Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ඇරපු අතක් නෑ බබා මගේ හස්බන්ඩ් වගේමයි – ලෝචනා ඉමාෂි

Posted on January 27, 2023January 27, 2023

කළා ලෝකයේ ඉන්න දඟකාරම රංගන ශිල්පිනිය විදියට හඳුන්වන්න පුළුවන් සුරූපී රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ. විවිද ටෙලිනාට්‍ය හරහා කාගේත් ආදරේ දිනාගත් ලෝචනා එක්ක ටිකක් කතා කරන්නයි මේ සුදානම. ඉතින් ලෝචනා කොහොමද ජීවිතේ මොකද ව්වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වලනම් ඉතින් රටේ තියෙන ප්‍රශ්නත් එක්ක පුළුවන් විදියට වැඩ ටික කරගෙන යනවා. ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ ඉන්ධන ප්‍රශ්නේ. මොනවා කරන්නද මේක හැමෝටම ටිකක් අමාරු කාලයක්. ඉතින් අපිට පුලුවන් විදියට අපේ වැඩ කරගෙන ඉන්නවා”

කියන්නකෝ බලන්න ලොචිගේ පුංචි පුතා ගැන විස්තර ටිකක් ”අම්මෝ එයානම් දඟ මල්ලක්. එයා එක්ක ගෙවෙන හැම තත්පරයක්ම අලුත් තත්පරයක් වගේ අපිට දැනෙන්නේ. එයාගේ නම නේලක නවරත්න ඒ නම මීට කලින් අහලම නෑ කියලා හැමෝම වගේ කියනවා. බබාට මේ නම දැම්මේ චින්තා වික්‍රමසිංහ මහත්මිය එතුමිය පුතාගේ හඳ හනේ ඉඳලා හෑම දේම බොහොම කැමැත්තෙන් සහ උනන්දුවෙන් හදලා දුන්නා ඇත්තටම ගොඩක්ම ස්තුතියි ඒතුමියට”

පුතා ලෝචනා වගේමයි කියලා හැමෝම වගේ කියනවා ඇත්ත නේද ඒක..? ”ඒකනම් සීයට සීයක් ඇත්ත එයාට කොහෙහරි යමු කිව්වොත් ඊටවඩා දෙයක් නෑ, කොටින්ම කියනවනම් බඩගින්නක් මහන්සියක් නින්දක් එයාට ඇත්තෙම නෑ. කොහේ හරි යනවා කිව්වනම් කිසිම සද්දයක් නැතුව ඉන්නවා. ගෙදරදිනම් පුදුම කෑගැහිල්ලක් තියෙන්නේ. මම ප්‍රෙග්නන්ට් කාලෙත් මම ගෙදරට වෙලා හිටපු කෙනෙක් නෙමෙයි නේ‍. ඒ නිසා ඒ පුරුද්ද වෙන්න ඇති බබාටත් තියෙන්නේ, හැබැයි ඇරපු අතක් නෑ බබා මගේ හස්බන්ඩ් ලසන්ත වගේමයි කියලා හැමෝම කියනවා.”

පැරණි පුවත් – වසර දෙකකට පසු තමා ළගට පුතු ආපු සතුටට ලෝචනා ඉමාෂි තැබූ ආදරණීය සටහන 

ලෝචනා ඉමාෂි කියලා කියන්නේ පුංචි තිරයේත් රිදී තිරයේත් දස්කම් පාන කටකාර හැඩකාර රුවැත්තියක්. ප්‍රේක්ෂක ජනාදරයට නිරන්තරවම පාත්‍ර වන ඇය, විවිධ චරිත ඔස්සේ ඉතා දක්ෂ ලෙස ඇගේ රංගනය දිගහැර දක්වන්නේ ඇයටම ආවේණික වූ රංගන විලාශයකින්.ඒ වගේම තමයි ඇය music videos ඔස්සේ ද රසිකයාගේ හදවත දිනා ගැනීමට සමත් වුණා.

රංගන ශිල්පිනියකගේ වෘත්තියට අමතරව මෝස්තර නිරූපිකාවක් විදිහටත් රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහටත් අපිට ඇයව හඳුනාගන්නට පුළුවන්. ඇය රංගන ක්ෂේත්‍රය තුළ බොහෝ නිර්මාණ සඳහා සිය රංගන දායකත්වය ලබා දුන්නා ඒ අතරින් ගින්දරී , අබිනික්මන නම් සිනමාපට අතිශයින් ප්‍රේක්ෂක ආදරය දිනාගැනීමට සමත්වූ අතර ම ඇය රංගනයෙන් දායක වූ සංසාර සිහිනයේ ටෙලි නාට්‍යයේ අනුත්තරා කියන චරිතය ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් ද වුණා.

මේ වන විට ඇය රිදී තිරයේත් පුංචි තිරයේත් වැඩිය දක්නට ලැබෙන්නේ නැහැ. ඒ ඇය මේ වන විට විවාහ වී සැමියා සමග නෙදර්ලන්තයේ පදිංචි වී සිටින නිසයි. මේ වන විට ආදරණීය පුතෙක් ගේ මවක් වන ලෝචනා පසුගිය දවස් වල පවුලේ උදවිය නැතිව ලංකාවේ කාලය ගතකල බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්. ඒ මේ පවතින ගෝලීය වසංගතය නිසා ඇයට විදෙස්ගතව සිටින තම නිවැසියන් සමඟ කාලය ගත කිරීමට නොහැකි වූ නිසයි. ඉතින් ඊයේ දිනය ඇගේ ජීවිතය සුවිශේෂී අවස්ථාවක් වුණා

. ඒ ඇයගේ ආදරණීය පුතණුවන් ඇය සමග ජීවත් වීමට ලංකාවට පැමිණීම නිසයි. ඉතින් මේ සතුටුදායක අවස්ථාව වෙනුවෙන් ඇය අපූරු ආදරණීය සටහනක් එකතු කරලා තිබුණා. ඒ මේ විදියට, “My son is the best I have ever received He is the sunshine in my day the joy in my soul And the love of my life ඔයා ලග නැතිව කොච්චර කාලයක් ගියාද කියල දන්නේ නැහැ.

නමුත් අද ඉදල ජිවත් වෙනව කියල දැනෙයි.ඔන්න බබා ආවා” මේ විදිහට තමයි ඇය සටහන් කරලා තිබුණේ. ඉතිං ඇයට හැමදාමත් ඇයගේ දරුවා සමග සතුටින් සිටීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරම ඇයගේ ඉදිරි අනාගත බලාපොරොත්තු සියල්ලම සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

Post Views: 9,535

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes