Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

එයාගේ හිත රිද්දන්න බැරි නිසා ඒකට කැමති වුණා.නිදාගෙන නැඟිටිද්දි ඒක හැමතැනම ගිහින් -සංජානා ගමාරච්චි

Posted on February 20, 2023February 20, 2023

“දිවිතුරා” හි ටීනා විදිහට කවුරුත් ආදරේ කරන සංජානා ගමාරච්චිව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. මේ දිනවල HiruStepupහි නිවේදන ශිල්පිනියක් විදිහටත් ඇය කටයුතු කරනවා. පසුගිය දවසක ඇය ඇගේ වෙනස්ම විදිහේ ‘විවාහ ගිවිස ගැනීම’ ගැන මෙහෙම කතාවක් කියලා තිබුණා.“ඒ එන්ගේජ්මන්ට් එක ගැන නිවුස් එක හිතුවෙවත් නැතුව නිදාගෙන නැගිටිද්දි හැමතැනම ගිහින්. මගේ එන්ගේජ්මන්ට් එක තිබ්බෙ පෝර්ට් සිටි එකේදි. හස්බන් සිංගප්පුරු ඉඳලා ආවා හදිසියේ. එයා මට ප්‍රපෝස් කළේ සිංගප්පූරුවේ දී. ඒ වගේම මට ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරෙයි.

මොකද මම ගොඩක් ආදරේ බලාපොරොත්තු වෙන කෙනෙක්. හොඳ සහ හොඳ නැති මිනිස්සු ඉන්නවා. කුහක අයත් ඉන්නවා. ගොඩක් හම්බෙලා තියනවා එහෙම කුහක අයත්. කමෙන්ට් බැලුවම බලාගන්න පුලුවන්.. මේ අවුරුද්දෙ විවාහ වෙන්න හිතන් ඉන්නවා. අපි අවුරුද්දක් හොරෙන් ආදරේ කළේ. පබ්ලික් දැම්මේ නෑ. එයාට හදිසියේ එන්ගේජ්මන්ට් එක ගන්න ඕනෙ වුණා.හරි හදිසියේ ගත්තේ. ඉතින් එයාගේ හිත රිද්දන්න බැරි නිසා ඒකට කැමති වුණා. හදිසියේ කරපු නිසා මට නිකන් හිතුණා මූදේ වගේ කරමුද කියලා. අපි සති දෙකක් වගේ කෙටි කාලෙකින් ඒ හීනේ හැබෑ කරගත්තා. ගොඩක් අය උදව් කළා ඒ හීනේ හැබෑ කරගන්න..”

සංජානා ඔනාලි කිවුවහම මේ වන විට නොදන්න කෙනෙක් නැහැ. 2018 වර්ෂයේ දී හිරු අවුරුදු කුමරිය තරඟාවලියේ අවසන් දොළොස් දෙනා අතරට තේරී පත්වුණු සංජානා 2019 වසරේ දී අවුරුදු කුමරිය තරඟාවලියේ දී තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

ඉන්පසු ඇයට ස්වාධීන රූපවාහිනි නාලිකාවේ විකාශය වන ජීවිතය ඇති තුරා ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑමට ආරාධනා ලැබෙන අතර එය ඇගේ රංගන ගමන්මගේ මුල්ම අඩිතාලම වුණා. එයින් පසුව බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට ඇයට හැකියාව ලැබුණේ ඇයගේ රූමත් බවත් දක්ෂතාවයක් නිසාමයි. ඉන්පසු ඇය ටෙලිනාට්‍ය කීපයකටම රංගනයෙන් දායකත්වය දැක්වූ අතර එම නිර්මාණ ද අතිශය ප්‍රේක්ෂක ආදරය මත විකාශය වෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඇය පිළිබඳවයි.

ඇය ඒ සඳහා ආරම්භය ගත්තේ මෙහෙමයි. මේ දවස් වල දිවිතුරා ටෙලි නාට්‍යයේ ටීනාගේ චරිතය සඳහා රංගන දායකත්වය ලබා දෙනවා. ඇත්තටම චරිතය ටිකක් දඟකාර විසේකාර චරිතයක් නිසා ගොඩක් දෙනෙක්ගෙ ප්‍රේක්ෂක ආකර්ෂණය මට ලැබෙනවා. මම හිතන විදිහට ටීනා කියන චරිතය රසිකයන්ව සතුටු කරන චරිතයක්. ඇත්තටම ඉතාම කෙටි කාලයක් තුළදී හිතාගන්නවත් බැරි විදිහට හොඳ ප්‍රතිචාර මට ටීනා කියන චරිතයට ලැබුණා. ඇත්තම කිව්වොත් ඒ චරිතය මගෙ සැබෑ ජීවිතයට ටිකක් සමීපයි.

ඇත්තටම කලා ක්ෂේත්‍රයේ නවක රංගන ශිල්පිනියක් ලෙස ඉන්න එක ඒ තරම්ම අමාරු දෙයක් නෙවෙයි. නමුත් ඉවසීම කියන දේ ගොඩක්ම වැදගත් වෙනවා. මොකද නවකයන්ට එල්ල වන චෝදනා ප්‍රමාණය වැඩියි. මොකද ගොඩක් මිනිස්සු බලන්නෙ කෙනෙක් ව ඉස්සරහට යවනවට වඩා කොහොමහරි ඒ කෙනාව වට්ටන්න. ඉතින් හරිම ඉවසීමකින් යුක්තව ඒ දේවල් විඳ දරාගන්න අපි හුරු වෙන්න ඕනි.

මම ඒ විදිහට තමයි මේ ක්ෂේත්‍රය තුළ රැඳී ඉන්නේ. ඇත්තටම පහුගිය දවස් වල මට ගොඩක් කටකතා හැදුණා මායි සංගීත් අයියයි අතර ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා. ඇත්තටම අපි දෙන්නා අතර එහෙම දෙයක් නැහැ. ගොසිප් හදන අයට ඒක ටික කාලයක් යද්දි තේරුම් යයි අපි අතර තිබ්බෙ යාළුකමක් විතරයි කියලා. ඇත්තටම මම මේ ක්ෂේත්‍රයේ කෙනෙක් එක්ක විවාහ වෙන්න කැමැති නැහැ.

අනිත් දේ තමයි දැන්ම විවාහ වෙන බලාපොරොත්තුවකුත් නැහැ. මොකද මට තාම පෙම්වතෙක් නැහැ. කවද හරි මම විවාහ වුන දවසට මගේ ජීවිතයේ අංක එක දෙන්නෙ මගේ ජීවිතයට. යනුවෙන් තමයි ඇය පවසා සිටියේ. ඉතින් ඇයගේ සියලු ම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.     

Post Views: 11,213

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes