Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මේ කෑම කන්න හිතන්නවත් එපා

Posted on May 8, 2020May 24, 2020

අපි හැමෝම ජීවත් වෙන්නේ ආහාර වලින්,  සමහරුනම් ජීවත් වෙන්නේ ආහාර ගන්න කියන එක වෙනම ම කතාවක්. ඒ වගේම දිව්‍ය ලෝකේ දිව්‍ය භෝජන වුණත් එක දිගට සති කීපයක් කෑවොත් ඔයාලට එපා වෙනවා. මේ නිසා අපි හැමෝම විවිධ ආහාර වර්ග රස බලන්න කැමැත්තක් දක්වනවා.හැබැයි අපි අද ඔබට කියන්න යන්නේ ඔබට යම් අවස්ථාවක රස බලන්න ලැබුණොත්නොත් දෙපාරක් හිතන්න ඕන ආහාර වර්ග කීපයක් ගැන.හේතුව මේ ආහාර කොතරම් දිව පිනා යන ආහාර වුණත් අවසානයේදී ඔබට මරණය කැන්දන්න පුළුවන් නිසා.මෙය ආහාර ගැන කතා කරන්න කලින් ඔබ තවමත් ලංකාවේ අංක එකේ යූ ටියුබ්  නාලිකාව වන විශ්වකර්ම යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තන් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අපේ වීඩියෝස් නිකුත්වූ සැනින් දැනගන්න බෙල් සලකුණ ක්ලික් කරන්න කියන පණිවිඩයත් ඔබට මතක් කරන්න කැමතියි

පෆර්ෆිෂ් (Pufferfish)

මේ ලැයිස්තුවේ මුලටම එන්නේ පෆර්ෆිෂ් කියන මාලු වාර්ගය.මේ මාළු වර්ගය ජපානය තුළ සැලකෙන්නේ ඉතා රසවත් සහ අධි සුඛෝපභෝගී ආහාරයක් විදිහට.ඒ සඳහා ඔවුන් ෆුගු කියන නම භාවිතා කරනවා.නමුත් මේ මාළුන්ගේ ශරීරය තුළ උග්‍ර විෂ වර්ග ඇතුළත් වෙනවා.මේ නිසා ජපානය තුළ මෙම මාළු වර්ගයෙන් විවිධ ආහාර සකස් කිරීම සඳහා අවසර ඇත්තේ ඒ පිළිබඳව විශේෂඥ සහ විශේෂ පුහුණුවක් ලැබූ බලපත්‍රලාභි සූපවේදීන් සඳහා පමණයි.සාමාන්‍යයෙන් මෙවැනි බලපත්‍රයක් ලබා ගැනීමට අවම වශයෙන් වසර තුනක කාලයක්වත් ගත වෙන බව කියනවා.නමුත් කොතරම් මෙවැනි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරයි ෆූගූ ආහාරයට ගැනීමෙන් වාර්ෂිකව ජපානයේ මරණ වාර්තා වෙනවා.

බ්ලඩ් ක්ලෑම්ස් (Blood Clams)

මුහුදු බෙල්ලන් විශේෂයක් වන මොවුන් සඳහා මේ නම ලැබී ඇත්තේ ඔවුන්ගේ මාංශමය කොටසේ ඇති තද රතු ස්වභාවය නිසයි.ඒ සඳහා ඔවුන්ගේ ශරීරයේ රුධිරගත හිමොග්ලොබින් ප්‍රතිශතය අධික වීම බලපානවා.ලොව වටා සාගරවලින් මෙම මුහුදු බෙල්ලන් විශේෂය හමුවන අතර ගිනිකොණදිග ආසියානු රටවල  වාණිජ කර්මාන්තයක් වශයෙන් අභිජනනය සිදු කරනු ලබනවා.මේ මුහුදු බෙල්ලන්ගේ තවත් සුවිශේෂී ස්වභාවයක් වන්නේ දවසකට මුහුදු ජලය ලීටර් හතළිහක් පමණ පිරිසුදු කිරීමේ හැකියාව.මේ නිසාම ඔවුන්ට මුහුදු ජලය පවතින අහිතකර බැක්ටීරියා සහ වෛරස් යනාදිය සිය ශරීරයට ඇතුල් කර ගන්නවා.මේ මුහුදු බෙල්ලන් ආහාරයට ගන්නා පුද්ගලයන්ට ද මෙම වෛරස් සහ බැක්ටීරියා ඇතුළුවීමේ අවධානමක් පවතිනවා. උදාහරණයක් විදිහට හෙපටයිටීස් වයිරසය මාස තුනක පමණ කාලයක් මේ මුහුදු බෙල්ලන්ගේ ශරීරයේ රැඳී සිට ඒවා ආහාරයට ගන්නා ඒ පුද්ගලයාට එම රෝගය ආසාදනය කරවනු ලබනවා.මේ නිසාම සමහර රට වල මේ මුහුදු බෙල්ලන් වාණිජ වශයෙන් ප්‍රවර්ධනය කිරීම වගේම ආහාර විදිහට සකස් කිරීමත් නීති මගින් තහනම් කොට තිබෙනවා.

එල්ඩර්බෙරීස් (Elderberries)

මේ බෙරි වර්ගය නොඉදුණු පලතුරක් අවස්ථාවේදී ආහාරයක් විදිහට හෝ පානයක් විදිහට ගැනීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්.නමුත් මේ බෙරි වර්ගය ඔබට සෘජුවම මරණය ලබා දෙන්නේ නැහැ, මරණය කරා ඔබ ළං වීම සිදු කරවනවා .ඒකට හේතුව වෙන්නේ ලපටි එල්ඩර්බෙරීසවල සයනයිට් යම් ප්‍රමාණයක් ඇතුලත් වීම.නමුත් මේ වන විට එම ගැටලුව ඇති නොවන පරිදි ඉදුණු එල්ඩර්බෙරීස්  මගින් විවිධ ආහාර සහ පාන වර්ග සෑදීමේ ක්‍රම රැසක් සොයා ගෙන තිබෙනවා.ඒ වගේම විෂ සහිත නොවන එල්ඩර්බෙරීස් ප්‍රභේදත් නිෂ්පාදනය කරලා. තියෙනවා.යුරෝපීයයන් පැමිණීමට පෙර ඇමරිකාව මහද්වීපයේ සිටී ශිෂ්ටාචාරවල මිනිසුන් වගේම මිසර ශිෂ්ටාචාරය තුළ ද මේ බෙරි වර්ගය විවිධ ඖෂධ සඳහා භාවිතා කරලා තියෙන නිසා මේ බෙරි වර්ගය විෂ සහිත වුණත් මිනිසාට ප්‍රයෝජනවත් ශාකයක් විදියට හඳුන්වන්න පුලුවන්.

මඤ්ඤොක්කා (Cassava)

මේ නම අහපු ගමන්ම සමහරු හිතනවා ඇති ඇයි මනුස්සයෝ මම අද උදේට කෑවෙත් මඤ්ඤොක්කා, මම මැරුණාද කියලා.සාමාන්‍යයෙන් අපේ පැරැන්නන්ගේ අතර කතාවක් තිබ්බා මඤ්ඤොක්කා සහ ඉඟුරු එකට ආහාරයට ගන්න හොඳ නෑ කියලා.ඒ කතාවේ විද්‍යාත්මක පදනමක් තිබ්බා. අපේ පැරැන්නන්ට අදහසක් තිබ්බා මඤ්ඤොක්කා වල තියෙන විෂ සහිත ස්වභාවය පිළිබඳව.හැබැයි සියලුම මඤ්ඤොක්කා වර්ග වල මෙහෙම විෂ සහිත ස්වභාවයක් නැහැ. සමහර මඤ්ඤොක්කා වර්ග වල සයිනයිඩ් යම් ප්‍රමාණයක් අඩංගු වෙනවා. නමුත් නිසියාකාරයෙන් පිසීම මගින් මේ විෂ ඉවත් කර ගන්න පුළුවන්.හැබැයි ලංකාවෙ අපිට නම් ඒ ගැන එච්චරම බය වෙන්න දෙයක් නැහැ.මොකද මේ වෙද්දි අපි ආහාරයට ගන්නේ දියුණු කළ මඤ්ඤොක්කා ප්‍රභේද.හැබැයි ඒ කොහොම වුණත් මඤ්ඤොක්කා නිසි පරිදි පිස ගන්න අමතක කරන්න එපා මොකද අවදානමක් ගන්න ඕන නැති නිසා.

කාසූ මාර්සූ (Casu Marzu)

විනෝදාංශයක් විදිහට ලෝකයේ විවිධ විෂ සහිත ආහාරයට ගෙන රස විඳින පිරිසක් ඉන්නවා.ඒක ඇහුවම ඕගොල්ලෝ සමහරක් සමහරක් විට පුදුම හිතෙයි. නමුත් ඒ ජාතියේ මිනිසුන් ඉන්නවා.ඒ අය වුනත් ආහාරයට ගන්න බිය වෙන එක වෙන එක කෑම වර්ගයක් ඉතාලියේ තියෙනවා.ඒ ඒ චීස් වර්ගයක්.දැන් ඔගොල්ලන්ගේ ඔළුවට ආවේ චීස්වලට ඔච්චර බය වෙන්නේ මොකටද චීස් කියන්නේ කොච්චර රස කෑමක් ද කියන එක කියලා අපි දන්නවා.හැබැයි ඒ ඉතාලියේ භාවිතා වන ඇතැම් චීස් වල  අපිට එදිනෙදා කන්න ලැබෙන චීස් වලට වඩා සපුරා වෙනස්.මේ අපි කියන චීස් වර්ගය සකස් කරද්දී කිරි සමග කෘමි විශේෂයක් මිශ්‍ර කරනවා.මේ කෘමීන් චීස් තුළ බිත්තර දැමීම මගින් තමයි වලට අදාල රසය ලැබෙන්නේ.සමහර අවස්ථාවලදී මේ චීස් ආහාරයට ගැනීමේ දී මේ කෘමීන් සහ බිත්තර ආමාශය සහ බඩවැල් වලට ඇතුල් වෙලා වමනය, ඩයිරියාව වගේ රෝග ලක්ෂණ අදාළ පුද්ගලයාට ඇති කරනවා.

ජයන්ට් බුල්ෆ්‍රොග් (Ginat Bullfrog)

මේ නම ඇහෙද්දි පොඩ්ඩක් අවුල් වගේ නේද?මේ වචනේ සම්පුර්ණයෙන්  සිංහලට හැරෙව්වොත් යෝධ හරක් ගෙම්බා වගේ තේරුමක් තමයි එන්නේ.මේ ගෙම්බාගේ ශරීර ස්වභාවය නිසයි මේ නම ලබා දීලා තියෙන්නෙ.ප්‍රංශය තුළ මේ ගෙම්බන්ගේ කකුල් ජනප්‍රිය ආහාරයක් විදිහට භාවිතා වෙනවා.මේ ගෙම්බාගේ සම සහ අනෙකුත් අවයව විෂ සහිතයි.නමුත් අප්‍රිකානු රටක් වන නැමීබියාවේ මේ සම්පූර්ණ ගෙම්බාව ආහාරයක් විදිහට භාවිතා කරනවා. එසේ  පිස ගැනීමේදී ගෙම්බාගේ ශරීරයේ යම් යම් කොටස් ඔවුන් ඉවත් කිරීමට වග බලා ගන්නවා.ඔවුන්ගේ සාමාන්‍ය විවාහාරය කියවෙන විදිහට ගෙම්බන්ගේ අභිජනන සමය සහ වැස්ස ආරම්භ වීමට අතර කාලය තුළදී ආහාර සකස් කිරීම සඳහා ගෙම්බන් භාවිතා කළ යුතු වෙනවා.එවිට මේ ගෙම්බන් ගේ විෂ සහිත ගතිය ඉවත් වෙලා යනවාලු.

ඇකී (Ackee)

ඇමෙරිකානු රටවල විශේෂයෙන් ජැමෙයිකාවේ බහුලව ශයෙන් දක්නට ලැබෙන මෙම පලතුර බොහෝ කාලයක් වහලුන් අතර ජනප්‍රිය  ආහාරයක් බවට පත් වී තිබුණා.නමුත් ඒ ඔවුන් මේ පලතුර නිසි පරිදි පිස ගත යුතු ආකාරය දැන සිටි නිසයි.මේ පළතුරේ අභ්‍යන්තරයේ ඇති කහපාට මාංශමය කොටස ආහාරයට ගැනීමට සුදුසු වන අතර පිටත ඇති රතු සහ කළු පැහැති කොටස් ආහාරයට ගැනීමෙන් ඔබට අනිවාර්යයෙන් ම ඔබේ කල්ක්‍රියාව අනුව දිව්‍ය ලෝකයට හෝ අපායට යන්නට පුළුවන්.නිසි පරිදි නොපිසු ඇකී ආහාරයට ගැනීමෙන් අධික වමනය නිසා ඇතිවන විජලනය සහ රුධිරගත සීනි මට්ටම පහළ වැටීම මෙම මරණ වලට හේතු වෙනවා.

සාන් – නක්ජි (San-nakji)

මේ ආහාරය ගැනීමෙන් ඔබට මරණය ගෙන දෙන්නේ ටිකක් වෙනස් විදිහට. සාමාන්‍යයෙන් අපි කියපු අනිත් ආහාර උගුරෙන් පල්ලෙහාට ගියාට පස්සෙ මරණය ඇති කළත් මේ ආහාරයෙන් ඔබ මිය යන්නේ උගුරෙන් පල්ලෙහාට නොයෑම නිසා හුස්ම ගන්නට අපහසු වීමෙන්.දකුණු කොරියාවේ වැඩ කරන අය නම් මේ ආහාරය ඒ ගැන අහලා ඇති.මේ ආහාරය සකස් කරන්නේ නක්ජි නම් කුඩා බූවලු විශේෂයකින්.සූපවේදියා මේ සතාව ජීවතුන් අතර සිටියදී ම උගේ අඬු ඉවත් කර ආහාරයක් විදිහට සකස් කර මේසයට එවනවා.මේ නිසා ඔබ ආහාරයට ගන්නා අවස්ථාව වන විටත් ඒ දඬු එහෙට මෙහෙට කැරකෙමින් තිබෙනවා.නිකං හිතන්න ඔබ පණපිටින් ඉන්න සතෙක්ව ආහාරයට ගනිද්දී මොන වගේ දෙයක් සිදු වෙයිද කියලා.සාමාන්‍යයෙන් දකුණු කොරියාවෙන් වසරකට මරණ හයක් පමණ මේ ආහාරය ගැනීම නිසා වාර්තා වුණත් කොරියානු වැසියන් මේ ආහාරය අත් හරින්නේ නැහැ.ඔවුන් කියන්නේ බීමතින් නොසිටින අවස්ථාවක සිහි නුවණින් යුක්තව වැඩි වශයෙන් පාන වර්ග ලබා ගෙන හොඳින් සපා හපා ගිලීමෙන් නිසා රසවත් ආහාරයක් අත්දැකීමක් ලබාගන්න පුළුවන් කියලා.

හකරල් (Hakaral)

මේ ආහාරය සැලකෙන්නේ අයිස්ලන්තයේ ජාතික ආහාරය විදිහට.ග්‍රීන්ලන්ත දූපත ආශ්‍රිතව වාසය කරන මෝර මසුන් අපේ රටේ කරවල සකස් කරන ආකාරයට සකස් කිරීමෙන් මේ ආහාරය සකසා ගන්නවා.නමුත් ලෝකයේ බොහෝ ප්‍රවීණ සූපවේදීන් පවා පවසන්නේ එය ලෝකයේ දක්නට ලැබෙන අප්‍රසන්නතම ආහාර වලින් එකක් කියලා.හැබැයි ඉතින් අයිස්ලන්ත වැසියන් නම් කියන්නේ මේක දිව්‍ය භෝජනයක් කියලා.නමුත් නිසි පරිදි පරණ බවට පත් නොවූ මේ මෝර මාළු වර්ගය නිසා ස්නායු රෝග ඇති වෙනවා.ඒ වගේම අවසානයේදී  මරණයත් ළංගා කරනවා.

වන හතු (Wild mushrooms)

බිම්මල් කියන්නේ අපේ රටේ ජනප්‍රිය කෑමක්.සාමාන්‍යයෙන්  පාරම්පරිකව අපේ රටේ ආහාරයට ගත යුතු හතු වර්ග පිළිබඳව දැනීමක් තිබෙනවා.නමුත් යුරෝපා රටවල සහ ඇතැම් ආසියාතික රටවල වනාන්තර වල විවිධ විෂ සහිත බිම්මල් වර්ග දක්නට ලැබෙනවා.භයානක කරුණ වන්නේ ඇතැම් හතු වර්ග සාමාන්‍ය හතු වලට බොහෝ සෙයින් සමාන වීම.මේ නිසා ඇතැම් යුරෝපීය ජාතිකයන් සාම්ප්‍රදායිකව කරන වනාන්තර ආශ්‍රිත සංචාරවලදී මේ හතු ආහාරයට ගැනීම නිසා මරණය ළඟා කර ගන්නවා.

වඳුරු මොළය (Monkey Brain)

ලංකාව ඇතුලේ වඳුරව මස් පිණිස දඩයම් කරන අවස්ථාවක් අහන්න නොලැබෙනවා වුණත් චීනය,මැලේසියාව සහ සිංගප්පූරුව වැනි රටවල් වල වගේ ම සමහර බටහිර රටවල වඳුරු මස්, විශේෂයෙන්ම වඳුරාගේ මොළය සුපිරි ආහාරයක් ලෙස සලකනු ලබනවා.

නමුත් මෙම ආහාරය නිසා පිස්සු ගව රෝගයට සමාන රෝගයක් මිනිසාට ආසාදනය වන්නට පුළුවන්.

ලිවර් කැන්සර් සැලඩ් (Liver Cancer Salad)

මේ නම ඇහුවම අපිට වැරදුනා කියලා සමහරක් විට ඔබ හිතන්න ඇත.මේ ආහාරයට නම ලැබෙන්න විශේෂ හේතුවක් තියෙනවා. ඊසාන දිග තායිලන්තයේ ඉතා ජනප්‍රිය ආහාරයක් වන මෙය සකස් කරනු ලබන්නේ කොයි ප්ලා නම් කුඩා මාළු විශේෂයකින්.මෙය සකස් කිරීමේදී මාළු පිස ගැනීමක් සිදු කරනු නොලබන අතර අමු මාළු විවිධ කුළුබඩු වර්ග සමග මිශ්‍ර කරමින් සකස් කර ගන්නවා.සමහර වට්ටෝරු වලට අනුව මෙම ආහාරය වඩාත් රසවත් කර ගැනීමට නම් පණපිටින් රතු කූඹි මෙයට එක් කර ගත යුතු වෙනවා.සියවස් ගණනාවක් තිස්සේ මේ ආහාරය තායිලන්තයේ එම ප්‍රදේශය තුළ භාවිතා වුණා.මේ ප්‍රදේශ තුළ අක්මා පිළිකා වල සැලකිය යුතු වැඩිවීමක් නිරීක්ෂණය කළ සෞඛ්‍ය බලධාරීන් එයට හේතුව සොයා යාමේදී වටහා ගත්තේ එම රෝගය  ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ මාළුවා ඇසුරෙන් සකස් කරනු ලබන මේ ආහාරය බවයි.මෙම මාළු වර්ගය පිළිකා කාරකයක් බව වටහා ගැනීමෙන් පසුව තායිලන්ත බලධාරීන් විසින් මෙම ආහාර පිළිබදව දැනුවත් කිරීමේ විශාල වැඩපිළිවෙළක් ආරම්භ කළා.මේ වනවිට යම්තාක් දුරකට මේ ආහාරය පරිභෝජනය කිරීම අඩු වුණත් තායිලන්ත ජනතාව සම්පූර්ණයෙන් මෙම ආහාරය ආහාරයෙන් වැළකී නැහැ.

ජෙලි ෆිෂ් (Jelly Fish)

ජපානය තුළ නොමියුරා ජෙලිෆිෂ් නමින් හැඳින්වෙන  ජෙලි ෆිෂ් වර්ගය භාවිතා කරමින් රසවත් ආහාරයක් සකසනු ලබනවා.මේ නිසා වාර්ෂිකව ජෙලි ෆිෂ් මසුන් ටොන් ගණනාවක් දඩයම් කරනු ලබනවා.නමුත් අධික විෂ සහිත ජෙලි ෆිෂ් වර්ගය යම් විදිහකින් දැලකට පැටලුණොත් ඒ දැලේ පැටලී තිබෙන අනෙක් මසුන් පවා විස සහිත බවට පත්වීම නිසා ආහාරයට ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ .නමුත් අපි ආරම්භයේදී කිව්වා වගේම නිසි පරිදි සකසා ගැනීමෙන් මෙය රසවත් ආහාරයක් බවට පත් කරගන්න පුළුවන්.ඒ වගේ ම මේ ජෙලි ෆිෂ් වර්ගය භාවිතා කරමින් ජපානය තුළ රසවත් අයිස් ක්‍රීම් වර්ග වැනි අතුරුපස ද නිපදවීම කරනවා.

Post Views: 6,776

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes