Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

60 හැවිරිදි ඉතාලි කාන්තාවට පෙම් කල ලංකික තරුණයා දේපල ලියාගැනීමෙන් පසු සිදුකල දේ

Posted on January 23, 2023January 23, 2023

වර්ථමානය වන විට අපේ රටේ තිබෙන ආර්ථික දුෂ්කරතා නිසාත්, රැකියා නොමැති කම නිසාත්, ගන්න පඩිය ජීවත් වීමට තරම් ප්‍රමාණවත් නොවන නිසාත් අද සමාජයේ අපේ රටේ තරුණයින් බොහෝ දෙනෙක් විදෙස් රැකියා සොයාගෙන අපේ රට අතහැර වෙනත් රටවල් වලට යාමට යොමු වෙලා ඉන්නවා. ඉතින් අපි මේ කියන්න යන්නේ ඒ විදිහට රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉතාලියට ගියපු තරුණයෙක්ට මුහුණ දෙන්න සිදුවුණු අදහාගන්න බැරි සිදුවීමක් ගැනයි. ඉතින් මේ තරුණයා රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉතාලියට යනවා. ඒත් එක්කම ඉතාලියේ රැකියාවක් සොයන මේ කඩවසම් තරුණයාට රැකියාව විදිහට ලැබෙන්නේ හැට හැවිරිදි මහලු ඉතාලි කාන්තාවක් බලා කියාගෙන ඇය සමග ඇගේ නිවසේ ජීවත් වෙන්න.

කොහොම නමුත් මේ විදිහට කාලයක් යනකොට එක ගෙදරක ජීවත් වෙද්දී තනිකඩ 60 හැවිරිදි ඉතාලි කාන්තාවට ශ්‍රී ලාංකීය තරුණයා පිළිබඳව අදහසක් පහල වෙනවා. ඉතින් ඊට පස්සේ ඇය ටිකෙන් ටික මේ තරුණයාට ලං වෙලා උත්සහ ගනිද්දී, ලංකාවෙන් ඈත් වෙලා තනිකඩව ඉන්න තරුණයාට ඇයගේ ආදරය රැකවරණය ලැබෙද්දී මේක හොඳ අවස්ථාවක් වුණා. ඉතින් මේ තරුණිය ඔහුට කොයි තරම් ආදරය කළාද කියනවා නම් ඇයගේ වටිනා දේපළවලින් බාගෙට බාගයක්ම මේ ලාංකික තරුණයාට ලියලා දෙන්න ඇය තීරණය කළා.

ඒ විදිහට තීරණය කළා වගේම තමන්ගේ දේපළ සහ වත්කම් වලින් සීයට 50ක් මේ ඇය ඔහුට ලියලා දුන්නා. කොහොම නමුත් මේ 60හැවිරිදි ඉතාලි කාන්තාවට කලින් විවාහයෙන් දියණියක් ඉන්නවා. ඇය ටිකක් දරුණු මාෆියා කල්ලි සමඟ සම්බන්දතා තියෙන කෙනෙක්. ඉතින් ඇයගේ මව සහ ශ්‍රී ලාංකේය තරුණයා අතර තියෙන මේ ප්‍රේම සම්බන්ධතාවය පිළිබඳව ඇයට දැනගන්න ලැබෙනවා. ඒ වගේම ඇයට ලැබෙන්න තිබුණු දේපල වලින් බාගයක්ම ඇයගේ මව වෙන කෙනෙකුට ලියලා දීපු එක හේතුවෙන් ඇය ඇයගේ 60හැවිරිදි මවත් සමඟ අමනාපයෙන් තමයි ඉඳලා තියෙන්නේ.

කොහොම නමුත් මේ විදිහට ටික කාලයක් ගත වෙද්දී හිතාගන්න බැරි විදිහට 60හැවිරිදි ඉතාලි කාන්තාව ඇයගේම වාහනේ ඇතුලේ පිළිස්සුම් තුවාල සහිතව ජීවිතයට මිය ගොස් තිබෙනවා. ඇත්තටම ඇය ට මොකද වුනෙ කියන ප්‍රශ්නය තවමත් අත්භූත කාරණයක් වෙලා තියෙනවා. කොහොම නමුත් ඊට පස්සේ ඇයගේ පෙම්වතා වුනු ශ්‍රී ලාංකීය තරුණයක් නොසිතූ විරූ ආකාරයෙන් අතුරුදහන් වෙනවා. ඉතින් මේ කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් ගොඩක් දෙනෙක්ගේ සැකය ශ්‍රී ලාංකීය තරුණයාට යොමු වෙද්දී ඉතාලි පොලිසිය විසින් හොයා ගන්නවා ඔහුත් අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක් වෙලා තියෙනවා.

ඉතින් මෙම සිදුවීම අදටත් විසදගන්න බැරි අභිරහසක් වෙලා තියෙනවා. ඒ වගේම මේ ආදරයෙන් බැඳුනු යුවල එකට සියදිවි හානි කර ගත්තාද, නැත්නම් ශ්‍රී ලාංකීය තරුණයා ඉතාලි කාන්තාව ඝාතනය කර පසුතැවීම නිසා ඔහු ඔහුගේම ජීවිතය නැතිකර ගත්තා ද, එහෙමත් නැත්නම් ගොඩක් දෙනෙක් සඳහන් කරන ආකාරයට ඉතාලි කාන්තාවගේ දුවගේ සම්බන්ධයක් මෙම මරණ වලට තියෙනවාද කියන එක අදටත් රහසක්. කොහොම නමුත් මීට වසර කිහිපයකට කලින් සිද්ද වෙච්චි මේ අවාසනාවන්ත සිදුවීමට ඉතාමත් ඉක්මනින් සාධාරණයක් ලැබී දෙදෙනාගේම ජීවිත වලට වගකිව යුත්තේ කවුරුන්ද යන්න සොයා ගන්නා තුරු අපිත් අවධානයෙන් බලාගෙන ඉන්නවා.

Post Views: 5,308

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes