Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

රූ රැජිණ තරඟවලට ඉදිරිපත් උනා කිව්වම සමාජ මාධ්‍ය වල අය හිතන්නේ වැරදි විදියට – ඇන්ජෙලියා ගුණසේකර

Posted on January 11, 2023January 11, 2023

පසුගියදා බොහෝ දෙනෙක් අතර කතා බහට ලක්වූ මාතෘකාවක් වුණේ 2022 ඇමෙරිකාවේදී පැවැත්වූ රූ රැජින තරගය ගැනයි. අප මේ කතා කිරීමට සූදානම් වන්නේ එහිදී රූ රැජින කිරුළ දිනූ ඇන්ජෙලියා ගුණසේකර සමගයි. 2022 ශ්‍රී ලංකා රූ රැජින ලෙස එහිදී තේරීපත්වූ ඇන්ජෙලියා කවුද? මොනවද කරන්නෙ? ඒ විස්තර වගේම එදා සිදුවූ දේ ගැනත් ඇය දන්නා විස්තර අපට කියාවි. ඔබගෙ සම්පූර්ණ නම? ඇන්ජෙලියා ෂරීන් ගුණසේකර. ඇන්ජෙලියා කවුද? මගේ වයස අවුරුදු 22යි. ඉගෙන ගනිමින්, රැකියාවකුත් කරනවා. මගේ අම්මා, තාත්තා එක්ක තමයි ඉන්නෙ. මට මල්ලිලා දෙන්නෙක් සහ නංගි කෙනෙක් ඉන්නවා. ඇන්ජෙලියා උපන්නෙ? ඇමරිකාවෙ. මොන වගේ පවුලක් ද? මගෙ තාත්තා ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධයි. මගේ අම්මා කේෂාලංකරණ ශිල්පිනියක ලෙස කටයුතු කරනවා. වසර 25ක් තිස්සේ අම්මා රූපලාවන්‍ය ආයතනයක සේවය කරනවා. අපි කාලයක් බහරේන්වලත් හිටියා. එහිදීත් ඒ කටයුතු කළේ. තාත්තගෙ නම දුමින්ද ගුණසේකර. අම්මගෙ නම සුජී සෙනරත්. ලොකු මල්ලි කිරන්.

පොඩි මල්ලි ඇන්ඩෲ. චූටි නංගිගෙ වයස අවුරුදු 10යි. අපි පදිංචි වෙලා ඉන්නෙ නිව්යෝර්ක් නගරයේ ක්වීන්ස්වල. ඇන්ජෙලියාගේ නම ගැන, එහි තේරුම ගැන කිව්වොත්? දිව්‍යාංගනාවටනෙ ඒන්ජල් කියන්නේ. අපේ තාත්තා මේ නම මට දාලා තියෙන්නේ එයා වඩාත් ආසා කරන ගායන ශිල්පියකුගෙ ගීතයක් නිසයි. ඒ ගීතයේ නම ඇන්ජෙලියා. ඉතින් තාත්තා ඒ නම මට දාලා. ඒ නම අරුත්ගන්වන්න හිතාගෙන ද මේ තරගයට (රෑ රැජින) ඉදිරිපත් වුණේ? මගේ නම හෝ රූපය ගැන හිතලා නෙවෙයි. ඒත් මට ශ්‍රී ලංකාවට ලෝකයේ අරුතක් ලබා දෙන්න පුළුවන් නම් හොඳයි කියල හිතනවා. මොකද මේ රටේ බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාව ගැන දන්නෙ නැහැ. සමහරු හිතන්නෙ ශ්‍රී ලංකාව කියන්නෙ ඉන්දියාවේ කොටසක් කියලයි. ඉතින් මගෙන් ඒ අය ඇහුවාම මම කියන්නේ නැහැ, ඒක වෙනම රටක් කියලයි. ලෝකයේ තියෙන සුන්දරම රටක් කියලයි. ඒ වගේම ලංකාවේ සංස්කෘතිය, ලංකාවේ මිනිස්සු, ලංකාවේ ගැහැණු ළමයින්, ආහාර පාන මේ ඔක්කොම ගැන මට ලෝකෙට කියන්න වේදිකාවක් කර ගන්න හිතාගෙන තමයි, මේ තරගයට ගියේ. මෙම තරගයට ඉදිරිපත් වූ ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකීය ගැහැණු ළමයින් හරිම හොඳයි. එකිනෙකාට සහයෝගය ලබා දෙන, හරිම එකමුතු පිරිසක්. ඒ ගැනත් කියන්නම ඕනෑ. මේ රූ රැජින තරගයට 14 දෙනෙක් ඉදිරිපත් වී සිටියා.

වැඩි දෙනෙක් ආවේ නිව්යෝර්ක් ප්‍රදේශයෙන්. මේ 14 දෙනාම අතරින් ඇන්ජෙලියා කිරුළ දිනීම ගැන හිතන්නෙ කොහොමද? මේ තරගය විනිශ්චය කරන්න ඇවිත් හිටියෙ සචිනි අයේන්දා මහත්මිය ඇතුළු පස් දෙනෙකුගෙන් යුතු විනිශ්චය මණ්ඩලයක්. ඉතින් ඒ අය මගේ විශේෂත්වයක් දකින්න ඇති. ජයග්‍රහණය ලැබීම සතුටක්. ඒ වගේම අනෙක් තරගකාරියන් සියලු දෙනා ගැනත් මට කියන්නෙ ලොකු ගෞරවයක්. මේ කිරුළ ලැබීමත් එක්ක දැන් මොනවගේ දේ කරන්නද බලාපොරොත්තුව. සමාජ සත්කාර සඳහා කැපවී කටයුතු කරන සංවිධාන සමග මට අත්වැල් බැඳ ගැනීමට හැකිව තිබෙනවා. ඉතින් දැන් මගේ බලාපොරොත්තුව මගේ කිරුළ මට ආභරණයක් කර නොගෙන, සමාජයේ දුප්පත්කමින්, කුසගින්නෙන්, දරිද්‍රතාවයෙන් පෙලෙන අයට උදවු කිරීමටයි. විශේෂයෙන්ම ලංකාවේ අවශ්‍යතා, උදවු වුවමනා ජනතාවට උදව් කිරීමට පාලමක් තනාදීම මගේ අරමුණයි. ඇන්ජෙලියා, අපට කියන්නකො එදා මේ රූ රැජින තරගය අවසාන සිදුවූ කලබලය මොකක්ද කියලා. මේ රූ රැජින තරගය ඉවර වෙලා ඒ කටයුතු ඔක්කොම ඉවර වුණාට පස්සෙ පැමිණ සිටි පිරිස විසිර යත්දී සිදුවූ බහින්බස්වීමක් නිසා ඇතිවූ දෙයක්.

කොහොමටත් ඔය තරුණ ළමයින් අතර ඔහොම දේ වෙනවා. ඒත් සමාජ මාධ්‍යයේ පළවුණේ සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවත්. රූ රැජින තරගයට ඉදිරිපත් වූ අය ගහ ගත්තාය, විනිශ්චයට එරෙහිවය, කියලා බොහෝ බොරු ප්‍රචාර පළවුණා. ඒ විදියට පළවූ සියල්ල බොරු. එහි මේ රූ රැජින තරගයට ඉදිරිපත් වූ රූ රැජිනන් හෝ ඒ කාගෙවත් අතර වූ සිදුවීමක්නම් නෙමෙයි. රූ රැජින තරගය නරඹන්න ආවත් හිටපු අය එය ඉවර වෙලා එළියට යන අතරෙදී වූ සිද්ධියක්. ඒක තමයි ඇත්ත කතාව. ඇන්ජෙලියා ඔබ උපන්නෙ ඇමරිකාවෙ. හැදී වැඩුණෙ ඇමරිකාවෙ. අපට කිව්වොත් ඔබ මොන වගේ, මොන විදියෙ කෙනෙක්ද කියලා. මම බොහොම සරල කෙනෙක්. වැඩියෙන්ම ආසා කරන්නෙ මගෙ අම්මා- තාත්තා සහ පවුලේ අය එක්ක කාලය ගත කරන්නෙ. මගේ යාළුවෝ එක්ක සතුටින් ඉන්න. හැබැයි මම නිතර සමාජයේ සැරිසරන කෙනෙක් නම් නෙවෙයි. මගේ ගෞරවය තියාගෙන වැඩ කරන කෙනෙක්. පොළොවෙ පය ගහලා ඉන්න කෙනෙක් කිව්වොත් හරි. ඇන්ජෙලියාගේ ආදරය එහෙම කොහොම ද? තවම මම මා ගැන තමයි ඉලක්ක කරගෙන කටයුතු කරන්නෙ. මට මගේ ජීවිතේ තව බොහෝ දේ කරන්න. වගේම ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන්න තියෙනවා. ඒ නිසා ආදරය අවශ්‍ය කාලය ආවාම ඒ ගැන අපි කතා කරමු. ලංකාවේ මොනවද ඇන්ජෙලියා වඩාත් කැමති? ලංකාවේ සම්ප්‍රදායික නර්තන කලාවට ආසයි. මෙහේ ඉපදුනාට මම ලංකාවට බොහෝම ආදරෙයි. අනෙක මෙහේ හැදී වැඩුණට මට නිතර කතා කළේ ගෙදර අය එක්ක සිංහලෙන්. කෑවේ බිව්වේ ශ්‍රී ලාංකීය ආහාර. ඇහුවෙ සිංහල ගීත.

තාත්තා නිතරම අහන්නෙ මිල්ටන් මල්ලවාරච්චිගෙ ගීත. ඒ වගේ දේ එක්ක මම ලංකාවට දුරස්ථ කෙනෙක් වුණේ නැහැ. කැන්ඩි ළමිස්සි ගීතයට ඔයා වැඩියෙන් ආසලු නේද? ඔව්. ඒ ගීතයට මම හරි ආසයි. නටන්නත් පුළුවනි. ලංකාවේ බයිලා ගීත ඔක්කෝම වගේ අහනවා. ඒත් වෙනසක් නැහැ. මට ලංකාවේ නර්තනයත් හොඳට කරන්න පුළුවනි. රූ රැජින තරගයකට ඉදිරිපත් වීම නිසා ඔබට ඇතිවූ හැඟීම මොන වගේද? මුලින්ම මම තරගයට එනකොට මට මා ගැන විශ්වාසයක් තිබුණෙම නැති තරම්. ඒත් පුහුණු අවස්ථාවලට සහභාගි වුණාම සංවිධායක මඩුල්ලේ අය අපට ලබා දුන් කියා දුන් දේ එක්ක මට විතරක් නෙවෙයි, මම හිතන්නෙ අපි 14 දෙනාටම ලොකු විශ්වාසයක් ඇතිවූ බව කියන්න පුළුවනි. අවසන් තරගය, අවසන් නිමේෂය වන විට මගේ අධිෂ්ඨානශීලී බව, විශ්වාසනීයත්වය සහ ඇතිවූ මානසික ශක්තිය නිසා මට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්න ඇති. 14 දෙනාම එක වගේ මහන්සි වුණා.

‘‘මෙම රූ රැජින තරගයට දායක වූ ළමයින් ඉතාම උනන්දුවෙන් කටයුතු කළා. එයාලට අවශ්‍ය විලාසිතා (සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය විලාසිතා) පවා ඉතාම මහන්සි වී නිර්මාණය කර ගත්තෙ. මේ ළමුන් විසින්මයි. ඒවා ඔක්කෝම ලංකාවෙන් ගෙන්වා ගත්තෙ. ලෝකෙට පෙන්නුවෙ ලංකාවේ සුන්දර චිත්‍රය. ඒත් අපි කළ හොඳ දේට වඩා ලෝකෙට ගියේ මෙම රූ රැජින තරගයට අදාළ නොවූ සිදුවීමක්. මේ නිසා මේ තරගයට ඉදිරිපත් වූ ළමුන් තමයි අපහසුතාවයට පත්වුණේ. මේ ළමයින් වෛද්‍ය, ඉංජිනේරු වගේ වෘත්තීන් ඉලක්ක කර ගෙන ඉගෙන ගන්න ඉතා දක්ෂ ළමයින්. ඒ නිසා මේ වගේ බොරු ප්‍රවෘත්ති පළ කිරීම ගැන අපට තියෙන්නෙ කනගාටුවක්. සඳුන් ගමගේ

Share

Post Views: 4,790

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes