Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ටයිටැනික් නැව ගිල්ලුවේ සූර්ය වංශයේ කුමරියක්ද

Posted on May 6, 2020May 24, 2020

1912 අප්‍රේල් මාසේ පහළොස් වැනිදා ටයිටැනික් නැව ජීවිත 1500 කටත් වඩා අධික පිරිසක් සමග මුහුද පතුලට යද්දි ජීවිතාරක්ෂක බෝට්ටුවක කාටවත් නො පෙනෙන ආකාරයට ඇය සැඟවිලා හිටියා. මිනිස්සු තමන්ගේ ජීවිතය වෙනුවෙන් හඬා වැලපෙද්දී ඇය ඔවුන් දිහා බලා ගෙන හිටියෙ අසංවේදී විදිහට. මේ අපි ඔබට හෙළි කරන්න යන්නේ අවුරුදු 108 ක් තිස්සේ බොහෝ දෙනෙක්ට අහන්න නොලැබුණු ඇගේ කතාව. ඇයගේ ඒ කතාව ඔබට කියන්න කලින් අපි ඔබෙන් එක ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි අගක් මුලක් නොපෙනෙන විශ්වයේ සැඟවුනු විශ්මිත රහස් ඔබ වෙත ගෙන එන විශ්වකර්ම යූ ටියුබ් නාලිකාව ඔබ මෙතෙක් සබ්ස්ක්‍රයිබ් කරල නැත්තන් සබ්ස්ක්‍රයිබ් කරන්න මේ වගේ ඔබ කිසිදා නොඇසූ නොදුටු දේවල් ඔබ වෙත ගෙන එන වීඩියෝස් නිකුත් වූ සැණින් එසැණින් දැන ගන්න බෙල් සලකුණ ක්ලික් කරන්න කියන එකත්.

ටයිටැනික් නැව දියත් කරපු දවසෙම ඇය නැවට නැග්ගේ ඇමරිකානු ජාතික තරුණයෙක් එක්ක. පරම්පරාවෙන් උරුම වුණු ධනයක් එක්ක නිදහස් පරිසරයක ජීවත් වුණු ඔහු විනෝදාංශය විදිහට කළේ පුරාවිද්‍යාව ඉතිහාසය වගේ විවිධ විෂය ගැන අධ්‍යයනය කරපු එක. ඇයව ඔහුට මුණ ගැහෙන්නෙත් මෙවැනි අධ්‍යයනයකදී. නමුත් ඔවුන් දෙදෙනාට ඒ වෙනකොට ටයිටැනික් නැවේ හිටපු ප්‍රසිද්ධ ජනමාධ්‍යවේදියෙක්ගේ උකුසු ඇසින් ගැලවීමක් තිබ්බේ නැහැ. ඔහුගේ නම විලියම් තෝමස් ස්ටෙඩ්. ඇය රැගෙන යන අවාසනාව ගැන විලියම් හොඳින් දැන සිටියා. ටයිටැනික් නැව ගිලීමට නියමිත දා රාත්‍රියේ පවා තමන් සමග ආහාර ගනිමින් සිටි මගීන්ට ඇය ගැන ඔහු අනතුරු ඇඟෙව්වා. නමුත් අවසානයේදී විලියම්ගේ මළ මිනිය පවා සොයා ගැනීමට නොහැකි වුණා.

ටයිටැනික් නැවට ඇය ගොඩ වීමට පෙර ඇය ලන්ඩනයේ විවිධ ප්‍රදේශවල වාසය කළා. ඇගේ අවසාන වාසස්ථානය වුණේ ලන්ඩන් නුවර සුප්‍රකට ධනවතෙකුගේ නිවසක්. නමුත් ඇය නිවසට පැමිණි දා සිටම සිදු වුණු ගුප්ත සහ ඒ අවාසනාවන්ත සිදුවීම් රැසක් නිසා මේ ධනවතා ඇයව සිය නිවසේ පහළ මාලයේ සිර කරනු ලැබුවා. එසේම ඔහු එවකට ගුප්ත විද්‍යාව විශේෂඥවරියක් ලෙස සලකනු ලැබූ පරම විඥානාර්ථ සමාගමේ ආරම්භක සාමාජිකාවක් වුණු හෙලේනා බැලැවැට්ස්කි මැතිනියට සිය නිවසට ආරාධනා කළා. නමුත් බ්ලැවැට්ස්කි මැතිනිය නිවසට පැමිණි වහාම නිවස තුළින් යම් අශුද්ධ බලවේගයක හදහැස්ම ඇසුණා. ඒත් කුමක් ද යන්න සොයා ඇය මුළු නිවසම සෝදිසි කළා. පහත මාලයේ සිරවී සිටි ඇයව දුටු වහාම බ්ලැවැට්ස්කි මැතිනිය බයෙන් ගල් ගැසුණා. වහා ම නිවසේ අයිතිකරු දෙස හැරුණු බ්ලැවැට්ස්කි මැතිනිය මෙයාගෙන් ඉක්මනින් ගැලවෙන්න, මේක සාපයක් කියලා කිව්වා. බ්ලැවැට්ස්කි මැතිනිය දිහා ඇය තද කරගත් කෝපයෙන් බලා සිටියා. සමහර විට බුද්ධාගම, හින්දු ආගම ඇතුළු පෙරදිග දර්ශන ගැන අධ්‍යනය කිරීමෙන් බ්ලැවැට්ස්කි මැතිනිය ලබාගෙන තිබ්බ ආධ්‍යාත්මික ශක්තිය නිසා එතුම්යට යමක් කරන්න මේ තරුණියට නොහැකි වෙන්න ඇති.

බ්ලැවැට්ස්කි මැතිනියගේ මේ ප්‍රකාශයෙන් පසු මේ තරුණියගෙන් නිදහස් වෙන්න වෙන්න ඒ බ්‍රිතාන්‍ය ජාතික ධනවතා තීරණය කළා. ඒ තීරණේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ තරුණිය ටයිටැනික් නැවට නැග්ගේ.

ඒ බ්‍රිතාන්‍ය ජාතික ධනවතා ගාවට එන්න කලින් ඇගේ නිවහන වුණේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ජාතික කෞතුකාගාරය. ඇයව කෞතුකාගාරයට ගෙන ආපු ට්‍රක් රථය කෞතුකාගාර පරිශ්‍රයේ නවතා තිබියදී ට්‍රක් රථය ක්‍රියාත්මක වීම අසල මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු යට කරනු ලැබුවා. ඇය ඔබ කෞතුකාගාරයට ගෙන යාමට පැමිණි දෙදෙනාගෙන් එක් අයෙක් ඇයව ස්පර්ශ කළ මොහොතේම බිම ඇද වැටී කකුල කැඩී ගියා. අනිත් පුද්ගලයන් ගැටලුවක් නැතුව ගත කළේ දවස් දෙකක් පමණයි. හොඳ සෞඛ්‍ය තත්වයේ හිටපු ඔහු මිය ගියේ ඇයි කියලා කියන්න මරණ පරීක්ෂකයන්ට වත් හොයාගන්න හොයා ගන්න බැරි වුණා. ඇයට බ්‍රිතාන්‍ය ජාතික කෞතුකාගාරයේ ඊජිප්තු කුටිය වාසස්ථානය ලෙස ලැබුණා. නමුත් කෞතුකාගාරයේ මුරකරුවන්ට රාත්‍රී කාලය පුරාවටම හඬා වැලපීම් සහ මොර ගැසීම් ඇසෙන්නට පටන් ගත්තා. පසුදින එක් මුරකරුවෙක් මිය ගිය අතර අනෙක් මුරකරු කිසිවෙකුට නොදන්වා සේවය හැර ගියා. ඉන්පස පසු ඔහුට සිදුවූයේ කුමක්ද යන්න කිසිවෙක් දැන සිටියේ නැහැ. කෞතුකාගාරය නැරඹීමට පැමිණි තවත් අයෙක් ඇය අසලට පැමිණ ඇගේ මුහුණ ස්පර්ශ කළා. ඇය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටියා. මේ පුද්ගලයා නිවසට යන විට තමන් පණ සේ ආදරය කළ දරුවාගේ නිසල දේහය දැක ගන්නට ලැබුණා. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රධානීන්ට මේ තරුණිය හිසරදයක් පමණක් නොව භීතියටත් කරුණක් වුණා. ඔවුන් ඇයව කෞතුකාගාරයේ අත්හැර දමා තිබූ කොටසක සිර කිරීමට තැත් කළා. එම තීරණය ගත් ප්‍රධානියා තාම කාර්යයාල මේසය මතම අවසන් සුසුම් හෙලා තිබුණා. මේ කාලය තුළ ඡායාරූප ශිල්පියෙක් පැමිණ ඇගේ ඡායාරූපයක් ලබා ගත්තත් එහි දළ සේයා පට සුද්දා කිරීමටත් පෙර ඔහු වෙඩි තබා තබාගෙන සිය දිවි හානි කරගෙන තිබුණා. මේ ඡායාරූප ශිල්පියා තාම සියදිවි නසා ගැනීමට පෙර ඔහුගේ සමීපතමයකු වන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වන විලියම් තෝමස් ස්ටෙඩ්ව මේ අමුතු තරුණිය ගැන දැනුවත් කරනු ලැබුවා.

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට පැමිණීමට පෙර මෙම තරුණිය තව අත් බ්‍රිතාන්‍ය ජාතික ධනවතෙකුගේ නිවසේ පදිංචිව සිට තිබෙනවා. නමුත් ඇය නිවසට පැමිණ දින කීපයකින් මෙම ධනවතාට ඇගේ පවුලේ ලඟම ඥාතීන් තිදෙනෙක් අහිමි වූ අතර ඔහු ගේ නිවසේ වැඩි කොටසක් අද්භූත ගින්නකින් විනාශව ගියා. නමුත් මේ තරුණියට හානියක් සිදු වූයේ නැහැ. කෙසේ වෙතත් මේ අමුතු සිදුවීම් වලින් පසුව ඇයව කෞතුකාගාරයට යැවීමට ඔහු තීරණය කළා.

මේ තරුණියව කලින් කී ධනවතාට මුණ ගැසී තිබුණේ ලන්ඩනයේ පැවැති වෙන්දේසියකින්. ඇය ඒ වන විට තම උපන් බිම වූ ඊජිප්තුවේ සිට දීර්ඝ මුහුදු ගමනකින් පසුව විවේකව සිටි කාලයේදීයි. ඇයව මුලින්ම මොන ගැසී තිබුණේ ඊජිප්තුවේ සංචාරය කළ ධනවත් බ්‍රිතාන්‍ය ජාතික තරුණයන් හතර දෙනෙක් හටයි. ඇගේ භාරකාරයන්ට විශාල මුදලක් ගෙවා ඇයව සිය හෝටල් කාමරය වෙත ඔවුන් සතරදෙනා ගෙන ආවේ බලාපොරොත්තු රාශියක් හිත් දරාගෙනයි. එහෙත් ඇය හෝටල් කාමරයට පැමිණීමෙන් පසුව එක්තරා තරුණයෙක් කාන්තාරය වෙත ඇවිද ගෙන ගිය අතර ඔහු නැවත හෝටල් කාමරයට පැමිණියේ නැහැ. ඔහුට සිදු වූ දේ තවමත් අභිරහසක්. ඇතැම් විට කාන්තාරයේ වැලි පර වලට යටින් ඔහුගේ මළකඳ සැඟ වී තිබෙන්නට පුළුවන්. තවත් තරුණයෙකුට සිය අත් අහිමි ව ගියේ සිය සේවකයෙකු වැරදීමකින් තැබූ වෙඩි පහරකින්. තුන්වෙනි තරුණයා නැවතත් බ්‍රිතාන්‍යයට පැමිණෙන විට ඔහුගේ ව්‍යාපාර කඩා වැටීමක් නිසා බැංකු මගින් ඔහුගේ සියලු දේපල පවරා ගෙන තිබුණා. ඔහු ඉදිරියේ සිය දිවි හානි කර ගැනීම හැර වෙනත් විකල්පයක් තිබ්බේ නැහැ. ඔහුගේම හවුල් කාරයෙකු වූ ද අනෙක් තරුණයා සියදිවි හානි කර ගත්තේ නැතත් ඔහුට මහමගට බැසීමට සිදු වුණා. අවසානයේදී ඔහු මිය ගියේ හිඟන්නෙක් විදිහටයි. අපි කලින් සඳහන් කර වෙන්දේසියට ඇයව යොමු කෙරේ හිඟන්නෙකු ලෙස මියගිය මිය ගිය ධනවතා විසින් බවට විශ්වාස කෙරෙනවා.

අපි කලින් සඳහන් කරපු විදිහට මේ තරුණිය ටයිටැනික් නැව මුහුදුබත් වීමේ අනතුරෙන් ජීවිතය බේරාගෙන ඇමරිකා එක්සත් ජනපදය වෙත නිරුපද්‍රිතව ගමන් කිරීමට සමත් වුණා. නමුත් ඇයව රැගෙන ගිය සියලු දෙනාටම ඇය ගෙන ආවේ විනාශය. කෙසේ වෙතත් ටයිටැනික් නැව ගිලී යෑමේ වගකීම ඇයට පැවරෙන බවට කට කතා පැතිර යෑමත් සමග ඇමරිකා එක්සත් ජනපදය තුල ඇයට ජීවත්වීම අසීරු කටයුත්තක් බවට පත්වුණා. ඒ අනුව නැවතත් ඇයව එංගලන්තය වෙතට යැවීමට ඇමරිකා එක්සත් ජනපදයෙ ඇගේ භාරකරුවන් තීරණය කළා. ඒ අනුව ඇය නැවතත් ආර්. එම්. එස් එම්ප්‍රස් ඔෆ් අයර්ලන්ඩ් නම් නෞකාවේ මගියෙන් බවට පත් වුණා. මේ නෞකාව ශාන්ත ලෝරන්ස් නදිය දිගේ කෙමෙන් කෙමෙන් අත්ලාන්තිස් සාගරය වෙත ළඟා වෙමින් තිබුණා. නමුත් සිදුවූයේ කිසිවෙකු නොපැතූ දෙයක්. 1914 මැයි 29 ආර්. එම්. එස් එම්ප්‍රස් ඔෆ් අයර්ලන්ඩ් නෞකාව නෝර්වීජියානු යාත්‍රාවක් වන එස් එස් සොට්‍රොස්ටාඩ් සමග ගැටුණා. ජීවිත 1024 ක් ශාන්ත ලෝරන්ස් නදියේ ගං පතුල මත සැඟවුණා. නමුත් ආශ්චර්යකට වගේ මෙවරත් ඇය බේරුණා.

ඉන් පසුව ඇයව ඇයගේ උපන් බිම වන ඊජිප්තුව වෙත යැවිය යුතු යැයි ඇය සම්බන්ධයෙන් කටයුතු කළ පිරිස් තීරණය කළා. ඒ අනුව ඇය නැවතත් ආර්. එම්. එස් ලුසිටානියා නවමු නෞකාවට ගොඩ වුණා. නමුත් ඇය මේ නෞකාවට මගියෙකු ලෙස පැමිණි බව රහසක් ලෙස තබා ගැනීමට නැවේ කාර්ය මණ්ඩලය තීරණය කළා. දින කීපයකම හුදු ගමනින් පස්සේ කිසිදු ගැටලුවකින් තොරව ඊජිප්තුව කරා යන ගමනේ ගමනාන්තයක් වුණු අයර්ලන්තය වෙත නෞකාව ළඟා වෙමින් සිටියා. ඇයගෙන් කිසිදු බාධාවක් එල්ල නොවීම ගැන නෞකාවේ කාර්ය මණ්ඩලය සතුටින් පසු වුණා. නමුත් ඒ වන විටත් නෞකාවේ ඉරණම තීරණය වී තිබුණා. ටයිටැනික් නෞකාවේ සහ ආර්. එම්. එස් එම්ප්‍රස් ඔෆ් අයර්ලන්ඩ් නෞකාවල මාරයා නැවේ සිටි මගීන්ගේ ඇස් ඉදිරිපිටටම පැමිණියත් ආර්. එම්. එස් ලුස්ටානියා නෞකාවේ මාරයා සැඟව සිටියේ මුහුදු ජලයට යටිනුයි. පළමු වන ලෝක යුද්ධය ගිනි පුපුරු දැල්වෙමින් තිබු මේ අවධියේ ජර්මන් සබ්මැරීන් යානයකින් නිකුත් වුණු ටෝපිඩෝවක් මේ නෞකාවේ ඉරණම තීරණය කළා. නැවතත් මිනිස් ජීවිත 1200කට අධික ප්‍රමාණයක් අයර්ලන්තය පෙනි පෙනි අහිමිව ගියා. බොහෝ දෙනා මේ නෞකා අනතුරෙන් ඇයටත් දිවි අහිමි වුණා කියලා විශ්වාස කලත් ඇතැම් අය විශ්වාස කරන්නේ ඇය ඒ අනතුරෙන් දිවි ගලවා ගෙන නැවතත් තමන්ගේ උපන් බිම බලා ගිය බවයි.

දැන් ඔබ කල්පනා කරනවා ඇති මේ තරම් විනාශයක් සිදු කරපු තරුණිය කවුද කියලා. ඇයට තිබුණේ ලස්සන නමක්. ඇගේ නම ආමෙන් රා. ඇය ඉපදී තිබුණේ ජේසුස් වහන්සේ ඉපදීමටත් වර්ෂ එක්දහස් පන්සියයකට පෙර ඊජිප්තුවේදි. එවකට ඊජිප්තුවේ ආගමික කේන්ද්‍රස්ථානය බවට පත් වුණු ලක්සූර් ඇගේ නිවහන වී තිබුණා. ඇතැම් අය කියන විදිහට ඇය ඊජිප්තු රජ පවුලේ සාමාජිකාවක්. සමහරු කියන්නේ ඇය ආමෙන් රා නම් සූර්ය දිව්‍ය රාජයා වෙනුවෙන් කැප වුණු පූජකවරියක් කියලා. කොහොම වුණත් පුරාණ ඊජිප්තුවේ පූජකවරියන් බවට පත් වීමට රජ පවුලේ සමීප සාමාජිකාවන්ට අවස්ථාව ලැබීම නිසා ඇය බලා රජ කුමරියක් විදිහට හඳුන්වන එකත් වරදක් නැහැ. වසර දහසකට අධික කාලයක් ඇය නයිල් නදිය අසබඩ ලක්සූර් නගරයේ තමන්ගේ අවසාන නවාතැන නින්දේ පසු වුණා. නමුත් ඊජිප්තු පුරා වස්තු විදේශිකයන්ට විකුණා මුදල් හම්බ කිරීමේ ලෝභයෙන් පසුවන පුද්ගලයෙක් ඇගේ අවසන් නින්දට බාධා කරමින් අපි අර කලින් සඳහන් කරපු දනවත් බ්‍රිතාන්‍ය ජාතික තරුණයන් හතර දෙනාට ඇය ව විකුණනු ලැබුවා. ඇය තමන් ජීවත් වන බව දැන සිටියත් ඒ තරුණයන් හතර දෙනාට වගේම බාහිර ලෝකයටත් ඇයව පෙනුනේ මමියක් විදිහට. නමුත් අමේන් රා තමන්ගේ අවසන් නින්දට බාධා කළ සියල්ලන්ගෙන්ම පළි ගත්තා. අහිංසකයන් ගෙන් පවා පළි ගත්තා.

තවත් මේ වගේ ඔබව විස්මයෙන් මුසපත් කරන වීඩියෝ එකකින් නැවත හමුවෙමු.

Post Views: 5,842

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes