Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

සමහර අය මාව දැක්කම කාරලා කෙළ ගහනවා ඒ වෙලාවට මට අඬන්න හිතෙනවා – ඉන්දිකා සුබසිංහ

Posted on December 8, 2022December 8, 2022

අද වන විට පුංචි තිරයේ පමණක් නොව සිනමාවද හැඩ කරන ඇය ඉන්දිකා සුබසිංහය. ‘සංගීතේ’ ටෙලිනාට්‍ය තුළින් මේ දිනවල ඔබගේ ආලින්දය හැඩකරන ඇය කලා කටයුතු සහ ජීවිතයේ රසමුසු තැන් බෙදා ගන්නට මෙවර ‘හදගැස්ම’ සමඟ එක් වුණා. 

කොහොමද මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ? මේ දවස්වල ජීවිතේ සතුටින් ගෙවිලා යනවා. ඒත් එක්කම ‘සංගීතේ” රූගත කිරීම් සහ තව සිනමා නිර්මාණයක වැඩකටයුතු සිදුකෙරෙමින් පවතිනවා.

 ‘සංගීතේ’ ටෙලිනාට්‍යයේ ‘සේමිණීට’ ලැබෙන ප්‍රතිචාර කොහොමද? භයානක ප්‍රශ්නයක්. මම සිතනවා ඒ චරිතයට මම සාධාරණයක් කරනවා කියලා. පසුගිය කාලේ නම් මම ටිකක් කනගාටුවෙන් සිටියේ. මොකද මට හරියට මිනිස්සු බනිනවා. “ඇයි ඔයා ඒ වගේ චරිතයක් කරන්නේ, ඒක  ඔයාට හරි අසාධාරණයි” වගේ දේවල් කියනවා. මම ඒ වෙලාවට කියනවා මට ලැබෙන පිටපත් විධියට මම ඒ චරිතයට උපරිම සාධාරණයක් කරනවා. ප්‍රේක්ෂකයා ඒක මොන විධියට භාරගනීද කියන එක නෙවෙයි එතැනදි මම සලකා බලන්නේ.

රංගන ශිල්පිනියන්ට මඩ ප්‍රහාර එල්ල වීම සුලබ දෙයක්. මේ දිනවල ඔබත් එම අත්දැකීමට මුහුණ දෙමින් සිටිනවා නේද අනවශ්‍ය විධියේ මඩ ප්‍රහාරයක් නම් මට ලැබිලා නැහැ. ‘සංගීතේ’ ටෙලිනාට්‍යයේ මගේ චරිතය සම්බන්ධයෙන් තමයි ගොඩක් විවේචන තිබෙන්නේ. මට මතකයි එක දවසක් මම රෙස්ටෝරන්ට් එකක කෑමට ගිය අවස්ථාවක අපූරු සිදුවීමක් වුණා. එතැන හිටපු ලේඩි කෙනෙක් නැඟිටලා ඇවිල්ලා මට හරි ආවේගයකින් කතා කළා. “ඔය වගේ ගෑනු හින්දා තමයි වයසක මනුස්සයෙකුටවත් ගෙදර ඉන්න නැත්තෙ. ඒ ගෙදර ඉඳගෙන ඒ මිනිහටම බනින ඔහොම ලේලිලා ඉන්නවාද? ඇත්තටම මේ වගේ ගෑනු” කියලා බැනගෙන බැනගෙන ගියා. කෑම පැත්තකින් තියලා අපි කට්ටිය නැඟිටලා යන්න ගියා. මාව දැකලා සමහරු කාරලා කෙළ ගහපු අවස්ථාත් තිබුණා. ඉතින් ඒ වගේ වෙලාවට මට ඇත්තටම අඩන්න හිතෙනවා. ඒත් ‘සිහිනි’ ටෙලිනාට්‍යයේ මම කරපු අම්මාගේ චරිතයට සෑහෙන්න ප්‍රශංසා කළා. ඉතින් සිතනවා මගේ ‘රංගනයේ සාර්ථක බව නිසා වෙන්න ඇති එහෙම ප්‍රතිචාර ලැබුණෙ. ඒ වගේම සාරංග මෙන්ඩිස් සහ චාමිකා මෙන්ඩිස්ට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.

ඔබ විවාහකයි කියලා මෑතකදී දැනගෙන දුක් වුණ පිරිසකුත් සිටිනවා නේද? සමහරක් අය හිතාගෙන සිටියා මගේ ආර්ටිකල් එකක්වත් නැති හින්දා මම විවාහ වෙලා නැහැ කියලා. ඉතින් එයාලා මගේ පවුලෙ විස්තර දැනගෙන සිටියේ නැහැ. මම සමාජ මාධ්‍යවල දැම්මෙත් මම තනියෙන් සිටින ඡායාරූප විතරයි. සමහරු අහලා තිබුණා මගේ රූ ගතකිරීම් අතරතුරත් “මෙයා බැඳලද?  මෙයාගේ විස්තර කියන්නකෝ” කියලා. දැන් අවුරුද්දකට දෙකකට කලින් මුහුණු පොතේ සෑහෙන්න මැසේජ් ආවා පිරිමි පාර්ශ්වයෙන්. සමහරු අද හෙට කසාද බඳින්න වගේ ඇණයක් වුණු අවස්ථාත් තිබුණා. මාත් විහිළුවට කතාබහ කළා. පස්සේ මගේ හස්බන්ඩ් කිව්වා ඕවා කරන්න එපා. අන්තිමට මිනිස්සු ගෙදරට හොයාගෙන එයි කියලා. මට සෑහෙන්න මැසේජ් ආවා. මම වෙනුවට මගේ හස්බන්ඩ් මැසේජ් කරපු වෙලාවල් තිබුණා. ඉතින් මම කාලයක් සමාජ මාධ්‍ය සේරම අයින් කරලා සිටියේ. මගේ පවුලේ අයත් එක්ක පත්තරේකට දාපු ලිපියක් මුහුණුපොතේ දැම්මහම “අයියෝ ඔයා බැඳලාද ඒත් කමක් නැහැ” කියපු අයත් සිටියා.

චමෝදි පෙරේරා හදගැස්ම

Post Views: 5,525

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes