Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ඔබව පුදුමයෙන් පුදුමයට පත්කරන හෙළිදරව්වක්

Posted on May 6, 2020May 24, 2020

මේ වෙනකොට ලංකාවේ රාවණා කතා පුවත ගැන විවිධ මත පළ කරන අය හතු පිපෙනවා වගේ දවසින් දවස දකින්න ලැබෙනවා.හැබැයි මේ කිසිම කෙනෙක් ඔබට කිව්වේ නැති කතාවක් තමයි අද අපි කියන්න යන්නේ. ඒ තමයි රාවණාව  පරාජය කරාට පස්සේ රාම, ලක්ෂ්මණ සහ සීතාට මුහුණ දෙන්න වෙච්ච අවාසනාවන්ත ඉරණම ගැන.ඒ ගැන ඔබට කියන්න කලින් විශ්වයේ ම විශ්මිත දැනුම ඔබ වෙත මේ අයුරින් ගෙන එන විශ්ව කර්ම යූ ටියුබ් නාලිකාව මෙතෙක් ඔබ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තන් සබ්ස්ක්‍රයිබ් කරන්නත් ඒ වගේම මේ වගේ ආන්දෝලනාත්මක වීඩියෝස් නිකුත් වූ  සැනින් දැන ගන්න බෙල් සලකුණ ක්ලික් කරන්න කියන පණිවිඩය මතක් කරන්න කැමතියි.

ගොඩක් කට්ටිය රාමායනේ එන කතාව ගැන දන්නේ රාවනාව පරාජය කරපු තැනට වෙනකන් විතරයි.අපි දැන් මේ කියන්න යන්නේ ඊට පස්සේ වුණු දේ ගැන. යුද්ධයෙන් රාමා ජයග්‍රහණය කර ගත්තා කියන ආරංචියත් එක්ක සීතාගේ ආරක්ෂාවට හිටපු රැකවල්ලු ඇයව රාමා වෙතට ගෙන යන්න තීරණය කරනවා.වසර ගණනාවකට පස්සේ තමන්ගේ ස්වාමියා ඔබ නැවතත් මුණ ගැහෙන්න හැකිවීම ගැන සිතා මහත් සන්තෝෂයට පත් වෙනවා.නමුත් ඔයා රාමාව මුණ ගැහුණම ඇයට මුහුණ දෙන්න වෙන්නේ කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ වෙච්ච දේකට. සීතා වසර ගණනක් රාවණාගේ ආරක්ෂාව යටතේ සිටිය නිසා සීතා තමන්ගේ පිරිසිදු භාවය ඔප්පු කළ යුතු යැයි කියලා රාමා කියනවා.ඒ සඳහා ගිනි ජාලාවක් මගින් ඇය ගමන් කළ යුතුයි කියලා රාමා නියෝග කරනවා. මේ තීරණය ගැන අතිශයින් කම්පාවට පත් වුණත් සිතා ඊට එකඟ වෙනවා.ඇය ඒ ගිනිජාලාව මැදින් ගිහිල්ලා තමන්ගේ පිරිසිදු භාවය ඔප්පු කරනවා.මේකෙන් සතුටට පත් වෙන රාමා ඇයව බිරිඳ හැටියට පිළිගෙන නැවතත් අයෝධ්‍යාව වෙතට ගිහිල්ලා රජකම බාර ගන්නවා.මේ කාලයේදී සීතා ගැබ් ගන්නවා. දවසක් සීතා සහ ඇගේ යෙහෙලියක් සීතා ලංකාපුරයේ ගතකළ කාලය ගැන කතා කරමින් ඉන්නවා. රාවණා කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා මේ යෙහෙළිය සීතාගෙන් අහනවා. ඇයට පිළිතුරු දීම පහසු වෙන්න වෙන්න සීතා රාවණාගේ චිත්‍රයක් අඳිනවා. මේ චිත්‍රය දිහා ඔවුන් බල වල ඉන්දැද්දි රාමා එතනට එනවා. ඉන් කලබලයට පත්වන සීතා මෙ චිත්‍රය තමන්ගේ සයනයට යටට දානවා.සයනය උඩ වාඩි වෙන රාමා ඒ යට කුමක් හෝ තිබෙන බව දැනගෙන චිත්‍රය හොයා ගන්නවා.රාවණාගේ චිත්‍රය දකින රාමා-සීතා කෙරෙහි සැකයක් ඇති කර ගන්නවා.සමහර කථාවල කියවෙන විදිහට සීතාගේ යෙහෙළිය විදිහට වෙස් වලා ගෙන එන්නේ සුපර්ණිකා. මේ අතරතුරේදී අයෝධ්‍යාවේ සීතා වසර ගණනක් රාවණා යටතේ සිටිබව සඳහන් කරමින් කට කතා පැතිරෙන්න පටන් ගන්නවා.මේ කට කතා  රාමාගේ කනටත් යනවා. තමාගේ බිරිඳ අග්නි පරීක්ෂාවක් කරලා ඇගේ නිර්දෝෂීභාවය ඔප්පු කරලා තිබුණත් රාමා අමානුෂික තීරණයක් ගන්නවා.ඒ තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්න දරු ගැබක් සහිත  සීතාව වනයට පිටුවහල් කරන්න. අසරණ වුණු සීතාට වනයට යෑම හැර වෙන විකල්පයක් තිබුණේ නැහැ.වනාන්තරයේ එහෙ මෙහෙ යන ඇය අවසානයේදී වාල්මිකී ඍෂිවරයාගේ අසපුවට යනවා.අතුරු කතාවක් කියනව නම් මේ වාල්මිකී සෘෂිවරයා තමයි පස්සෙ කාලෙකදි රාමායනය රචනා කරන්නේ.මේ ඍෂිවරයාගේ අසපුවේ දී සීතා නිවුන් දරුවන් ප්‍රසූත කරනවා.ඔවුන් දෙදෙනාට ලව සහ කුස ලෙස නම් තබනවා.

මේ කාලෙදි රාමා හින්දු ආගමේ සඳහන් වන අශ්වමේද කියන යාගය ආරම්භ කරනවා.මෙ යාගයේදී  සිද්ධ වෙන්නේ රාමාගේ මඟුල් අශ්වයා සරසලා ඌව නිදැල්ලේ යැවීම.මේ අශ්වයා වල යම් කෙනෙක් අල්ල ගත්තොත් ඒ කෙනා  රාමා සමග යුද කළ යුතු වෙනවා. මේ අශ්ව විවිධ ප්‍රදේශවල ඔහේ ඇවිදලා අවසානයේදී සීතා සහ දරුවන් වාසය කරපු වනාන්තරය වෙතටත් වෙනවා. මේ අශ්වයාව ලව සහ කුස අල්ලා ගැනීමට කටයුතු කරනවා. බ්‍රහ්මණ අසපුවක ඉන්න කුඩා දරුවන් දෙදෙනෙක් තමන්ගේ මගුල් අශ්වයාව අල්ල ගත්තා කියලා දැන ගන්න රාමා දැඩි ලෙස කෝපයට පත් වෙනවා.මේ අශ්වයාව නැවත ගෙන එන්න ලක්ෂමන්, භරත, ශතෘඝණ් වගේම හණුමාවත් යවනවා.මේ ගැන අහන්න ලැබෙන සීතා  තමන්ගේ පති භක්තිය  සත්‍ය නම් තමන්ගේ දරුවන් ජයග්‍රහණය කළ යුතුයි කියලා සත්‍යක් ක්‍රියා කරනවා.මේ කිසි කෙනෙක්ට මේ කුඩා දරුවන්ව පරාජය කරන්න බැරි වුණා කියල අහන රාමා අවසානයේ දී මේ දරුවන් සමඟ සමග සටන් කරන්න තමන්ම යනවා. ඒ වෙලාවෙදි තමන්ගේ ස්වාමියා සහ දරුවන් අතර සිදුවන සටනට සීතා මැදිහත් වෙනවා.මේ නිසා මේ හෙයින් එය තමන්ගේ දරුවන් බව  රාමා වටහා ගන්නවා.ඒ වගේම සීතාගේ නිර්දෝෂීභාවය ඔප්පු වුණ නිසා ඇයට සහ දරුවන්ට නැවතත් මාලිගාවට එන්න කියලා රාමා ආයාචනා කරනවා.

නමුත් තමන්ට මුහුණ දෙන්න සිද්ධ වුණ අවාසනාවන්ත ඉරණම ගැන අතිශයින් කම්පාවට පත්වෙලා හිටපු සීතා මේ කෲර වූ ලෝකයෙන් ඉතාමත්ම මුදවා ගන්න කියලා තමන්ට ජීවය දුන්න පෘථිවි මාතාව ගෙන් ඉල්ලා සිටිනවා.මෙතනදිත් අතුරු කතාවක් කිව්වොත් පුරාණෝක්ති වල කියවෙන විදිහට   සීතා මවු කුසකින් බිහිවුණු කෙනෙක් නෙමෙයි.ඇයව ඇගේ පියා විදිහට සලකපු ජනක රජ්ජුරුවන්ට ලැබෙන්නේ වප් මගුල් උත්සව අවස්ථාවේදී භාවිතා කළ නගුල කෙළවර පොළොව ගැටෙන අවස්ථාවේදී පහළ වුණු ඕපපාතික දරුවෙක් විදිහට. මෙහෙම වෙන්නත් පුරා කතා වල එක හේතුවක් සඳහන් කරනවා.ඒ තමයි සීතා විදිහට මේ ලෝකයේ පහළ වෙල වෙන මහා ලක්ෂ්මී දෙවඟන පහල වෙලා තියෙන්නෙ ඕපපාතිකව.මේ ඒ නිසා විෂ්ණු දෙවියන්ගේ අවතාර වල බිරිඳ විදිහට ලොව පහළ වන සෑම අවස්ථාවකදීම ඇය ලබාගන්නේ ඕපපාතික උපතක්.

සීතාගේ මේ ඉල්ලීමට ඇහුම්කන් දෙන පෘතුවි මාතාව පොළොව විවර කරලා සීතාව නැවත නැවතත් තමන්ගේ ලඟට ගන්නවා. සීතාගේ ඉරණම ඔන්න ඔය විදිහට විසඳෙනවා.

සීතාට වගේම ලක්ෂ්මණටත් අවසානයේදී උරුම වෙන්නේ එක හා සමාන ඉරණමක්.රාමායනය කියද්දී අපිට පැහැදිලි වෙන දේ තමයි රාම කියන ඕනෑම දෙයක් කිසිදු  විරෝධතාවයක් නැතුව සිද්ධ කරන්න ලක්ෂ්මණ ලැහැස්ති වෙලා තිබ්බ කියන එක.සීතාව වනාන්තරයට පිටුවහල් කිරීමේ වගකීම පැවරෙන්නේත් ලක්ෂමණට. ලක්ෂ්මන් සීතාට අම්මා  කෙනෙක්ට වගේ ආදරය කරත් ඔහු රාමගේ අණ පිළිපදිනවාරාමායණය ගැන කියවෙන සමහර තැන්වලදී අර අපි කලින් සදහන් කරපු රාවණාගේ චිත්‍රය දකින රාවණා දැඩි ලෙස කෝපයට පත්වෙලා සීතාව වනයට ගෙන ගොස් මරා දමන්න කියලා ලක්ෂමන්ට නියෝග කරනවා. ලක්ෂ්මන ඇයව වනයට ගෙන ගිහිල්ලා සියලු දේ පහදල වාල්මිකී සෘෂිවරයාගේ අසපුවට ඇයව යොමු කරලා නැවතත් තව අයෝධ්‍යාවට යනවා.ඒ යද්දි  සතෙක්ම මරණයට පත් කරලා ඒ ලේ වලින් තමන්ගේ කඩුව තෙත් කරලා රාමාට මේ සීතාගේ ලේ කියලා පෙන්නනවා.. අපි අර කලින් සඳහන් කලා වගේම ලව සහ කුස සමග සටන් කරන්නත් ලක්ෂ්මන් යනවා.

සීතා පෘථිවි මාතාව වෙත නැවත ගියාට පස්සේ ලව සහ කුස මාලිගාවට එනවා.ඔහොම වසර ගණනාවක් ගත වෙනවා.හින්දු ආගමේ මරණයට අධිපති විදිහට සැලකෙන්නේ යම දෙවියාව. දවසක් මේ යම දෙවියා රාමාව මුණ ගැසීමට එනවා. ඇවිල්ලා මෙන්න මෙහෙම කතාවක් කියනවා.”මට ඔබතුමා සමග වැදගත් කතාබහක් කරන්න ඕන.නමුත් ඒ සඳහා සහභාගී වෙන්න ඕන අපි දෙන්නා විතරයි.කිසිම මනුස්සයෙක් මේ සඳහා සහභාගී වෙන්න බැහැ.යම් පුද්ගලයෙක් මේ සාකච්ඡාවෙන් වචනයක් හෝ ඇහුවොත් ඔහුට මරණය හිමි වෙන්න ඕන”. රාමා යමගේ මේ කොන්දේසියට එකඟ වෙනවා. ඒ වෙලාවෙදි රාමා ලක්ෂ්මනට එන්න  කියලා තමන්ට මෙවැනි සාකච්ඡාවක නිරත වෙන්න තියෙනවා කියලා සාකච්ඡාව  සිදුවෙන කුටියේ දොරටුව ආරක්ෂා කිරීමේ වගකීම ඔහුට පවරනවා.

මේ සාකච්ඡාව යන අතරතුරේදී දුර්වාසස් කියන්න සෘෂිවරයා රාමාව මුණගැහෙන්න එනවා. හින්දු දේව කතාවල මේ සෘෂිවරයාව හඳුන්වන්නේ අතිශයින්ම කෝපයට පත්වෙන ඍෂිවරයෙක් විදිහට. මේ වෙලාවේදී රාමාට බාධා කළ නොහැකි බව ලක්ෂමණ් මේ ඍෂිවරයාට පහදා දීමට උත්සාහ කරනවා. මෙයින් අතිශයින් කෝපයට පත්වන සෘෂිවරයා යම් හෙයකින් තමන්ට මේ මොහොතේ රාමා හමු වීමට ඉඩ ලබා නොදුනහොත් මුළු අයෝධ්‍යා නගරයේම අලු වන ලෙසට තමන් සාප කරන බවට තර්ජනය කරනවා. මේ තර්ජනයෙන් බියට පත් වෙන ලක්ෂ්මන් කුටිය ඇතුලට ගිහිල්ලා මේ ගැන රාමාට දැනුම් දෙනවා. ලක්ෂ්මන් ඇතුල් වීමත් සමග තාම සාකච්ඡාවේ රහස්‍ය භාවය නැති වුණු බව සඳහන් කරමින් යම දෙවියා අතුරුදහන් වෙනවා. ඒ සැණින් රාමාට තමන් යම දෙවියාට වූ පොරොන්දුව ගැන මතක් වෙනවා.

රාමා ඒ පිළිබඳව ලක්ෂමණට සඳහන් කරමින් ඔහුට මරණය තෝරා ගැනීම හැර වෙනත් විකල්පයක් නැති බව සඳහන් කරනවා. සිය ජීවිතයේ අවසානය දක්වාම තම සහෝදරයට කීකරු වූ  ලක්ෂ්මණ සරයූ කියන ගංගාවට  ගිහිල්ලා මේ ගගේ ගිලිලා සිය දිවි හානි කර ගන්නවා.

රාමායණයේ මුල් කොටස කියවද්දී සඳහන් වෙනවා ලක්ෂණ විදිහට මේ ලෝකෙ පහළ වෙන්නේ විෂ්ණු දෙවියන්ගේ ආසනය වුණු ශේෂ කියන නම් නාග රාජයා කියලා.දස අවතාර අතරින් රාමාවතාරයෙන් ලෝකයේ කාලය ගත කරලා  විෂ්ණු දෙවියන් නැවතත් කිරි මුහුදේ තමන්ගේ වාස භවන වෙත එද්දී එතුමාට ආසනය සකස් වෙන්න ඕන හින්දලු ලක්ෂමණට මේ විදිහට තමන්ගේ ජීවිතය අත් අරින්න වුණේ. ඔන්න ඔය විදිහටයි හින්දු දේව කතාවල ලක්ෂමණට අතුරු අවාසනාවන්ත ඉරණමට හේතුව විදිහට දෙන්නේ.

තමන්ගේ බිරිඳත් සහෝදරයාත් අහිමි වීමෙන් පස්සෙත් රාමා තවදුරටත් අයෝධ්‍යාව පාලනය කරමින් කල් ගත කරනවා.මූලාශ්‍ර වල කියවෙන විදිහට අවුරුදු එකොළොස් දාහක් රාමා මේ විදිහට පාලන ගෙන යනවා. මේ කාලයේදී සිදුවූ විශේෂ සිදුවීමක් විදිහට සඳහන් වෙන්නේ තපස් කරමින් හිටපු ශම්බුක කියන ශුද්‍රයාව රාමා විසින් ඝාතනය කිරීම.බ්‍රාහ්මණ සමාජය තුළ ශුද්‍රයින්ට තපස් කිරීම තහනම් දෙයක්.මනුෂ්‍ය ලෝකයට තමන් පැමිණි සියලුම කාරණා මෙම වුණා කියලා හිතන රාම නැවතත් විෂ්ණු දෙවියන් විදිහට දිව්‍ය ලෝකයට නැවතත් යන්න හිතනවා. ඒ අනුව ඔහු සහ අයෝධ්‍යාවේ සියලුම දෙනා සරයූ ගංගාවේ ගිලිලා මේ ලෝකෙන් සමු අරගෙන නැවතත් දිව්‍ය ලෝකයේ පහළ වෙනවා.

හනුමන්තා සහ විභීෂණත් සරයූ ගංගාවේ ගිලී නැවතත් දිව්‍ය ලෝකයට යාමට කැමැත්ත පළ කරත් රාමා ඔවුන්ට අමරණීය වන ලෙසට ආශිර්වාද කරනවා.තමන්ගේ බැතිමතුන් රැක බලා ගැනීම ඔවුන් දෙදෙනාට පවරනවා.

ඔන්න ඔය විදිහට තමයි රාමා, ලක්ෂමණ සහ සීතාගේ ඉරණම විසඳෙන්නේ. මේ කතාවල තියෙන  ආගමික ස්වරූපයෙන් එහාට ගිහිල්ලා හිතුවොත් පැහැදිලි වෙන දේ තමයි මේ සියලු දෙනාටම අවසානයේ දී සතුටුදායක ඉරණමක් අත් වුණේ නැහැයි කියලා.

එහෙම නම් තවත් මේ වගේම ඔබව විශ්මයට පත් කරන දැනුමක් බෙදන වීඩියෝවකින් නැවත මුණ ගැහෙමු.

Post Views: 6,486

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes