Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මම කාටවත් යූස් වෙලා නැහැ. එහෙම මාව යූස් කරන්න යනවා කියලා දැනිලත් නැහැ-රුවංගි රත්නායක

Posted on December 15, 2022December 15, 2022

බොහෝ නිළියන් වගේ ඔබත් විවාහයත් එක්ක රංගනයට සීමා දාගෙන ජීවත් වෙනවා නේද ..?

පවුලක් වුණාම ඒ ජීවිතේට මුල් තැන දෙන්න ඕන. අනිත් එක ඉස්සර වගේ නෙමෙයි, හොඳ දැනෙන චරිතයක් ලැබුණේ නැහැ කරන්න. ඒ නිසා හොඳ චරිතයක් ලැබුණොත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න තමයි හිතාගෙන ඉන්නේ. මාස එකහාමාරකින් විතර නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ.

විවාහයට කලින් රුවංගීට නිදහසේ කැමති විදිහට විලාසිතාවක්වත් කරන්න බැරි වුණා. සමාජ මධ්‍ය ඔස්සේ විවෙචන එල්ල වුණු නිසා..?

මම නම් ඒවා ගැන හිතුවේ නැහැ. මොන තරම් කතා කිවුවත් මට ඕන විලාසිතාව මම භාවිත කළා. මට ගැළපෙන ඒවා තමයි මම කළේ. ඒකේ වරදක් මම දැක්කේ නැහැ

එතකොට දැන් ..?

මගේ සැමියා නිර්මල. ඔහු කොහොමත් මම ලස්සනට අඳිනවට කැමති කෙනෙක්. එයා කොහොමත් නීති දාන්නේ නැහැ. තැනට සුදුසු විදිහට අදටත් විලාසිතාව භාවිත කරනවා.

ඔබ විදෙස් විලාසිතා ෆලෝ කරන කෙනෙක් ..?

රට මොකක්ද කියලා අදාළ නැහැ වගේම තමයි ජනප්‍රිය කෙනෙක් ද කියලා අදාළත් නැහැ . විලාසිතාව ලස්සනයි මෙහෙට ගැළපෙන එකක් කියලා හිතුණොත් මම ඒ විලාසිතාව හදාගෙන අඳිනවා. කරිනා කපූර්, කාජල්, වගේ අයගේ ලස්සන විලාසිතාවලට මම ආසයි.

රුවංගී ජනප්‍රිය චරිතයක් නිසා ඒක මේන්ටේන් කරන්න ඕන නිසා ගෘහණියකගේ වැඩ කරන්නේ නැතුව ඇති..?

අපේ ගෙදර වැඩට කෙනෙක් ඉන්නවා. එයා කරන්නේ ගෙදර අස්පස් කරන එක. මම නිළියක් නිසා වැඩට කෙනෙක් තියාගෙන ඉන්නවා නෙවෙයි, පහසුවට ඉන්නේ. අමුතුවෙන් මට නම් මේන්ටේන් කරන්න ජීවිතයක් නැහැ . සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. ගෙදර උයන්නේ මම තමයි.

සැමියා රංගනයට වාරණ දැම්ම නිසා නේද වැඩිය දකින්න නැත්තේ, සැමියා නිතිරීතී දැම්මා කියලා කියන්න බැරි නිසා බොරු කියනවා නේද ..?

නිර්මල කිසි දෙකට මට එපා කියන වචනය කියන්නේ නැහැ . රංගන ශිල්පිනියක් විදිහට දකින්න එයා කැමතියි. ලෝකෙට පේන්න බොරු කියන්නේ නැහැ ඉතිං.

විවාහයට කලින් හෝ දැන් ඔබේ ජනප්‍රියත්වය කවුරු හෝ අනිසි විදිහට භාවිත කරලා තියෙනවා ද?

මම කාටවත් යූස් වෙලා නැහැ. එහෙම මාව යූස් කරන්න යනවා කියලා දැනිලත් නැහැ. ආදරේ ඉල්ලපු අය ඉන්නවා. ඒ අය ආදරේ කළේ ජනප්‍රියත්වයට ද එහෙම නැත්තම් ඇත්තටමද කියලා දන්නෙත් නැහැ. දැන් නම් එහෙම පස්සෙන් ආදරේ ඉල්ලගෙන එන්නේ නැහැ. විවාහකයි කියලා දන්නවානේ.

කවදාවත් රංගන ශිල්පියෙකුට ආදරේ කරලා නැද්ද ..?

ඇත්තටම නැහැ ආදරේ ඉල්ලලත් නැහැ හස්බන්ඩ් ළඟ ඉන්න නිසා කියන දෙයක් නෙවෙයි.

එතකොට ආදරේ අහිමි වීම්..?

ආදරේ කරලා ඒක නැති වුණා කියලා දැනෙන මොහොත මම නම් හිතන්නේ නැහැ කවුරුත් දරාගෙන ඉන්නවා කියලා. ඒ තරම්ම ඒ වේදනාව රිදවන එකක්. මමත් විවාහ වෙන්න කලින් ඒ අත්දැකීම විඳලා තියෙනවා. වැටිලා නැඟිට්ටා. ඒ නිසා හොඳ කෙනෙක් විවාහයට ලැබුණා. නැති වෙච්චි ආදරේ තමයි මුළු ලෝකයම කියලා හිතලා තියෙනවා.

නිර්මල ඇත්තටම රුවංගීට නිතිරීතී දාලා නැද්ද ..?

රුවංගී කිවුවා වගේ මම එයාට කිසිදේකට නීති දාලා නැහැ . එයා විවාහ වෙලා ඉන්නේ කියලා එයා දන්නවා. කරන්න ඕන දේ නොකරන්න ඕන එයා දන්නවා. විවාහ ජිවිතේ ගැන අපි දෙන්නටම අවබෝධයක් තියෙනවා. ඉතිං මොකටද නීති දාන්නේ. එයා හොඳ දේ කරන නිසා මම එයා ගැන පසුතැවෙන්නේ නැහැ

ආදරේ ප්‍රකාශ කළේ නිළියක් කියලා දැනගෙන නේද ..?

ඔව්. එයා රුවංගී කියලා නිළියක් කියන එක මම දන්නවා. රඟපාලා තියෙනවා මම දැකලත් තියෙනවා. මම ව්‍යාපාරිකයෙක්. එයාව මුලින්ම දකින්නේ පාටි එකකදි. එතැනදි කතාබහ කළා . දුරකථන අංක හුවමාරු කරගත්තා. පස්සේ කතා කළා. දවසක් දෙකක් මුණගැහුණා. එතකොට හිතුණා ටික දවසක් යාළුවෝ වගේ ඉන්න.

ඇයි ඒ, ඔබේ ආදරේ ප්‍රතික්ෂේප කරයි කියන බයට ද..?

ඔව්. කෝකටත් හොඳයිනේ. ටික දවසක් යද්දී තමයි මටත් එයා ගැන ආදරයක් ඇති වෙන්නේ. කාලයක් යද්දී හිතුණා ට්‍රැක් එකට වැටිලා ඉන්නේ කියලා. ඊට පස්සේ ඇහුවා කැමතිද කියලා.

කැමැත්ත අහපු ගමන් කැමැත්ත දුන්නද..?

නැහැ. එකපාරටම උත්තරයක් ලැබුණේ නැහැ.

ඊට පස්සේ..?

ඊට පස්සේ මම නොහිතපු මොහොතක කැමතියි කිවුවා. එදා ඒ මොහොතේ වුණු දේ මටත් හිතාගන්න බැරි වුණා. අපි කාලයක් ආශ්‍රය කරලා පස්සේ මවුපියන්ට කිවුවා. මුලදී ඇය නිළියක් කියලා පොඩි අකමැත්තක් තිබ්බා. එයාව ආශ්‍රය කරාම දැන ගත්තා මවුපියන් වුණත් ඇය මට හොඳ බිරියක් වෙයි කියලා . ඇත්තටම ඇය හොඳ බිරියක්.

බොහෝ නිළියන් පැවැත්ම හදාගන්න සුපිරි ජීවිතයක් ගෙවන්න විවාහයට තෝරා ගන්නේ ව්‍යාපාරිකයින්, ඇයත් එහෙම වෙන්න ඇති..?

මට මැණික් ව්‍යාපාර වගේම හෝටල් ව්‍යාපාර තියෙන්නේ . නමුත් මම එහෙම හිතන්නේ නැහැ. සල්ලිවලට බැන්දා කියලා . අනිත් එක මට එයාගෙන් වාසි ලැබෙයි කියලා හිතලා විවාහ වුණෙත් නැහැ. අපි අතර ඇති වුණු අවංක ආදරේ තමයි අපිව එකතු කළේ කියලයි මම නම් හිතන්නේ.

රුවංගී රඟපාන නිර්මාණ ඔබ නරඹනවද..?

ඔව්. ගොඩක් නිර්මාණ මම බලලා තියෙනවා . ඒ අතරින් මම වඩාත් කැමති සුබා තෙරණියට.

විවාහ වෙලා කාලයක් වෙන නිසා පවුල සම්පූර්ණ කරගන්න ආසාවෙන් ඇති..?

අපි දෙන්නම හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා ඒ මොහොත එනකල්.

හර්ෂණී වීරරත්න
සිළුමිණ පුවත්පතේ රසඳුන අතිරේකයෙන්..

Post Views: 5,903

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes