Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

උපාලි විජේවර්ධන අතුරුදහන් වුණාද අතුරුදහන් කළාද?

Posted on May 4, 2020May 24, 2020

පිලිප් උපාලි විජේවර්ධන ඉපදෙන්නේ ලංකාවේ ප්‍රබල පෙළේ දේශපාලනික වශයෙන් සහ ධනවත් කමින් අනුන පවුලක. 1938 වර්ෂයේ පෙබරවාරි 14 වැනි දා වෝල්ටර් තුඩුගල්ලේ විජේවර්ධන මහතාට සහ අනුලා කල්‍යාණවතී විජයවර්ධන මහත්මියට දාව ඉපදෙන උපාලිට කල්‍යාණි සහ අනුලා නමින් සහෝදරියන් දෙදෙනෙක් හිටියා.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් තමන්ගේ මූලික අධ්‍යාපනය ලබා ගන්න උපාලි ඉගෙනුමට වගේම ක්‍රීඩාවටත් එක සේ දක්ෂකම් දක්වනවා. මේ කාලය තුළ විනෝදාංශයක් විදිහට ඔහු වැඩි වශයෙන් ප්‍රිය කරන්නේ අශ්වයන් පැද යාම. උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන උපාලි ඉන් පිට වෙන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳව ශාස්ත්‍රවේදී උපාධිධාරියෙක් විදිහට.

ලංකාවට පැමිණෙන උපාලි පළමු රැකියාව විදිහට තෝර ගන්නේ වර්තමානයේ යුනිලීවර් නමින් හැඳින්වෙන එදා ලීවර් බ්‍රදර්ස් ලෙස හැඳින්වුණු සමාගමේ පුහුණු කළමනාකාර ධුරය.නමුත් ආයතනයේ සභාපතිවරයා සමග ඇති වුනු ගැටුමක් නිසා  උපාලි වසර කීපයක්  ගත වන්නටත් පෙර ඒ රැකියාවට සමු දෙනවා.

මේ වෙනකොට උපාලි ගාව ඉතිරිකරගෙන  කරගෙන තිබ්බේ රුපියල් පහලොස් දහසක මුදලක් විතරයි. මේ මුදල පාවිච්චි කරලා තමන් ජීවත් වන සේදවත්ත වලව්වේ එක කොටසක උපාලි රසකැවිලි කැවිලි නිපදවීමේ ව්‍යාපාරයක් පටන් ගන්නවා.ෆේස්බුක් එකේ බොහෝ දෙනෙක් ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස් වගේ අය ව්‍යාපාර පටන් ගත්තේ තමන්ගේ ගෙදරින්මයි කියලා පෝස්ට් ෂෙයාර් කරාට ඒ බොහෝ දෙනෙක් උපාලි විජේවර්ධන තමන්ගෙ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නෙත් ගෙදරින් කියලා දන්නේ නැහැ

මේ  රස කැවිලි ව්‍යාපාරය දිගටම කරගෙන යද්දි තමයි delta toffee නමින් ටොෆී වර්ගයක් නිපදවන්න ඕන කියන අදහස උපාලිට ඇති වෙන්නේ. මේ හරහා ඔහු සුවිශාල ලාභයක් ලබා ගන්නවා.ඊට පස්සේ උපාලි යොමුවෙන්නේ සපුරා වෙනස් ව්‍යාපාරික ක්ෂේත්‍රයකට.ඒ වෙනකල් ලංකාවට රේඩියෝ ඔරලෝසු ආදිය ගෙන්වූයේ පිටරටින් .නමුත් උපාලි මේ භාණ්ඩ ලංකාවේ ලංකාවේ නිපදවන ව්‍යාපාරයක් පටන් ගත්තා. යුනික් කියන   සන්නාමය බිහිවෙන්නේ  වෙන්නෙ ඔන්න ඔය විදිහට.ඒ කාලයේදී රට තුළ දේශීය ආර්ථිකය පිළිබඳව වැඩි වශයෙන් කතාබහක් තිබුණු නිසා උපාලිගේ මේ ව්‍යාපාරයත් ජයෙන් ජයට පත් වනවා.

ඊට පස්සේ උපාලි මැස්ඩා කාර් ලංකාවේ එකලස් කරලා අලෙවි කරන ව්‍යාපාරයක් පටන් ගත්තා.මේ කාරෙක ලංකාවේදී දැකපු ඉන්දියාවේ අගමැති ඉන්දිරා ගාන්ධිගේ පුත් සංජේ ගාන්ධි ජපානයේ සුසුකි සමාගම සමග එක්වෙලා මරුටි නමින් මෝටර් රථ නිපදවීම ආයතනයක් පටන් ගත්තා.මේ  ආයතනයට ඉන්දියාවේ රජයෙන් විවිධ ආධාර උපකාර ලැබෙද්දී උපාලිගේ වැඩපිළිවෙළට  ලංකාවෙන් නිසි පරිදි ආධාරයක් ලැබුණේ නැහැ.

ඉන්පස්සෙ උපාලි තීරණය කළේ අහස ජය ගන්න.ඒ අනුව ලංකාවේ පලමු ගුවන් යානා සහ හෙළිකොප්ටර් සේවා සපයන සමාගම ඔහු ආරම්භ කළා.අභ්‍යන්තර ගුවන් ගමන් ජනප්‍රිය කිරීමටත් ඔහු වැඩි වැඩ කොටසක් සිදු කළා.

හැබැයි උපාලිගේ ජනප්‍රියතම ව්‍යාපාරය බවට පත්වෙන්නේ කැන්ඩොස් නමින් අද දක්වාම ජනප්‍රිය චොක්ලට් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරය.ඒ කාලයේදී ලංකාවේ පමණක් නොව මැලේසියාවේ සිංගප්පූරුවේ පවා කැන්ඩොස් චොකලට් ජනප්‍රිය වුණා.

ලීවර් සමාගමේ ගත කළ කාලය තුළ එම සමාගම සබන් නිෂ්පාදනය මගින් ලංකාවේ අත්පත් කරගෙන තිබූ ඒකාධිකාරිය ගැන හොඳ වටහා ගැනීමක් තිබුණු උපාලි සිකුරු, ක්‍රිස්ටල් සහ ටිංගල් යන නම්වලින් සබන් වර්ග තුනක් දේශීය වෙළඳ පොළට හඳුන්වා දුන්නා.නමුත් ඒ අවස්ථාවේ දී යම්කිසි බහුජාතික සමාගමක් වෙළඳපලේ කෘතීම ඉල්ලුමක්  ඒ සබන් වලට ඇති කරලා ඒ හරහා සබන් ව්‍යාපාරයට පාඩු ඇති කිරීමට කටයුතු කළා.

පුවත්පත් කලාව කියන දේ විජේවර්ධන පවුලේ ලෙයටම සම්බන්ධ වුනු දෙයක්.මේ නිසාම උපාලි තමාගේ නමින් පුවත්පත් සමාගමක් ආරම්භ කරලා දිවයින සහ අයිලන්ඩ් නමින් පුවත්පත් දෙකක් හඳුන්වා දුන්නා.

විවිධ ක්ෂේත්‍රවලට තමන්ගේ ව්‍යාපාර කටයුතු ව විහිදුවාලීම නිසා බොහෝ දෙනෙක් උපාලිව හඳුන්වන්නේ ලංකාවේ පලමු බහුජාතික සමාගම නිර්මාණය කරපු පුද්ගලයා විදිහට.ඒ වගේම කෙටි කාලයක් තුළ දී ජාත්‍යන්තර වශයෙනුත් වෙළෙඳ ව්‍යාපාරිකයෙක් විදිහට සාර්ථක වෙන්න ඔහුට හැකියාව ලැබුණා.මැලේසියාවේ ඔහු ආරම්භ කළ චොක්ලට් සමාගම සඳහා අවශ්‍ය කොකෝවා වැවීමට වතුයායක් එරටින් මිලට ගත්තා.ඒ වගේම නිව්යෝර්ක් නගරයේ මූල්‍ය සමාගමක් ආරම්භ කළ පළමු ශ්‍රී ලාංකිකයා විදිහටත් ඔහුව ඉතිහාස ගත වෙනවා.

ඒ වගේම දේශපාලන වශයෙන් උපාලි විජේවර්ධන කිසිදා අන්තවාදියෙක් වුණේ නැහැ.සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සංවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා තමන්ගේ ව්‍යාපාර කටයුතු අතිසාර්ථක වුණත් එක්සත් ජාතික පක්ෂයේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සමග ඔහු ගැටුමක් ඇතිකර ගත්තේ නැහැ. මේ නිසාම ජේ. ආර් ජයවර්ධන මහතා ඔහුව වර්තමානයේ ආයෝජන මණ්ඩලය ලෙස හැඳින්වෙන ආයතනයේ ආරම්භක අවස්ථාව වුණු මහ කොළඹ ආර්ථික කොමිසමේ සභාපතිවරයා විදිහට පත් කළා. කටුනායක බියගම සහ කොග්ගල නිදහස් වෙළෙඳ කලාප ඇති කිරීම පිටුපස උපාලි හිටියා.ඇගළුම් ක්ෂේත්‍රයට සීමා වීම තුළින් ලංකාවට දීර්ඝ කාලයක් ආර්ථික වාසි ලබා ගත නොහැකි බව ඒ කාලේදිම දැකපු උපාලි පරිගණක නිෂ්පාදනය සඳහා අවශ්‍ය අර්ධ සන්නායක නිපදවීමේ වැඩපිළිවෙළක් ලංකාවේ ආරම්භ කිරීමට උත්සාහ කළා.නමුත් අවාසනාවකට වගේ උපාලිගේ මරණයෙන් පසුව සහ ලංකාවේ ඇතිවුණු ජාතිවාදී කෝලාහලවලින් පසුව මෙම ව්‍යාපාර ශ්‍රී ලංකාව අත් හැර තායිවානය මැලේසියාව වැනි රටවල් වෙත සිය නිෂ්පාදන කටයුතු ගෙන ගියා.

භක්තිමත් බෞද්ධයකු වූ උපාලි විජේවර්ධන තමන්ගේ නිෂ්පාදනාගාරවල මුල්ම නිර්මාණ නිර්මාණ කැලණි පන්සල වෙත පූජා කළා. මේ නිසා පළමු උපාලි මැස්ඩා රථයක් අද තිබෙන්නේ කැලණි පන්සල භාරයේ.එම පන්සලේ බස්නායක නිළමේවරයා විදිහට කටයුතු කරපු ඔහු කැලණි පෙරහැර ආකර්ෂණීය අයුරින් සකස් කිරීමට කටයුතු කළා.

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ සහෝදරයෙකු වුනු දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වුණු ලක්මිනී රත්වත්ත සමඟ විවාහ වුණ උපාලි ඒ හරහා බණ්ඩාරනායක පවුලේ ඥාතියෙක් බවටත් පත් වුණා.ඔහු මරණයට පත්වන විට පත්වන විට කඹුරුපිටිය ආසනය හරහා පාර්ලිමේන්තුවට තරග වැදීමට ඔහුට බලාපොරොත්තුවක් තිබ්බා

මෙි ඥාති සම්බන්ධකම් නිසා ජේ ආර් ජයවර්ධන මහතා තමන්ගෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සහ ජනාධිපති ධුරයට උපාලි විජේවර්ධන යෝජනා කරනු ඇතැයිද ඒ සඳහා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය  සහාය දෙනු ඇතැයි ද බොහෝ දෙනා විශ්වාස කළා.

නමුත් 1983 වර්ෂයේ දී ඒ සියල්ල කණපිට හැරුණා1983 ජනවාරි තිස් එක් වෙනිදා උපාලි තමන්ගේ පෞද්ගලික ගුවන් යානයෙන් මැලේසියාව බලා පිටත් වෙනවා.ඒ  ව්‍යාපාරික කටයුත්තක් සඳහා.උපාලි සමඟ උපාලි සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂක ආනන්ද පේලි මුහන්දිරම් මහතාත් මේ ගමනට එකතු වෙනවා. ඔවුන් දෙදෙනා නවාතැන් ගන්නේ උපාලිට අයිති සුඛෝපභෝගී මන්දිරයක් වන කොකෝවා විලා මන්දිරයේ .මැලේසියාවේ අගනුවර වන ක්වාලාලාම්පූර් නගරය ආසන්නයේ මේ මන්දිරය පිහිටා තිබෙනවා

පෙබරවාරි 13 වෙනිදා හවස තුනට ලංකාව බලා නැවතහ් ඔවුන් පිටත් වීමට නියමිතව වුණත් ලැබීමට යම් ව්‍යාපාරික දුරකථන ඇමතුමක් උපාලි බලාපොරොත්තු වීම නිසා මේ ගමන හවස හය දක්වා ප්‍රමාද වෙනවා. පස්වරු හයයි එකොළහට සුබංග් ගුවන් තොටුපලෙන් උපාලි සහ ඔහුගේ කාර්ය මණ්ඩලය රැගත් L35A ලියර් ජෙට් යානය අහසට හරින්නේ ලංකාවට නැවතත් පැමිණීමේ බලාපොරොත්තුවෙන්.මේ ගමන සදහා මැලේසියාවේ සේවය කරමින් සිටි එස්.එම් රත්නම් නමැති උපාලිගේ සමාගම් අධ්‍යක්ෂකවරයාද එකතු වෙනවා.

පස්වරු හයයි දසයයට මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට උපාලිගේ ගුවන්යානය ගුවන් යානය ලංකාව බලා ගුවන් ගත වූ බව දැනුම් දීමක් කරනවා.පසුව හෙළි වූ පරිදි උපාලි රැගත් යානය රේඩාර් තිරයෙන් අතුරුදහන් වූ වේගය පිළිබඳව යම් ගැටලුවක් ගුවන් තොටුපළ බලධාරීන්ට ඒ වන විටත් තිබිලා තිබෙනවා.පස්වරු 6.40 පමණ වන විට මෙම ගුවන් යානය පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොලැබුණු නිසා මදුරාසිය හරහා ද මේ පිළිබඳව විමසීමක් කරනවා.මේ සියළු විමසීම් වලින් ප්‍රතිඵලයක් නොලැබෙද්දී හවස හවස 7.55 වන විට ක්වාලාලම්පූර් ගුවන් පාලක මැදිරි තීරණය කරන්නේ මේ උපාලි රැගත් ගුවන් යානයට යම් අනතුරක් සිදු වී ඇති බව.පස්වරු දහයාමාර පමණ වන විට ජපානය ඕස්ට්‍රේලියාව යන රටවල් වල ගුවන් පාලන අධිකාරිවලින් මේ යානය පිළිබඳව තොරතුරු සෙවීමට උත්සාහ කරනවා ඒ වන විටත් දියාගෝ ගාෂියා දූපතේ නවතා ඇති ඇමරිකානු හත්වෙනි නාවුක බලඇණියක් යානය සෙවීමට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරනවා.

මේ අතරතුරදී  උපාලිගේ අතුරුදහන්වීම පිළිබඳව ලංකාව මහත් කැළඹීමකට ලක් වෙනවා.කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ වාසය කරන එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ප්‍රකාශ කරන්නේ තමන් වහන්සේ අහසේ ගමන් කළ ගිනි බෝලයක් මුහුදට වැටෙනු දුටු බවක්. ඒ වගේම එම ප්‍රදේශයේම හේන් ගොවියන් කීපදෙනෙක් ඒ ප්‍රකාශය ස්ථිර කරනවා.

මේ අතරතුරේදී උපාලි විජේවර්ධනගේ ගුවන් අනතුර ගැන විවිධ කට කතා පැතිරෙන්න පටන් ගන්නවා.උපාලිගේ දේශපාලන ගමන පිළිබඳව බියෙන් සිටි දේශපාලනඥයන් දෙදෙනෙකු විසින් උපාලිගේ ඝාතනය සැලසුම් කළ බවක් කියවෙනවා උපාලිගේ යානයේ බෝම්බයක් සවි කිරීම මගින් මේ අනතුර සිදු වුණු බව කියවෙනවා.කොහොම වුණත් බරපතලම සැකය එල්ල වෙන්නේ හවස තුනට උපාලි ලංකාවට පිටත් වීමට නියමිතව තිබුණත් හවස හය දක්වා ඔහුව ප්‍රමාද කළ දුරකථන ඇමතුමක් ගැන.පැය තුනක පමණ කාලයක් උපාලි ඒ දුරකථන ඇමතුම ලැබෙන තෙක් බලාගෙන සිටියත් ඒ දුරකථන ඇමතුමක් ලැබී තිබුණේ නැහැ

මීට වඩා වෙනස් මතයක් රජයේ ප්‍රබල දේශපාලනඥයින් එක් පළ කරනවා.ඔහුට අනුව උපාලි විජේවර්ධන ඉන්ධන ඉතිරි කර ගැනීම සඳහා නියමිත ගුවන් මාර්ග වලින් පිට පැන කෙටි ගුවන් මාර්ග භාවිතා කර තිබෙනවා.ඒ අවස්ථාවේදී  එක්තරා යුද කඳවුරක මගින් එල්ල කරන ලද එල්ල කරන ලද ප්‍රහාරයක් නිසා මේ අනතුර සිදුව ඇති බවට ඔහු විශ්වාස කළා.

ඒ වගේම එවකට රජයේ සිටි තවත් ප්‍රබල  අමාත්‍යවරයෙකු වන ලලිත් ඇතුලත් මුදලි මහතා මේ අතුරුදහන් වීමට තුඩු දිය හැකි හේතු හතරක් ඉදිරිපත් කළා .එකක් කාර්මික දෝෂයක් දෙවැන්න නියමුවා අතින් සිද්ධ වුණු අත්වැරැද්දක් තුන්වැන්න යානයට පිටතින් එල්ල කරන එල්ල කරන ලද ප්‍රහාරයක් හතරවැන්නා වුණේ යම් කිසිවෙක් විසින් යානය තුළ අටවන ලද බෝම්බයක්

මීට අමතර ව තවත් අරුම පුදුම කතාවක් මේ පිළිබඳව පැතිර ගියා.කුඩා කාලයේ සිටම අශ්වයන් සඳහා දැඩි උනන්දුවක් දැක්වූ උපාලිට ලෝකයේ සිටි වටිනාම අශ්වයා වන ෂර්ගා මිලට ගැනීමට අවශ්‍යතාවක් ඇතිවී තිබෙනවා. අයර්ලන්තයේ වාසය කළ මේ අශ්වයාගේ භාරකාරීත්වය තිබී ඇත්තේ එවකට ජාත්‍යන්තර මට්ටමේ ඉස්ලාම් නායකයෙකු වන අගා ඛාන් කුමාරයා ඇතුළු පිරිසකට. නමුත් ඔවුන් මෙම අශ්වයා විකිණීමට කැමැත්තක් දක්වා නැහැ. 1983 පෙබරවාරි 8 වැනි දා ෂර්ගාව රඳවා සිටි ස්ථානයට පැමිණි අවිගත් කණ්ඩායමක් විසින් අශ්වයාව පැහැරගනු ලබනවා. මේ සිදුවීමට උපාලි විජේවර්ධන වගකිව යුතු බවට සැක කළ ඉස්ලාම් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් උපාලි ව පැහැර ගැනීම සිදු කළ බවටත් සැක කෙරෙනවා.

උපාලිගේ යානයට සිදුවුයේ කුමක්ද යන්න සෙවීමට ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, ජපානය,  මැලේසියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ රුසියාව වැනි රටවල් රාශියක් දීර්ඝ මෙහෙයුමක් ආරම්භ කළා.නමුත් මේ කිසිදු මෙහෙයුමකින් උපාලිගේ ගුවන් යානයේ කොටසක් හෝ සොයා ගැනීමට නොහැකි වුණා.ඔහුගේ ගුවන් යානයේ යැයි සැක කළ හැකි රෝදයක් වැනි කොටස් හමු වූවත් පසුව කළ පරීක්ෂණවලින් හෙළි වූයේ ඒවා ලියර් ජෙට් යානයේ කොටස් නොවන බවයි.

අවසානයේ දී උපාලි විජේවර්ධනගේ බූදලය පිළිබඳව අයිතිය ලබා ගැනීමට පාර්ශව දෙකක් නීතිය ඉදිරියට ගියා.ඒ  උපාලි විජේවර්ධන මහතාගේ බිරිඳ වුණු ලක්මිනී රත්වත්ත මහත්මිය සහ ඔහුගේ සහෝදරියන් දෙදෙනා වූ අනුලා විජේසුන්දර සහ කල්‍යාණි ආටිගල.අවසානයේ දී උපාලි විජේවර්ධන විජේවර්ධනගේ බූදලේ භාරකාරීත්වය ඔහුගේ බිරිඳට හිමිවුණා.පසුව ඇය නිමල් වෙල්ගම මහතා සමඟ දෙවැනි විවාහයකට එළැඹුනා.

උපාලි විජේවර්ධන මිය ගිහින් දැනට අවුරුදු තිස් හතකට ආසන්න වුණත් ඔහුගේ මරණය පිළිබඳව අදත් ඇතැම් අය සැක පහළ කරනවා.සමහරු කියන විදිහට උපාලි විජේවර්ධන තවමත් ජීවත් වෙනවා. ඒ අය කියන විදිහට තමන්ගේ ව්‍යාපාර කටයුතුවල යම් තරමක පසුබෑමක් ඔහු විසින් නිරීක්ෂණය කළ නිසා මේ අතුරුදහන් වීම ඔහු විසින් සැලසුම් කරනවා.මැලේසියාවෙන් අතුරුදහන් වෙන ඔහු මධ්‍යම ඇමරිකාවට ගිහිල්ල අලුත් ජීවිතයක් ආරම්භ කරනවා.මේ අය කියන විදිහට ඔහු තවමත් මධ්‍යම ඇමෙරිකාවේ ජීවත් වන සාර්ථක ව්‍යාපාරිකයෙක්.

ඉතින් මේ පිළිබඳ සම්පූර්ණ කථාව යුටියුබ් ඔස්සේ පහතින් නරඹන්න.

මේ වගේම තවත් ඔබව විස්මයෙන් විස්මයට පත් කරන තොරතුරු රැගත් තවත් වීඩියෝවකින් නැවතත් හමුවෙමු.

Post Views: 8,799

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes