Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

2020දී ලෝකය උඩු යටිකුරු වෙයිද?

Posted on April 19, 2020May 27, 2020

ආයුබෝවන්, විශ්වය පුරා පැතිරී තිබෙන විස්මිත දැනුම ඔබ වෙත ගෙන එන විශ්ව කර්ම නාළිකාවෙන් අපි අද මේ දවස්වල දැඩි ලෙස ආන්දෝලනයට ලක් වෙලා ඉන්න අනාවැකි කාරියක වන වන්ගා 2020 පිළිබඳව කියපු හිතාගන්නවත් බැරි අන්දමේ විස්මිත අනාවැකි කිහිපයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

මුලින්ම අපි වන්ගාගේ පසුබිම ගැන තොරතුරු ටිකක් දැන ගෙන ඉමු. වන්ගා ගැන සඳහන් වෙන හැම තැනකම වගේ ඒ කියන්නේ ජාත්‍යන්තර මාධ්‍ය වල පවා, භාවිතා වෙන්නේ වෙන්නේ බබා වන්ගා කියන නම. මේ නිසාම ගොඩක් දෙනෙක් හිතනවා මේ අනාවැකිකාරිගේ නම බාබා වන්ගා කියලා. නමුත් ඒ මතය වැරදියි වන්ගා ඉපදුනේ බල්ගේරියාවේ. බල්ගේරියානු භාෂාවෙන් බාබා වන්ගා කියන්නේ වන්ගා ආච්චි කියන තේරුම. “වන්ජේලියා පන්ඩේවා ගුෂ්ට්‍රේවා” මේ තමයි වන්ගාගේ උපත ලියාපදිංචි කිරීමේ ලේඛනයේ සඳහන් වෙලා තිබ්බ නම. නමුත් පවුලේ අයට සහ අසල්වැසියන්ට ඇය වන්ගා බවට පත්වුණා. 1911 ඉපදුනු වන්ගා දුඹුරු ඇස් සහිත සාමාන්‍ය පෙනුම ඇති ගෑණු ළමයෙක් වුණා. වයස අවුරුදු දොළහේ දී ඇගේ ජීවිතය එක් සිදුවීමක් නිසා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. තම මිතුරියන් පිරිසක් සමඟ සෙල්ලම් කරමින් සිටියදී ටොනාඩෝ කුණාටුවක් මගින් ඇයව ඉහලට ඔසවා අසල තිබූ වගාව බිමක් මතට හෙලා තිබුණා.ඇගේ ඇස් මඩ සහ වැලිවලින්  වැසී තිබුණා.මේ නිසා ඇගේ ඇස්වල පෙනුම සම්පූර්ණයෙන්ම අහිමිව ගියා. නමුත් මේ අහිමි වීමත් එක්ක විශ්වය මගින් ඇයට අසාමාන්‍ය හැකියාවක් හිමි කර දෙනු ලැබ තිබුණා. ඒ අනාවැකි කීමේ හැකියාවයි. එ පමණක් නොව 1939 දී පෙනහලු ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය වැඩි දිනක් ජීවත් නොවනු ඇතැයි වෛද්‍යවරුන් ස්ථිරසාරව පැවසූවා. නමුත් සැවොම පුදුමයට පත් කරමින් ඇය සුව බවට පත් වුණා.

ටික කාලයකට පසුව මුළු රට පුරාම ඇයගේ  අනාවැකි නිසා වන්ගාව ජනප්‍රියත්වයට පත් වුණා.එ වකට බල්ගේරියාව පාලනය කළ තුන්වෙනි බොරිස් අධිරාජයාද ඇයව මුණ ගැසී පෞද්ගලිකව උපදෙස් ලබා ගත්තා. ඒ ඇගේ අනාවැකි ඇසීමට පැමිණි පළමු පාලකයායි. පසු කලෙක දී සෝවියට් රුසියාවේ ප්‍රබලයන් බවට පත් වූ ලියෝනිඩ් බර්ෂනෝව් සහ බොරිස් යෙල්ට්සින් පවා තමන්ගේ නියෝජිතයන් වන්ගා වෙත එව්වා. විශේෂත්වය වුණේ මේ බොහෝ අනාවැකි වලට ඇය මිලක් අය නොකිරීමයි. ඇගේ අනාවැකි ඇසීමට පැමිණි තබා ගිය මුදල් යොදවා පල්ලියක් ඉදි කිරීමට ඇය කළා. 1996 දී පියයුරු පිළිකාවකින්  වන්ගා මිය යන විට තම මරණය පිළිබඳවත් තම සමීපතමයන්ට ඉඟි පළ කර තිබුණා. විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මේ අවමඟුලට බලවත් පුද්ගලයන් තමන් නියෝජනය කිරීමට තාම කාර්ය මණ්ඩලවල වැඩ කළ පුද්ගලයන් රහසිගතව සහභාගී කළ බව කියවෙනවා.

ඇගේ මරණය දක්වා වන්ගා පළ කළ අනාවැකි යුරෝපය තුළ ජනප්‍රිය වුණා. නමුත් වන්ගා පිළිබඳව මුළු ලොවම කතා කිරීමට පටන් ගත්තේ සැප්තැම්බර් එකොළොස් වැනි දින ඇමරිකානු ලෝක වෙළඳපොළ මධ්‍යස්ථානවලට ඔසාමා බින් ලාඩන් විසින් එල්ල කළ ප්‍රහාරය පිළිබඳව ඇය 1989 තරම් අතීතයේදී අනාවැකි පලකොට තිබූ බව හෙළි වීමත් සමගයි.

ඒ අනාවැකිය බල්ගේරියානු බසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේදී කියවෙන්නේ මේ ලෙසයි.

හොරර්, හොරර්, දී ඇමරිකන් බ්‍රදර්ස් විල් ෆෝල් ආෆ්ටර් බීන්ග් ඇටෑක්ඩ් බයි ද ස්ටීල් බර්ඩ්ස්. ද වුල්ව්ස් විල් බී හෝඕලින්ග් ඉන් අ බුෂ්, ඇන්ඩ් ඉනසන්ට් බ්ලඩ් විල් බී ගෂින්.

මේ අනාවැකිය සරල සිංහලෙන් පැවසුවොත් මෙන්න මේ විදිහයි. යකඩ කුරුල්ලන් විසින් පහර දෙනු ලැබූ ඇමෙරිකානු සහෝදරයන් ඇද වැටෙන විට  පඳුරු තුළ සැඟවී සිටි වෘකයා උඩුබුර ලන්නට පටන් ගනියි. අහිංසකයන්ගේ රුධිර ගංගා ගලා යනු ඇත.

සහෝදරයන් දෙදෙනෙකු බදු වූ ලෝක වෙළඳපොළ මද්‍යස්ථාන ගොඩනැගිලි දෙක ගුවන් යානා මගින් බිඳ වැටෙද්දී එවකට හිටපු ඇමරිකාවේ ජනාධිපතිවරයාගේ නම ඉංග්‍රීසි භාෂාවෙන් පඳුරකට කියන වචනය වීම ඒ කිව්වේ Bush වීම කෙතරම් පුදුම සහගතද කියන එක ගැන නැවත කිව යුතු නැහැයි කියලා අපි හිතනවා.

වන්ගාගේ මේ අනාවැකිය හෙළි වීමත් එක්ක බොහෝ දෙනෙක් ඇගේ අනාවැකි අධ්‍යයනය කිරීමට පටන් ගත්තා. ඇත්ත වශයෙන්ම කියනවා නම් වන්ගාගේ වටිනාකම බොහෝ දෙනෙක් වටහා ගත්තේ ඇගේ මරණයෙන් පස්සේ. ඇය විසින් සෝවියට් දේශයේ ආඥාදායක ජෝසෆ් ස්ටාලින් ගේ මරණය සිදුවන දිනය නිවැරැදිව පවසා තිබුණා.ඒ වගේ ම සෝවියට් දේශය බිඳ වැටීම පිළිබඳව කිසිදු සලකුණක් නොතිබුණු අවදියේ පවා සෝවියට් දේශයේ ඉරණම පැහැදිලිව ඇය සිය සමීපතමයන්ට පවසා තිබුණා. මේ පිළිබඳව සෝවියට් දේශයේ ඉහළ පෙළේ නිලධාරීන් පවා දැනුවත්ව සිටි බව පසුව හෙළි වුණා. වසර දෙදහේදී බැරන්ට්ස් මුහුදේ සිදු වූ අනතුරකින් නාවික හමුදා සෙබළුන් 118 දෙනෙකුගේ ජීවිතය අහිමි කළ කර්ස්ක් සබ්මැරීන් අනතුර ගැන ඇය ඊට  දශකයකට පමණ පෙර අනතුරු අඟවා තිබුණි.

ඒ වගේම වන්ගාගේ තවත් විශේෂත්වයක් වුණේ අනෙකුත් බොහෝ අනාවැකි කරුවන් එදිනෙදා ජීවිතය සහ ලෝක දේශපාලන තත්ත්වය ගැන අනාවැකි පළ කරද්දී ඇය ක්‍රීඩා ක්ෂේත්‍රය ගැන පවා අනාවැකි පළ කිරීමයි.වරක් රුසියානු සමූහාණ්ඩුවේ එක් රාජ්‍යයක් වන කල්මීකියාවේ කිර්සාන් ඉලියුම්ෂිනොව් නම් පුද්ගලයා වන්ගාව මුණ ගැසීමට පැමිණීමෙන් අනතුරු ව ඇගේ ඒ මිතුරෙක් බවට පත්වුණා.දිනක් ඇය ඔහුට මෙසේ පැවසුවා කිර්සාන් ඔබ මතු දවසක පුටු දෙකක ඉඳගන්නවා. ඒ වන විට කිර්සාන්ට වන්ගා පැවසුවේ කුමක්දැයි වැටහුනේ නෑ. නමුත් පසු කාලයකදී කිර්සාන් කාල්මීකියාවේ ජනාධිපතිවරයා බවට පමණක් නොව එයින් වසර කීපයක් ගත වන්නට පෙර ලෝක චෙස් චෙස් ෆෙඩර්ෂණයේ සභාපතිවරයා බවට ද පත් වුණා. එ පමණක් නො ව බල්ගේරියානුවන් චෙස් ක්‍රීඩාවෙන් ලෝක මට්ටමේ දක්ෂ කම් දක්වන බවටත් ඇය අනාවැකි පළ කරා.ඒ අනාවැකිය ද පසු කලෙකදී ඵල දැරුවා.

1994 ෆිෆා ලෝක කුසලානයේ අවසන් මහා තරගය සඳහා බී අකුරෙන් පටන් ගන්නා රටවල දෙකක් තරගවදින බවට වන්ගා පැවසුවා.අවසන් තරගයට බ්‍රසීලය සහ ඉතාලිය තේරීමත් සමඟ වන්ගාගේ අනාවැකිය වැරදියි ඇති බවට ඇතැම් අය මත පළ කරා. නමුත් වනගා වැරදි නොමැති බව ඔප්පු වුණා. ඒ ඉතාලි ජාතිකයන් තම කණ්ඩායම හඳුන් වීමට භාවිතා කළ වචනය ඉංග්‍රීසි භාෂාවෙන් බ්ලූ යන්නට සමාන වීම නිසා.

Rose Bowl, Lot H, in Pasadena, California, is one of the few places in the United States where you can fly a drone legally.

යම් අයගේ අනාගතයේ අඳුරු කාලපරිච්ඡේද පැමිණෙනවා නම් විශේෂයෙන්ම යම් අයෙකුගේ මරණය සිදුවීමට නියමිත නම්  එවැනි අයට කිසිවක් නොපවසා සිටියා. නමුත් වරක් එය හමුවීමට පැමිණි යුගෝස්ලාවියානු ජාතික සිල්වානා නම් නිළි ගායිකාවට ඇය මෙසේ පැවසුවා.දැන් ගිහින් මාස තුනකට පස්සෙ එන්න, හැබැයි ඔබට මාස තුනකට පස්සෙ එන්න වෙන එකක් නැහැ. වන්ගා ගැන දැඩි විශ්වාසයකින් හිටිය සිල්වානා තව මාස තුනක් ඇතුළත තමා මිය යන බව ඉන් වන්ගා අදහස් කළ බව තම සමීප මිතුරු මිතුරියන්ට පැවසුවා.ඒ ආකාරයෙන්ම හදිසි අනතුරකින් සිල්වානා සහ ඇගේ සොහොයුරිය මිය ගියා.

මේ විදිහට සුනාමි ඛේදවාචකය, කලු ජාතික පුද්ගලයෙකු ඇමරිකාවේ ජනාධිපතිවරයා බවට පත්වීම, බ්‍රිතාන්‍ය යුරෝපීය සංගමයෙන් වෙන්වීම ආදී සිදුවීම් රැසක් පිළිබඳව වන්ගා පළ කළ අනාවැකි රාශියක් ගැන සඳහන් වෙනවා. මෑතකදී වන්ගා ගැන පුවත්වලින් අන්තර්ජාලය පිරී ගියේ ඇය කොරෝනා වෛරසය ගැන ඊට දශක දෙකකටත් පෙර අනාවැකියකින් පැවසූ බව සඳහන් වීමත් එක්ක. විශේෂත්වය වෙන්නේ මේ අනාවැකිය තුළ ඇය corona කියන වචනයක් භාවිතා කළ තිබීම. එම අනාවැකිය ඇසූ තැනැත්තිය බල්ගේරියානු භාෂාවෙන් corona යන වචනයේ අර්ථය රුසියාව ලෙස ගෙන තිබුණා. තවත් අය අදහස් පළ කරපු විදිහට වන්ගා කොරෝනා රෝගය නිසා ලෝකයේ විශාල මරණ ගණනක් සිදු වන බවත් එය චීනයෙන් ආරම්භ වන බවත් ඊට ප්‍රතිකර්මයක් සෙවීමට වසරක් පමණ ගත වන බවටත් සඳහන් කොට තිබෙනවා.

කොරෝනා වෛරසය ගැන ඇය පළ කරලා තියෙන අනාවැකිය මේ වෙද්දි සත්‍ය වෙලා තියෙන හින්දා 2020 පිළිබඳව ඇය පලකරලා තියෙන වෙනත් අනාවැකි ගැන දැන් අපි හොයලා බලමු.

වන්ගා පල කරල තියන ටිකක් භයානක අනාවැකියක් තමයි 2020 වර්ෂයේ දී යුරෝපයට මුස්ලිම් අන්තවාදීන් විසින් රසායනික අවි ප්‍රහාරයක් එල්ල කරයි කියන එක.මේ වෙලාවෙදි  යුරෝපය corona සමග සටන් වැදිලා තියෙන වෙලාවකදී මේ දේ වෙන්න වුණත් බැරි කමක් නැහැ කියලා ඇතැම් විශ්ලේෂකයන් බියට පත් වෙලා ඉන්නේ

ඒ වගේම ඇය 2020 දී යුරෝපය දරුණු ආර්ථික අගාධයකට වැටෙනවා කියලා අනාවැකි පළ කළා. මේ අනාවැකිය ඇස් පනාපිටම මේ වෙනකොට ඔප්පු වෙමින් පවතිනවා.

රුසියානු නායක ව්ලැඩ්මීර් පුටින් ඝාතන තැතක් ඒ රට තුළින්ම ක්‍රියාත්මක වනු ඇතැයි ඇය පවසා තිබෙනවා. නමුත් ඔහු මරණයට පත්වන බවක් වන බවක් නම් ඇය සඳහන් කරලා නෑ.

ඇමරිකානු  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන නම්  ඉතා අසුභවාදී දෙයක් ඇය පවසලා තියෙන්නේ. ඒ අනාවැකිය අනුව හඳුනාගත නොහැකි රෝගයක් නිසා බිහිරිබවට සහ මොලේ ආබාධයකට ඔහු ලක්වෙලා ජනාධිපති ධූරයේ කටයුතු කිරීමට ඔහුට නොහැකි වී යනවා.

ඊට අමතරව තවත් අනාවැකි කීපයක් අනාගතය ගැන පවසා තිබෙනවා.නැවතත් සෝවියට් සමූහාණ්ඩුව ඇතිවන බවත් විසි එක්වන සියවසේ පළමු භාගය තුළ මෙම දේශපාලන වෙනස්කම වන බවත් ඇය ප්‍රකාශ කොට තිබෙනවා.

ඊට අමතරව මකරෙකු විසින් ලෝකයේ ආධිපත්‍යය ලබා ගන්නා බවත් යෝධයන් තිදෙනකු එක්ව කටයුතු කරන බවත් ඔවුන් සතුව රතු මුදල් පවතින බව පවතින බවත් ඇය පවසා එහි අංක 100 සහ 5 බිංදු කීපයක් කීපයක් ඇති බවත් සඳහන් කොට තිබෙනවා.

අනාගතයේ දී චීනය ලොව බලවතා වන බවටත්  යූවාන් 100, රූබල් 5000 සහ ඉන්දියාවේ ඇතැම් මුදල් නෝට්ටු නොට්ටු රතු පැහැයෙන් වන බව පවසන විශ්ලේෂකයින් එකතුවන යෝධයන් තිදෙනා චීනය රුසියාව සහ ඉන්දියාව බව නිගමනය කරනවා.

දැන් ඔබ හිතනවා ඇති වන්ගා කිසිම සුබදායී අනාවැකියක් කියලා නැහැයි කියලා.නැහැ ඇය විසින් මිනිසා පිළිකාව පරාජය කරන බවත්  දුම්රිය ගමනාගමනයට හිරු එළිය භාවිතා කරන බවටත් එමහින් පෙට්ට්‍රල් නිෂ්පාදනයට තිත තැබෙන බවත් මේ නිසා මහපොළොවට විවේකයක් ලැබෙන බවත් පවසා තිබෙනවා.

Post Views: 8,434

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes