Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

පළමු හමුවේදී පෙම්වතිය පෙම්වතාගෙන් බලාපොරොත්තු වන දේවල්

Posted on December 18, 2022December 18, 2022

පළමු හමුවීම පෙම්වතුන්ට තම ජීවිතයේ ඉතා වැදගත් අවස්ථාවකි. වර්තමානයේ සමාජ මාධ්‍ය හරහා ආරම්භ වන බොහෝ පෙම් සබඳතාවල එකිනෙකා ප්‍රථම වතාවට සියැසින් දැක ගන්නේ ද පළමු හමුවේදී ය. මෙම අවස්ථාවේදී දෙදෙනා ම සිටින්නේ නොසන්සුන්ව විය හැක. පහත සඳහන් දේවල්වලින් ඔබේ පෙම්වතිය සතුටු කිරීමෙන් ප්‍රථම හමුවීම රසවත් හා අමතක නොවන අවස්ථාවක් කර ගැනීමට ඔබටත් හැකිය.

1. සිත් ඇදගන්නා කතාබහක්

ජීවන සහකරු ලෙස බොහෝ දෙනා සොයන්නේ හොඳ සවන් දෙන්නෙකු බව සැබෑය. නමුත් ප්‍රථම හමුවීමේදී තම පෙම්වතාගෙන් සිත් ඇදගන්නා කතාබහක් බොහෝ පෙම්වතියන් බලාපොරොත්තු වේ. මන්ද ඔවුන් ඒ අවස්ථාවේ සිටින්නේ සබකෝලයෙනි. මේ අවස්ථාවේ තම පෙම්වතිය කතා කිරීමට පොලඹවන ආකාරයේ කතාබහක් පෙම්වතා සතු විය යුතුය.

2. අවංකව තම මතය ඉදිරිපත් කිරීම

බොහෝ දෙනා පළමු හමුවේදී පෙම්වතිය කියන සියලු දෙයට එකඟ බව මවාපායි. නමුත් සැබෑ ජීවීතයේදී එසේ නොවන බව දන්නා තරුණියන් බලාපොරොත්තු වන්නේ තම පෙම්වතාගේ අවංක අදහසයි. එබැවින් පළමු හමුවීමේදී පවා ඕනෑම දෙයක් පිළිබඳ තම මතය කෙළින්ම ඉදිරිපත් කිරීමට ඔබට හැකිවිය යුතුයි. මෙය තම පෙම්වතිය ඉදිරියේ ඔබේ පෞරුෂත්වය පෙන්වීමට හොඳ අවස්ථාවකි.

3. ඒකාකාරි නොවූ පිළිතුරු

“ඔබට කොහොමද” වැනි සාම්ප්‍රදායික ප්‍රශ්නවලට නිර්මාණාත්මක පිළිතුරු ලබා දීමට හැකි විය යුතුය. එවිට එම පිළිතුරු ජීවිත කාලයම ඇයට ඔබව මතකයේ තබා ගැනීමට උපකාරී වනු ඇත. එසේම මෙම බොහෝ ප්‍රශ්නවලට ඉදිරි ජීවිත කාලයේදී දහස් වතාවක් පමණ පිළිතුරු දීමට සිදුවන බව මතක තබා ගන්න.

4. හැඟීම් ඇවිස්සීම

මෙය තරමක් ප්‍රවේශමෙන් කළ යුතු දෙයකි. උදාහරණයක් ලෙස වුවමනාවෙන්ම ඇයගේ අත ස්පර්ශ කොට එය වැරදීමකින් සිදු වූ බව හඟවමින් සමාව ගැනීම වැනි ක්‍රියා මඟින් මෙය සිදු කළ හැකිය. මෙහි දී ඇගේ සිතේ ඔබ කෙරෙහි වැරදි ආකල්පයක් ඇති නොවීමට ප්‍රවේශම් වන්න.

5. හොඳ සවන් දෙන්නකු වීම

එක්වර හොඳ සවන් දෙන්නකු හා හොඳ කතා කරන්නකු වන්නේ කෙසේදැයි ඔබට හැඟෙනු ඇත. හොඳ සවන් දෙන්නකු විය යුත්තේ ඇය කතා කිරීමට පටන් ගත් පසුවයි. කිසි විටකත් ඇය කතා කරන අතරතුර මැද්දෙන් පනිමින් මතය ඉදිරිපත් නොකරන්න. ඇගේ කතාව අවසන් වූ පසුව ඔබේ අදහස් ඉදිරිපත් කිරීමට ඉවසිලිවන්ත වන්න. ඇතැම් විට ඔබට ඉදිරි ජීවිතයේදී තම මතය ඉදිරිපත් කිරීමට පවා නොලැබෙන බව අකමැත්තෙන් වුව ද සිහි කරන්න.

රශ්මි කල්පනාගෙ මුහුණ පොතෙන්

Post Views: 6,194

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes