Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ආතර් සී ක්ලාක් සමඟ ලංකාවේ සැරිසැරූ විෂ්ණුගේ දස වැනි අවතාරය

Posted on May 5, 2020May 24, 2020

ආතර් සී ක්ලාක් සමඟ ලංකාවේ සැරිසැරූ විෂ්ණුගේ දස වැනි අවතාරය සහ එම අවතාරය ඉඟි කළ විස්මයජනක අනාවැකි සමග ආතර් සී ක්ලාක් සහ ලංකාවේ භව ගණනාවක් වාසය කළ විස්මයජනක පුද්ගලයෙක් ගැන ඔබ කිසිදා නොඇසූ පුවතක් තමයි විශ්වකර්ම අපි අද ඔබට ගෙන එන්නේ.

විද්‍යාව ප්‍රබන්ධ කලාවේ පුරෝගාමියෙක් විදිහට ශ්‍රීමත් ආතර් සී ක්ලාක් ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් වෙනවා. එතුමා තරම් ජනප්‍රිය වුණු වෙනත් විද්‍යා ප්‍රබන්ධ රචකයෙකුත් නෑ. ඒ වගේම සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට එතුමාව වැදගත් වෙන්නේ දීර්ඝ කාලයක් ලංකාවේ ජීවත් වෙමින් ලංකාවේ ජනතාවට කරපු සේවය නිසා. දීර්ඝ කාලයක් මොරටුව සරසවියේ කුලපතිවරයා විදිහට වගේම ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ නිර්මාපකයා විදිහට එතුමා අපේ රටට අමරණීය සේවාවක් කළා. ඇතැම් අය එතුමා පිළිබඳව වෙනත් අදහසුත් පළ කරනවා. අපි අද මේ ඔබට කියන්න යන්නේ වෙන කිසිම තැනකින් ඔබට අහන්න නොලැබුණු කතා පුවතක්.ඒ ගැන සඳහන් කරන්න කලින් මේ වගේ ඔබව විස්මයෙන් විස්මයට පත් කරන විස්මිත වීඩියෝස් ඔබ වෙත ගෙන එන විශ්වකර්ම  යූ ටියුබ් චැනල් එක මෙතෙක් ඔබ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තන් ස්බස්ක්‍රයිබ් කරන්නත් අපේ වීඩියෝස් නිකුත් වූ සැනින් එසැනින් දැනගන්න බෙල් සලකුණ ක්ලික් කරන්න කියන පණිවිඩයක් මතක් කරන්න කැමතියි.

මේ කතාව පටන් ගන්නේ 1951 දී.මේ වෙන කොට ආතර් සී ක්ලාක් කියන්නේ තරුණයෙක්.විද්‍යාව ප්‍රබන්ධ ගැන විද්‍යාව ගැන විශේෂයෙන්ම විශේෂයෙන් ම තාරකා විද්‍යාව ගැන අතිශයින් උනන්දුවක් දක්වපු  තරුණ ක්ලාක් එවැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කරුණු ගවේෂණය කරන්න කැමති හිතමිත්‍රයන් ආශ්‍රය කරන්න ප්‍රිය කළා. හැම අඟහරුවාදා දවසකම මේ මාතෘකාවලට ප්‍රියකරන හතළිහක් පනහක පිරිසක් පබ් එකකට  රැස්වෙලා මධු විත පානය කරන ගමන් මේ ක්ෂේත්‍ර ගැන කතා කරන්න පුරුදු වෙලා හිටියා.

මෙන්න මේ පබ් එකේ දී ආතර් සී ක්ලාක්ට අලුත්  අලුත් යාලුවෙක් මුණ ගැහුණා.මේ තරුණයා තමයි මයික් විල්සන්. දුටුව ක්ෂණයෙන්ම දෙන්නට දෙන්නා අල්ලලා ගියා. සමහර විට එතන වෙනත් බැඳීමක් තිබුණා කියලා මේ වීඩියෝව අවසානයේදී ඔබට හිතෙයි.කොහොම වුණත් මේ හමු වීම දෛවෝපගත හමුවීමක් කියලා වගේම දෙදෙනාගේම ජීවිත වෙනස් කරන්න බලපායි කියලා මේ දෙන්නම පළමු වතාවේදී හිතන්නේ නැතුව ඇති.

ඒ වෙනකොට වයස අවුරුදු 16ක කොලුගැටයෙක් වුණු මයික් විල්සන් නැවක සේවය කරමින් හිටියේ.මේ කාලයේදී බ්‍රිතාන්‍යයේ පැවති නීතිය අනුව නැවක සේවය කරන අය  පවා සැලකුණේ නාවික හමුදාවේ කොටසක් විදිහට. ටිකෙන් ටික හොඳ යහලුවන් බවට පත් වීමෙන් පස්සේ කොලු ගැටයා ආතර් සී ක්ලාක් ට අලුත් විනෝදාංශයක් පුරුදු කරනවා.ඒ තමයි ගැඹුරු මුහුදේ කිමිදීම. අභ්‍යවකාශය වගේම වගේ ම ගැඹුරු මුහුද කියන්නේ කියන්නෙත් විශ්මිත ලෝකයක් බව ආතර් සී ක්ලාක් මයික් විල්සන්ගෙන් වටහා ගන්නවා .

1954 වර්ෂයේ වෙද්දි සැලකියයුතු මුදලක් ඉතිරිකර ගත්ත  මයික් විල්සන් තමන්ගේ විනෝදාංශය වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්න තීරණය කරනවා. ඒ නැවේ රස්සාවට සමු දෙමින්. ඉන් අනතුරුව ඔහු සහ ආතර් සී ක්ලාක් ඕස්ට්‍රේලියාව බලා පිටත් වෙන්නේ මහා බාධක කොරල් පරය ගවේෂණය ගවේශණය කරන්න. මේ ගමන අතරතුර දී ඔවුන් ශ්‍රී ලංකාවට ගොඩ බසිනවා. මේ තමයි ශ්‍රී ලංකාවට ඔවුන් පැමිණෙන පළවෙනි අවස්ථාව. කොහොම වුණත් ඒ වතාවෙදි  ශ්‍රී ලංකාවේ වැඩි කාලයක් ගත නොකර ඔවුන් ඕස්ට්‍රේලියාව බලා පිටත් වෙන්නේ නැවතත් ලංකාවට එනවා කියන කියන සිතුවිල්ලත් එක්ක. පස්සේ කාලෙක ආතර් සී ක්ලාක් හෙළි කරපු විදිහට දෙදෙනාට ලංකාව දැක්ක ගමන් රටට විස්තර කරන්න බැරි තරම් ආදරයක් ඇති වෙලා තියෙනවා.

නමුත් ඔවුන්ට නැවතත් ලංකාවට පැමිණෙන්න ලැබෙන්නේ 1956 ජනවාරි මාසයේදී. රොඩ්නි ජොන්ක්ලාස් නම් කිමිදුම්කරුවෙක් එක්ක ඔවුන් දෙදෙනා ලංකාව පුරා මුහුදේ කිමිදුම් කටයුතුවල යෙදෙනවා. බොහෝ වෙලාවට මේ කිමිදුම් කටයුතු වල අභිප්‍රාය වෙන්නේ මුහුදේ ගිලී ගිය පැරණි නෞකා ගවේෂණය කිරීම.මේ කාල පරිච්ඡේදය ගැන ඇතැම් අය නම් කතා කරන්නේ එතරම් ප්‍රසාදයකින් නෙමෙයි.සමහරු සැක කරන්නේ ආතර් සී ක්ලාක් සහ මයික් විල්සන් මීට වඩා දෙයක් සොයන්න මුහුදු තීර ගවේෂණය කළා කියලා. සමහර අය නම් පුරා වස්තු කොල්ලකරුවෝ කියන යෙදුමත් මේ දෙන්නා වෙනුවෙන් පාවිච්චි කරනවා.සමහරු කියන්නේ රාවණ යුගයේ යම් දෙයක් හොයන්න මේ කිමිදුම් කටයුතු සිදු කළා කියලා.ඒ වගේම ඔවුන් දෙදෙනා මන්නාරමේ මුතුපර ගවේෂණයටත් තමන්ගේ අවධානය යොමු කරනවා.

මේ කාලය වෙද්දී ආතර් සී ක්ලාක් විද්‍යා ප්‍රබන්ධ රචකයෙක් විදිහට ප්‍රසිද්ධියට පත්වෙමින් පත් වෙමින් හිටපු කාලය.මේ කාලෙදි ඔහු රචනා කරන අර්ත්ලයිට් ඇන්ඩ් එක්පිඩිෂන් ටු අරත් කෘතිය ඔහු පිළිගන්වන්නේ මයික් විල්සන්ට.

සාමාන්‍ය ජීවිතයේ දී ස්ත්‍රීන්ට දැඩි ලෙස දරුණු පුද්ගලයෙක් වුණු මයික් විල්සන් නිසා ඇතැම් අවස්ථාවල ආතර් සී ක්ලාක් පවා අපහසුතාවයට ලක් වෙනවා.1956 නිව්යෝර්ක් නුවර පැවති ලෝක විද්‍යා ප්‍රබන්ධ සමුළුවට සහභාගි වෙමින් සිටින අතර තුර මධ්‍යම රාත්‍රියේ දී ආතර් සී ක්ලාක් නිදා සිටි කාමරයේ දොරට යමෙකු තට්ටු කරනවා. මේ මහ රෑ මැද්දේ ආපු අමුත්තා කවුද කියලා බලන්න කඩිමුඩියේ දොර ඇරලා බලද්දී ආතර් සී ක්ලාක්ට තවත් විද්‍යා ප්‍රබන්ධ රචකයෙකු වුණු හාර්ලන් එලිසන් දැක ගන්න ලැබෙනවා.ඔහු ආතර් සී ක්ලාක් ගෙන් ඉල්ලන්නේ එකම එක ඉල්ලීමක් ඒ “කරුණාකරලා මයික් විල්සන්ට කියන්න, මගේ පෙම්වතියට කරදර කරන්න එපා කියල”.

මුහුදට  ස්ත්‍රීන්ට පෙම් බැන්ද බැන්ද මයික් විල්සන්ගේ ඊළඟ පෙම්වතිය බවට පත්වෙන්නේ චිත්‍රපටි නිපදවීම. නමුත් ඔහු මුල් කලේ නිෂ්පාදනය කරන්නේ සාමාන්‍ය චිත්‍රපටි නම් නෙමෙයි.විශේෂ කැමරා ආම්පන්න භාවිතා කරම්න්  දිය යට දර්ශන ඇතුළත් වාර්තා චිත්‍රපටි ඔහු නිෂ්පාදනය කරනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට 1962 දී ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටය වූ රන්මුතු දූව චිත්‍රපටය අපේ රටේ ප්‍රේක්ෂකයන්ට දැක බලාගන්න අවස්ථාව දැක බලා ගන්න අවස්ථාව ලැබෙනවා.

මේ රන්මුතු දූව  චිත්‍රපටයේ නිෂ්පාදකයකු විදිහට කලා ආතර් සී ක්ලාකුත් මූල්‍යමය දායකත්වයක් ලබා දෙනවා

මේ චිත්‍රපටය රූගත කරද්දී අපූරු අත්දැකීමකට මයික් විල්සන් ඇතුළු කණ්ඩායම මුහුණ දෙනවා.මේ අත්දැකීම තමන්ගේ මුළු ජීවිතයම සුවිශාල පෙරළියකට ලක් කරයි කියලා මයික් විල්සන් කවදාවත් හිතන්නේ කවදාවත් හිතන්නේ නැතුව ඇති.

ත්‍රිකුණාමලය අවට මුහුදේ දිය යට දර්ශන රූගත කිරීමට මයික් විල්සන් ඇතුළු පිරිසක් ඇවිල්ලා කියලා දැන ගත්ත කෝනේශ්වරම් කෝවිලේ ප්‍රධාන පූජක තුමා මයික් විල්සන් ඇතුළු කණ්ඩායම මුණගැහෙන්න එනවා.ඇවිල්ලා විශේෂ ඉල්ලීමක් කරනවා. ඒ තමයි මුහුදේ කිමිදෙන අතරතුරේදි ගලින් කළ ශිව ලිංගයක් මුණ ගැහුණොත් ඒ ශිව ලිංගය ගොඩට අරගෙන කෝවිලට නැවතත් භාරදෙන්න කියන බාර දෙන්න කියන ඉල්ලීම.

මේ ශිව ලිංගය වසර දහස් ගණනක් තිස්සේ කෝනේශ්වරම් පුදබිම පූජාවට ලක් වෙමින් පැවැති ශිව ලිංගයක්.මේ ශිව ලිංගය හදුන්වන්නේ ස්වයම්භූ නමින්.හින්දු බැතිමතුන්  විශ්වාස කරන්නේ මේ ශිව ලිංගය මනුෂ්‍යයෙක් අතින් නිර්මාණය වුණු ශිවලිංගයක් නොවන බවත් ශිව දෙවියන්ගේ අධිෂ්ඨානයක් මත ඉබේ පහළ වූ ශිවලිංගයක් බවත්. පුරාකතාවල හැටියට මේ වගේ ස්වයංභූ ශිවලිංග 69 ක් ඉන්දියාව පුරා විසිරී තිබෙනවා. අද වෙනකොට මේ ශිව ලිංග 69 අතරින් සොයාගැනීමට හැකි වෙලා තියෙන්නේ අතලොස්සක් පමණයි. ඒ අතරින් එකක් වුණු කෝනේශ්වරම් කෝවිලේ ශිව ලිංගය පෘතුගීසීන් විසින් කෝවිල විනාශ කරද්දී මුහුදට දමා තිබෙනවා.

පූජකතුමා ශිව ලිංගය ගැන පිළිබඳව මේ විස්තර කියද්දී උපතින් කිතුණු බැතිමතෙක් වුණු මයික් විල්සන්ට ඒ ගැන කිසිම අදහසක් තිබිලා නැහැ.නමුත් ඔහු දවසක් කිමිදුම් කටයුතු කටයුතුවල යෙදෙද්දී ඔහුට මේ ස්වයංභූ ශිව ලිංගය දැක ගන්න ලැබෙනවා. මයික් විල්සන් පස්සෙ කාලෙකදි සඳහන් කරලා තියෙන විදිහට මේ ශිව ලිංගය ස්පර්ශ කල සැනින් සහ දැක්ක සැනින් ඔහුට දුර ඈත අතීත භව ගණනාවක් මතකයට නැගිලා තියෙනවා.ඒ වගේම ස්වයංභූ ශිව ලිංගය අසල හිඳිමින් බවුන් වැඩුව පිරිස් ගැනත් මතකයට නැගිලා තියෙනවා.

හාස්කමකට වගේ මේ බර ශිව ලිංගය  වැඩි ආයාසයක් නැතුව  ගොඩට ගෙන අරගෙන  කෝනේශ්වරම් දේවාලයට බාර දෙන්න මයික් විල්සන්ට වැඩි වෙලාවක් ගිහිල්ලා නෑ. එදා ඉඳන් අද වෙනකල් කෝනේශ්වරම් දේවාලයේ මේ ස්වයංභූ ශිව ලිංගය වැදුම් පිදුම් ලබනවා.

රන්මුතු දූවෙන් පස්සේ සෙරන්ඩිප් කියලා චිත්‍රපටි සමාගමක් පිහිටුවා ගෙන ආතර් සී ක්ලාක්  ශේෂා පලිහක්කාර ඇතුළු පිරිසක් සම්බන්ධ කරගෙන තවත් චිත්‍රපටිය මයික් විල්සන් විසින් නිෂ්පාදනය කරනවා. නමුත් පස්සේ කාලෙකදි ඔහුගේ ජීවිතයේ විවිධ හැල හැප්පීම් සිදු වෙනවා.චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න ගිහින් සත්‍යජිත් රායි සමගත් මයික් විල්සන් ගැටුමක් ඇති කර ගන්නවා. තව තව ප්‍රශ්න එක්ක සෙරන්ඩිබ් සමාගමේ පිරිස විසිර යනවා.වසර ගණනාවක් තිස්සේ ආතර් සී ක්ලාක් සමඟ පැවති මිත්‍රත්වයත් අවසානයේදී පළුදු වෙලා යනවා.

අවසානයේදී ස්වයම්භූ  ශිව ලිංගය මුණ ගැසුණු තැන ඉදන් ඔහුගේ ජීවිතයේ එකම බලාපොරොත්තුව ඔහු සඵල කර ගන්නවා.ඒ විනෝදකාමි ගිහි ජීවිතයට ආයූබෝවන් කියමින්  ස්වාමි සිව කල්කි නමින් සාධු වරයෙක් බවට පත්වීමෙන්.

ඔහු එදා ත්‍රිකුණාමලයේ දී තමන් ලද අත්දැකීම් වඩාත් විස්තර සහිතව මෙසේ ප්‍රකාශ කරනවා ” ඒ සිදු වීම සම්පූර්ණයෙන් මාව වෙනස් කලා.ගුප්ත සහ දිව්‍යමය දර්ශනයක් මා ඉදිරියේ පහළ වුණා.ඒ වගේම මම තව දෙයක් තේරුම් ගත්තා.මම ලංකාවේ කොයිතරම් භව ගණනාවක්  ගත කළාද කියන එක සහ  ලංකාවේ මම මේ ගත කරන්නේ පලවෙනි භවය නොවන බව. ඒ වගේම මගේ මිදීම තියෙන්නෙ කතරගම බවත් මම වටහා ගත්තා.”

ඔහු සාදු වරයෙක් විදිහට භාවිතා කරන “ස්වාමි සිව කල්කි” කියන්න නමත් අපුරු නමක්.ඒ නම තුළ සිව සහ විෂ්ණු යන දෙවිවරු දෙදෙනාගේ එකතුවක් තියෙනවා.

කල්කි කියන්නේ විෂ්ණු දෙවියන්ගේ දස වැනි අවතාරය.හින්දු පුරාණවල හැටියට සුදු අශ්වයෙක්ගේ පිට නැගුණු කල්කි අවතාරය කඩුවක් අතේ දරා ගෙන ලෝකයේ සියලු නරක විනාශ කර දමලා අලුත් ලෝකයක් අලුත් මනුෂ්‍ය ජාතියක් ගොඩ නඟනවා.

ස්වාමි වරයෙක් විදිහට ඔහු ගත කරපු කාලයේ දීත් ඔහු පුවත් මවන චරිතයක් බවට පත් වුණා.1980 වසරේ දී කතරගම වාසය කර ස්වාමිවරුන්ට බලධාරීන්ගෙන් විවිධ බාධා ඇති වුණා.ඒ අවස්ථාවේදී ස්වාමි සිව කල්කි ඔවුන් වෙත ශාපයක් මුදා හැරියා.මේ පිළිබඳව ජාත්‍යන්තර සඟරා වල පවා පලවුණා. 1989 වර්ෂයේදී ජනතා විමුක්ති පෙරමුණ කතරගම පෙරහැරට ප්‍රහාරයක් එල්ල කළා.ජනතා විමුක්ති පෙරමුණේ අවසානයේ ලංව ඇති බවට ස්වාමි සිව කල්කි අනාවැකි පළ කළා.ඒ අනාවැකිය ඒ විදිහටම සිදු වුණා.

ස්වාමි වරයෙක් විදිහට ගත කරපු කාලය තුළ දී පවා ඔහු චිත්‍රපටි සම්බන්ධ වූ යම් යම් දේ කළා කිව්වොත් ඔබ පුදුමයට පත්වෙයි නේද? ඒ වගේම මේ පුද්ගලයා ආධ්‍යාත්මික වශයෙන් ඉහළ කෙනෙක් නම් ඇයි චිත්‍රපටි ගැන ආපහු උනන්දු වුණේ කියන ප්‍රශ්නය නම් ඔබට ඇති වෙයි.

නමුත් ඔහු එම කාලය තුළ රචනා කරපු චිත්‍රපටය තිර නාටක වලින් අනාගත ලෝකය ගැන යම් යම් ඉඟියක් ලබා දුන්නා කියලා  හිතන්න පුළුවන්. උදාහරණයක් විදිහට එක තිර රචනයක් මගින් ඔහු සඳහන් කරන්නේ අනාගත ලෝකයේ ඇතීනා නම සුවිශාල පරිගණක පද්ධතියක් මගින් ලෝ වැසියන්ට අවශ්‍ය ආහාර නිවාස සියල්ලම සමානව බෙදා දෙන ආකාරය.

ඔහුගේ ඊළඟ තිර රචනය තවත් අද්භූත අද්භූත ජනකයි. ලංකාවේ රූපවාහිනිය ජනප්‍රිය තියා අහලාවත් නොතිබුනු කාලයක ඔහු Voice of Dhamma නම් බෞද්ධ රූපවාහිනී චැනල් එකක් ගැන තමන්ගේ තිරරචනයක සඳහන් කරනවා. මේ චැනල් එකෙන් ධර්ම දේශනා කරන සුමේධ නම් භික්ෂුන් වහන්සේ නමක් සමග ඇන්ෆාල් නම් පිටසක්වල  ජීවියෙක් එක්ක ධර්ම සාකච්ඡාවක් පටන් ගන්නවා.මේ ධර්ම සාකච්ඡාව ලොව පුරා මිනිස්සු නරඹන්න පටන් ගන්නවා.එහි ප්‍රතිඵලයක් විදිහට දූෂිත පාලන ත්‍රන්ත්‍රය අද වැටෙනවා.අවසානයෙදී ඇන්ෆාල් රහත් භාවයට පත් වනවා.

1995 වර්ෂයේදි ස්වාමි සිව කල්කි මේ භවයට සමු දීලා දිව්‍ය ලෝකය වෙත යනවා.

ඉතින් පහතින් ඔබට ආරාධනා කරනව එම විඩියෝව නරඹන්න කියලත්.

ඉතින් මේ විඩියෝව නරඹා ඔබ නොදත් තොරතුරු ඔබේ දැනුමට එකතු කරගන්න ඇතැයි අපි සිතනවා. නැවතත් ඔබට කිසිදා අහන්න දකින්න නොලැබුණු විස්මිත වීඩියෝවක් සමඟ නැවතත් මුණ ගැහෙමු.

footer horizontal line

Post Views: 9,366

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes