Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ඉර්ෆාන් ඛාන් වගේම ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ගැන දැනගන්න

Posted on May 6, 2020May 24, 2020

මේ වෙනකොට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල බොහෝ දෙනෙක් නලුවන් දෙදෙනෙකුගේ නික්ම යාම පිළිබඳව දුක් වෙනවා.එක් අයෙක්ඉන්දියානුවෙක්, අනෙක් කෙනා අපේ රටේ නළුවෙක්. හැබැයි මේ සෝසුසුම් මැද්දේ බැන අඩා ගසා ගැනීම් රාශියක් අපිට අහන්න දකින්න ලැබෙනවා.හේතුව තමයි එක පිරිසක් ඉන්දීය නළුවා වන ඉර්ෆාන් ඛාන් ගැන පමණක් දැන සිටීම.ඒ අය අපේ රටේ කාලයක් සිංහල සිනමාවට නැතුවම බැරි වෙලා හිටපු නළුවෙක් වන ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ගැන කිසි ම දෙයක් දැන නොසිටීම එක විදිහකට බැලුවොත් ඛේදවාචකයක්. මේ නිසා  විශ්වකර්ම අපි හිතුවා අපේ සාමාන්‍ය වීඩියෝ ක්‍රමයෙන් පොඩ්ඩකට වෙනස් වෙලා ඔබට ඉර්ෆාන් ඛාන් ගැන වගේම ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ගැනත් මෙතෙක් ඔබ නෑසූ විරූ තොරතුරු ටික බෙදා ගන්න. ඊට කලින් මතක් කරන්න ඕන දේ තමයි ලංකාවේ අංක එකේ යූ ටියුබ් නාලිකාව වන විශ්වකර්ම යූ ටියුබ් නාලිකාව මෙතෙක් ඔබ සබ්ස්ක්‍රයිබ්  කරල නැත්තං සබ්ස්ක්‍රයිබ් කරන්නත් අපේ වීඩියෝස් නිකුත් වූ සැණින් එසැණින් දැනගන්න බෙල් සලකුණ ක්ලික් කරන්න කියන මතක් කිරීම.

සමකාලීන සිනමා නළු නිළියන්ට ඇලෙක්ස් අයියා වුණු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගේ උප්පැන්න සහතිකයේ  නම සඳහන් වුණේ ජෝශප් මැනුවල් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු කියන විදිහට. එතුමා උපත ලබන්නේ  1940 අගෝස්තු 25 වැනිදා  කොළඹ කොටහේනේ කොච්චිකඩේ ප්‍රදේශයේදී. මූලික අධ්‍යාපනය කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ලබාගෙන බෙනඩික් වැඩිදුර අධ්‍යාපනය සඳහා ශාන්ත අන්තෝනි විද්‍යාලයට ඇතුළත් වෙනවා.පාසල් කාලය තුළ තුල එතුමා වැඩි වශයෙන් ජනප්‍රිය වුණේ ක්‍රීඩකයෙක් විදිහට.මල්ලවපොර, බොක්සිං, පිහිනුම්, කරාටේ, ජූඩෝ වගේ ක්‍රීඩාවල යෙදීමට එතුමා ප්‍රිය කරයි.ලංකාවේ මලල ක්‍රීඩකයන් අතරින් අතලොස්සකට පමණක් ලැබෙන දුර්ලභ වාර්තාවකටත් එතුමා හිමිකම් කිව්වා. ඒ 1960 දශකයේ අපරාජිත ජාතික මල්ලවපොර ශූරයා බවට පත්වෙමින් . ඒ වගේම  1962 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහ 1964 ටෝකියෝවේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උලෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ සුවිශේෂී අවස්ථාව  එතුමාට  ලැබුණා.

බොහෝ නළු නිළියන් චිත්‍රපටයක පෙනී සිටීමට අවස්ථාවක් ලබාගන්න දහ දුක් විඳිද්දී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුට ඒ අවස්ථාව ලඟටම ගෙනත් දුන්නා වගේ ලැබුණා. 1962 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වෙලා ලංකාවට ආපු ඔහුව මුණ ගැහෙන්න ලෙනින් මොරායස් කියන්න ලංකාවේ සුප්‍රකට චිත්‍රපටි නිර්මාණකරුවා ආවා.ඔහු තමයි ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුට සිනමාවේ දොරටු විවර කරන්නේ.

ඒ අනුව  වෙන ස්වර්ගයක් කුමටද චිත්‍රපටියේ සටන් ජවනිකාවක් සඳහා පෙනී සිටින්න ඔහුට අවස්ථාව ලැබෙනවා.උස්වැටකෙයියාව මුහුදු තීරයේ හෙන්රි ජයසේන සහ ෆ්ලොරීඩා ජයලත් පෙම් සුව විඳිමින් සිටින අවස්ථාවක ඊට බාධා කරමින් හෙන්රි ජයසේන සමඟ සටන් වැදීමට  මේ දර්ශනයේදී ඔහුට සිද්ධ වුණා. මේ දර්ශනය සඳහා ඔහුට රුපියල් 10 ක ගෙවීමක් ලැබුණා.එතුමා පස්සේ කාලේ කියලා තියන විදිහට ඒ මුදලෙන් ඔහු බිත්තර දහයක් නෙස්ටමෝල්ට් ටින් එකක් සහ කෙසෙල් ගෙඩි කිහිපයක් මිලට අරගෙන තියෙනවා.

කොහොම වුණත් චිත්‍රපටිය ප්‍රදර්ශනය වෙද්දී මේ ජවනිකාව සංස්කරණයේදී ඉවත් වෙලා තියෙනවා. මේ නිසා ඔහු මුල්වරට ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබෙන්නේ රුහුණු කුමාරි  චිත්‍රපටය තුළින්.

ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ප්‍රනාන්දුට පළවෙනි වතාවට ප්‍රධාන චරිතයක් රඟපාන්න ලැබෙන්නේ ශ්‍රී මදාරා චිත්‍රපටයෙන්. මේ චිත්‍රපටය සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයාගේ නිර්මාණයක්. මේ චිත්‍රපටියේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගේ පෙම්වතිය විදිහට රඟපාන්නේ ශ්‍රියානි පෙරේරා.නමුත් එතුමා අතිශයින් ජනප්‍රියත්වයට පත් වෙන්නේ සරදියෙල්ගේ සරදියෙල්ගෙ  පුතා චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපෑම නිසා. නීල් රූපසිංහ අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගේ පෙම්වතිය බවට පත් වෙන්නේ මාලිනී ෆොන්සේකා.  ඒ වගේම පරසතුරෝ චිත්‍රපටියේ මර්වින් ජයතුංග සමග ඔහු නිරූපණය කළ චරිතය සිංහල සිනමාව තුළ අමතක නොවන චරිත නිරූපණයක්.ඔවුන් දෙදෙනා එකම අංශුවකින් බැඳුණු සිංහල සහ දෙමළ සිරකරුවන් දෙදෙනෙකුගේ චරිත එම චිත්‍රපටය තුළ නිරූපණය කළා.

අවසාන වශයෙන් එතුමා සම්බන්ධ වුණේ මංගල තෑග්ග දෙක චිත්‍රපටියට.මේ චිත්‍රපටිය ඉදිරියේදී විකාශනය වීමට නියමිතයි.

කොහොම වුණත් සිංහල සිනමාව තුළ වීරයෙක් විදිහට වගේම කඩවසම් දුෂ්ටයෙක් විදිහට විදිහටත් ප්‍රේක්ෂකයන්ව පිනවපු  ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුට නිසි සැලකිල්ලක් රටෙන් සහ ජනමාධ්‍යයවලින් ලැබුණද කියන එක ප්‍රශ්නයක්.වතාවක් සටන් ජවනිකාවක් නිරූපණය කරන්න ගිහිල්ලා මාස කීපයක් එතුමාට ඔත්පල වෙලා ඉන්න සිද්ධ වුණා.නමුත් ඒ ගැන කිසිදු මාධ්‍යයකින් ඒ ගැන සඳහන් වුණේ නැහැ.  ‘ උඹලා ජනප්‍රිය නළුවෙක්ගේ කකුලක් වැදිලා ලේ ගැලුවත් ලියනවා,පත්තරේ දානවා. අපි චිත්‍රපටි කරලා සටන් කරන්න ගිහින් අතපය කඩාගෙන මාස ගණනක් එකතැන වෙලා හිටියත් ලියන්නේ නෑ කියලා “සිත් තැවුලට පත් වෙච්ච එතුමා ඒ කාලේ මාධ්‍යවේදීන්ට දෝෂාරෝපණය කලා.

අවසාන කාලයේදී එතුමාට නිසි පරිදි ආදායමක් තිබුණේ නැහැ.දරුවන් එතුමාගේ කටයුතු සොයලා බැලූවත් සිනමාවෙන් එතුමාට දෙයක් ලැබිලා තිබ්බේ නැහැ. එතුමා සිනමාවට පිවිසිලා තියෙන්නේ රාජ්‍යයට සම්බන්ධ ක්‍රීඩා උපදේශක වරයකු විදිහට කරපු රැකියාව අත්හැරලා.මේ නිසාම ඔහු වගේම කඩවසම් පුද්ගලයෙක් වුණු එතුමාගේ පුතා නළුවෙක් වෙන්න ඇද්ද කියලා කවුරුහරි ඇහුවම මෙහෙම උත්තරයක් දුන්නයි කියලා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහත්තයා මාධ්‍ය වලට කියලා තියෙන්නේ කියල තියෙන්නෙ බොහොම දුකෙන්.ඒ උත්තරේ තමයි “තාත්තට වෙච්ච දේ පේන්නේ නැද්ද මට නළුවෙක් වෙන්න ඕන නැහැ.තාත්තා රස්සාවක් කරගෙන හිටියා නම් අද ඔහේ උඩ බලාගෙන ඉන්නේ නැහැනේ”

අපි දැන් ඉර්ෆාන් ඛාන් දිහාට හැරුණොත් එහෙම ඉන්දීය සිනමාව තුළ ආධිපත්‍ය පතුරවාගෙන ඉන්න ඛාන්ලා තුන්දෙනෙක් ඉන්නවා ඒ තමයි සල්මන් ඛාන්, අමීර් ඛාන් සහ ෂාරුක් ඛාන්. හැබැයි ඉර්ෆාන් ඛාන් කියන්නේ රඟපෑමේ හැකියාවෙන් මේ සියලු ඛාන්වරුන්ම අභිබවා ගිය කෙනෙක්.

ඒ වගේම ඉර්ෆාන් ඛාන්ගේ ජීවිතයත් හරියට චිත්‍රපටියක් වගේමයි. කුඩා කාලයේ දී ජුරාසික් පාක් චිත්‍රපටය නරඹන්න යන්න ටිකට් පතක් ගන්න සල්ලි නැතුව ඔහු බෙහෙවින් දුකට පත් වෙනවා.හැබැයි පස්සෙ කාලෙකදි ඔහුට ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටයේ රඟපාන්න ඔහුට අවස්ථාවක් ලැබෙනවා.

1967 ජනවාරි 07 වැනිදා උපත ලබන ඉර්ෆාන් ඛාන්ගේ සම්පූර්ණ නම ෂහබ්සේඩ් ඉර්ෆාන් අලී ඛාන්.ධනවත් ව්‍යාපාරික පවුලක උපත ලබපු ඉර්ෆාන් ඛාන් ට කුඩා කාලයේ ඉඳන්ම අඟහිඟකමක් තිබුණේ නැහැ. ඔහුගේ පියාට ඉර්ෆාන්ව ව්‍යාපාර කටයුතු සඳහා සහභාගි කරගන්න අවශ්‍ය වුණත් ඉර්ෆාන්ගේ හිත නැවතිලා තියෙන්නේ සිනමාවේ.මේ නිසාම සිනමා නිර්මාණ නැරඹීම සඳහා තම පුතා ට මුදල් ලබාදීම ඔහුගේ පියා ප්‍රතික්ෂේප කරලා තියෙනවා.ඒ නිසයි අපි අර කලින් කිව්වා වගේ ජුරාසික් පාක් චිත්‍රපටය නරඹන්න ඔහු ට මුදල් සොයා ගන්න බැරුව ලත වෙන්න සිද්ධ වෙන්නේ.

ගෙදරින් මොන තරම් විරෝධතාව බාධක ආවත් ඉර්ෆාන් රඟපෑම ගැන හදාරන්න පටන් ගන්නවා.වාසනාවකට වගේ ඔහුට නැෂනල් ස්කූල් ඔෆ් ඩ්‍රාමා ආයතනයෙන් ශිෂ්‍යත්වයක් ලැබෙනවා.මේ කාලයේ දී විශ්වවිද්‍යාල උපාධියක් හදාරමින් හිටියත් ඔහු එම උපාධියේ කටයුතු පසෙකට දමා මේ ආයතනයේ ඉගෙන ගැනීමට යනවා.

ඔහු තමන්ගේ සිනමා ගමන ආරම්භ කරන්නේ සලාම් බොම්බේ චිත්‍රපටියෙන්. හැබැයි ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගේ පළවෙනි චිත්‍රපටයට වුණා වගේම මේ චිත්‍රපටයේ ඉර්ෆාන් ඛාන් රඟපෑ දර්ශනය චිත්‍රපටය තිරගත වෙද්දී ඉවත් වෙලා තිබ්බා.ඊට පස්සේ ඔහු සිනමා නිර්මාණවල වගේම රූපවාහිනි නිර්මාණවලත් සුළු සුළු චරිතවලට දායක වුණා.නමුත් ඔහු පැමිණි ගමන රෝස මල් යහනාවක් වුණේ නම් වුණේ නැහැ. ඇතැම් නිෂ්පාදකවරු ඔහුගේ රංගන දායකත්වය ලබා ගත්තත් මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කරනවා ඒ සඳහා ඔවුන් ලබා දෙන්නේ දෙන්නේ අරුම පුදුම හේතු ” තවම ඔයාගේ රංගන හැකියාව පරිණත නැහැ. ඒ වගේම කලා නිර්මාණයකට ගැලපෙන පෙනුමකුත් ඔයාට නෑ. ඒ නිසා අපිට සල්ලි ගෙවන්න වෙන්නේ නැහැ”.මේ නිසා වතාවන් කීපයකදීම ඔහු  කලා ක්ෂේත්‍රයට සමු දෙන්න  හිතුවත් ඒ සෑම අවස්ථාවකදීම ඔහුගේ යටි සිත එසේ නොකරන ලෙසට ඔහුට බල කරනු ලබනවා.

පළමු වතාවට ඔහුට ප්‍රධාන චරිතයක් රගපාන්න රඟපාන්න ලැබෙන්නේ ආසිෆ් කපාඩියා නිර්මාණය කළ ද වොරියර් චිත්‍රපටියෙන්.නමුත් ඔහු ජනප්‍රියත්වයට පත් වෙන්නේ රෝග්  චිත්‍රපටයෙන්.මේ චිත්‍රපටයේ ඉර්ෆාන්ගේ රඟපෑම දැකපු එක විචාරකයෙක් ලිව්වෙ ඉර්ෆාන්ගේ දෙබස් වලට වඩා ඉර්ෆාන්ගේ ඇස් ප්‍රේක්ෂකයා එක්ක හොඳින් කතා කරනවා කියලා.ඊට පස්සේ ඔහු රංගනයෙන් දායක වනු ලයිෆ් ඉන් අ මෙට්‍රෝ, ද නේම්සේක් කියන චිත්‍රපටි බොක්ස් ඔෆිස් වාර්තා පිහිට වනු ලැබුවා.

ඉර්ෆාන් ඛාන් දායක වන පළමු ජාත්‍යන්තර මට්ටමේ සිනමා නිර්මාණය වෙන්නේ 2008 වර්ෂයේදී තිරගත වූ ස්ලම්ඩෝග් මිලියනර් චිත්‍රපටය.ඉන් පසුව ඔහු 2012 වර්ෂයේදී ද් අ’මේසින් ස්පයිඩර් මෑන් සහ ලයිෆ් ඔෆ් පයි චිත්‍රපටි සඳහා තමන්ගේ දායකත්වය ලබා දුන්නා.ඒ වගේම මේ කාලයේදී ඉර්ෆාන් ඛාන් ට දෛවෝපගත  සිදුවීමකට මුහුණ දෙන්න වෙනවා. ඒ “ද නේම් සේක්” චිත්‍රපටයට දායක වෙන්න සිදුවීම. මෙහි ඇති විශේෂත්වය වෙන්නේ සලාම් බොම්බේ චිත්‍රපටයේ ඉර්ෆාන් ඛාන් පෙනී සිටි දර්ශනය ඉවත් කරනු ලැබූ මීරා නායර් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කිරීම.

2012 වර්ෂයේ දී තිරගත වූ දාමරිකයෙකු  බවට පත්වන මලල ක්‍රීඩකයකුගේ කථා පුවත රැගත් පාන් සින් තෝමර් චිත්‍රපටියේ ඔහු සිදුකළ සිදු කළ රඟපෑම ප්‍රේක්ෂකයන්ගේ වගේම විචාරකයන්ගේ ප්‍රශංසාවට ලක් වුණා.ඩෑන් බ්‍රවුන් විසින් රචනා කරන ලද ආන්දෝලනාත්මක නවකතාවක් වන ඉන්ෆර්නෝ ඇසුරින් එම නමින්ම නිපදවන ලද චිත්‍රපටය තුළ ටොම් හැන්ක්ස් සමග කරට කර සිටින අන්දමේ රඟපෑමක් ඔහු එම චිත්‍රපටය තුළ නිරූපණය කළා.ඒ වගේම  හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් වන  පීකු ඒ සඳහා ඔහු අමිතාබ් බච්චන් සහ දීපිකා පදුකෝන් සමග එකට රඟ පෑවා.

වෙස් ඇන්ඩසන් නම් බටහිර චිත්‍රපටි නිර්මාණකරුවා ඉර්ෆාන් ඛාන්ට කොතරම් ප්‍රිය කරාද කියනවා නම් ඔහුගේ චිත්‍රපටයක් වන ද ඩාජිලින් ලිමිටඩ් චිත්‍රපටියට ඉර්ෆාන් ඛාන් වෙනුවෙන්ම චරිතය නිර්මාණය කොට ඒ  සඳහා ඔහුගේ දායකත්වය ලබා ගත්තා.

2018 වර්ෂයේ දී ලෝකයම සංවේගයට පත් කරමින් ඉර්ෆාන් ඛාන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තැබුවා. ඒ තමන් දුර්ලභ රෝග තත්ත්වයකින් පෙලෙනවා කියලා. එහිදී ඔහු වැඩිදුර තොරතුරු සඳහන් කොට නො තිබුණත් ස්නායු අන්තරා සර්ග පද්ධතිය ආශ්‍රිතව හට ගැනෙන එම දුර්ලභ රෝගයක් හේතුවෙන් රුධිර සංසරණ පද්ධතියට හෝමෝන නිකුත් කරන සෛලවලට බලපෑම් ඇති වී තිබුණා.එය පිළිකාවක්. එතැන් පටන් ඉර්ෆාන් ලන්ඩනයේ සහ ඉන්දියාවේ රෝහල් වලින් එම රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගත්තා.

මේ අතර තුර කාලයේදී ඔහු සිය රසිකයන් වෙනුවෙන් හදවත කළඹවන ආකාරයෙන් ට්විටර් පණිවිඩ නිකුත් කරා.ඒ තුළින් ඔහු ජීවිතයේ අනිත්‍ය ස්වභාවය ගැන කතා කළා.මේ රෝගී තත්වය නිසාම ජීවිතයේ යථාර්ථය තමන්ට මැනවින් අවබෝධ වූ බවත් තමන් දැන් ගත කරන්නේ සුවිශාල සැලසුම් ප්‍රමාණයක් නැති සරල ජීවිතයක් බවත් ඔහු සඳහන් කළා.ඒ වගේම ඒ සෑම අවස්ථාවක දී ම ඔහු වැදගත් දෙයක් රසිකයන්ට පවසන්න අමතක කරේ නැහැ ඒ තමයි තමන්ගේ රෝගී තත්ත්වයට වඩා චිත්ත ශක්තිය බලවත් කියලා

කොහොම වුණත් මේ වෙද්දි ඉර්ෆාන් ඛාන් අපි අතරින් සදහටම සමු අරගෙන ගිහිල්ලා.

ඔහුගේ මරණය සැලවීමත් සමගම අමිතා බච්චන් මෙන්න මේ විදිහට ට්විටර් පණිවිඩයක් නිකුත් කළා. “ඇදහිය නොහැකි දක්ෂතාවක්, කරුණාවන්ත සගයෙක්, ලෝක සිනමාවට විශිෂ්ට දායකත්වයක් දැක්වූ කෙනෙක්, විශාල රික්තයක් ඇති කර කලින්ම අප අතහැර ගිහින්.ඒ වගේ ම බොහෝ හොලිවුඩ් සහ බොලිවුඩ් නළු නිළියන් ට්විටර් පණිවිඩ නිකුත් කරමින් තම සහෝදර නළු වගේ සමුගැනීම පිළිබඳව පිළිබඳව ශෝකය පළ කරලා තිබ්බා.

ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතාට වගේම ඉර්ෆාන් කාන්ටත් විශ්වකර්ම මේ විදිහට තමන්ගේ උත්තමාචාරය පළ කරනවා.

යලිත් වතාවක් මේ වගේම ඔබේ ජීවිතයට දැනුමක් ගැන දෙන වීඩියෝවකින් නැවත මුණ ගැහෙන

Post Views: 4,520

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes