Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ඒ සිද්දියෙන් පස්සේ මම තීරණයක් ගත්තා විවාහ වෙන්නේ නෑ කියලා -වස්ති අනුශ්ක උදාන සංවේදී වෙයි

Posted on February 15, 2023February 15, 2023

වස්ති production කිව්වම අද නොදන්න කෙනෙක් නෑ. සමාජ මාධ්‍ය ජාලයක් තුළින් ඉතාමත් කෙටි කලකදී අතිශය ජනප්‍රිය වූ වස්ති production හි නිර්මාතෘවරුන් වන්නේ අනුශ්ක උදාන සහ දුලාජ් ජයතිලක නම් තරුණයන් දෙදෙනායි. විනෝදජනක සහ හාස්‍ය ජනක කෙටි නාට්‍යයන් නිර්මාණය කොට ඉදිරිපත් කර ප්‍රේක්ෂකයන් අතර ශිඝ්‍ර කතා බහකට ලක්වූ මොවුන් අද වන විට ක්ෂේත්‍රයේ ඉහළ තලයක සිටින බව නොරහසක්.
 
           අනුෂ්ක උදාන යනු රංගනයට පමණක් නොව ගායනයට දක්ෂ තරුණ ශිල්පියෙක්. “මැරුණු හිතේ , නුරාවනී , වැරදුන තැන” ආදී ගීත ඔස්සේ නවක පරපුරේ ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කිරීමට සමත් වූ අනුෂ්ක සැබැවින්ම දක්ෂ යොවුන් ගායක තරුවක්. එමෙන්ම වස්ති production නිර්මාණය කළ “මේක නම් පිස්සුවක් බන්” ගීතය නොසිතූ ලෙස ජනප්‍රියට පත් වූ මුල් trending 5 අතර තිබූ ගීතයක් වීම සුවිශේෂී කාරණය යි.
 
           රංගනයට පමණක් නොව ගීත ගායනයට ද දක්ෂ මේ යොවුන් තරුණයන් දෙදෙනා ඔවුන්ගේ උත්සාහය නිසාම සමාජ මාධ්‍ය ජාලා සඳහා පැවති most popular award සම්මාන ලබා ගැනීමටද සමත් වුණා. එම සමාජ මාධ්‍යයේ රූගත කරන ලද videos  66ක් වැනි කුඩා ප්‍රමාණයක් තිබිය දී subscribers මිලියනයක ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි කර ගැනීම ඇත්තෙන්ම ඔවුන්ගේ අපිරිමිත වූ උත්සාහය නිසා ලබාගත් ජයග්‍රහනය මනාවට ඔප් නංවන්වනවා.

“වස්ති” කියන බ්‍රෑන්ඩ් එක නිසාම බොහෝම කෙටි කාලයකින් අතිශය ජනප්‍රිය වූ අනුෂ්ක උදාන කියන්නේ බුකියේ නිරන්තරයෙන් කතාබහට ලක්වන චරිතයක්. ඔහුගේ මිත්‍රයා “තඩියා” හෙවත් “දුලාජ් ජයතිලක”වත් නොදන්නා කෙනෙකු නොමැති තරම්.

අනුෂ්ක මෑතක යූටියුබ් නාලිකාවකට එක්වෙමින් ඔහුගේ බිඳුණු ආදර කතාව ගැන මතක අවදි කර තිබුණා. තමන්ගේම වැරදි නිසා ඒ ආදරය අහිමි වූ බවයි ඔහු කියා තිබුණේ. ඒ වගේම නැවත “ආදරයක්” හෝ “විවාහයක්” ගැන හිතන්නෙ නෑ කියලත් අනුෂ්ක කියනවා.

“ගොඩක් දුරට මම බඳින් නැතිවෙයි කියලා මට හිතෙනවා. ඒ සිදුවීමෙන් පස්සෙ තීරණයක් ගත්තා. මම අවුරුදු විසි හතේ තීරණය කළා ඒ ගෑනූ ළමයව බඳින්න. හැබැයි දවස කවද්ද කියලා එයාටවත් කියලා තිබ්බෙ නෑ. ඒක කල් ඇද ඇද හිටියා. මොකද මට තව විනෝද වෙන්න ඕනෙ උනා.

මම කැමති නෑ මගේ නිදහසට බාධා වෙනවට. විවාහය කියන්නෙම වගකීමක්නේ.. ඉතින් ඔය ගෑනිට පෑන්ටියේ ඉඳන්ම අරන් දෙන්න එපැයි…” “මම එයාට ප්‍රපෝස් කරන්න හිටියෙ තඩියාගේ වෙඩින් එක දවසේ. දණ ගහලා මුද්දක් දෙන්න හිටියේ.

ඊට මාස තුනකට කලින් ආරංචි උනා එයා වෙන කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් අරන් කියලා. එහෙම්මම නැවතුණා. පස්සෙ මට සීරියස් වෙන්න බැරි උනා. මම ඒ තරම් හොඳ ප්‍රේමවන්තයෙක් නෙවෙයි වෙනැන්ති..”

පසුගියදා පැවැති රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ අනුශ්ක උදාන සහ දුලාජ් ජයතිලක නම් මෙම තරුණයන් දෙදෙනා එම සාකච්ඡාව සඳහා පැමිණියේ  සිය ආදරණීය මවුවරුන් සමඟයි. ඉතින් එම සාකච්ඡාවේදී අනුශ්ක උදාන පිළිබඳව ඔහුගේ මවගෙන් විමසූ විට ඇය පැවසුවේ මෙවන් අදහසක්.
 
          “මට ඒ දවස ඇත්තටම අමතක කරන්න බැහැ. මගේ පුතාව දැකල මම ජේසුට ස්තුති කළා ලස්සන පුතෙක් මට දුන්නට”
 
          “මෙයා හරි ආසයි සංගීතයට. දවසක් මෙයා හොඳටම ඇඬුවා ඕර්ගන් එකක් අරන් දෙනකම් බත් කන්නෙ නෑ කියලා. ඉතින් මං පොරොන්දු වුණා බත් කෑවොත් ඕර්ගන් එකක් අරන් දෙනවා කියලා. ඊට පස්සේ තමයි මෙයා බත් කෑවේ.” යනුවෙනි. ඉන්පසු සිය මව ගැන අනුෂ්ක පැවසුවේ මෙවන් අදහසක්.
 
           “මගේ අම්මා ඉස්සර හරියට දුක් වින්දා. අපි A/L කරද්දි අපිට ඉන්න තැනක් නැති වෙනවා. ඊට පස්සේ අපි හලාවතින් ගෙයක් රෙන්ට් එකට ගන්නවා. ඒක හරි පොඩි ගෙයක්.එක කාමරයයි කුස්සියයි තිබ්බේ. අම්මා කුස්සිය බිම නිදා ගන්නේ.”
 
           “ඊට පස්සේ අපි පොළොන්නරුවට යනවා. ගෙයක් ගන්න තිබ්බ සල්ලි වලින් ටිපර් එකක් ගත්තා. ඒකෙන් තමයි හම්බ කළේ. ඒ ටිපර් එකේ අන්තිම ලීස් එක ගෙවන්න තියෙද්දි ටිපර් එක හැප්පිලා driver මිය යනවා. එච්චර ප්‍රශ්න තිබුනත් මගේ ගමන යන්න අම්මා අවසර දුන්නා. ඒ තමයි මං අම්මගේ දැක්ක හොඳම ගුණාංගය” යනුවෙන් ඉතා සංවේදීව සිය අදහස ප්‍රකාශ කළා.

ඉන්පසු දුලාජ් ගේ මව ගෙන් දුලාජ් පිළිබඳව විමසූ විට ඇය කදුලු සලමින්  පැවසුවේ සිය දරුවා ගැන ඇය ඉතාමත් ආඩම්බර වන බවයි. දුලාජ් ද සිය මව ගැන පැවැසුවේ මෙවන් අදහසක්.
 
         “අම්මා මාව මුලින්ම drama class එකකට දැම්මා. ඒකෙන් තමයි මට රඟපාන්න පන්නරය ආවෙ. අම්මා නැත්නම් මං අද මෙතන නෑ” යනුවෙනි.
 
         ඉතින් ඉතා කෙටි කලක් තුළදී සමාජ මාධ්‍ය  ජාලයක් ඔස්සේ රටේ ප්‍රේක්ෂක ජනතාවගේ ඉහළම ප්‍රතිචාර ලබා ගත් වස්ති production හි නිර්මාතෘවන අනුෂ්ක සහ දුලාජ්  සැබවින්ම නිහතමානී තරුණයන් දෙදෙනෙක්. ඉතින් ඔවුන්ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා යැයි පතන ගමන්ම ඔවුන් ගැන වැඩි විස්තර දැනගැනීමට මෙම වීඩියෝව නරඹන්න.

Post Views: 6,165

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes