Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

දවස් 30කින් ජීවිතය වෙනස් කරගන්න මේ දේවල් අනුගමනය කරන්න.

Posted on December 9, 2022December 9, 2022

වර්තමානයේ ජීවත් වන බොහොමයක් දෙනා ගෙන් මැසිවිල්ලක් වෙන්නේ අනිත් අයට තියෙන අධික පීඩනය සහ අධික ආතතියයි. බාහිර ලෝකය නිසා බොහෝ සෙයින් මානසික පීඩාවට පත්ව සිටින සියලුම දෙනා බලාපොරොත්තු වන්නේ තමන්ගේ ජීවිතය ඉතාමත් හොඳින් වෙනස් කර ගැනීමටයි.

ඉතින් අද අපි කියලා දෙන්න යන්නේ දවස් තිහක් ඇතුළත ඔබගෙ ජීවිතය ඉතාමත් යහපත් ආකාරයෙන් වෙනස් කර ගැනීමට අනුගමනය කළ යුතු කරුණු 8ක්.

(1) ඔබ නිදාසිටි ඇඳ පිළිවෙලකට සකස් කරන්න.

ජීවිතය පිළිවෙලක් කර ගැනීම සඳහා උපදෙස් ලබා දෙන බොහොමයක් දෙනා පවසන පළමු දේ වන්නේ ඔබ නින්දෙන් අවදි වන උදෑසන පළමුව ඔබගේ ඇඳ පිලිවෙලට සකස් කරන ලෙසයි. මුහුණ සෝදා නැවුම් වීමෙන් පසුව කාමරයට පැමිණෙන විට ඔබට පිළිවෙල හැඟීමක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබ නිදාසිටි ඇඳ පිලිවෙලට සකස් කරගන්න.සිතේ පවතින ව්‍යාකූල තත්වය යම්තාක් දුරකට එයින් අවම කරගත හැක.

(2) පිරිසිදු වතුර වීදුරුවක් බොන්න.

හිස්බඩ වතුර වීදුරුවක් පානය කිරීම ශරීර සෞඛ්‍යයට මෙන්ම රූපලාවන්‍ය ටත් අතිශයින්ම යහපත් දෙයක්.ඔබ පැය ගණනාවක් නිදාසිටි පසුව ශරීරය යම් තාක් දුරකට විජලනය වී ඇති නිසා ශරීරයට ප්‍රාණවත් බවක් ලබා දීමට පළමුව පිරිසිදු වතුර වීදුරුවකින් දිවිය ආරම්භ කිරීම ඉතාමත් වැදගත්.හැකිතාක් දුරට උදෑසන හිස්බඩ කෝපි,කිරි වැනි දෑ පානය නොකරන්න.

(3) හුස්ම ගන්න අභ්‍යාසයක් සිදු කරන්න.

විනාඩි තුනක් විතර නැවුම් වාතශ්‍රය ලැබෙන ස්ථානයකට ගොස් සිත එක්තැන් කරගෙන හොඳින් හුස්ම ඉහලට සහ පහලට ගන්න. හුස්ම පිළිබඳව මේ විනාඩි තුනක කාලය අවධානය යොමු කරන්න.ඔබගේ ශරීරයට ඉතාමත් ප්‍රාණවත් බවක් ලබා ගැනීමට හැකිවනවා මෙන්ම ඔක්සිජන් ලැබීම මොළය උත්තේජනය කරයි.

(4) විනාඩි 5ක කාලයක් මෛත්‍රිය පතුරන්න.

විනාඩි පහක පමණ කාලයක් දවස ආරම්භයේ දී සියලුම ලෝක සත්ත්වයින්ට මෛත්‍රිය පතුරවන්න. සිට කිසිදු සෘණාත්මක සිතිවිල්ලක් තබා නොගෙන සිත සතුටින් පුරවගන්න. ඉන්පසුව ඔබට සිහි වන සියලුම දෙනාහට හදවතින්ම මෛත්‍රිය පතුරන්න.

(5) ස්තූතිවන්ත වෙන්න.

පොතක් සහ පෑනක් අරගෙන සෑම දිනකම උදෑසන ඔබගේ ජීවිතය සතුටු විය හැකි දේවල් පිළිබඳව ස්තුති පූර්වක හැඟීමෙන් යුතුව ලියන්න.දැනට ඔබගේ ජීවිතයට ලැබී තිබෙන ඉතාම කුඩා හෝ දෙයක් පිළිබඳව ඉතාම සතුටු සහ ස්තූති පූර්වක හැඟීමකින් යුතුව ලිවීමෙන් ඔබගේ ජීවිතය කෙතරම් ආශ්චර්යයක් දැයි ඔබටම හැඟී යනු ඇත.

6) තමන්ගේ අරමුණක් වෙනුවෙන් කටයුතු කරන්න.

තමන් ජීවිතය ඉතාමත් ආසකරන අරමුණක් වෙත යෑම සඳහා හෝ තමන්ගේ වර්ධනය කරගත යුතුයැයි සිතන යම්කිසි skill එකක් වෙනුවෙන් ඉතා කුඩා කාලයක් වෙන්කර ගන්න.එවිට ඔබගේ හැකියාවන් වර්ධනය වෙනවා මෙන්ම මුළු දවසම ප්‍රබෝධයෙන් පිරී යනු ඇත.

Post Views: 4,790

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes