Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මටත් තිබුණා ඇස්වලින් කතා කරපු ප්‍රේමයක්. හැබැයි ඇස්වලින් කතා කළා විතරයි. – ඉමා වීරසූරිය

Posted on December 16, 2022December 16, 2022

ස්වර්ණවාහිනී නාලිකාවේ මේ දිනවල විකාශනය වන ‘ඇස්’ ටෙලි නිර්මාණයෙන් ඇස් අතරින් කතා කරන දක්ෂ නවක රංගන ශිල්පිනියක් මෙවර සිරිකත කවරය හැඩ කරමින් අපත් සමග එකතු වෙනවා. 
ඇය ඉමා වීරසූරිය යි. මේ සටහන ඉමා ගැනයි. 

ඉමාගේ ජීවිතේ වෙනස් වෙන්නේ කොතැනින්ද?
වසර 2015 ස්වර්ණවාහිනියේ පැවැත්වුණු ස්වර්ණ කුමරිය තරගය හරහා. එහි වසරේ ස්වර්ණ කුමරිය වෙන්න අවස්ථා ලැබීමත් එක්ක තමයි රංගනයට අවස්ථාව ලැබෙන්නේ. මුලින්ම දායක වුණේ දෙරණ නාලිකාවේ විකාශනය වුණු රාවණා සීසන් 2 ටෙලි නාට්‍යයට. ඊට පස්සේ පොදු සීසන් 1, මිහී කියන ටෙලි නාට්‍යවලට දායක වුණා. ඒ අතර තමයි නොහිතපු වෙලාවක ඇස් ටෙලි නාට්‍යයට අවස්ථාව ලැබෙන්නේ. 

මේ දවස්වල කාලය ගත වෙන්නේ ඇස් සමගද?
ඔව්, ඇස් නිසා අලුත් පවුලක් හමුවෙලා තියෙනවා. එයාලා එක්ක ආදරයෙන් කාලය ගතවෙනවා. ඊට අමතරව අලුත් ටෙලි නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. 

සිහිළැල් මන්දාරාට ලැබෙන ප්‍රේක්ෂක ආදරය කොයි වගේද?
ඒක වශීවුණු ආදරයක්. ඇත්තටම මම මීට පෙර කරලා තියෙන හැම චරිතයක්ම දුෂ්ඨ චරිත. තරුණියක්. ප්‍රේක්ෂකයෝ පවා මේ තරම් සිහිළැලිට කැමති වෙන්න හේතුව ඇය අහිංසක නිවුණු ගැහැනු ළමයෙක් නිසා වෙන්න ඇති. මෙහි අධ්‍යක්ෂක හසුන් සමීර මහත්මයා සිහිළැලි මන්දාරා චරිතය ගැන කියද්දී මුලින්ම මට ආස හිතුනේ චරිතයේ නමට. ඒ වෙනුවෙන් මාව දායක කරගත් ඇස් අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායමට ස්තූතිවන්ත වෙනවා. 


සිහිළැලිට වගේම ඉමාට ඇස්වලින් කතා කරන ප්‍රේමයක් තිබිලා නැද්ද?
මට ඉගෙන ගත්තේ මිශ්‍ර පාසලක. මොකද නැත්තේ ඒ කාලේ මටත් තිබුණා ඇස්වලින් කතා කරපු ප්‍රේමයක්. හැබැයි ඇස්වලින් කතා කළා විතරයි. ඒ ප්‍රේමය හිත යට යටපත් වෙලා ගියා. කැම්පස් කාලේ නම් ප්‍රේමවන්තියක් වෙලා හිටියා. දැන් නම් මම ප්‍රේම කරන්නේ කලාවට විතරයි. 

පාසල් කාලේ ඉමා කොයිවගේ චරිතයක්ද?
සිහිළැලි තරම් නම් අහිංසක නැහැ. හැබැයි නපුරුත් නැහැ. හොඳට හොඳයි. නරකට නරකයි. එහෙම නැතුව මේ සමාජයේ ජීවත් වෙන්න අමාරුයි. මම පාසල් කාලේ ඒ තරම් සමාජශීලී ළමයෙක් නෙමෙයි. අපේ පාසලේ නාට්‍ය ගුරුතුමා සරත් චන්ද්‍රවංශ සර් තමයි මාව නාට්‍යවලට, නාට්‍ය තරගවලට ඇදගෙන ගිහිල්ල වේදිකාව උඩ හිටගන්න හොඳ පෞරුෂයක් හැදුවේ. මට කලාවට  ආසාව ඇතිවුණේ එතැනින්. එතුමාව මේ වෙලාවේ ආදරයෙන් සිහි කරනවා. 

ටෙලි නාට්‍ය නිසා ඉමාට දැන් වේදිකාව මගහැරිලද?
මම කලාවේ තුළ ඉපදුණු තැන තමයි වේදිකාව. කවදාවත් මට වේදිකාව මගහරින්න බැහැ. වේදිකාවෙන් පසුගිය කාලේ ටිකක් ඈත්වෙන්න වුණේ විශ්ව විද්‍යාල අවසන් විභාග කටයුතු නිසයි. ඉදිරියට වේදිකා නාට්‍යයකට දායක වෙන්න සූදානමින් ඉන්නවා. 

වෘත්තිමයමය නිළියක් වෙන්නද සූදානම?
රංගනය වෘත්තිය කරගන්නවාට අම්මා කැමති වෙයි කියලා මම හිතන්නේ නැහැ. මාව මේ විදිහට පුංචි තිරයෙන් දකින්න හිටපු තාත්තා අද අපි ළඟ නැහැ. එයා අද හිටියා නම් ගොඩක් සතුටු වෙයි. මගේ අම්මයි මල්ලියි තමයි මගේ ළග ඉන්න එකම ශක්තිය. ගෙදර ලොක්කි විදිහට වගකීම් ගොඩක් තියෙනවා. ජීවිතේ ඉදිරියට මොනවා වෙයිද කියලා කියන්න අමාරුයි. 

Post Views: 4,649

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes