Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ඓතිහාසික උමං මඟක් තුල සැඟව ගිය අසම්මත ආදර අන්දරය…ගල්කිස්ස මහ හෝටලයේ ආදර කතාව…

Posted on December 17, 2022December 17, 2022

ගල්කිස්ස මහ හෝටලය නැතිනම් Hotel Mount Lavinia මෙරට පමණක් නොව ලෝකයේ බොහෝ සංචාරකයන් අතර ප්‍රසිද්ධ හෝටලයක්. සුදු අධිරාජ්‍යවාදීන් විසින් සෑදූ මේ ප්‍රතාපවත් දැවැන්ත ගොඩනැගිල්ල සඟවා සිටින රහස් ද බොහොමයක් වනවා.

එහි ඇති උමං මාර්ගය සුප්‍රකට රහසක්.

 ඔබ කොළඹ සිට ගාල්ල දෙසට මුහුදු බඩ දුම්‍ රියේ ගමන් කරන්නේ නම් ගල්කිස්ස මහ හෝටලය අසලින් ඔබ ගමන් කරන්නේ එම උමං මාර්ගය මතින්. මේ උමං මාර්ගය සේම ගොඩනැගිල්ල ද ඉදිවන්නේ මෙරට දෙවනි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ලෙස ක්‍රි.ව 1805 දී පත්ව ආ තෝමස් මේට්ලන්ඩ් විසින්.

ශ්‍රීමත් තොමස් මේට්ලන්ඩ්

ඔහු මෙරටට පැමිණි පසු ඉහළ මට්ටමේ සාදයක් ඔහු වෙනුවෙන් සංවිධානය කරල තිබුණා. එහිදී රොඩී කුලයේ තරුණියන් කිහිප දෙනෙක් ඔහු ඉදිරියේ රංගනයෙ යෙදිල තියෙනව. මේ අතරෙ හිටපු එක් සුරූපී තරුණියක් පිළිබඳ ඔහු උනන්දු වෙනවා. ඒ අවදානය අවසන් වන්නේ ඔවුන් දෙදෙනා ආදරවන්තයන් වීමෙන්.

ඇගේ නම ලොවීනා අවිවාහක නව යොවුන් තරුණියක්. පියා පෘතුගීසි ජාතිකයෙක් වීම නිසාම ආකර්ෂණීය යුවතියක් වූ බව කියවෙනවා. ආණ්ඩුකාරවරයා මේ වන විට හතලිස් හත් හය අවිවාහකයෙක්. හිරු නොබසින අධිරාජ්‍යයේ ආණ්ඩුකාරවරයෙක් පහත් යැයි සම්මත කුලයක අයෙක් ආදරවන්තයන් වීම අනාගතයේ ගැටලුවක් විය හැබැයි බව ඔහුම තේරුම් ගන්නවා.

තෝමස් මේට්ලන්ඩ් හා ලොවීනා ප්‍රේමයට ඇඳි සිතුවමක්

මේ නිසා ඔහු වර්තමාන ගල්කිස්ස නගයේ මුහුද අද්දර තම නිල නිවහන ඉදි කරන්න තීරණය කරනවා. එය ඉදිවන්නේ රොඩී ගම්මානය පෙනෙන මානයේ. මේ අතරේ නිල නිවසේ සිට රෝඩී ගම්මානය දක්වා උමං මඟක් ඉදි කරවීමටත් ඔහු කටයුතු කරනවා. ඉන් අනතුරුව වසර ගණනක් පුරාවට ඇය තම ප්‍රේමවන්තයා සොයා යන්නේ මේ රහසිගත උමඟ තුලින්.

මේ අසම්මත ආදරය නිසාම තම ජනතාවට බොහෝ දේ දනා දෙන්න ලොවීනා සමත් වෙනවා. එතෙක් රොඩී ස්ත්‍රීන්ට උඩු කය වැසීමට අවසර තිබුණේ නැහැ. ඒ වගේම ඔවුට පල දෙකක පිදුරු සෙවිකල නිවාස ඉදි කරන්නට අවසර තිබුණෙත් නැහැ. ආණ්ඩුකාරවරයා වෙතින් මේ සියලු තහනම් ඉවත් කරගන්නට ලොවීනා සමත් වෙනවා.

නමුත් මේ ආදර කතාව ලොවට රහසක් විදිහට පවත්වාගෙන යන්නට ලැබෙන්නෙ බොහොම ටික කාලයක්. බ්‍රිතාන්‍ය නිලධාරීන් ආණ්ඩුකාරවරයා ගේ මේ ක්‍රියාකලාපය එංගලන්තයේ තුන් වන ජෝර්ජ් රජතුමා දක්වාම ගෙනියනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් කොට වහාම රටින් පිටවෙන්න අණ ලැබෙනවා.

ලොවීනාට සමු දී ඔහු නැව් නගිද්දි, තමන් කෙදිනක හෝ ඇය රැගෙන යන්නට පැමිණෙන බව ඇයට පොරොන්දු වෙනවා. මෝල්ටාවෙ ආණ්ඩුකාර ධූරයට පත්වෙන ඔහු වයස 64 දි මිය යන්නෙ අවිවාහකව. ලොවීනා තම ප්‍රේමවන්තයා අහිමි වීමෙන් හටගත් ශෝකයෙන් සියදිවි නසාගත් බවත් කියවෙනවා.

කලක් ආණ්ඩුකාර නිල නිවස වූ මෙය, දෙවන ලෝක යුධ සමයේ හමුදා රෝහලක් ලෙසත් යොදා ගැනෙනවා.

පසුව එය ගල්කිස්ස මහ හෝටලය බවට පරිවර්තනය වෙනවා. තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගෙ ඉල්ලීමකට අනුව ඇගේ පෙම්වතිය සිහි කරමින් මවුන්ට් ලැවීනියා ලෙස එම ප්‍රදේශය නම් වෙනවා.

ගල්කිස්ස මහ හෝටලයේ පැරණිම ඡායාරූපයක්

ආදරයේ සංකේතයක් බදු මේ උමං මාර්ගය පසු කලෙක දී වසා දැමෙනවා. අද ගල්කිස්ස මහ හෝටලයේ වයින් ගබඩාව පිහිටි ස්ථානයේ එහි කොටසක් දකින්න පුළුවන්. ඒ ස්ථානයේ අද දකින්න ලැබෙන්නෙ හෝටලයේ මුළුතැන් ගෙය. ඒ වගේම උමගෙ අනික් කෙලවර ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාල භූමියේ ඇතැයි සැලකෙනවා.

ආදරයේ සංකේතයක් බදු මේ ඓතිහාසික උමං මාර්ගය සඳහටම වසා දැමුනද, තෝමස් මේට්ලන්ඩ් ලොවීනා ආදරය ලොව පුරා ප්‍රසිද්ධියට පත් වෙනවා. අදටත් ඒ ඓතිහාසික ආදරයට ඇලුම් කරන මිනිසුන් එහි අවශේෂ දැක ගන්නට ගල්කිස්ස මහ හෝටලයට පැමිණෙනවා….

✍️Falen n dharmasena

Post Views: 5,802

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes