Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ජාතික පුෂ්පයේ අවුල විසඳන්න විශේෂඥ කමිටුවක්

Posted on December 15, 2022December 15, 2022

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල්ද නිල් මානෙල්ද යන්න සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් ඇතිවී තිබෙන හෙයින් එම ගැටලුව විසඳාගැනීම සඳහා  විශේෂඥ කමිටුවක් පත් කිරීමට පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව තීරණය කළේය.

පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්විය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දීප්ති යකන්දාවල සහ වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල යකන්දාවල යන මහත්ම මහත්මීහු  වසර ගණනාවක් තිස්සේ නොවිසඳුණු  හා මත භේදයට තුඩු දී ඇති  ජාතික පුෂ්පයේ  ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු  ඉදිරිපත්  කළහ.

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය යකන්දාවල මහතා පැවසුවේජාතික පුෂ්පය නිල් මහනෙල් බවට  කැබිනට් පත්‍රිකාවක් මගින්  නිල වශයෙන්  ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණද නිල්මානෙල් මල පිළිබිඹු කිරීමට භාවිත කර ඇත්තේ දම්පැහැති මානෙල් මලක ඡායාරූපයක් බවයි. එය සැබෑ නිල් මානෙල් මල නොවන බවද ඔහු සඳහන් කළේය.

මෙහිදි පරිසර අමාත්‍යාංශ නිලධාරීන්  පෙන්වා දුන්නේ නිල් මානෙල් නාමය මානෙල් ලෙස වෙනස්වූයේ සිංහල භාෂා ප්‍රවීණයකු වන මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතා දක්වන ලද මතයක්  අනුව  බවයි.  මානෙල් යන්නෙහි අර්ථය වන්නේ උතුම් වූ නිල් පුෂ්පය බැවින් ජාතික පුෂ්පයේ සිංහල නාමය මානෙල් ලෙස යෙදීම සුදුසු බවට  ඔහු යෝජනා කළ බවද  එම නිලධාරීහු පැවසූහ.

ගෝලීයව පිළිගත් ශාක වර්ගිකරණය පිළිබඳ සම්මතයන්ට අනුව, විද්‍යාත්මක නාමය වෙනස් කිරීමට යටත්විය හැකි නමුත් ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන පොදු ජන වහරේ භාවිතාවූ පොදු නම් වෙනස් නොකළ යුතු බව මහාචාර්ය වරයා ප්‍රකාශ කළේය.

මානෙල් යනු පොදු නාමයක් බවත්   දම් මානෙල්, සුදු මානෙල්, නිල් මානෙල් ආදී මානෙල් වර්ග රාශියක් පවතින හෙයින්   ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මානෙල් ලෙස නිවරැදි වියයුතු බවත්  මහාචාර්ය දෙපළ පෙන්වා දුන්හ.

ජාතික පුෂ්පය තෝරා ගැනීමේ කමිටුව විසින් 1986 දී  සලකා බලන ලද  ස්වදේශියවීම හා ආවේණික වීම, උපයෝගීතාවය, ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම, පෙනුම හා ව්‍යාප්තිය, වර්ණය  හා ස්වරූපය, ප්‍රතිනිෂ්පාදනය, වෙනත් රටක ජාතික පුෂ්පයක් හෝ වෘක්ෂයක් නොවීම යන සියලු නිර්ණායකයන් සපුරා ඇත්තේ නිල් මානෙල් බවද මහාචාර්ය යකන්දාවල මහතා  ප්‍රකාශ කළේය.

මුද්දර කාර්යංශය නිල් මහනෙල් මලෙහි පිංතූරයක්‌ සහිත මුද්දරයක් නිකුත් කර ඇති  නමුත් එහි ඇත්තේ ද සැබෑ මල නොව වැරැදි මලක් බව මහාචාර්ය දීප්ති යකන්දාවල මහත්මිය පැවසුවාය. එමෙන්ම පෙළ පොත්වල ඇත්තේද වැරැදි මලක රූපයක් බවත් පාසල්වල පමණක්‌ නොව ඇතැම් උසස්‌ අධ්‍යාපන ආයතනවලද  අද උගන්වන්නේ  වැරැදි මලක රුව පෙන්වමින් බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

එමෙන්ම ආගමික ස්‌ථාන අසල නිල් මානෙල් ලෙස නම් කරමින් අලෙවි කැරෙන්නේ ද සැබෑ නිල් මානෙල් නොවන බව මේ මහාචාර්යවරුන්ගේ අදහසයි.

මෙම රැස්වීමට මන්ත්‍රීවරු  පිරිසක්ද  පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු එම අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල නිලධාරීහුද සහභාගී වූහ.

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

Post Views: 5,248

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes