Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

සමාජ මාද්‍ය උඩු යටිකුරු කරවූ කාන්තාවන් පිලිරුවක් එක්ක සංසර්ඝයේ යෙදෙන ජායාරූප පෙලෙහි සම්පූරණ විස්තරය

Posted on February 4, 2023February 4, 2023

කවුද මේ වික්ටර් නොවා..? ( Victor Noir)

මේ දවස්වල සමාජ මාධ්‍යයේ බොහොම ජනප්‍රියයි මේ පිංතූර පෙල.විශේෂයෙන්ම ආකර්ශණීය තරුණියක් සැතපෙන පිලිරුවක් එක්ක සංසර්ඝයේ යෙදෙන ආකාරයේ පින්තූර පිරිමි පක්ශය බොහොම ආසාවෙනුත් තවත් ආකාරයකට සමච්චලයෙනුත් බෙදා ගන්නව.( මේ වගේ දර්ශණ යුරෝපීය සමාජයේ සාමාන්‍යයි එක්තරා ආකාරයකට) මේ සැතපෙන පිලිරුව ඉතා පැරණි ලෝකඩ සොහොන් කොතක් නැත්තං ලෝකඩ පිලිරුවක්.

මේ සොහොන තියෙන්නෙ පැරිස් නගරයේ විසිවෙනි අරොන්දිස්මෝ හෙවත් අංක විස්ස දරණ දිස්ත්‍රික්කයේ. ( 20em arrondissement ) සේන් ගඟේ දකුණු ඉවුරේ තියන මේ ප්‍රදේශය පැරිස් නගර සීමාවෙ තියන අකර්ශණීය කොටසක්.

වික්ටර් නොවා කියන්නෙ ඉතාම තරුණ මාධ්‍යවේදියෙක්. එයාව ඝාතනය වෙන්නෙ 1870 තරම් ඈත කාලෙක වයස අවුරුදු 21 දී.වික්ටර් කොයිතරම් සුළු කාලයක් ජීවත් වුනත් මේ ඝාතනය ප්‍රංශයේ ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස් කරනව. ( ලසන්ත වික්‍රමතුංග ඝාතනය ලංකාවේ ගමන් මග වෙනස් නොකරාට තවමත් අමතක නෑ ලංකාවෙ පුරවැසියන්ට).

ප්‍රංශ විප්ලවය සිද්ධ වෙන්නෙ 1789-1799 වගේ කාලයේදී. රාජාන්ඩුව පෙරලල මහජන ආන්ඩුවක් නිර්මාණය කරන්න ප්‍රංශ පුරවැසියන් සමත් වෙද්දි මීට නායකත්වය දෙන පුද්ගලයන්ගෙන් කෙනෙක් තමයි නැපෝලියන් බොනපාට් කියන්නෙ. ( 1769 – 1821)

පලවෙනි නැපෝලියන්ගෙන් පස්සෙ දෙවනි නැපෝලියන් විදිහට ඔහුගේ පුත්‍රයා කෙටි කාලයකට බලයට එනව. ඉන්පස්සෙ තුන්වෙනි නැපෝලියන් විදිහට නැපෝලියන් බොනපාට්ගෙ ඥාති පුත්‍රයා බලයට එනව. – නැපෝලියන් III 1808 -1873.ප්‍රංශ ජනතාව මේ කතන්දරේට ඒ තරම් කැමැත්තක් දක්වන්නෙ නැත්තෙ ඒ මිනිස්සු විප්ලවයක් කරල මහජන රජයක් පිහිටෙව්වෙ එක් පරම්පරාවකට බලය දෙන්න නොවන නිසා.තුන්වෙනි නැපෝලියන්ට වගේම ඔහුගේ පරම්පරාවට විරුද්ධව ප්‍රංශ පුරවැසියන් නැවත එකතුවෙමින් ඉන්නෙ මහජන ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුනින්.

මෙන්න මේ අතරෙ වික්ටර් නොවා රාජකාරි කරන පුවත්පත ලිපියක් ලියනව වර්ථමාන නැපෝලියන් පාලනය විවේචනය කරමින්. මේ ලිපිය කෝර්ස් දූපතේ පුවත්පත් වලත් මාර්සෙයියේ ( Marseillé) නම් පුවත් පත හරහාත් ප්‍රසිද්ධ වෙද්දි මීට එරෙහිවෙනව තවත් නැපෝලියන් කෙනෙක්. ( නැපෝලියන්ලත් රාජපක්ශල වගේම තමා එක්කෙනෙක් නායකයා වුනොත් පරම්පරාවම ‍රජ වෙන්න හදනව.. හැබැයි පලවෙනි නැපෝලියන් බොහොම දක්ශ නායකයෙක්)

ඒ තමයි වර්ථමාන පාලකයාගේ ඥාති සහෝදරයෙක් වන පියේ නැපෝලියන්. ( Pierre Napoleon)එයා චෝදනා කරනව .. අණ කරනව වහාම මේ ලිපි අයින් කරගන්න කියලත් නැපෝලියන් නමට අගෞරව නොකරන්න කියලත්.නමුත් මාධ්‍යවේදීන් මේකට එකඟ වෙන්නෙ නැති නිසා මේක ගැටුමක් දක්වා දුරදිග යනව.මෙන්න මේ ගැටුමේ ප්‍රථිඵලයක් විදිහටයි පියේ නැපෝලියන් විසින් තරුණ වික්ටර් නොවා වෙඩි තියල ඝාතනය කරන්නෙ 1871 ජනවාරි 10 වෙනිද.

මේ ඝාතනය ප්‍රංශ මිනිස්සුන්ගේ දැඩි කෝපයට හේතුවෙනව.නැපෝලියන් අධිරාජයා අණ කරනව නොවාගෙ අවමංගල්‍ය උත්සවයට විශාල පිරිස් සහභාගි නොවිය යුතුයි කියලත් පහුවදාම අවමංගල්‍ය උත්සවය රහසිගතව පවත්වන්නත් කියල.ජනවාරි දොලොස් වෙනිදා ඒ කියන්නෙ නොවාගෙ අවමගුල්නුත්සවය දවසෙ ප්‍රංශ අග නගරය පිරිල ඉතිරිලා යනව කෝප වුනු ප්‍රංශ පුරවැසියන්ගෙන්. ලක්ශයකට අධික මිනිස්සු පැරිස් නගරයේ වීදි බහිනව සාධාරණය ඉල්ලල. මේ විරෝධයන් කොයිතරම් දුරදිග යනවද කියනව නම් විරෝධතා අරගල ප්‍රංශය පුරාම පැතිරෙනව. පියෙර් බොනපාට් අත් අඩංගුවට පත්වෙද්දි තුන්වෙනි නැපෝලියන්ගෙ බලය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙනව.

මේ තමයි නැපෝලියන් පාලන ක්‍රම‍යේ අවසානය.

තුන්වෙනි නැපෝලියන් ප්‍රංශ ජනාධිපති ලෙස තමන්ව ප්‍රකාශයට පත්කරගත්තත් 1871 අවුරුද්දෙ ඇඩොල්ෆ් තියෙර් මහත්තයා (Adolphe Thiers ) ප්‍රංශ ජනරජයේ පලවෙනි ජනාධිපති විදිහට පත්වෙමින් නැපෝලියානු බලය අවසන් කරනව.

මෙන්න මේ විදිහටයි තරුණ පත්තරකාරයෙකුගේ මරණය ප්‍රංශයේ ගමන් මග වෙනස් කරන්නෙ.

වික්ටර් නෝවා කොයිතරම් ප්‍රසිද්ධ වෙනවද… ගෞරවයට පාත්‍ර වෙනවද කීවොත් ඔහු වෙනුවෙන් අළුත් සොහොනක් නිර්මාණය වෙනව 1891 අවුරුද්දෙදි.

මේ වෙද්දි ප්‍රංශයේ ආන්ඩුව සාධාරණ වගේම අළුත් ගමනක් යමින් ඉන්නෙ.බ්‍රිතාන්‍ය වික්ටෝරියානු පාලනයෙන් සෝදාපාළුවකට ලක්වෙද්දි පැරීසිය විනෝදයේත්.. කලාවේත්… සංවාදයේත් නගරයක් බවට පත්වෙනව.මේ සොහොන නිර්මාණය කරන්න තෝරගන්නෙ ඉතාම දක්ශ වගේම විප්ලවකාරී චරිතයක්.. කලාකාරයෙක් වෙන ජූල්ස් දලූ (Jules Dalou) මහත්තයා.

නෝවාගෙ සොහොන් පිලිරුව ඉතාම ආකර්ශණීයයි. විශේෂයෙන්ම මේ තරුණයගේ දෙතොල වගේම පුරුෂ ලිංගය සහිත ප්‍රදේශය වැඩි අවධානයක් යොමුවෙන ලෙසින් නිර්මාණය කර තිබීම විශේෂයි.එයින් සිද්ධ වෙන්නෙ වැඩි වැඩියෙන් නෝවා ගැන ප්‍රසිද්ධ වීමත් කතාබහ කිරීමත්.මේ සොහොන නැරඹීමට එන වැඩිදෙනෙක් තොල් සහිත ප්‍රදේශය හා පුරුශ ලිංගය සහිත ප්‍රදේශය ස්පර්ශ කිරීමෙන් මේ ලෝකඩ පිලිමයේ අදාල ප්‍රදේශ දිස්නය දෙන තරමට ඔපවත් වෙනව.

ඒ එක්කම කටකතා පැතිරෙනව මේ පිලිරුව සිප ගැනීමෙන් වගේම ස්ත්‍රී ලිංග ප්‍රදේශය පිලිරුවේ ස්පර්ශ කිරීමෙන් කාන්තාවන්ට ගැබ් ගැනිමේ හැකියාව ලැබෙනව කියල.මේ සම්භන්ධයෙන් විවිධ මතවාද… අදහස්.. කටකතා තියනව.

සමහරෙක් විනෝදයටත්… තවත් කෙනෙක් විශ්වාසය නිසාත් මේ පිලිරුව එක්ක එක එක විදිහට හැසිරෙනව.පැරීසිය කියන්නෙ නොනිදන… විනෝදයට හා ලිංගිකාශ්වාදයට ප්‍රසිද්ධ නගරයක්.ඒ නිසා කිසි කෙනෙක් මේ වගේ සිද්ධීන් ඒ තරම් මායිම් කරන්නෙ නෑ.

බෝධි පූජා පැවැත්වීම… ශිව ලිංගය දෝවනය කර පානය කිරීම…. කාලි හෝ ස්කන්ධ කුමාර දේව පූජා පැවැත්වීම වැනි දේ තුලින් ගැබ් ගන්න පුළුවන් කියල විශ්වාස කරන කාන්තාවන් ඕනෑ තරම් ලාංකික සමාජයේ ඉන්න බව අපි දන්නව.ඉතින් මේ තියෙන්නෙත් ඒ වගේ තවත් එක් විශ්වාසයක් විතරයි.

මේ කතාව අවසන් කරන්න තවත් එක් විශ්වාසයක් ගැන සඳහන් කරන්න ඕනෙ කියල හිතුව.කීරිමලේයි පොකුන තියෙන්නෙ කන්කසන්තුරේ ඉඳල පුන්ගුඩුතිව් දක්වා යන ගමන් මාර්ගයේ දකුණු පැත්තට වෙන්න මුහුදට යාබදව.මේ පොකුණ බොහොම ලස්සනයි වගේම වතුර බොහොම පිරිසිඳුයි.යුද්ධ කාලය නිසා 1990දශකයේත් ගැටුම් අවසන් වන තුරුත් බොහෝම සීමිත සංචාරකයන් පිරිසක් තමයි කීරිමලෙයි පොකුණ නරඹන්න එන්නෙ.

මේ පොකුණ සම්භන්ධයෙන් ලොකු විශ්වාසයක් පවතිනව ප්‍රදේශයේ දමිළ ජනතාව අතර.ඒ තමයි උදේම මේ පොකුණෙන් ජලය ස්නානය කරොත් දරුවන් නැති කාන්තාවන් ගැබ් ගන්නව කියල.හිනා වෙන්න අවශ්‍ය නෑ… නමුත් කොළඹ ඉඳල එන සමහර ප්‍රසිද්ධ දේශපාලකයන්ගෙ බිරින්දෑවරු කීප දෙනෙක් වගේම හමුදාවෙ ඉහල නිළධාරීන්ගෙ බිරින්දෑවරුත් මේ පොකුණෙ දිය නාන්න ආපු බව දන්නෙ ප්‍රදේශයේ සේවය කරපු අය විතරයි.

මේ පොකුණ කාන්තාවන්ට හා පිරිමින්ට වෙන් වෙන් වශයෙන් දෙකට බෙදුවත් පොකුණේ ජලය තඨාක දෙකටම පොදුයි. ඒ කාලෙත් තඨාක ප්‍රදේශය බෙදා වෙන් කරන තාප්පයේ ඇති වෙන්න සිදුරු තිබුන. සමහරු කීවෙ ඒ වෙඩි පාරවල් කියල.මං හිතන්නෙ තවමත් ඒ විශ්වාස ඒ විදිහමයි.

ආකර්ශණීය කැලැන්ඩර්… ඡායාරූප.. පෝස්ටර් බොහොමයක් තියනව නොවාගෙ පිලිරුව හා සම්භන්ධ කෙනෙක් ආශ්වාදයක් ලබද්දි.. කෙනෙක් විශ්වාස කරනව.. තව කෙනෙක් හිනාවෙනව.

මොනව වුනත් ප්‍රංශ ජාතිකයන්‍ට පුළුවන් වෙනව හැම තිස්සෙම අසාධාරණ පාලනයට විරුද්ධව නැගී සිටින්න.පැරිස් නගරයේ සංචාරයකට ගියොත් අමතක කරන්න එපා නොවාගෙ සොහොන බලන්න යන්න.

Malcolm Sang මහතාගේ මුහුණු පොතෙන් උපුටාගන්නා සටහනකි

Post Views: 22,498

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes