්සයෙක් නෙමෙයි. මම දැක්ක දෙයක් තිබුණා. අරගලය කාලේ විශේෂයෙන් යූටියුබර්ස්ලා ගොඩක් සෝෂල් මීඩියා වල ඉන්න අය ලයිව් වීඩියෝ ගිහිල්ලා ගොඩක් ඇවිස්සුවා. මගේ ලෙවල් එකට එන්න බැරි අය තමයි වැඩිපුර එහෙම කළේ. මට ගහන තත්ත්වයට වගේම මාව මරන්න පවා කිව්වා. ඔබේ මිත්‍රයොත් ඔබට ගහන්න කියලා පෝස්ට් ෂෙයාර් කළා නේද? ඔව්. ඒක තමයි කියන්නේ. මාත් එක්ක කාලබීලා හිටපු, මාත් එක්ක ෂෝවලට ගිය, මගේ ගෙදර නිදාගෙන හිටපු අය මගේ ගෙදර ඇඩ්‍රස් එක දාලා ගහන්න කියලා කිව්වා. දේශපාලනය හින්ද තමන්ගේ මිත්‍රකම් අමතක කරලා මරන්න යන තත්ත්වයට අපේ රට පිරිහිලා ඉවරයි. ඉරාජ් දේශපාලනයෙන් හම්බ කරපු හින්දා නේද ඔය ප්‍රශ්න ඔක්කොම ආවේ? නැහැ. කිසිම හම්බ කිරීමේ පරමාර්ථයක් තිබුණේ නැහැ. මට නම් කරන්න මගේ දේවල් ඕනෑ තරම් තියෙනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අදවනතුරුත් මට ඕනෑ වෙලාවක හම්බවෙන්න පුළුවන්.

Post Views: 6,988

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes