Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

දේශපාල​නඥයින් කලේම මට කපන එක,මට අම්මා කෙනෙක් වෙන්නත් බෑ කිව්වා – ගයේෂා පෙරේරා

Posted on January 30, 2023January 30, 2023

ගිනි ගත්ත ජීවිතවලට S! e x කියන්නේ කුණුහරුපයක් නෙමෙයි සිසිලසක්. එහෙම කියන්නේ අපි නම් නෙමෙයි අපේ රටේ දක්ෂ නිර්මාණකරුවෙක් වන සංජීව පුෂ්පකුමාර. ඇත්තටම පසුගිය කාලය පුරාවටම අපේ රටේ දැඩි කතාබහට වගේම විවිධ වාරණයන්ට ලක්වුණු චිත්‍රපටයක් තමයි Flying Fish (ඉගිල්ලෙන මාළුවෝ) චිත්‍රපටය. ඉතින් director’s Cut ලෙසින් මෙම චිත්‍රපටය එළැඹෙන 03 වැනිදා සිට සීමිත සිනමාහල් රැසක මහජන ප්‍රදර්ශනයට තිරගත කරනවා.

මේ චිත්‍රපටයේ දැඩි කතාබහට ලක්වූ චරිතයක් රඟපෑ ගයේෂා පෙරේරා ගැන මේ චිත්‍රපටය නිසාම දැඩි කතාබහක් ඇති වුණා. ඒ නිසාම අපි ඇයට කතා කළා Flying Fish ගැන කතා කරන්න. ගයේෂා කොහොමද ඉතින් හොඳින් සතුටින් ඉන්නවා. ඇමරිකාවේ ගෙවන ජීවිතය සුන්දරද? මම මගේ පවුල එක්ක මෙහේ ජීවත් වෙන්නෙ. මට හිතෙනවා තමන්ගේ පවුල එක්ක කොහේ හිටියත් ජීවිතය සුන්දරයි කියලා. ඇමරිකාවට ඇවිල්ලා කොච්චර කල්ද? දැන් අවුරුදු පහක් වෙනවා. දශකයකට කලින් රඟපෑ Flying Fish (ඉගිල්ලෙන මාළුවෝ) චිත්‍රපටය තිරගත වෙනවා නේද? ඔව්. ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටය අවුරුදු ගණනාවකට පසුව හරි තිරගතවීම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා නිෂ්පාදකවරයා වගේම මා ඇතුළු ඊට දායක වුණු සියලු දෙනාම ලබපු ලොකු ජයග්‍රහණයක්.

අද වෙනකොට මොකද ඒ ගැන හිතන්නේ? අපි අවසානයේ හරි දේ ජනගත කරන්න දැරූ උත්සාහය සාර්ථකයි. මේ චිත්‍රපටය අපේ රටේ දැඩි කතාබහට ලක්වුණු චිත්‍රපටයක්. ඔව් ඒක ඇත්ත. චිත්‍රපටයට ලැබුණු අනිසි වාරණයක් නිසා අපි හැමෝටම ඒ දේට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒක හරිම ඛේදජනකයි. ඒ වෙලාවේ කලාකරුවෝ විදිහට අපිට මුහුණ දෙන්න වුණු අපහසුතා නම් එමටයි. කාලයක් ඔබට මේ නිසා දරුණු මඩ ප්‍රහාර පවා එල්ල වුණා නේද? කාලයක් නෙමෙයි. තාමත් මට සමහරු කතා කරන්නේ චිත්‍රපටයේ නමින්. කලාකරුවෙක් හැටියට මම ඒ ගැන සතුටුයි. මොකද මිනිසුන්ට ටයිටැනික් චිත්‍රපටය වගේම Flying Fish එකත් තාම මතකයි. මේ චරිතය භාරගැනීම ගැන කලකිරීමක් තිබෙනවාද? කලාකරුවෙක් චරිතයක් භාරගන්නේ පැකිළෙන්න නෙමෙයි. ඒ උත්සාහය ජයග්‍රහණය කරවන්න තමයි උත්සාහ කරන්නේ.

මම හිතන්නේ හැම අතින්ම අද මම ජීවිතය දිනලා ඉවරයි. දේශපාලනයෙන් කරකුට්ටම් වෙච්ච දේශපාලකයෝ මට බයේ සමාජගත කළා මම නිළියක් නෙමෙයි කියලා. මට අම්මා කෙනෙක් වෙන්න බැහැ කිව්වා මම හිතන්නේ මම ඒ හැමදේකටම අද වෙනකොට පිළිතුරු දීලා හමාරයි කියලා. අදටත් මම ගයේෂා පෙරේරා. මගේ පෙර පිනකට මට මිනිස්සු ආදරෙයි. මොන මඩ ප්‍රචාර ආවත් ඔබේ සැමියා ඔබත් සමග සිටියා නේද? මගේ සැමියා මගේ දරුවා මගේ අම්මා මට ලැබුණේ පෙර පිනකට. මම වෙනුවෙන් පෙනී හිටපු ඒන්ජල්ස්ලා තමයි එයාලා. ගයේෂාට ලංකාවේ හරියට තරහකාරයෝ හිටියා නේද? මට හිටිය තරහකාරයෝ තමයි කුජීත පරාජිත දේශපාලකයෝ. මිනිස්සු හැමදාමත් මට ආදරෙයි. මම තවමත් මිනිසුන්ට උදව් කරනවා.

ඒක මම කවදාවත් නතර කරන්නේ නෑ. ඇත්තටම චිත්‍රපටයේ මංගල දර්ශනයට ලංකාවට එන්න අදහසක් නැතිද? අදහසක් තිබෙනවා බලමු. මේ චිත්‍රපටය දැන් තිරගත වීම ගැන මොකද හිතන්නේ? ඕනෑම කාලයකට ගැළපෙන හරි අපූරු චිත්‍රපටයක්. ඒක ගැන කතා කරන්න ඕනෑ මම නෙමෙයි ප්‍රේක්ෂකයෝ. මම ආරාධනා කරනවා හැමෝටම එන්න Flying Fish නරඹන්න කියලා. ආපහු රඟපාන්න අදහසක් නැතිද? තව අවුරුදු දෙක තුනකින් මම මගේම චිත්‍රපට නිෂ්පාදන කටයුතුවලට යොමු වෙනවා. ඇත්තම කියන්නකෝ ලංකාවෙන් ගියේ කලකිරිලද? මම හිතන්නේ දැන් අහන්න ඕනෑ ලංකාවෙන් ගියේ කලකිරිලද කියලා නෙමෙයි දැන් ඔබට කොහොමද කියලා. දැන් මම හිටියට වඩා හැම අතින්ම සිය දහස් ගුණයකින් ශක්තිමත්. දැන් පුතාට වයස කීයද? දැන් පුතාට වයස අවුරුදු පහයි. එයා හරිම හොඳ ලස්සන දරුවෙක්. හරිම දක්ෂයි.

එයා ලංකාවෙන් ලෝකෙට බිහිවෙන තවත් සුපිරි දක්ෂයෙක් කරන්නයි අපිට ඕනෑ. මම හිතන්නේ ඒ හීනයට හරියනම රටේ තමයි එයා ඉන්නේ. මැතිවරණයක් එහෙම තියෙනවා. ලංකාවට ආව නම් නරකද? අපොයි මම නම් මැතිවරණ ගැන කතා කරන්නවත් කැමැති නෑ. ඇත්තටම මම දේශපාලනය කරන්න හැදුවේ මිනිසුන්ට උදව් කරන්න. දැන් මට ඒ අයට උදව් කරන්න බංකොලොත් වෙච්ච රටක බොරුවට දේශපාලනය වෙනුවෙන් සල්ලි වෙන්කරන්න ඕනෑ නෑ. මම කැමැති විදිහට කැමැති වෙලාවට කැමැති කෙනෙකුට මගේ දේවල් මට දෙන්න පුළුවන්. එතකොට දේශපාලනය එපා වෙලාද? කැමැති වෙන්න පුළුවන් රටක නෙමෙයි නේ අපි දේශපාලනය කළේ. ජීවිතය ගැන ආපසු හෑරී බැලුවොත්. සතුටුයි. පරණ යාළුවෝ කතා කළේ නැතිද? මගේ දුරකථනය තවමත් එදා වගේමයි හරියට නාද වෙනවා.

උපුටාගැනීම දිනේෂ් විතාන දිවයින මීවිත අතිරේකය

Post Views: 5,902

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes