Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

බැඳලා කරන්න ඕන දේවල් ගැන මම හොඳට දන්නවා.කිදෙනෙක් ඩිවෝස් වෙයිද දන්නේ නෑ-හර්ෂි රසාංගා

Posted on February 10, 2023February 10, 2023

නව පරපුරේ රංගන ශිල්පිනියක විදියට කාගේත් අවදානය දිනාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසාංගා කියන්නේ, කොහොම වුනත් හර්ෂි පසුගිය දවසක කාටවත් නොකියා හොර රහසේම විවාහ වුනා, ඉතින් අපි අද අපේ කතාබහට එකතු කරගත්තේ ඔයාලා හැමෝම ආදරේ කරන හර්ෂි රසාංගායි, හර්ෂි මොකද හදිස්සියේම විවාහ වුනේ ”මම හදිස්සියේ විවාහ වුනේ නෑ, අපි මාස ගානක් තිස්සේ මේක ප්ලෑන් කරලා තිබ්බේ, කලින් කිවුවම කිසිම අගයක් නෑ නේ ඒකයි කාටවත් කලින් කිවුවේ නැත්තේ,”

හර්ෂි කියන්නේ තාම ලාබාල තරුණියක් ඉතින් හිතෙන්නේ නැද්ද විවාහ වෙන්න ඉක්මන් වුනා වැඩියි කියලා..? ”මට තාම වයස අවුරුදු 20යි, හැබැයි මම වයසින් අඩු වුනාට හැම දෙයක් ගැනම හොඳට දන්නවා, බැන්දට පස්සේ කරන්න ඕන දේවල් ගැන මට හොඳ අවබෝදයක් තියෙනවා, ඒ වගේම මම ඕනෑම දෙයක් ගැන බුද්ධිමත්ව හිතන පරිණත භාවයක් තියෙන කෙනෙක්, ඒ නිසා මම හිතන්නේ නෑ විවාහ ජීවිතේ මට ප්‍රශ්නයක් වෙයි කියලා, අනිත් කාරණය තමයි මට වයස ප්‍රශ්නයක්ම නෑ”

කියන්නකෝ බලන්න ඔයාගේ ආදර කතාව ගැන පොඩි විස්තර ටිකක් ” මගේ ආදරණීය සැමියාගේ නම මහේන් අනුරාධ, එයා පදිංචි වෙලා ඉන්නේ දෝහාවල, ඒයා සේවය කරන්නේ කටාර් ගුවන් සේවයේ, ඇත්තම කියනවනම් එයා මට හම්බ වුනේ අහස නිසාම තමයි,

මම දවසක් ඉන්ස්ටග්‍රෑම් එකට දැම්ම පින්තුරයකට එයා හරිම ලස්සන කලාත්මක අදහසක් කමෙන්ට් කරලා තිබ්බා, ඉතින් මට හිතුනා එයා හරිම ලස්සන හදවතක් තියෙන කෙනෙක් වෙන්න ඇති කියලා, ඉතින් මම එයාට රිප්ලයි කළා, එහෙම තමයි අපේ සම්බන්දෙ පටන් ගත්තේ”

හර්ෂි රසාංගා අවුරුදු ගාණක ඉඳන් හුරු පුරුදු රංගන ශිල්පිනියක්. ඇය මුලින්ම ප්‍රේක්ෂකයන්ට හුරු පුරුදු චරිතයක් වෙන්නේ ළමා රංගන භූමිකාවෙන්. සුජාතා ටෙලි නිර්මාණයෙන් හැමෝගෙම ආදරය දිනාගත්ත හර්ෂි දැන් පුංචි තිරයේ පෙම්වතියක් දක්වා දුර ඇවිත්.මම පුංචිම කාලේ මුලින්ම සම්බන්ධ වෙන්නේ වෙළෙඳ දැන්වීම්වලට.

හය වසරෙදි තමයි මට ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබුණේ. ඒ රවින්ද්‍ර විජේරත්න මහත්මයා අධ්‍යක්ෂණය කළ සුජාතා ටෙලි නාට්‍යය. පළමු ටෙලි නාට්‍යයෙන්ම මට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. බොහෝ අයට ජනප්‍රිය වෙන්න කාලයක් ගියාට මට වාසනාවකට වගේ බොහෝ දෙනාගේ ආදරය ලැබුණා පුංචි කාලෙදීම.

අදටත් සුජාතා නාට්‍යයේ හිටපු පුංචි රංගන ශිල්පිනිය විදිහට මාව හඳුනගන්න බොහෝ පිරිසක් ඉන්නවා. අවුරුදු දහයක් වගේ කාලයක් ඇතුළත මේ වගේ තැනකට එන්න ලැබීම ඇත්තටම සතුටක්.රංගන ශිල්පිනියක් වෙන්න මට එහෙම හීනයක් බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ.

හැබැයි මාව හම්බෙන්නත් කලින් අම්මටනම් ඒ වගේ හීනයක් මං ගැන තිබිලා තියෙනවා. අම්මා කවදාවත් එයාගේ හීනය මගේ ඔළුවට දැම්මේ නැහැ. දෛවය නිසා වෙන්න ඇති මට රංගන ශිල්පිනියක් වෙන්න ලැබුණා. අහම්බෙන් තමයි මට ඒ අවස්ථාව ලැබුණෙත්.මම මේ දවස්වල හිරු නාලිකාවේ ලංවී කතාවේ සහ තාදි ටෙලි නාට්‍යයේ සමන්ති කියන චරිතවලින් තමයි ප්‍රේක්ෂකයන්ට මුණ ගැහෙන්නේ.

ඒ නිර්මාණ දෙකට අමතරව චරිත් අබේසිංහ අයියා අධ්‍යක්ෂණය කරන නම්බර් 9 කියන ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලටත් එකතු වෙලා ඉන්නවා.ගොඩක් ප්‍රේක්ෂකයන් ආදරයට අපි ගැන හොයනවා. ඒ උනාට මම මගේ පුද්ගලිකත්වයට ගොඩක් කැමතියි, සමහර අය කරන දේවල් නිසා මට රංගනයෙන් අයින් වෙන්නත් හිතෙනවා.

හැබැයි දැන් මට දැනෙනවා අපි ආශ්‍රය කරන සමහර අයට එයාලා හිතපුවත් නැති දේවල් වෙලා තියෙනවා කියලා ඉතින් මට වෙච්ච දේවල් මොනවද කියලා හිතෙනවා. දැන් ඉතින් මම පොඩි පොඩි දේවල්වලට වැටෙන්නේ නැතිව කවුරු මොනවා කිව්වත් කවුරු මොනවා කළත් මගේ ගමන යනවා.

ඉතින් ඒ වගේම ආදරේ ගැන කතා කරනකොට ඇය විස්වාස කරන දෙයක් තමයිලු තමන්ට ගැලපෙන කෙනෙක් කොහේ හරි තැනක ඉන්නවා කියන දේ. ඉතින් ජීවිතේට ගැලපෙනම කෙනා හම්බ වෙනකම් හරිම පරිස්සමෙන් අනිත් අයත් එක්ක ගනු දෙනු කරන්න ඕන කියලත් ඇය කියනවා.

ඉතින් ඒ වගේම කෙනෙක්, කීදෙනෙක් එක්ක යාලුවෙනවද, එයා කීදෙනෙක් එක්ක විවාහ වෙනවද, ඩිවෝස් වෙනවද කියන දේ කවදාවත් අපිට වෙනස් කරන්න බැහැ කියලත් ඇය කියනවා. ඒවා ජීවිතේ ලියවිලා තියන විදිහටලු වෙන්නේ. ඉතින් වැරැද්ද ගැහැණු කෙනාගේ වුනත් පිරිමි කෙනාගේ වුනත් දෙගොල්ලොම මිනිස්සු කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ වගේම ගොඩක් වෙලාවට හම්බ වෙන්න ලැබෙන්නේ නැති දෙන්නෙක් ෆෝන් එකෙන් ආදරේ කරන එක ගොඩක් සුන්දරයි කියලයි ඇය කියන්නේ. හැබැයි වෙලාවකට ඒක ලොකු දුකක්ලු. ඉතින් ඇය කියන්නේ සම්බන්ධතාවයක් ඇතුලේ ඇත්තටම ආදරේ කියන දේ තියනවානම් ඕනෑ එපාකම් කොච්චර තිබුනත් ඒ දේවල් ඉවසන්න පුළුවන් වෙන්න ඕන කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය කැමති නැහැලු අදරේදී ෆොටෝ වීඩියෝ ෂෙයාර් කර ගන්න. මොකද ඇය පොඩි කාලේ ඉදන්ම දැකලා තියනවාලු ගොඩක් ළමයින්ට වෙලා තියන දේවල්. ඉතින් ඒ වගේම ඇයගේ ජීවිතේ දැන් ඇයට තියන එකම බලාපොරොත්තුව සතුටින් ජීවිතේ කිසිම දුකක් නතුව ජීවත් වෙලා සතුටින් මැරිලා යන එක කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Post Views: 4,944

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes