Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

චිරන්ත මීට් උනාට පස්සේ අපි දෙන්නගේ සම්බන්දෙ නතර කරන්න බැරි තරම් දුර ගියා – සමිතා සියල්ල හෙළිකරයි

Posted on January 11, 2023January 11, 2023

හැමෝම ගොඩක් ආදරේ කරන මියුරු ස්වරයකට හිමිකම් කියන ජනප්‍රිය ගායිකාවක් තමයි සමිතා මුදුන්කොටුව කියන්නේ, කාලෙන් කාලෙට එක එක මාතෘකා හරහා කාගේත් ආදරේ දිනාගන්ත සමිතා සමග කතා කරන්නයි අපි අද සූදානම් වෙන්නේ, සමිතා මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල කියලා වෙනසක් නෑ මම ඉතින් වෙනදා වගේම නිදහසේ සතුටින් ඉන්නවා, මම ප්‍රශ්න ඔලුවට අරගෙන විඳවන කෙනෙක් නෙවෙයි, මේ අවුරුද්දේ මම අලුත් වැඩ කරන්න හිතාගෙන ඉන්නවා තාම අවුරුද්ද පටන් ගත්තා විතරයි නේ ඉතින් බලාගෙන ඉන්න,”

අපේ රටේ සිටින ප්‍රවීන ගායිකාවක් වන සමිතා මුදුන්කොටුව ගැන නොදන්නා කෙනෙක් නැහැ.සමිතාගේ පෞද්ගලික ජිවිතේ තොරතුරු ගැන මාධ්‍යට කියලා තිබුනේ මෙහෙමයි.

ගොඩක් අය එයයි මායි ගැන දැනගත්තේ වැඩසටහනක් නිසා. මම අවුරුදු දහයක් තනියෙන් ජීවත් වෙච්ච කෙනෙක්. ඒ කාලේ කවුරුත් මගෙන් ඇහුවේ නෑ ඔයා කොහොමද ජීවත් වෙන්නේ කියලා.

කොයිතරම් දේවල් අතපසු වෙනවද කියලා කවුරුත් මගෙන් ඇහුවේ නෑ.ජීවත් වෙන්න පුළුවන් ද කියලවත් ඇහුවෙ නෑ. හැබැයි බුදුන් ගේ පිහිටෙන් මම මගේ දරුවෝ දෙන්නත් හදාගෙන අම්මයි තාත්තටයිත් සලකාගෙන මගේ ගමන ලස්සනට ආවා.

මම චිරන්ත ගැන කිව්වා විතරයි ගොඩක් දෙනෙක් මට ගොඩක් දේවල් කියන්න පටන් ගත්තා.හැබැයි ඒ කිසිම දෙයක් මම භාරගත්තේ නැහැ.ඒ නිසා අදටත් මම ජීවිතයේ හිනාවෙලා කල් ගත කරනවා.

සමිතා ඔයාගේ ආදරණීය ළමයි දෙන්නා ගැන මොකද හිතන්නේ ”මට ඉන්නේ ගොඩක් හොඳ ළමයි දෙන්නෙක්, ඒ දෙන්නා මට ගොඩක් ආදරෙන් සලකනවා, අද මට ගොඩක් සතුටුයි මගේ ළමයි දෙන්නා ගැන, අතුලයි මමයි වෙන් වුනාට පස්සේ මම ළමයිට කිවුවේ නෑ තාත්තා එක්ක කතා කරන්න එපා කියලා, වෙන් වුනාට පස්සෙත් අතුල එක්ක ගොඩක් සහයෝගයෙන් ඉන්න තමයි මම ළමයි දෙන්නට කියලා දුන්නේ, ඒ වගේම මගේ ළමයි දෙන්නම සමාජය එක්ක ජීවිත් වෙන්න දන්නවා, ඉතින් මට මගේ ළමයි දෙන්නා ගැන ඇත්තටම ගොඩක් සතුටුයි”

සමිතා දැන් ඉන්නේ ඇයගේ ලාබාල පෙම්වතා චිරන්ත සමග, ඉතින් සමිතා කියන්නකෝ කොහොමද ඔයාලා දෙන්නගේ ආදර කතාව ආරම්භ වෙන්නේ, ”මෙහෙමයි මම සාමාන්‍යයෙන් වැඩිය ජංගම දුරකථන භාවිතා කරන කෙනෙක් නෙවෙයි, මම ෆෝන් එක ගන්නේ අත්‍යඅවශ්‍ය දේකට විතරයි, ඉතින් එහෙම දවසක් ෆෝන් එක අතට ගත්තට පස්සේ මම වට්සැප් ස්ටේටස් බලන්න ගත්තා, මගේ සහෝදරයෙක් ඉන්නවා ගයාන් ශ්‍රීමාල් කියලා එයා ස්ටේටස් එකක් දාලා තිබ්බා හරිම ලස්සනට ටික් ටොක් කරන කෙනෙක්ව,

ඉතින් මම ඒ දවසෙම ගයාන්ට ගත්තා කෝල් කරලා ඇහුවා කවුද මේ බෝයි කියලා, ගයාන් කිවුවා හරිම දක්ෂ කෙනෙක් එයා අඳුරනවා කියලා, ඉතින් මට ආස හිතුනා එයා කවුද කියලා අඳුරගන්න, පස්සේ එයාට කතා කරලා ගයාන් කියලා තිබ්බා, එහෙම තමයි මමයි චිරන්ත අඳුනා ගන්නේ, එහෙම හඳුනාගත්තට පස්සේ මම එයාට සුබ පැතුවා, ඊටපස්සේ අපි දෙන්නා කතා අකලා, චිරන්ත පුදුම වුනා මම කතා කළා කිවුවම, ඊටපස්සේ ඇතිවුන සම්බන්දය ටික ටික දුරදිග ගියා, ඊටපස්සේ ඉතින් දැන් අපි අපේම වෙලා”

Post Views: 5,127

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes