Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

අත්තම්මාගේ දේපළ ලියවගෙන ඇයට ආදරෙන් කරුණාවෙන් නොසැලකූ ජනප්‍රිය නිළි ටනාෂා හතරසිංහට වැඩ වරදියි

Posted on February 17, 2023February 17, 2023

පසුගිය දිනවල දී වැඩි වශයෙන් කතාබහට ලක්වුණ තවත් හේතු විවාහ මංගල උත්සවයක් තමයි ටනාශා සතරසිංහ ගෙ විවාහ මංගල උත්සවය.ඊට කලා ක්ෂේත්‍රයේ සිටින තරු රැසක් පැමිණ සිටියා.රංගන ශිල්පිනියක් වන සුරූපී ටනාශා සතරසිංහ විවාහ පත් වුණේ මෙරට කෝටිපති ව්‍යාපාරිකයකු වන අනුරාධ වීරරත්න සමගයි.පුංචි තිරයේ අතිශයින්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය හොරෙන්ම විවාහ වුණත් ඇය ආදරේ කරන්න පටන් ගෙන තිබුනේ තිබුණේ වසර 5 කට පමණ පෙර සිටයි.

ඉතින් ඇය විවාහයෙන් පසුව එක්තරා පුවත්පතක් වෙත තමන්ගේ අදහස් මේ විදිහට දක්වා සිටියා.

“විවාහයෙන් පසුව සුපුරුදු විදියට වැඩ කරගෙන යනවා.විවාහ කටයුතු වලට කාර්යබහුල උන නිසා නීල පබළු සහ නොනිමි ටෙලිනාට්‍යන් වල වැඩ අතරමඟ දී ටිකක් නතර වුණා. ඉතින් දැන් එක දිගට යළිත් වතාවක් වැඩ කටයුතු කරගෙන යනවා.” 

මේ දෙපළ වසර පහක් ආදරය කරලා තිබුණත් මුලදි කතා බහ කරනකොට ඔහු ව්‍යාපාරිකයෙක් කියලා ඇය දැනගෙන සිටියේ නැහැ කියලා තමයි ඇය පවසන්නේ.ඒ වගේම ඇය ආදරේ කරලා තියෙන්නේ අනුරාධ  කියන මනුෂ්‍යයාගේ තියන හොඳ ගතිගුණ වලට ලු.ටනාෂාගෙ පවුලේ මීට කලින් ගැහැනු කට්ටිය පමණක් ඉඳලා තියෙන නිසා තමන්ගේ අම්මට දැන් හොඳ පුතෙක් වගේම නංගිලාට හොඳ අයියා කෙනකුත් ඉන්නවා කියලයි ඇය පවසන්නේ.

ඉතින් ඇය විවාහයෙන් පසුව එක්තරා පුවත්පතක් වෙත තමන්ගේ අදහස් මේ විදිහට දක්වා සිටියා.

“විවාහයෙන් පසුව සුපුරුදු විදියට වැඩ කරගෙන යනවා.විවාහ කටයුතු වලට කාර්යබහුල උන නිසා නීල පබළු සහ නොනිමි ටෙලිනාට්‍යන් වල වැඩ අතරමඟ දී ටිකක් නතර වුණා. ඉතින් දැන් එක දිගට යළිත් වතාවක් වැඩ කටයුතු කරගෙන යනවා.” 

මේ දෙපළ වසර පහක් ආදරය කරලා තිබුණත් මුලදි කතා බහ කරනකොට ඔහු ව්‍යාපාරිකයෙක් කියලා ඇය දැනගෙන සිටියේ නැහැ කියලා තමයි ඇය පවසන්නේ.ඒ වගේම ඇය ආදරේ කරලා තියෙන්නේ අනුරාධ  කියන මනුෂ්‍යයාගේ තියන හොඳ ගතිගුණ වලට ලු.

ආදරයෙන් රැක බලා පෝෂණය කළ මිත්තණියට නොසලකා හැරීම හේතුවෙන් ඇය වෙතින් ත්‍යාග ලෙස ලබාගත් කොල්ලුපිටියේ පිහිටි නිවස නැවත මිත්තණිය වෙත පවරා දෙන මෙන් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ ඊයේ (පෙබ. 15) ටෙලි නිළි රුචිනි ටනාශා නියෝග කරලා තිබෙනවා. මිත්තණිය විසින් තම මිනිපිරිය වන එම නිළියට සිය ප්‍රාණ භුක්තිය තබා එම නිවස ලියා දීමෙන් අනතුරුව මිනිපිරිය වන එම නිළිය මිත්තණිය වෙත ආදරයෙන්, කරුණාවෙන් සලකා නොමැති බව ත් ඒ අනුව ඇයගේ එම ක්‍රියාව ඉතාමත් අකාරුණික, ගුණමකු ක්‍රියාවක් බවට නිගමනය කරමින් රුපියල් මිලියන 5ක වන්දියක් ද, දේපළ නීත්‍යනුකූලව පවරා දෙන තෙක් මසකට රුපියල් තිස්දහස බැගින් දීමනාවක් මිත්තණියට ගෙවන ලෙස ද විනිසුරුවරිය විත්තිකාරිය හට නියම කළා.

මෙම නඩුවේ පැමිණිලිකාර මිත්තණිය වැඩි බර සහිතව සිය පැමිණිල්ල ඔප්පු කර ඇති බව ත්, අධිකරණයට ඉදිරිපත් වූ සාක්ෂි අනුව විත්තිකාර මිනිපිරිය ස්තුති පූර්වක හැඟීමකින් කටයුතු කර නැති බවත් සඳහන් කරමින් පැමිණිල්ලේ වාසියට තීන්දුව ලබා දෙන බව විනිසුරුවරිය සඳහන් කළා. හැත්තෑ දෙහැවිරිදි ජයන්ති පෙරේරා යන මිත්තණිය විසින් ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය ශිල්පී මිනිබිරිය වන ටනාෂා හතරසිංහට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරිය මෙලෙස සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග නිකුත් කළාය.

මෙම නඩුව 2016 වසරේ ගොනු කර ඇති අතර කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ 1972 වසර සිට සිය දරුවන් සමග ජීවත් වූ මිත්තණිය සිය පවුලේ කුලුඳුල් මිනිපිරිය වන රංගන ශිල්පී විත්තිකාරියට 2010 වසරේදී ප්‍රාණ භුක්තිය තබා ගනිමින් අදාළ නිවෙස පවරා දී ඇති බව ත් එම නිවස පවරා දීමට පෙර මිත්තණිය සමග කුලුපගව ආදරෙන් සිටි විත්තිකාරිය ඔප්පු ලියාපදිංචි කිරීමෙන් පසුව නිවසේ වහල අලුත්වැඩියා කිරීමට ඇති බව පවසා මිත්තණිය ගෙදරින් පිට කර ඇති බව ත්, ඉන්පසුව මිත්තණිය සිටී ද? නොසිටී ද? යන්න පවා සොයා බැලීමට වත් දුරකතන ඇමතුමක් හෝ ලබා දීමටවත් කාරුණික වී නොමැති බව ත් අධිකරණයේදී අනාවරණය වී ඇති බව විනිසුරුවරිය සිය තීන්දුව මගින් සඳහන් කළා ය.

ප්‍රාණ භුක්තිය තබාගනිමින් දේපළ පවරා දුන් මිත්තණියට ආදරය, කරුණාව නොදක්වා අකාරුණිකව, අකෘතඥතාවෙන් හා ගුණමකුව සලකා ඇතැයි තීන්දු කරමින් මෙම නියෝගය නිකුත් කළ කොළඹ දිසා අධිකරණය රුපියල් මිලියන 5ක වන්දියක් ද, දේපළ නීත්‍යනුකූලව පවරා දෙන තෙක් මසකට රුපියල් තිස් දහස බැගින් දීමනාවක් ද මිත්තණියට ගෙවන ලෙස නියෝග කළා ය. දේපළ පවරා දුන් මිත්තණියට අකාරුණික වූවා පමණක් නොව, අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබා දීමේදී ගරුසරුවක් නොමැතිව කතා කර ඇති බව ද විනිසුරුවරිය සිය තීන්දුව මගින් සඳහන් කළාය.

තම මිත්තණිය හෘද රෝගයෙන් පෙළෙන බව නොදන්නා බව ත් ඇය ඒ බව තමන් හට පැවසුවා නම් ඇයට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වියදම් ලබා දෙන බව ත් මෙම නඩුව ගොනු කරන තෙක් ඇයව මුණනොගැසුණු බවත් විත්තිකාරිය අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කර ඇති බව විනිසුරුවරිය සිය තීන්දුවේදී පැවසුවා ය. පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ඉරාජ් ද සිල්වා සමග නීතිඥ එස්. ජනගන් පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ නලින් සමරකෝන්ගේ උපදෙස් පරිදි නීතිඥ නිරංජන් ද සිල්වා පෙනී සිටියේ ය. මව්බිම (තම නම අධිකරණයට රුචිනි ටනාශා ලෙස ලබාදී ඇත්තේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන ටනාෂා හතරසිංහ බව හෙළි වී තිබෙනවා.)

Post Views: 6,617

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes