Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

පස්ස හැරිලා ඉද්දී හැමෝටම අපි දෙන්නා පටලැවෙනවා – අනුෂ්කියි කනුශ්කියි

Posted on January 7, 2023January 7, 2023

පහුගිය කාලයේ ලංකාවේ හැමෝම අතර වැඩියෙන්ම කතාවුන දක්ෂ රංගන ශිල්පිනියන් දෙදෙනෙක් තමයි අනුශ්කි සහ කනුශ්කි කියන්නේ, ඒ වගේම ලංකාවේ ජනප්‍රියතම නිවුන් රංගන ශිල්පිනියන් දෙදෙනා විදියටත් අනුශ්කි සහ කනුශ්කි හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි අද අපේ කතා බහට එකතු කරගෙන ඉන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න අනුශ්කි සහ කනුෂ්කිවයි, අනුශ්කි කොහොමද අලුතෙන් උදාවුණ 2023 අවුරුද්ද..? ”නංගිටයි මටයි මේ අවුරුද්දේ බලාපොරොත්තු ගොඩක් තියෙනවා, ඒ අතරින් ප්‍රධානම එක තමයි අපි අපේම කියලා ඩාන්සින් ස්ටුඩියෝ එකක් පටන් ගන්න එක, ඒක අපි දෙන්නා පොඩ්කාලේ ඉඳලම දැක්ක හීනයක්, ඒ හීනය 2023 වසරේදී සැබෑ කරගන්න මූලික පියවර ටික අරගෙන ඉවරයි, මේ දවස්වල අපි නිතරම මහන්සි වෙන්නේ ඒකෙ වැඩ වලට”

ඔයාලා දෙන්නා කලාවට සම්බන්ද වෙන්නේ ටික්ටෝක් හරහාද..? ”මෙහෙමයි අපි දෙන්නගේ මුලික අරමුණ වුනේ පොඩි කාලයේ ඉඳලම නර්ථන ශිල්පිනියන් දෙදෙනෙක් වෙන එක, ඉතින් ඒ ආසාව එක්ක ලැබුන දෙයක් තමයි රංගනය කියන්නේ, ඒ හැමදේකටම මූලික වුනේ ටික්ටෝක්, අපි දෙන්නා කරපු ටික්ටෝක් වීඩියෝ එකක් වයිරල් වුනා ඒක නිසා තමයි ජනප්‍රිය වෙන්න ලැබුනේ, අපිට රඟපාන්න අවස්තාවක් ලැබෙන්නේ හරිම අහම්බෙන්, අපිට හෂාන් රුක්ෂාන් අයියා තමයි මුලින්ම ටෙලිනාට්‍යකට ආරාධනා කලේ, ඒ ‘සින්’ කියලා නාට්‍යකට, එකට ටුවින්ස්ලා දෙන්නෙක් ඕන වෙලා තිබ්බා, ඒ වෙද්දී අපිට ඒ ගැන කිසිම අත්දැකීමක් නෑ, ඉතින් ඒ නිසා අපි දෙන්නා රඟපාන්න බය වුනා, හැබැයි හරියන්න හරි වරදින්න හරි අපි දෙන්නා ඒ නාට්‍යයේ රඟපෑවා,

ඒ කාලෙයේ තමයි ‘මල් පිපෙන කාලයේ’ ටේලිනාට්‍යට ටුවින්ස්ලා හොයනවා කියලා දැන්වීමක් දාලා තිබ්බා, ඒ නාට්‍යයේ අධ්‍යක්ෂ තුෂාර තෙන්නකෝන් මහතා ගේ ෆේස්බුක් ගිණුමේ, අපේ ලොකු අක්කා ඒක දැකලා අයදුම්පතක් දාලා තිබ්බා, ඊටපස්සේ අපිට තිර පරීක්ෂණයකට ආරාධනාවක් ආවා. එතනට ටුවින්ස්ලා ගොඩක් ඇවිත් හිටියා, එතනින් සමත් වෙලා කියලා තුෂාර සර් ඇතුළු කණ්ඩායම අපි දෙන්නාට කිව්වා, අපි දෙන්නගේ නර්ථන හැකියාවත් ලොකු උදවුවක් වුනා ඒ චරිත දෙක ලැබෙන්න”

කනුශ්කි අනුශ්කි දෙන්නම එකම වගේ ඉතින් කොහොමද මේ පටලැවිල්ල ලිහාගන්නේ..? ඇත්තටම හැමෝටම ඒක ලොකු ප්‍රශ්නයක් අපි දෙන්න ඉස්සරහින් දැක්කත් එක වගේ පිටිපස්ස හැරිලා හිටියත් හැමෝටම දෙන්නා පටලැවේනවා, වැඩිය ඕන නෑ පස්ස හැරිලා ඉද්දී ගෙදර අයටවත් අපිව අඳුරගන්න බෑ, ඉස්කෝලේ කාලේ තමයි හරිම ජොලි වැඩ වෙන්නේ, ඒ කාලේ කොල්ලෝ අක්කා කියලා හිතලා මගේ පස්සෙනුත් ඇවිත් තියෙනවා, මට දෙන ලියුම් වැරදිලා අක්කට දීලා තියෙනවා, තාමත් ගොඩක් අයට අපිව හරියට අඳුර ගන්න බෑ,”

කියන්නකෝ ඔයාලා දෙන්නගේ අම්මා ගැන ”අපේ පවුලේ ඉන්නෙම ගැහැණු දරුවෝ හයක්, අපේ අම්මා ගොඩක් ධෛර්යවන්ත කාන්තාවක්. තාත්තා නැතිවෙච්ච දවසේ ඉඳලා අපි හයදෙනා වෙනුවෙන් කැපවෙලා වැඩ කලේ මගේ අම්මා, ඇත්තම කියනවනම් අපි දෙන්නා අපේ තාත්තා දැකලා තියෙන්නේ පොටෝ එකකින් විතරයි, තාත්තා නැති අඩුව කවදාවත් අම්මා අපිට දැනෙන්න දීලා නෑ, කොච්චර අපහසුතා තිබ්බත් අම්මා අපිට ඒ අමාරුකම් දැනෙන්න දීලා නෑ, ගැහැනු ළමයි හයදෙනෙක් එක්ක මේ සමාජයේ හැප්පෙනවා කියන්නේ ලේසි නැහැ. ඇත්තම කියනවනම් අපේ අම්මට තියෙන ධෛර්යවන්තකම අපිට නැහැ.”

Post Views: 5,182

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes