Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ඔහොම බෑ නංගි තව හයියෙන් පද්දන්න කියලා උදය අයියා කෑගැහුවා – පබෝදා සන්දීපනී

Posted on January 18, 2023January 18, 2023

ලංකාවේ ඉන්න රංගන ශිල්පිනියන් අතරින් කාගේත් අවදානය දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි පබෝදා සංදීපනී කියන්නේ, කාලෙන් කාලෙට එක එක මාතෘකා හරහා කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ පබෝදා සමගයි අපි අද කතාකරන්න සූදානම් වෙන්නේ, ඔයාට පබෝදා කියන්නද නැත්තන් රශිප්‍රභා කියන්නද ”මට පබෝදා සංදීපනී කියලම කතා කරන්න, මගේ නම තියෙන්නේ රශ්මිනි පබෝදා සංදීපනී කියලා, මම පොඩි කාලේ ඔශීන් කියන චරිතයට හඬ කැවුවා, ඉතින් ඒ කාලේ අම්මා මගේ නම රශිප්‍රභා සංදීපනී කියලා ටිකක් වෙනස් කළා, පස්සේ මම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මාගේ ‘වෑකන්ද වලව්ව’ සම්බන්ද වෙනවා, ඒ කාලයේ ලෙස්ටර් සර් තමයි කිවුවේ පබෝදා සංදීපනී නමින් කළා ක්‍ෂේත්‍රයේ ඉදිරියට යන්න කියලා, ඉතින් එදා ඉඳන් මම පබෝදා සන්දීපනී වුනා”

පබෝදා දැනට අවුරුදු විස්සකට විතර කලින් ඔයාට යක්ෂනියකගේ චරිතයට ආරාධා කලාම ඔයාට මොකද හිතුනේ ”ඇත්තම කියනවනම් මම ඒ චරිතය ආසාවෙන් බාරගත්තා, ඒ දවස්වල මම හින්දි ෆිල්ම් එහෙම බලනවා ඉතින් ඒ වගේ චරිතයක් ලැබුනම මට ආස හිතුනා, මම ගින්දරී සිනමාපටයේ රඟපාන්න කලින් රඟපාලා තිබ්බේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ‘වෑකන්ද වලව්ව’ චිත්‍රපටයට විතරයි, හැබැයි මම අභියෝගයක් වුනත් ගින්දරී ෆිල්ම් එක බාරගත්තා, මොකද මම ඒ චරිතයට ආසා කළා,”

ඒ වෙද්දී ඔයා නවක රංගන ශිල්පිනියක් ඉතින් මතක නොවන සිදුවීම් එහෙම ඇති නේද..? ”ඔව් ගින්දරී රඟපාද්දී මම මේ ක්‍ෂේත්‍රයට නවකයෙක්, මට රඟපාලා ලොකු අත්දැකීමක් තිබ්බේ නෑ, ඉතින් ඒ නිසා නුගේගොඩ වගේ නගරවල තිබ්බ ෂූටින් තිබ්බම සෙනග ගොඩක් ඉන්න තැන රඟපාන්න මට ගොඩක් ලැජ්ජයි, ඒ වෙද්දී කට්ටිය මාව අඳුරන්නෙත් නෑ, කැමරාව ගොඩක් දුර තියලා රූගතකලේ, ඉතින් රෙද්දේ හැට්ටේ ඇඳගෙන නුගේගොඩ යද්දී හැමෝම නතරවෙලා බලන් ඉන්නවා, ඒ අස්සේ උදය අයියා ඔහොම බෑ නංගි තව හයියෙන් පද්දන්න කියලා කෑ ගහනවා, හැබැයි ගින්දරී – 2 කරද්දී එහෙම චකිතයක් තිබ්බේ නෑ”

පබෝදා වැඩිය පෙන්න නෑ ඇයි ඒ ”මෙහමයි මම ලැබෙන හැම චරිතයක්ම බාරගන්න කෙනෙක් නෙවෙයි, මම ගොඩක්ම කැමති විනමාවට, හැබැයි මට වැඩියෙන්ම ආරාධනා ලැබෙන්නේ ටෙලිනාට්‍ය වලට, ඉතින් මම නාට්‍යක් තෝරාගන්නේ ගොඩක් හිතලා බලලා, ඇත්තම කියනවනම් මට රංගනය වෘත්තියක් විදිහට ගන්න අමාරුයි, හැබැයි මේක මගේ වෘත්තිය මම ජීවත් වෙන්නේ රංගනයෙන්, හැබැයි මම ආස චරිතයක් නැතුව නිර්මාණයක් බාරගන්නේ නෑ, ඒ විදියට නිර්මාණ බාරගන්නේ නැතුව කිහිපයක්ම අත්හැරියා”

Post Views: 4,842

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes