Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ඔයාගේ සිතුම් පැතුම්වලට ගැළපෙනම සහකරුවා හමුවී ඇති බව පෙන්වන ලක්‍ෂණ

Posted on December 22, 2022December 22, 2022

අපි කාටවත් මිනිස්සු දැක්ක ගමන්ම අඳුරා ගන්න හැකියාවක් නැහැ. සමහර අයට ඒකට අවුරුදු ගාණක් ගත වෙනවා වෙන්න පුළුවන්. එහෙම කාලෙකට පස්සෙ හරි තමන්ට ගැළපෙන්නේ නැති කෙනෙක් කියලා තේරුම් ගත්තාම තමන්ට හානි කරන තමන්ගේ සතුට අහිමි කරවන එවැනි සබඳතාවලින් දුරස් වෙන්න ඔබට හැකියාව තියෙනවා. ඔබ මේ ලක්‍ෂණ ටික කල් තියා හඳුනා ගත්තොත් ඔබේ සම්බන්ධතාවත් තවත් ශක්තිමත් කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. ඉතින් අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඔබගේ සිතුම් පැතුම්වලට ගැළපෙනම සහකරුවා ඔබට හමුවී ඇති බව පෙන්වන ලක්‍ෂණ කිහිපයක් පිළිබඳවයි.

01. ප්‍රසිද්ධියේ ආදරය පෙන්වීම

තමන්ගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකට තමන් සහ සහකරු එකට ඉන්න ඡායාරූපයක් දාලා ති‍ෙයනව නම්, නිතරම අනෙක් අයත් එක්ක තමන්ගෙ සම්බන්ධතාව ගැන කතා කරනවා නම්, ප්‍රසිද්ධ ස්ථානවලදීත් ආදරණීය විදියට හැසිරෙන්න පැකිලෙන්නේ නැතිනම් ඒකෙන් කියන්නේ තමන්ගේ සම්බන්ධතාව සැඟවීමට කිසිම හේතුවක් නොමැති බවයි. එවැනි සම්බන්ධතා විශ්වාස කිරීම පහසුයි. මොකද ඔවුන් බොරුවක් කරනවා නම් ඔවුන්ගේ යහළුවන් ඉදිරියේ, නැදෑයන් ඉදිරියේ ඔහු ඔබට ආදරේ බව පෙන්වීමට යන්නේ නැහැ. ඉතින් ඔයාටත් ඉන්නේ මේ වගේ සහකරුවෙක් නම් ඔබත් වාසනාවන්තයි.

02. ඔබට ඔහු එක්ක ඉඳිද්දී ඔබේ සැබෑ ස්වරූපය පෙන්වන්න පුළුවන්

ඔබ ඔබේ සහකරු එක්ක ඉදිද්දී විශේෂයෙන් අමුතු හැසිරීමක් දක්වන්න අවශ්‍ය නැතිනම්, ඒ වගේම ඔබේ ළමා හැසිරීම් සියල්ල ඉවසන කෙනෙක් නම් එයිනුත් හැඟවෙන්නේ ඔබ ඉතාම ගැළපෙන සම්බන්ධයක ඉන්න බවයි. ඒ වගේම ඔබට දුක, සතුට, තරහ බාධාවක් නැතිව ප්‍රකාශ කරගන්න පුළුවන් වීමත් ඉතාම වැදගත්. ඔබේ හැසිරීම, ක්‍රියාවන්, පුරුදු කොයිතරම් අසාමාන්‍ය වුණත් ඔබට එක විදියට ආදරය කරන්න පුළුවන් කෙනෙක් ලබන්න පුළුවන් නම් ඒක ඉතාම වාසනාවක්. එතකොට ඔබට ඔබේ ජීවිතය පුරාම ඔබ නොවන චරිතයක් මවාපාන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒ වගේම ඔබට සරලව පහසුවෙන් ජීවිතය ගත කරන්න පුළුවන්

03. හොඳ ආරංචිත් නරක ආරංචිත් දෙකම ඔබ සමඟ බෙදා ගන්නවා නම්

ඔබට හදිස්සියේ සුබ ආරංචියක් හෝ නරක ආරංචියක් ලැබුණාම ඒක කියන්න මුලින්ම මතක් වෙන්නෙ ඔබේ සහකාරයාව නම්, ඒකේ අදහස ඔබ ඉන්නෙ ඉතාම ගැළපෙන සහකරු එක්ක කියන එකයි. ඔබේ සතුට බෙදාගන්න සහයෝගය දෙනවා නම්, ඔබත් එක්ක සතුටු වෙනවා නම්, දුකේදී ඔබව සනසනවා නම්, අඬන්න ඔබට උරහිස දෙනවා නම්, එහෙම කෙනෙක් එක්ක තමයි ඔබ ජීවිතයම ගත කරන්න අවශ්‍ය. ඔබ දුකක්, සැකක්, බයක් හෝ සතුටක් ඇති වෙන වෙලාවට ඒක ඔබේ සහකරුට කියන්න මැළිකමක් දැනෙනවා නම් ඒ කියන්නේ ඔබ දෙදෙනා අතර විශ්වාසය මුළුමනින්ම තහවුරු වෙලා නෑ කියන එකයි.

04. රණ්ඩු වෙනවානම්

රණ්ඩු ඇති වෙනවා කියලා කියන්නේ ඒ අය තමන්ගේ හිතේ තරහ තියාගෙන ඉන්නේ නෑ. රණ්ඩු කරනවා යන්නෙන් අදහස් කරන්නේ ශාරීරිකව නෙවෙයි. ඕනෑම යුවළක එකඟ නොවීම් තියෙනවා. ඒවා හයියෙන්, ඔබේ මානසික ආවේගයේ හැටියට පිට කරගන්න අවකාශය තියෙනවා කියන්නේ විශාල සහනයක්නේ. ඒ වගේම සද්දෙන් කතා කරන්නේ හැමදාම එකම කෙනා නම් අනෙක් කෙනාට ඒ අවස්ථාව නැතිනම් ඒකත් ඒ තරම් හොඳ සම්බන්ධයක් නෙවෙයි.

05. ඔබ එකිනෙකාව ධෛර්‍යමත් කරනවා නම්

ඔබ අලුත් කෑමක් හදන්න ඉගෙන ගන්නවා වුණත්, අලුත් සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙන ගන්නවා වුණත් ඔබේ සහකරුවා ඊට ඔබට අනුබල දෙනවා නම්, අගය කරනවා නම් ඒකෙන් කියන්නේ ඔබට ඉතාම පරාර්ථකාමී සහකරුවෙක් ඉන්නවා කියන එකයි. ඒ වගේම ඔයාට ජීවිතේ සාර්ථක කරගන්න එයාගෙන් හැමදේකටම උදව් කරනවා නම් ඔබේ සිතුම් පැතුම්වලට ගැළපෙන සහකරුවෙක් ඔබටත් ඉන්නවා.

06. ඔබ දෙදෙනා අතර හොඳ ශෘංගාරයක් තියෙනවා

ප්‍රේම සම්බන්ධයක ඉතාම වැදගත් දෙයක් තමයි ලිංගිකත්වය. බොහෝවිට විවාහයෙන් පස්සේ එකිනෙකා ගැන තියෙන ශෘංගාරාත්මක හැඟීම් අඩු වෙලා යනවා දකින්න පුළුවන්. නමුත් මේකට බලපාන වෙනත් හේතුත් තියෙනවා, කාන්තාවන් ගෙදර වැඩපළටවලට සහ දරුවන්ගේ දේවල්වලට පමණක් කාලය වැය කිරීම එයට ප්‍රධාන හේතුවක්. එහෙම වුණත් සමහර අය ඉන්නවා වයසට ගියත් එකිනෙකා ගැන තියෙන උනන්දුව අඩු නෑ. ඒ වගේම ඒ හැර එකිනෙකාගේ අත් අල්ලා ගැනීම, සිප ගැනීම, තුරුලු කර ගැනීම, සුරතල් කිරීම ආදිය මඟිනුත් සම්බන්ධතාවයේ මේ කොටස ශක්තිමත් වෙනවා.

අන්තර්ජාලය ඇසුරෙනි

Post Views: 6,873

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes