Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

කාන්තාවන්ගේ ඇඟිලිවලින් ඇඟවෙන ලිං *ගිකත්වය

Posted on December 7, 2022December 8, 2022

කාන්තාවකගේ වම් අතෙහි වෙදැඟිල්ල සහ දබරැඟිල්ල වෙනස් මට්ටම් දෙකක පිහිටන්නේ නම් ඇය බොහෝ විට සම ලිං *ගික සේවනය ප්‍රිය කරන්නියක් බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

බොහෝ සමානකම් ඇති නිවුන් කාන්තාවන් යුගල 18ක් සහභාගි කරගෙන සිදු කළ එම අධ්‍යයනයට අනුව ඔවුන්ගෙන් එක් අයෙකු සමරිසි වන අතර අනෙකා විරුද්ධ ලිං *ගික සේවනයට කැමැත්තක් දක්වන්නියකි.

එම පර්යේෂණය සඳහා විද්‍යාඥයෝ ඔවුන්ගේ ඇඟිලිවල දිග මැන බැලූහ.

පොදුවේ ගත් කළ, සමරිසි කාන්තාවන්ගේ වම් අත්ලේ පමණක් වෙදැඟිල්ල සහ දබරැඟිල්ල වෙනස් මට්ටම් දෙකක පිහිටා තිබෙන බව නිරීක්ෂණය වී තිබේ. මෙවැනි ලක්ෂණ සාමාන්‍යයෙන් දැකිය හැකි වන්නේ පුරුෂයන් තුළය.

පුරුෂ හෝ මෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් ග ර්භා ෂයේ වැඩිපුර තැන්පත්ව තිබීම මෙයට එක් හේතුවක් බව එසෙක්ස් විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂකයෝ පවසති.

එක් අයෙකු සමරිසි සහ අනෙකා විරුද්ධ ලිං *ගික සේවනයට කැමැත්තක් දක්වන, බොහෝ දුරට එක සමාන ශරීර ලක්ෂණ ඇති නිවුන් පුරුෂයන් යුගල 14ක් ද මෙම පරීක්ෂණයට සහභාගි කර ගැනීමට විද්‍යාඥයෝ කටයුතු කළහ. නමුත්, ඔවුන්ගේ ඇඟිලි මැන බැලීමේ දී ඒවායේ දිග සහ ලිං *ගිකත්වය අතර සම්බන්ධතාවක් නිරීක්ෂණය වී නොමැත.

පුරුෂයන් මෙන්ම කාන්තාවන් තුළ ද “පුරුෂ” හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් දැකිය හැකිය. කාන්තා ග ර්භා ෂය තුළ මෙම පුරුෂ හෝමෝනය අඩු වැඩි වශයෙන් තැන්පත් වී තිබෙන බව විද්‍යාඥයෝ පවසති.

“බොහෝ සමානකම් තිබෙන නිවුන් සහෝදර සහෝදරියන්ගේ 100%ක්ම එකම ජාන දක්නට ලැබෙනවා. නමුත් ඔවුන්ගේ ලිං *ගික අවශ්‍යතා වෙනස්විය හැකි වීම, ජානවලට අමතරව සැලකිල්ලට ගත යුතු කරුණක්” යැයි එසෙක්ස් විශ්වවිද්‍යාලයේ මානසික සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුබද්ධ ආචාර්ය ට්යුස්ඩේ වොට්ස් පැවසීය. ඔහු මෙම පර්යේෂණයේ ලේඛකයාය.

කාන්තාවන්ගේ ලිං *ගික කැමැත්තට ඔවුන්ගේ ගර්භාෂයේ තැන්පත් වී තිබෙන ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන ප්‍රමාණය බලපාන අතර, එයට එක් එක් පුද්ගලයන්ගේ ශරීර ප්‍රතික්‍රියා කරන ආකාරය වෙනස් වේ. වැඩි ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණයක් ඇති කාන්තාවන් බොහෝ විට සම ලිං *ගික හෝ ද්විලිං *ගික වීමේ ප්‍රවණතාවක් තිබේ.

“ඇඟිලිවල දිග සහ ශරීරයේ ඇති හෝමෝන ප්‍රමාණය අතර ඇති සම්බන්ධතාව නිසා, යම් කෙනෙකුගේ අත් දිහා බලලා ඇයගේ ලිං *ගිකත්වය ගැන ඉඟියක් ලබා ගන්න පුළුවන්.”

Archives of Sexual Behaviour නම් සඟරාවේ මෙම ගවේෂණය පිළිබඳ තොරතුරු පළ කර තිබේ.

Post Views: 8,553

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes