Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ආදරය කරන කෙනා ටොෆියක් දුන්නත් මට මාර සතුටුයි. ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නෙ නැහැ-ලෂිනි බණ්ඩාර

Posted on February 18, 2023February 18, 2023

මේ දිනවල දෙරණ නාලිකාව ඔස්සේ විකාශනය වන ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ සඳලිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ලෂිනි බණ්ඩාර කියලා කියන්නේ. ඒ වගේම ඇයව බොහෝ දෙනෙක් හදුනන්නේ චූලාගේ නෑනා කියලා කිවුවාමයි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඉස්කෝලේ කියන්නේ ඇයගේ දෙවැනි නිර්මාණය. මොකද ඇය මුලින්ම රංගනයෙන් සම්බන්ධ වුණේ ‘ඒ හීනේ’ කියන ටෙලි නිර්මාණයට.

කොහොම නමුත් ඇය රංගනය කියන පැත්ත ඒ තරම් දන්නෙ නෑ කියලයි ලෂිනි නම් කියන්නේ. ඉතින් ඇය ඉස්කෝලෙ යන කාලෙවත් කිසිම නාට්‍යයක රඟපාලා තිබුණෙ නෑ කියලත් ඇය කියනවා. ඇය හරි ලැජ්ජයිලු ළමයි ඉස්සරහ රඟපාන්න. ඉතින් ඒ කොහොම වුණත් රංගනය කියන්නේ ඇයට අහම්බෙන් ලැබුණු වාසනාවක් කියලයි ඇය නම් කියන්නේ.ඒ වගේම ඇයට 2020 හිරු අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙලා අවසන් 12 දෙනා අතරට එන්න හැකියාව ලැබෙනවා. ඊට පස්සේ 2021 වසරේ නැවතත් ඇය අයි. ටී. එන්. අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙනවා.

එයිනුත් අවසන් 12 දෙනා අතරට එන්න හැකියාව ඇයට ලැබෙනවා. ඉතින් එතැනදි තමයිලු ඇයට යම්තාක් දුරකට හරි කලාව එක්ක සම්බන්ධකමක් ගොඩනැඟෙන්නේ. ඉතින් ඔය අතරේ ඉස්කෝලේ නිෂ්පාදනය කරන යුකී ෆිල්ම් එකේ අමිල කියලා ඇයගේ කසින් කෙනෙක් තමයි ඇයට කියලා තියෙන්නේ මේ වගේ ස්ක්‍රීන් ටෙස්ට් වගයක් තියෙනවා, ගිහින් බලන්න කියලා. හැබැයි ඒකෙදි ඇය මුලින්ම තේරිලා තියෙන්නේ ‘ඒ හීනේ’ නාට්‍යයට.

ඒ වගේම ඇය දැනට ආදරවන්තියක් නම් නෙවෙයි. ඉතින් ගෙදරින් ඇයට ආදරයට තහනමක් දාලා නැති වුනත් එයාලා කියන්නේ ඇයට තව ටිකක් ඉන්න කියලාලු. ඒ වගේම ආදරය ගැන ඇයට පුංචිම පුංචි අත්දැකීමක් විතරලු තියෙන්නේ. මොකද ඇයට ඉතාම කෙටි කාලෙක ඇසුරක් තිබුනත් ඔහු ඇයට ගැළපෙන්නෑ කියලා හිතුණා වගේම ගෙදරිනුත් එයට අකමැති වුන නිසා ඒක නතර කරන්න වුණා කියලත් ඇය කියනවා. ඒ වගේම ආදරේදී ඇය බලන ප්‍රධානම දේ තමයිලු ඔහු ඇයට ඇත්තටම ආදරේ කරන්න ඕන කියන දේ.

ඉතින් කොහේ ගියත් කොහේ හරි ගියත්, ලෙඩක් දුකක් හැදුණත් හොයලා බලනවා නම් ඒක තමයිලු ඇයට ඕන. ඒ වගේම ඇය ආදරය කරන කෙනා ටොෆියක් දුන්නත් ඇයට ඒක මාර හැපී කියලත් ඇය කියනවා. මොකද ඇය ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නෙ නැහැලු. ඒ වගේම මහා ලොකු ලස්සනක් නැති වුනත් සාමාන්‍ය රූපයක් තියෙන කෙනෙක්ට තමයි කැමති කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Post Views: 4,380

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes