Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ඒ කාලේ ඉස්කෝලේ ළමයි මට කිව්වේ එළදෙන කියලා – විනී හර්ලෝ

Posted on December 9, 2022December 9, 2022

විනී හර්ලෝ නැතිනම් චැන්ටෙල් බ්‍රවුන් යන්ග් කියන්නේ අද වෙනකොට ලෝක ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක්.ඇය ඉපදුණේ කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී. ඒ 1994 අවුරුද්දේ ජූලි 27 වෙනිදා. පුංචි කාලේ කොච්චර හැඩට පෙනුමට හිටියත් කාලයත් එක්ක මේ පුංචි කෙල්ලගේ සම මතුපිට සුදු පාට කැළැල් මතුවෙන්න පටන්ගත්තා. මුලින්ම මුහුණේ එක් තැනක මතුවුණු මේ කැළැල් ඇයගේ ඇඟ පුරාම පැතිරෙන්න වැඩි කාලයක් ගියේ නෑ. එතකොට ඇයට හරියටම වයස අවුරුදු හතරයි. ඉතින් තවත් බලාගෙන ඉන්න බැරිතැන ඔවුන් තීරණය කළා ඇයව වෛද්‍යවරයෙක් ගාවට රැගෙන යන්න. එදා චැන්ටෙල්ව පරීක්ෂා කරපු වෛද්‍යවරයා පැවසුවේ මේ දරුවට වැළඳිලා තියෙන්නේ ටිකක් දුර්ලභ රෝගී තත්ත්වයක්. වෛද්‍ය විද්‍යාවේ මේ සම සුදුවීමේ රෝගී තත්ත්වය හඳුන්වන්නේ ‘විටිලිගෝ’ (Vitiligo) නැත්නම් ‘සුදු කබර’ කියලා.ඊටපස්සේ කොයිතරම් ප්‍රතිකාර කළත් චැන්ටෙල්ගෙ මේ රෝගය සුවකරගන්න ඇග දෙමව්පියන්ට හැකිවුණේ නෑ.ඒක නිසා මේ පුංචි කෙල්ලට එතැන් පටන් තමන්ගේ අසාමාන්‍ය අලුත් පෙනුමත් එක්ක ජීවත්වෙන්න සිද්දවුණා.

කොහොම නමුත් මේ අසාමාන්‍ය රෝගී තත්ත්වය නිසා ඇගේ ළමා කාලය එතරම් සුන්දරව ගතවුණේ නෑ. ඇයව දකින බොහෝදෙනෙක් එළදෙන, සීබ්‍රා වගේ සත්තුන්ගේ නම් කියලා ඇයව සමච්චල් කළා. නොතේරෙන කාලේ ඒ දේවල් එතරම් ගණන් නොගත්තත් තේරෙන කාලෙට එද්දි චැන්ටෙල්ට ඒක දරාගන්න බැරිවුණා. කාලයත් එක්ක හරි මේ පෙනුම නැතිවෙලා යයි කියලා හිතුවත් ඇගේ අවාසනාවට එහෙම වුණෙත් නෑ. ඒක නිසාම කවුරුත් සුන්දරම කාලේ කියල හඳුන්වන පාසල් කාලය ඇයට ගෙවන්න වුණේ හරි අසුන්දර ජීවිතයක්.ඉතින් ඒ ගැන ඇය පසුගිය දවසක මෙලෙස පවසා තිබුණා. “ඉස්කෝලෙදි මට යාළුවෝ හිටියේ නෑ. මං හිටියේ තනියම. අඩුම තරමේ මං ළඟින්වත් යාළුවෙක් ගියේ නෑ. එයාලා සෙල්ලම් කරන්නවත් මාව ගත්තේ නෑ. දවසක් මං ඇහුවා ඒ අයගෙන් ඇයි මගෙත් එක්ක යාළුවෙන්න අකමැති කියලා. එතකොට එයාලා මට කිව්වා මගෙන් මේ ලෙඩේ බෝ වෙයි කියලා ඒ අයගේ ගෙවල්වලින් මගේ ළඟටවත් එන්න එපා කියලයි තියෙන්නේ කියලා. එදා නම් මට ඇත්තටම දරාගන්න බැරිවුණා. ගෙදර ඇවිත් හොඳටම ඇඬුවා.”

ඉතින් දිගින් දිගටම ඒ විදියට ආපු අපහාස හමුවේ ඇගේ හිතයි ගතයි දෙකම ඇදගෙන වැටිලයි තිබුණේ. ඒ නිසා ඇය නිතරම කළේ අඬපු එක. ඔය අතරේ දිගින් දිගටම ඇයට පාසල් මාරුකරන්න පවා සිද්ධවුණා. ඒ විතරක් නෙවෙයි උසස් අධ්‍යාපනයත් මඟහරුනා. ඒක නිසාම අවස්ථා කීපයකදී දිවිනසාගන්න පවා ඇයට හිතුණ බවත් මේ විදිහට පවසා තිබුණා. “මම මැරෙන්න හිතුවත් මං ඒ තීරණේ වෙනස් කරගත්තා. මොකද මට ඕනෙ වුණා මට අපහාස කරන මිනිස්සුන්ට මං කවුද කියලා පෙන්නන්න.” ඉතින් එහෙම හිතපු චැන්ටෙල් අවසානේ හරි අපූරු තීරණයක් ගත්තා. ඒ තමයි නිරූපණ ශිල්පිනියක් වෙන්න තීරණය කිරීම. ඒත් ඒකට වැදගත්ම දේ පෙනුම. ඉතින් එවැනි වෘත්තියක් තෝරාගැනීම නිසා ඇයට වුණේ තව තවත් සමාජය ඉදිරියේ හාස්‍යයට ලක්වෙන්න. ඒත් මොන බාධක ආවත් ආයෙත් නම් ආපහු හැරෙන්නේ නෑ කියලා ඒ වෙනකොටත් ඇය හිතලා ඉවරයි කියලා තමයි පවසා තිබුනේ. “මාව කොන්කරපු මිනිස්සුන්ට දෙන්න පුළුවන් හොඳම පිළිතුර තමයි මං නිරූපණ ශිල්පිනියක් වෙන එක. මං කොහොම හරි ලෝකයේ ඉහළම පෙළේ නිරූපිකාවන්ට අවස්ථාව හිමිවෙන ලෝක ප්‍රසිද්ධ වික්ටෝරියා සීක්‍රට් විලාසිතා දැක්ම නියෝජනය කරන නිරූපිකාවක් වෙනවා.”

කොහොම වුනත් චැන්ටෙල් එහෙම හිතුවත් ඒ ගමන පටන්ගන්නේ කොතැනින්ද කියලා ඇයට තේරුමක් තිබුණේ නෑ. ඒ නිසාම ඇය දිගින් දිගටම කළේ විවිධ විලාසිතාවලින් සැරසිලා ඉන්න ඇගේ ඡායාරූප ඇයගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළකරපු එක. ඔය අතරෙයි ඒ ඡායාරූප දකින ඇමෙරිකානු රූපවාහිනී නිවේදිකාවක් වෙන ටයිරා බෑන්ක්ස් ඇයට කතා කරන්නේ. ඒ ඔවුන්ගේ රටේ පවත්වන ‘America’s Next Top Model 2014’ නමින් පැවැත්වූ රූපවාහිනී වැඩසටහන ගැන ඇයට කියන්න.ඉතින් ඉන් පසුව වුන දේවල් ඇය මේ විදිහට පවසා තිබුණා. “මං ඒකට ඉදිරිපත් වුණා. මට හැකියාව ලැබුණා එහි අවසන් වටයට එන්න. ඒකට ගිය පළමු සහ එකම කැනේඩියානු තරුණිය වුණෙත් මං. ඉතින් මං ප්‍රසිද්ධ වුණා. මට විලාසිතා නාමයන් කීපයකින් ආරාධනා ආවා ඔවුන්ගේ නිරූපිකාවක් විදිහට කටයුතු කරන්න.”ඉතින් ඒ විදිහට තම නිරුපන දිවිය ඇරඹු චැන්ටෙල් තමන්ගේ නම වෙනස් කරගන්නත් තීරණය කළා. එතැනින් පස්සේ ඇය භාවිතා කළේ ‘විනී හර්ලෝ’ (Winnie Harlow) කියන නම.ඒ ගැන ඇය මේ විදිහට පවසා තිබුණා. “මං ගොඩාක් ආදරේ කරපු ඇමෙරිකානු නිළියක් තමයි ජියෑන් හර්ලෝ කියන්නේ. මගේ අලුත් නමේ අගට හර්ලෝ කියලා දාගත්තේ ඇයව සිහිපත් වෙන්න.”ඉතින් එතැන් පටන් ඇයට නිරූපණ ක්ෂේත්‍රයේ වැඩවලින් නම් අඩුවක් වුණේ නෑ. ලෝකයේ සුප්‍රසිද්ධ සමාගම් පවා තම සන්නාම නිරූපිකාව විදිහට තෝරගත්තේ ඇය. ඒ නිසාම කාලයත් එක්ක ඇය ප්‍රසිද්ධ නිරූපිකාවක් බවට පත්වුණා.

Post Views: 4,653

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes