Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

රුධිර වර්ගය අනුව ඔබට සුදුසු කෑම මොනවාද දැනගමු

Posted on December 15, 2022December 15, 2022

අපේ උපතේදීම අපි සැවොම කිසියම් රුධිර වර්ගයකට හිමිකම් කියනවා. ඔබ කවුරුත් අසා ඇති හැටියට රුධිර වර්ග හඳුන්වාදී ඇත්තේ A, B, AB සහ O හැටියටයි. විශේෂඥයන්ගේ අදහස්වලට අනුව මේ සෑම රුධිර වර්ගයකටම එයටම අනන්‍ය වූ විශේෂ ලක්ෂණයන් තිබෙනවා. රුධිර වර්ගය සහ රෝග ගැන සැලකුවොත් මිනිසාට වැළඳෙන ඕනෑම රෝගී තත්ත්වයක් මේ රුධිර වර්ග හතරම හිමි ඕනෑම අයකුට වැළඳෙන්නට පුළුවන්. එම නිසා ඔබට වැළඳෙන රෝග පිළිබඳව නිසි අවධානයකින් ඉඳලා මේ රෝග සුවකර ගන්න එක ඔබේම වැඩක්. ඒ හැර රුධිර වර්ගය හා සම්බන්ධ අපූරු කරුණු කිහිපයක් තමා මේ. එයින් ප්‍රධාන කාරණාවක් තමා රුධිර වර්ගයට ඔබින අහාර ගැන ඉදිරිපත්ව ඇති මතය. පීටර් ඩි ඇඩමෝ, කියන පෝෂණවේදියා පරිණාමය පාදක කරගනිමින් ඉදිරිපත් කළ මේ අදහස ඉතාමත් ආන්දෝලනාත්මකයි.

රුධිර වර්ගය සහ පෝෂණය

ඔබේ රුධිර වර්ගය කුමක්ද කියන එක ඔබ දැනගත් පසු ඔබේ සෞඛ්‍යයට වාසි වන ආහාර මොනවාද කියන එක ඔබට තීරණය කිරීම ඉතාමත් පහසු ක්‍රියාවක්. ඒ වගේම ඔබ විසින් වැළකී සිටිය යුතු ආහාර වර්ග තීරණය කිරීමත් වඩාත් පහසු වනවා. එළවළු කන්න සුදුසු කාටද? මස් කන්න සුදුසු කාටද? මේ වගේ අපේ පෝෂණයේ අපි නොසිතන පැත්තක් මේ රුධිර වර්ගය මගින් හෙළිදරව් කර ගන්නට හැකියි. පිටර් ඩි ඇඩමෝ, කියන හැටියට අාහාර සහ රුධිර වර්ගය අතර සම්බන්ධය මෙබඳුයි.

A වර්ගයේ රුධිරය හිමි පුද්ගලයන් එළවළු වර්ග වැඩි වශයෙන් ආහාරයට ගැනීම ඉතාමත් ගුණදායක වනවා.

O වර්ගයේ රුධිරය ප්‍රාථමික රුධිරය හැටියටයි දක්වන්නේ. එය හිමි පුද්ගලයන් ප්‍රෝටීන් බහුල ආහාර වන මස් සහ මාළු වැඩි වශයෙන් ආහාරයට ගැනීම වඩාත් සුදුසු වනවා. ඔවුන්ට ප්‍රෝටීන් හොඳින් ජීර්ණය කළ හැකියි.

AB වර්ගයේ රුධිරය හිමි පුද්ගලයන් මේදය අඩු මස් වර්ග සහ මුහුදු ආහාර කෙරෙහි වැඩි ඇල්මක් දක්වනවා නම් එය වඩාත් සුදුසු වනවා. රතු මස් ආහාරයට ගතයුතු වන්නේ B වර්ගයේ රුධිරය හිමි පුද්ගලයන් බවයි හෙළි වී ඇත්තේ.
ආහාර සම්බන්ධ මේ විශේෂත්වය හැරුණු විට රුධිර වර්ග තුළ දක්නට ලැබෙන තවත් ලක්ෂණ කිහිපයකි මේ.

රුධිර වර්ගය සහ මානසික ආතතිය

O වර්ගයේ රුධිරය හිමි පුද්ගලයන්ට මානසික ආතතිය වැඩි කරවන තත්ත්වයකින් පසුව අනෙක් පුද්ගලයන්ට වඩා සන්සුන් වීමට වැඩි කාලයක් ගත වනවා.

රුධිර වර්ගය සහ ශරීරයේ බරෙහි ඇති වෙන ගැටලු

ශරීරයේ සිදුවන බරෙහි යම් වෙනස් කම්වලටත් රුධිර වර්ගය බලපානවා. O වර්ගයේ රුධිරය හිමි වැඩි පිරිසකගේ ඉදිරියට නෙරා ආ උදරයක් දැකගන්නට පුළුවන්. ශරීරයේ බරෙහි ඇති වෙන මෙවන් ගැටලුවලට මුහුණ නොදෙන පුද්ගලයන් විදිහට A වර්ගයේ රුධිරය හිමි පුද්ගලයන් නම් කරන්නට පුළුවන්.

රුධිර වර්ගය සහ ගර්භනීභාවය

AB වර්ගය හිමි කාන්තාවන්ගේ “follicle-stimulating” හෝමෝනය නිපදවීම අඩු නිසා අනෙත් කාන්තාවන්ට වඩා ඉක්මනින් ගැබිනියක් වීමේ හැකියාව තිබෙනවා.

රුධිර වර්ගය සහ හදිසි අවස්ථා

හදිසි අවස්ථාවක රුධිර පාරවිලයනයක් (එක් අයකුගේ රුධිරය තවත් අයකුගේ ශරීරයට ඇතුළත් කිරීම) සිදුකිරීමට අවශ්‍ය වූ විට මතකයෙහි තබාගත යුතු ඉතා වැදගත් දෙයක් තිබෙනවා. ඒ, O වර්ගයේ RH අගය සෘණ වන පුද්ගලයන්ට ඕනෑම රුධිරයක් හිමි පුද්ගලයෙකුට රුධිරය ලබාදීමටත් AB වර්ගයේ රුධිරය හිමි පුද්ගලයන්ට ඕනෑම රුධිර වර්ගයක් ලබා ගැනීමටත් හැකි වීමයි.


දේශය පිටුවෙන් උපුටා ගන්නා ලදී

Post Views: 4,735

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes