Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

එක රැයකින් ජනප්‍රිය කරලා දෙන්නම් ලිං *ගිකව එකතු වෙන්න කැමතිද ඇහුවා – පූජා වින්ඩි

Posted on December 13, 2022February 5, 2023

වස්වල සියත ටී.වී නාළිකාවෙ විකාශය වන රේස් 2 ටෙලි නාට්‍යය හරහා අපිට හරි අපූරු චරිතයක් මුණ ගැහෙනවා. ජයග්‍රහණය විතරක්ම තමන්ගෙ ඉලක්කය කරගෙන රේස් පදින මහීමා. නව පරපුරේ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක් වන පූජා වින්ඩි තමයි මහීමාගේ චරිතය මේ විදිහට ලස්සනට රඟදක්වන්නෙ. ඉතින් අපි හිතුවා පූජාගේ විස්තර දැනගන්න ඇයත් එක්ක ටිකක් කතා කරන්න…

ඔබ ගැන විස්තර ටිකක් කියමුද?

ම⁣ම පූජා වින්ඩි. පදිංචි වෙලා ඉන්නෙ මහනුවර. මේ වෙද්දි මට වයස අවුරුදු 23 යි.

රේස් 2 ටෙලි නාට්‍යයට ඔබ සම්බන්ධ වෙන්නෙ කොහොමද?

රේස් 2 ටෙලි නාට්‍යයේ නිෂ්පාදක ගීතාංජන කොස්තා අයියා තමයි මට චරිතයක් තියනවා කියලා සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා ආරාධනා කළේ. ඒක මටත් අලුත් අත්දැකීමක් නිසා ගොඩක් කැමැත්තෙන් මම ටෙලි නාට්‍යය⁣ට සම්බන්ධ වුණා.

පූජාගේ කකුලෙ ගහලා තියන ටැටූ එක සමාජ මාධ්‍යවල හුඟක් ජනප්‍රියයි නේද?

හුඟ දෙනෙක් මේ ටැටූ එක ගැන මගෙන් අහනවා. රතු ඉන්දියානු තරුණියකගේ රූපයක් තමයි කකුලෙ මම ටැටූ කරලා තියෙන්නෙ. ටැටූස්වලට මම හුඟක් ආසයි. ඉදිරියේදි තව වෙනස් විදිහෙ ටැටූස් කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.

නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයක් වුණාට ලොකු වැඩ කොටසක් කරපු නිරූපණ ශිල්පිනියක් නේද?

මම නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත් මේ වෙද්දි අවුරුදු දෙක හමාරක් වෙනවා. මේ කාලය ඇතුළත මම ගොඩක් මියුසික් වීඩියෝ සහ රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වල රඟපාලා තියනවා.

ඔබ පහුගිය කාලෙ තවත් නිරූපිකාවක් සමග සමලිංගිකත්වය තේමා කරගෙන photo shoot එකක පෙනී සිටියා. ඇත්තටම ඔබ සමලිංගිකයිද?

මම සම ලිං *ගිකයෙක් නෙවෙයි. නමුත් මම සම ලිං *ගිකත්වයට විරුද්ධ නැහැ. ඕන කෙනෙක්ට තමන් කැමැති ඕන පුද්ගලයෙක් එක්ක ජීවත්වෙන්න අයිතිය තියනවා. නමුත් ඒ අයිතිය ලංකාවෙ ගොඩක් දෙනා තේරුම් ගන්නෙ නැතුව සම ලිං *ගික පුද්ගලයන්ට අපහාස කරනවා. සම ලිං *ගික පුද්ගලයන්ගේ ආදරය වෙනුවෙනුයි අපි ඒ photo shoot එක කළේ.

නිරු වත කලා නිර්මාණවල භාවිත වීම ගැන මොකද හිතන්නෙ?

මම හිතන්නෙ ගැහැනු පිරිමි භේදයකින් තොරව අපි හැමෝගෙම නිරු වත කියන්නෙ ගොඩක් සුන්දර දෙයක්. කලාවේදී නිරුවත භාවිත වීම මම දකින්නෙ අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් විදිහට. ඇත්තටම නිරු වත කියන්නෙ විඳින්න පුළුවන් ලස්සන දෙයක්.

නිර්මාණයකදී නිරුවත් ජවනිකාවක් රඟපාන්න ලැබුණොත් ඔබ එය භාරගන්නවද?

තවම මට එහෙම නිර්මාණයක් නම් ලැබිලා නැහැ. ඉදිරියෙදි ලැබුණොත් නිර්මාණයේ තත්ත්වය ගැන බලලා හොඳ නම් භාරගන්නවා.

කලා ක්ෂේත්‍රයේ වැඩ කරද්දි නවකයන්ට අයුතු යෝජනා එනවා කියලා අපි අහලා තියනවා. ඔබටත් එහෙම අයුතු යෝජනා ඇවිත් තියනවද?

එක රැයින් ජනප්‍රිය වෙන්න අවස්ථාව සලසලා දෙන්නම් කියලා ලිං *ගිකව එකතු වෙන්න කැමතිද කියලා අහපු අයුතු යෝජනා නම් ඕන තරම් තියනවා. මට ඒ විදිහට ජනප්‍රිය වෙන්න ඕන නැහැ. මට ඕන මගේ හැකියාවෙන් හොඳ විදිහට ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න.

මේ වෙද්දි පූජා පෙම්වතියක්ද?

නැහැ. මම පෙම්වතියක් නෙවෙයි. මාව හොඳින් බලාගන්න අවංක පුද්ගලයෙක් හමුවුණොත් මම ඔහුට ආදරය කරයි. දැනට නම් මට එහෙම කෙනෙක් හමුවෙලා නැහැ.

ඔබේ ඉදිරි වැඩකටයුතු මොනවද?

මේ වෙද්දි රේස් 2 ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු කරගෙන යනවා. ඊ⁣ට අමතරව මම රංගනයෙන් දායක වුණ මියුසික් වීඩියෝ කිහිපයක්ම ඉදිරියෙදි එන්න තියනවා. ඉදිරියේදි පැවත්වෙන අන්තර්ජාතික පැජන්ට් එකකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වෙන්නත් මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.

Post Views: 54,438

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes