Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

එයාගේ පළමු පෙම්වතා මම. මගේ දෙවනි පෙම්වතිය එයා. එතකොට එයාට වයස 18ක්. මට 19ක් – දිමංක වෙල්ලාලගේ

Posted on December 11, 2022December 11, 2022

දිමංක වෙල්ලාලගේ කියූ සැණින්ම කාගෙත් මතකයට එන්නේ විරහ ගීත එහෙම නැතිනම් අඬන ගී ගයන ගායකයෙක් කියලා. නමුත් ඔහුට ඕනෑම පරාසයක ගීත ගායනා කිරීමේ හැකියාවක් තිබෙනවා.  සතිඅන්ත පුවත්පතකට ඔහුගේ කලා තොරතුරු වගේම පුද්ගලික තොරතුරු ගැන දිමංක කියා සිටියේ මෙසේයි.

කවුරුත් කියන්නේ ඔබට අඬන ගී ගයන දිමංක කියලා නේද ..? 

එහෙම කියන අයත් ඉන්නවා. ඒ වගේම මට වෙන ඕනෑම ශෛලියකට ගයන්න පුළුවන් කියලා විශ්වාස කරන අයත් ඉන්නවා. ඒ නිසා ඉදිරියේදි වෙනස්ම වැඩ ටිකක් කරන්න ප්ලෑන් කරලා තියෙනවා. ඒ වගේම කොන්සට් එකක් කරන්නත් ප්ලෑන් කරලා තියෙනවා.

 දිමංක විරහා ගීත වැඩිපුර ගයන්නේ ඉල්ලුමටද..?

 ඇත්තටම මම ආසයි විරහ ගීත ගයන්න. ආසාවට තමයි කියන්නේ. නමුත් වැඩි ඉල්ලුමත් ඒවට තමයි. ඒ වගේම මට වෙන ආරක ගීත කියන්න කියලා ඉල්ලීම් කරන රසිකයන් ඉන්නවා.

 ඉස්සර බස් එකේවත් යන්න අතේ සල්ලි නොතිබ්බ දිමංක නොහිතපු විදිහට සැපසම්පත් භුක්ති විඳිනවා කියලා හිතෙද්දි දැන් මොකද හිතන්නේ ..?

 හරිම සතුටුයි. ඒක නිහතමානී සතුටක්. ඉස්සර හිටියට වඩා දැන් සැපට ඉන්නවා. අවශ්‍ය සියල්ල සපුරාගන්න මුදල් තියෙනවා. නමුත් මුල අමතක කරලා නැහැ. පුළුවන් විදිහට නැති බැරි කෙනකුට උදවු කරනවා. ඇත්තටම කිවුවොත් මට බස් එකේ වත් ඉස්සර යන්න සල්ලි නොතිබ්බ දවස් තිබ්බා.

එතකොට ඔබට මූල්‍ය පැත්තෙන් උදවු කරේ පෙම්වතිය නේද, බස් එකේ ඇති වුණු ප්‍රේමය ගැන ලස්සන මතකයක් ඇති..? ඔව්. එයාගේ නම චින්තියා සීන්ස්. එයා බර්ගර් ජාතික කෙනෙක්. එයාගේ පළමු පෙම්වතා මම. මගේ දෙවනි පෙම්වතිය එයා. එතකොට එයාට වයස 18ක්. මට 19ක් එයා නැටුම් ප්‍රැක්ටිස් යන්න මම ගිය බස් එකට නැග්ගේ. ඒ වෙලාවේ තමයි මට එයාට හිත යන්නේ. එයා ආවේ යාළුවෙක් එක්ක. එයා බැස්ස තැන මතක තියාගෙන එයා ආයේ එනකල් පැය දෙකක් මම බලාගෙන හිටියා. එයා අදටත් එහෙම කතා කරන කෙනෙක් නෙමෙයි හරි නිහඬ කෙනෙක්. ඉතිං එයා පස්සෙන් ගිහිං මම කතා කරා. ටිකට් එකේ තමයි මගේ නම්බර් එක ලියලා දුන්නේ. නම්බර් එක මතකයේ තිබ්බෙත් නැහැ. මතක් කර කර ලියලා දුන්නා.

ඇයගෙන් ඇමතුමක් ආවද..?

 ඔව්. එයාගේ ආච්චිගේ ෆෝන් එකෙන් එයා කතා කරා. එයාගේ පවුලේ කෙල්ලො ගොඩක්. ඒ නිසා එයාගේ ගෙදරින් කැමැති වුණේ නැහැ මම එනවා යනවට. අපි ආදරේ කරනවා කියලා දන්නේ නැහැ යාළුවෝ කියලා කිවුවේ. ආච්චි කිවුවා යාළුවෝ වුණාට කමක් නැහැ වෙන සම්බන්ධකම් බැහැ කියලා. අනිත් එක මම රැවුල් වවලා කොණ්ඩේ වවලා කරාබු දාලා නියම රස්තියාදුකාර පෙනුමෙන් හිටියේ. ඒකට කොහොමත් කැමැති නැහැ. අන්තිමට අපි 2014 විවාහ වුණා. 2010 අපි ආදරේ කරන්න පටන් ගන්නේ. ලොකු ප්‍රශ්න ගොඩක් මැද්දේ තමයි අපි විවාහ වෙන්නේ. එයා තමයි මට බස් එකේ යන්නත් සල්ලි දුන්නේ. මම මානසිකව වැටිලා ඉද්දි මම අඬනවා. එයත් මාත් එක්ක අඬනවා. එයා නිසා තමයි අද මම යම් තැනක ඉන්නවා නම් ඉන්නේ. එයාට පිංසිද්ධ වෙන්න කිවුවොත් හරි. මාව මගේ ගායක හීනෙට ගෙනාවේ එයා. සතපහක් අතේ නැති කාලේ එයා මට ආදරේ කළේ අවංකව. දැන් අපිට පොඩි දුවක් ඉන්නවා. එනාලියා, වයස අවුරුදු තුනයි මාස අටයි. අපි තුන් දෙනා සතුටින් ජීවත් වෙනවා.

ඔබේ පළමු නිර්මාණය අතිශය ජනප්‍රිය වෙනවා, ඒත් එක්කම ඔබ විවාහ වෙන්නේ. නමුත් ඔබ විවාහකයෙක් කියලා සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළ කරන්නේ මෑතකදී ..?

 මම ලොකුවට පවුලේ ෆොටෝස් ෆේස්බුක් දැම්මේ නැහැ . අවුරුදු කිහිපයකට කලින් ෆොටෝස් දැම්මා. එහෙම නොකර හිටියේ අවිවාහකයි කියලා පෙන්නන්නවත්, ජනප්‍රියත්වය අඩු වෙයි කියලා නෙමෙයි. 2013 සිංදුව රිලිස් කරලා 2014 අපි විවාහ වුණා. ඊට පස්සේ තමයි ගොඩක් මම ගැන කතා කළේ. මට වැඩ ආවේ. මම ගායකයෙක් වුණේ මගේ වයිෆ්ගේ ආශිර්වාදය නිසයි. ඒ නිසා එයාව මට හංගගෙන ජීවත් වෙන්න වුවමනාවක් නැහැ

ජනප්‍රිය තරුවක් වුණාම ජනප්‍රියත්වයට මුදලට තරුණ අය රැවටෙනවා, ඒ වගේ බිරිය ඉද්දි ආදර කතාවල පැටලිලා නැද්ද ..? අපි හිතමු මගේ බිරිය මට කලින් මිය ගියා කියලා. ඒත් මම වෙන කෙනකුට ආදරේ කරන්නේ නැහැ විවාහ වෙන්නේ නැහැ. එයා මට හොඳ බිරියක් මම හරිම මුරණ්ඩු චරිතයක් මාත් එක්ක කිසිම කෙනකුට ජීවත් වෙන්න බැහැ. එයාට විතරයි පුළුවන් දශමයක් හරි මාව කන්ට්‍රෝල් කරන්න. මම හැදුණා නම් හැදුණේ එයා නිසා. ඒ තරම් මාව කන්ට්‍රෝල් කරන්න අමාරුයි. හිතෙන දේ කරනවා. හිතුණු හිතුණු දේ කරා. පුදුම ඉවසීමක් ඇයට තියෙන්නේ . සියල්ල නිහඬව විඳ දරාගත්තා. මම වැරැදි වැඩ කරපු කෙනෙක්. දැන දැනම වැරැදි කරා. එයාව රිදෙව්වා. දැන් හිතෙනවා එහෙම කරේ අපරාදේ කියලා. එහෙම නොකර ඉන්න තිබ්බා කියලා.

කොයි මොහොතකවත් ඈ උරන වෙලා රණ්ඩු කරලා නැද්ද ..? 

වැරැදි කරපු මම තමයි වැරැදි වහ ගන්න රණ්ඩු කරේ. ඇය නිහඬව බලාගෙන හිටියා විතරයි. හිතුමතේ ගෙවපු ජීවිතේ සුන්දර විදිහට දකිද්දී විවාහ ජීවිතේ එපා වුණේ නැද්ද ..? 

විවාහ ජීවිතේ එපා වෙන විදිහට එයා ජීවත් වෙලා නැහැ අද වෙනකල්. මම ආසයි ඇයත් එක්ක ජීවත් වෙන්න. ඇය තරම් මට වෙන ගැහැනියක් වටින්නේ නැහැ. ආදරේ කරන්නෙත් නැහැ. එහෙම කරන්නත් බැහැ. 

දිමංක විවාහකයෙක් කියලා දැනගෙනත් ආදරේ ප්‍රකාශ කරන අය ඉන්නවද..? ඉන්නවා. ටික දවසකට කලින් කැනඩාවේ ඉන්න කෙනෙක් කෝල් කරා. මම හිතන්නේ එයා හිතලා තියෙනවා මම සෙපරේට් කියලා. බිරිඳගෙන් ඈත් වෙලා ඉන්නේ කියලා. එයා මට වියදම් කරන්න

උපුටාගැනීම – හර්ෂණී වීරරත්න

Post Views: 7,281

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes