Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මගේ ප්‍රේමනීය ජවනිකා ටීවී එකේ යද්දි අම්මා සමහර වෙලාවට එතනින් නැගිටලා යනවා -සචින් චතුරංග

Posted on February 14, 2023February 14, 2023

රංගන ක්ෂේත්‍රය තුළ අතිශයින්ම දක්ෂ කලාකරුවෙක් විදිහට මේ දිනවල ටෙලි නිර්මාණයන් කිහිපයක් හරහා ම ප්‍රේක්ෂකයන් හමුවට එන ඔහු සචින් චතුරංග. පාරදිගේ ටෙලි නාට්‍යයේ ඔහු නිරූපණය කරන චරිත යත් ලංවී ටෙලි නාට්‍යය ඔහු නිරූපණය කරන චරිතයත් නිසා තමයි මේ තරම් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මේ සුන්දර කලා කරුවාට ලැබෙන්නේ. ඇත්තටම ඔහු ප්‍රේමනීය ජවනිකා කරන්නේ හරිම හුරු පුරුදු චරිතයක් විදිහට.

සැබෑ ජීවිතයේ පෙම්වතෙක් වෙන නිසා සචින් සඳහන් කරන්නේ ඔහුට ඔහුගේ අත්දැකීම් සමහර ප්‍රේමණීය ජවනිකාත් සාර්ථක ව කරන්න ලොකු උදව්වක් වුණා කියලයි. “මම පෙම්වතෙක් එකේ මගේ සැබෑ ජීවිතය අත්දැකීම් ඒ චරිතය වෙනුවෙන් උපයෝගී වෙන්න ඇති.මොකද සචින් කියන්නේ හරිම ආදරණීය චරිතයක් හැම වෙලාවෙම ආදරය හොයනවා ආදරය ගොඩක් බලාපොරොත්තු වෙනවා.මට ගොඩක් ලැබෙන්න කළු චරිත තමයි නමුත් මම චරිත වලට කැමති සුදු චරිත වලට වඩා.

ගොඩක් අය අද සමාජ ආදරේ කරන්න සුදු චරිත වලට වඩා කළු චරිත වලට” එවිදිහට අදහස් දක්වන ඔහු සඳහන් කරන්නේ සුදු චරිතයක් ලැබුණොත් ඒ ඒක පිළිගන්නත් ඔහු දෙපාරක් හිතන්නේ නැහැ කියන දේ.ඒකට හේතුව ඔහු කැමති නැහැ නැහැයිලු එකම චරිතයකට කොටු වෙලා රංගනය ඒකාකාරී කරන්න.ඒ වගේම සච්න් කියන විදිහට රංගන ශිල්පියෙක් උනහම ලැබෙන ඕනෑම අභියෝගාත්මක චරිතයක් නිරූපණය කිරීමට හැකි කුසලතාවයක් තිබිය යුතුමයි.

සචින්ගේ ප්‍රේමයේ රංගනයන් බොහෝ අවස්ථාවල දේ පුංචි තිරය තුළ දිගහැරෙන විට ඇත්තටම අතරම ඔහු ඒ ආකාරයෙන් රඟපානවා ගෙදර අය බලනවද ඒවාට ලැබෙන ප්‍රතිචාර කොහොම ද කියලා අහපුවාම ඔහු කිව්වේ මේ වගේ කතාවක්. “එයාලා බලනවා ප්‍රතිචාර හොඳයි මගේ තාත්තා නම් කලා ක්ෂේත්‍රයට සම්බන්ධව වැඩ කරපු කෙනෙක්. ඒ නිසා ප්‍රේමණීය රංගන වලට එතරම් ප්‍රශ්නයක් නැහැ.

සමහර වෙලාවට ටීවී එක බල බලා ඉද්දි අම්මා නම් ඒ රංගනයන් යද්දි නැගිටලා යන අවස්ථා තියෙනවා.” බොහෝ දෙනෙක්ගෙන් අද වන විටත් ඔහුට හොද ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා ලු මේ නිරූපණය කරන චරිත වලට.සචින්ට හොඳට ගායනා කරන්නත් පුළුවන්.එනිසාම සංගීතය පැත්තෙනුත් සංගීත කණ්ඩායමක් එකක් සම්බන්ධ වෙලා ඉන්නවා කියලා ඔහු සඳහන් කළා.ඒ සියළුම වැඩකටයුතු සියලුම වැඩ කටයුතුත් එක්ක රංගනය සහ සංගීතය කියන සියලු දේ තුළින් අලුත් අළුත් දෙයක් ප්‍රේක්ෂකයන්ට දායාද කරන්න ඔහු සූදානමින්

කලාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද?
රඟපෑම කියන්නෙ පුංචි කාලෙ ඉඳන්ම මට තිබුණ ලොකු ආසාවක්. ඒ ආසාවෙ ප්‍රතිපලයක් හැටියට මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේදි තිස්ස ගුණවර්ධන ගුරුපියාණන්ගේ මගපෙන්වීමෙන් පළමු වතාවට වේදිකාවට ගොඩවෙනව. එතැනින් පටන්ගත්ත ගමනෙදි 2005 වසරේදී මම ‘දඟයන්ට පමණයි. ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙනව. ඉන් අනතුරුව බිංදු” සිරිපැරකුම්” පුංචි අපිත් බය නෑ දැන්” බඹර වළල්ල” තණ්හා රතී රඟා වැනි චිත්‍රපට රැසකට වගේම ටෙලි නාට්‍ය තිස් දෙකකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙනව. ඒ වගේම 2015 වසරෙදි ජයසේකර අපෝන්සු මහත්මයාගේ නාට්‍යයක් හරහා නැවතත් වේදිකාවට ගොඩවෙන්න මට අවස්ථාව ලැබෙනව.

 ඔබේ සම්මාන එකතුව?
2009 වසරෙදි රූපවාහිනියේ හොඳම නළුවා වෙන්නෙ මගේ අයිය. ඒ වගේම 2010 වසරෙදි මම ඒ අවස්ථාව උදාකරගන්නව. ඒ වගේම ‘බිංදු. චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ලෝකයේ දෙවන හොඳම ළමා නළුවා වෙන්නත් මම භාග්‍යවන්ත වෙනව. මෙවැනි සම්මාන දොළහක් පමණ මගේ සම්මාන එකතුවේ තියෙනව.

 ඔබ මෙගා වලට කොටුවෙලාද?
ඇත්තටම කිව්වොත් මම මෙගා වලට කොටුවෙලා නැහැ. චරිතවලට කොටුවෙලාත් නැහැ. ඒ වගේම පෙම්වතාටවත් දුෂ්ඨයාටවත් කොටුවෙන්න අදහසකුත් නැහැ. උප චරිතයක් වුණත් මට ඒ තුළ කරන්න දෙයක් තියෙනව නම් මම ඒක භාර ගන්නව.

 කොහොමද සංගීත වැඩකටයුතු?
පාර දිගේ අපේ සෙට් එක” මම” ගයාන්” ඉඳුවර සහ කුසල් එකතු වෙලා ‘රෝඩ්. නමින් අලුත් සංගීත කණ්ඩායමක් හැදුව. මේකට තවත් පස්දෙනෙක් ඉන්නව. ෆුල් බෑන්ඩ් එකක්. දැනට වෙඩින් කිහිපයකම ප්ලේ කළා. රටේ ප්‍රශ්න නිසා එළිමහන් ප්‍රසංගවලට ලැබිල තිබුණ ආරාධනා නම් අවලංගු වුණා. එක ප්‍රසංගයකට ගිහින් සවුන්ඩ් පවා චෙක් කරල සූදානම් වන අතරතුර ඇඳිරිනීතිය දැම්මා.

 ‘පාර දිගේ. යන ගමන් සංගීත කණ්ඩායමත් ගොඩදාගන්නද කල්පනාව?
එහෙම නෑ කියන්න බැහැ. අපි කැමතියි එහෙම කරන්න. මොකද මේ අපි දන්න දේ.

 ඔබේම ගීතයක් කළොත්?
මට අවුරුදු එකොළහක් පමණ වන කාලෙදි ගීත දාහතරක් ඇතුළත් ඇල්බම් එකක් කළා. ඒක නම් කළේ ‘සුවඳ දිදී. යනුවෙන්. මෑතකදි මමයි අපේ බාප්පාගේපුතයි එකතු වෙලා මෑෂප් ගීත හතරක් කළා. ඒ වගේම මගේ තාත්තා 1987 වසරේදී ලියූ ‘කට්ට පිත්තල. කියන ගීතය මට ලබා දුන්නා. මේ වන විට ඒ ගීතයේ වැඩකටයුතු බොහෝ දුරට අවසන් කරල තියෙනව. මියුසික් වීඩියෝ එකත් එක්කම එළිදක්වන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

 සචින් ආඩම්බරකාරයෙක්ලු?.
අනේ නැහැ. දන්න මිනිස්සු දන්නව මම මොන වගේ කෙනෙක්ද කියල. මට කම්මුල් පාරක් ගහල හිනා වුණොත් මමත් හිනා වෙනව. මම එහෙමයි. කෙටියෙන්ම කිව්වොත් පොළොවෙ පය ගහල ජීවත් වෙන කෙනෙක්.

 ජනප්‍රියත්වය කරදරයක් වුණ අවස්ථා?
මේ වන තුරු මට ජනප්‍රියත්වය කරදරයක් වෙලා නැහැ. හැබැයි වාසිදායක වෙලා නම් තියෙනව. රටේ මොන තරම් ප්‍රශ්න තිබුණත් අපි ඔයාලගෙ නිර්මාණ බලල තමයි ටිකක් හරි සතුටු වෙන්නෙ කියල රසික රසිකාවියො කියනකොට මට දැනෙන්නෙ ලොකු සතුටක්.

 කැපිලි කෙටිලි?
කැපිලි කෙටිලි නැහැ කියල කිව්වොත් ඒක බොරුවක්. මිනිස්සුත් එක්ක හරි විදිහට හිටියොත් ඒ දේවල් මගහැරගෙන යන්න පුළුවන්.

 මොකක්ද ඔබේ ඉලක්කය?
ඇත්තටම මගේ රංගන ජීවිතයේදි විශේෂ වූ සම්මාන හතරක් ගන්න එක තමයි මගේ මූලික ඉලක්කය වෙලා තියෙන්නෙ. ඊට අමතරව ව්‍යාපාරිකයෙක් හැටියට කටයුතු කරන්නත් ලොකු කැමැත්තක් තියෙනව.

 විලාසිතා?
මම විලාසිතා කරනව. හැබැයි ඒව ලොකුවට ඔළුවෙ තියාගෙන නැහැ. ගෑනු ළමයෙක් නැති වුණත් ජිම් යන්න ඕන කියල කියනවනෙ. ඒ නිසා මම අනිවාර්යයෙන්ම ජිම් එකට යනව. නමුත් රූපය කියන්නෙ බාහිර දෙයක් විතරයි. හැකියාව තියෙනව නම්” දක්‍ෂතා තියෙනව නම් ඒ කෙනාට තමයි නළුවා කියන්නෙ.

 අලුත් ආරාධනා?
අලුතින් කරන ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබිල තියෙනව. නමුත් රටේ ඇතිවෙලා තියෙන ප්‍රශ්නත් එක්ක නිෂ්පාදකවරු කැමති නැහැ නිර්මාණයක් වෙනුවෙන් මුදල් යොදවන්න.

 ඔබේ හැකියාවලට ඉඩක් ලැබිල තියෙනවද?
මම සටන් කලාව” ගායනය සහ නර්ථනය යන අංශ තුනම පුරුදු පුහුණු වෙලා තියෙනව. මේ හැකියාවන් එළියට දාන්න පුළුවන් චරිතයක් ලැබෙනතුරු බලාගෙන ඉන්නව.

Post Views: 4,470

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes