Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ඉස්සර වගේ බිකිනි ෂූට් නම් දැන් මම කරන්නේ නැහැ – ටීනා ශනෙල්

Posted on December 9, 2022December 9, 2022

නිරූපිකාවක් ලෙස කලා ක්ෂේත්‍රය තුළට පැමිණෙන ඇයව බොහෝ දෙනකු ආදරයෙන් වැලඳගනු ලැබුවේ “දේදුනු ආකාසේ” චිත්‍රපටය තුළිනි. නමින් ටීනා ශනෙල් වන ඇය නොදන්නා කෙනකු නම් නැති තරම්ය. ඉතින් මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ හරහා රසිකයන් හමුවට පැමිණෙන ටීනා හදගැස්ම සමඟ ඇගේ නවතම තොරතුරු බෙදාගත්තේ මෙලෙසයි.

 කොහොමද මේ දිනවල වැඩ කටයුතු?

 වැඩ කටයුතු නම් සුපුරුදු පරිදි කරගෙන යනවා. නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු සහ සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු තමයි මේ දිනවල කරගෙන යන්නේ. එයට අමතරව භූමි ටෙලි නාට්‍යයෙත් රූගත කිරීම් සිදු කෙරෙනවා. මේ තිබෙන තත්ත්වය සමඟ චිත්‍රපටවලට නම් ආරාධනා ලැබුණේ නැහැ. නමුත් හොඳ සිනමා පිටපතක් ලැබුණොත් සම්බන්ධ වීමට බලාපොරොත්තුවක් තිබෙනවා.

 යම්කිසි චරිතයක් භාරගන්න විට ඔබ ඔබටම සීමා පනවාගෙන තිබෙනවාද?

 ක්ෂේත්‍රයට පැමිණෙන විට නම් එහෙම සීමාවක් තිබුණේ නැහැ. නමුත් ඇතැම් අය සිතනවා බටහිර චරිත පමණයි මට කරන්නට පුළුවන් යනුවෙන්. මට අවශ්‍ය වුණා එම සීමාව කඩන්න. රංගන ශිල්පිනියකට සෑම චරිතයක්ම නිරූපණය කරන්නට හැකි විය යුතුයි. මම කැමැතියි වෙනස් චරිතවලින් මට ආරාධනා ලැබෙනවා නම්, මම විශ්වාස කරන තවත් දෙයක් තමයි මාව සෑම මොහොතකම වෙනස් චරිතයකින් ප්‍රේක්ෂකයන් ඉදිරියට ගෙනෙනවා නම් එය තමයි අධ්‍යක්ෂවරයකුගේ කාර්ය භාරය සහ දක්ෂතාව කියලා. ප්‍රේක්ෂකයන් අතරට යන, ඉතාමත්ම හොඳ විවිධ පැතිකඩ සහිත චරිත නිරූපණය කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් මම හරි කැමැතියි.

රටෙහි වර්තමාන තත්ත්වය සමඟ නිරූපණ කටයුතු තරමක් අඩාල වෙලා නේද? ඔව්. ඒ කතාව ඇත්ත. නමුත් මම කලින් වගේ නොවෙයි. තෝරා බේරාගෙන තමයි වැඩ කටයුතු කරන්නේ. හැමදෙයක්ම සල්ලි නොවෙයිනේ. පිටපත එහි සිටින නළු නිළියන් පවා බලලා තමයි මම දෙයක් භාරගනු ලබන්නේ. රූප රචනාවලට වුවත් ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලා හරහා එන අයව තෝරාගනු ලබනවා. දක්ෂතා තිබෙන අයත් සිටිනවා. නැති අයත් සිටිනවා. ඇප් එකකින් රංගනයට පැමිණෙනවා කියන්නේ එය ක්ෂේත්‍රයෙහි සිටින දක්ෂ අයට කරන අසාධාරණයක්. එම නිසා මම තෝරලා බේරලා තමයි වැඩ කටයුතු භාරගන්නේ.

ටීනාගේ විලාසිතා සඳහා සීමාවන් තිබෙනවාද?

 මට ගැළපෙන විලාසිතා මම කොහොමත් කරනවා. ඉස්සර වගේ බිකිනි ෂූට් නම් දැන් මම කරන්නේ නැහැ. ඉන්ටර්නැෂනල් වැඩක් ආවොත් කරනවා. ලංකාවෙ නම් කරන්නෙම නැති තරම්. 

ඔබේ ඇඳුම්පැලඳුම් සඳහා බොහෝ විට දෝෂාරෝපණ එල්ල වන අවස්ථා වැඩියි. ඒ පිළිබඳව ටීනාගේ අදහස කතා කළොත්?

 ලංකාවේ බොහොමයක් අය අනෙක් අයගේ වැරදි තමයි සොයන්නේ. මම කුමක් හෝ තැනකට යනවනම් මගේ ඇඟට ගැළපෙන විදිහට තමයි ඇඳුමක් අඳින්නේ. අනෙත් අය සිතන දේවල් මට අදාළම නැහැ. මගේ ඇඟට ලස්සනයි නම් පහසුයි නම් එතැනින් එහාට මම කිසිවක් සිතන්නේ නැහැ. මම දැකලා තිබෙන දෙයක් තමයි ඇතැම් වෙලාවට මම කරන විලාසිතාව දින කිහිපයකට පසු තවත් අය කරනවා. මම නිරූපිකාවක්. මම ලස්සනට ඇඳලා පැලඳලා ඉන්නට ඕනේ. එය මගේ රැකියාව. අපිට ඇත්තටම හැම කෙනෙක්වම සනසන්නට බැහැ. කවුරු මොනවා කිව්වත් මම ඒ පිළිබඳව ඇත්තටම සිතන්නේ නැහැ.

කලාකරුවකුට කලාකාරිනියකට ඉදිරි පැවැත්ම සඳහා ප්‍රේක්ෂක ප්‍රතිචාර කොපමණ වැදගත්ද?

 ප්‍රතිචාර නම් ඇත්තටම අපිට වැදගත්. ප්‍රේක්ෂක ආදරය තමයි අපව මෙතරම් දුරක් රැගෙන එන්නේ. ඒ වගේම ඇතැම් අයට ලංකාවේ කලාකරුවන්ගේ අගයක් තේරෙන්නේ නැහැ. පිටරට අයව තමයි අගය කරන්නේ. ඒ අතරේ අපිට අසීමාන්තිකව ආදරය කරන ප්‍රේක්ෂකයනුත් සිටිනවා. 

ටීනාගේ වැඩ කටයුතුවලට නිවෙසින් ලැබෙන සහයෝගය කොහොමද?

 නිවෙසින් ලැබෙන සහයෝගය නම් වචනවලින් විස්තර කරන්නට අමාරුයි. කුඩා කාලයේ සිටම අම්මයි තාත්තයි මම වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. මගේ හොඳම රසිකයන් ඔවුන්. මගේ අක්කලා දෙන්නත් විවාහ වෙලයි සිටින්නේ. ෂූටින් යනකොට වුණත් මම අම්මව එක්කන් ගිහින් මහන්සි කරවන්න කැමැති නැහැ. එම නිසා මගේ වැඩ මම තනියම කරගන්න උත්සාහ කරනවා. මට මේ තැන ඉන්න මගේ ගෙදර තමයි ලොකුම ශක්තිය. ඒ වගේම මට ලැබෙන ප්‍රේක්ෂක ආදරයත් මට ලොකු ශක්තියක්. 

ඉදිරි වැඩකටයුතු පිළිබඳව කතා කළොත්? 

දැන් මම කරගෙන යන වැඩවලට අමතරව ඉදිරියේදී හොඳ ටෙලි නාට්‍යය ලැබුණොත් අනිවාර්යයෙන්ම භාර ගන්නවා. නිරූපණ කටයුතුත් ඒ සමඟම කරගෙන යන්නට බලාපොරොත්තු වෙනවා

(සචිනි බස්නායක – හදගැස්ම අතිරේකයෙනි)

Post Views: 5,567

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes