Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මම ආයෙ කවදාවත් ආදරේ කරන්නෙ නැහැ ආයෙ බඳින්නෙ නැහැ කියල කිව්වොත් ඒක බොරුවක්-රයිනි චාරුකා

Posted on February 26, 2023February 26, 2023

“මගේ ජීවිතයට ආදරය ඕන. මම ආදරයට ගොඩක් ආදරේ කෙනෙක්. මම ආයෙ කවදාවත් ආදරේ කරන්නෙ නැහැ ආයෙ බඳින්නෙ නැහැ කියල කිව්වොත් ඒක බොරුවක් වෙනව. එක දෙයක් නිසා මට පුංචි බයක් තියෙනව. ඒ හැරෙන්න වෙන දෙයක් නැහැ. මම ආදරවන්තියක් වෙනව අනිවාර්යයෙන්ම. මට ආදරය ඕන. ” දෙමව්පියන්ගේ අඩිපාරේ යමින් කලා ලොවට පා තැබූ රයිනි චාරුකා අද වන විට රටම හඳුනන ගායිකාවක්. අවුරුදු හතකට පස්සෙ රයිනි එළිදක්වපු ‘කළුවරට බය හින්දා’ ගීතය පසුගිය කාලයේ බොහෝ දෙනකුගේ කතාබහට ලක් වුණා. ජීවිතයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දුන් ඇය අද ගෙවන ජීවිතය ගැන මේ විදිහට හඬ අවදි කළා.

රයිනි කොහොමද වැඩකටයුතු? මම පසුගිය සැප්තැම්බර් මාසෙ පටන් එක දිගට විදේශ රටවල ප්‍රසංගවලට සහභාගී වෙනව. වෙනත් නිර්මාණයක් කරන්න කාලයක් ලැබුණෙ නැහැ. වැඩිපුර කාලය ගෙවෙන්නෙ විදේශ සංචාර වලට? ඔව් ඇත්තටම ලංකාවෙ රැඳෙන්න කාලයක් නැති තරම්. මේ අවුරුද්දටම සති දෙකයි මේ වන විට මම ලංකාවෙ රැඳිල තියෙන්නෙ. ඇයි විදේශ සංචාර පමණක් තෝරා ගන්නෙ? ලංකාවේත් දැන් එක දිගට කොන්සර්ට් පැවැත්වෙනව. මොකද අවුරුදු තුනක් පුරාවට මිනිස්සුන්ට විනෝදාස්වාදය කියන දේ විඳින්න බැරි වුණානෙ. විදෙස් රටවල ඉන්න අපේ රටේ මිනිස්සුත් මේ විදිහටම ප්‍රසංග සංවිධානය කරනව. බොහෝ විට විදෙස් සංචාරවලට සහභාගී වන කලාකරුවො කිහිප දෙනෙක් ඉන්නව. මමත් ඒ අතරින් එක්කෙනෙක්. ඒක ලොකු වාසනාවක් කියලයි මම හිතන්නෙ. ලැබෙන ප්‍රතිචාරවල වෙනසක් තියෙනවද? ලංකාවට වඩා ටිකක් වෙනස් ප්‍රතිචාර ලැබෙනව. ඒකට හේතුව තමයි අපේ රටේ ප්‍රසංගයක් පවත්වද්දි කලාකරුවො පහක් හයක් හෝ ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් සහභාගී වෙනව.

එතනදි එක එක්කෙනාට කැමති රසිකයො සහභාගි වෙනව. නමුත් විදේශ රටවල ප්‍රසංගයක් පවත්වද්දි එහෙම වෙන්නෙ නැහැ. මේව සෝලෝ කොන්සර්ට්. බොහෝ දුරට තනි කෙනෙක් හෝ දෙන්නයි. එතනදි ප්‍රේක්‍ෂකයා එන්නෙ මං වෙනුවෙන්. පසුගිය කාලයේ රයිනිගෙ නිහඬ බවක් පෙනුණා? අලුත් නිර්මාණ කරනව කිව්වට කරන්නම්වාලෙ කරන්නත් බැහැනෙ. බොහෝ දෙනෙක් ලස්සන ගීත එවනව. තනු එවනව. නමුත් ඒවා බලද්දි මට දැනෙනව මට වැඩිය හොඳට වෙන කෙනෙක් ඒක කරයි කියල. බොහෝ වෙලාවට මගෙ හිතට ආපු කෙනාට ඒ ගීත යොමු කරනව. ලංකාවේ ප්‍රතිචාර මොන වගේද? ඇත්තම කිව්වොත් ලංකාවේ ප්‍රේක්‍ෂකයන් ප්‍රතිචාර දක්වන විදිහ ගොඩක් වෙනස් වෙලා තියෙනව. ඒක ඇත්තටම ලස්සනයි. එහෙම වෙනකොට අමතරව වුණත් ඔවුන් වෙනුවෙන් ගීත ගායනා කරන්න අපිට පුළුවන්. ඔබේ නැගණිය වින්ඩි ගැන තියෙන්නෙ මොන වගේ කියවීමක්ද? අපේ පවුල හරි පුංචි එකක්. අම්මා තාත්තා නංගී සහ මම තමයි ඒ පවුල තුළ ඉන්නෙ. සාමාන්‍යයෙන් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් දරුවො දිහා බලල සතුටු වෙනව.

ඒ හැඟීම මම කලින් දැනගෙන හිටියෙ නැහැ. නමුත් දැන් මට නංගි ගැන දැනෙන හැඟීමත් එක්ක මම හිතනව මට මේ දැනෙන්නෙ අම්ම තාත්තට තමන්ගෙ දරුවො ගැන දැනෙන ඒ හැඟීම හා සමාන දෙයක් කියල. එයා ජාත්‍යන්තරයට යනකොට මම හදවතින්ම ඒ සතුට වින්ඳා. ඔබත් සනුක එක්ක ගීතයක් කළා? ඔව්” මම සනුක එක්ක 2017 වසරේදී ගීතයක් කළා. නමුත් තවම එළිදක්වන්න ලැබුණෙ නැහැ. ඒක නම් කළේ ‘ප්‍රේමලන්තය. කියල. අපිට ඕන වුණේ හොඳ වීඩියෝ එකක් කරන්න. නමුත් ඒ කාලෙත් බජට් එක ලක්‍ෂ තිහක් විතර වුණා. එතනදි අපිට තීරණයක් ගන්න සිදු වුණා මේක කරනවද නැද්ද කියල. බොහෝ දුරට ලබන වසරේ අපේ රසිකයන්ට තිළිණ කරන්න බලාපොරොත්තු වෙනව. පසුගිය දවස්වල ‘කළුවරට බය හින්දා‘ ගීතය ගැන වැඩි කතාබහක් ඇති වුණා.? මම හිතන්නෙ ඒකට එක හේතුවක් වුණේ මම අවුරුදු හතකට පස්සෙ නිර්මාණයක් එළිදැක්වීම. ඒ වගේම මමමයි මේ රූප රචනාවෙ පෙනී ඉන්නෙ. ප්‍රේක්‍ෂකයන්ට මාව අමතක වෙලා තිබුණ කියල හිතන්න බැහැ. මොකද මම දිගටම ප්‍රසංගවලට සහභාගි වුණා. වෙනස්කම් ගොඩක් එක්ක ෆිල්ම් එකක් වගේ රූප රචනාවක් ඉදිරිපත් කළ එකත් එක හේතුවක් වෙන්න ඇති.

මේ රූප රචනාව නිසා කටකතාවකුත් පැතිරුණා? ඒක ඉතිං සාමාන්‍ය දෙයක්. මොකද මට මතකයි තරුමිණි ඔච්චම් ගීතය කරන කාලෙත් මේ වගේම කතාවක් හැදුන. ඉන්පස්සෙ මතකද හැන්දෑවේ ගීතයටත්” නීල කඳුගැටේ ගීතය එළිදැක්වුණාට පස්සෙත් මේ වගේම එක එක්කෙනා සම්බන්ධ කරල කටකතා හැදුන. ජීවිතේ ගෙවී ගිය තැන් ඔබ අද කොහොමද දකින්නෙ? ජීවිතේ ගැන මීට වඩා පරිස්සමින් තීරණ ගන්න තිබුණ කියල අද මට හිතෙනව. ඒ කාලෙ පෙනි පෙනී දැන දැනම තමයි සමහර තීරණ ගත්තෙ. වයසත් එක්ක යම් යම් දේවල් තේරුම් යද්දි අපි කාට වුණත් හිතෙනව අපරාදෙ මෙහෙම දෙයක් කළේ කියල. ඒ දේ නොකර හිටියනම් හරි කියල වගේ දේවල්. නමුත් මම ජීවිතේ ගැන පසුතැවෙන්නෙ නැහැ. මොකද මම කැමති නැහැ මගේ ජීවිතේ ගැන ඒ විදිහට දකින්න. ජීවිතේ හැම අවස්ථාවකින්ම අපිට යම් දෙයක් ඉගෙනගන්න ලැබෙනව. මටත් ඒක පෙර පුහුණුවකට ලැබුණ අවස්ථාවක් කියල හිතල අද මම ගොඩක් සතුටින් ඉන්නව.

රයිනි ආදරයෙන් ඈත් වෙලාද? නැහැ. අනිවාර්යයෙන්ම මට ආදරේ ඕන. මගේ ජීවිතයට ආදරය ඕන. මම ආදරයට ගොඩක් ආදරේ කෙනෙක්. මම ආයෙ කවදාවත් ආදරේ කරන්නෙ නැහැ ආයෙ බඳින්නෙ නැහැ කියල කිව්වොත් ඒක බොරුවක් වෙනව. එක දෙයක් නිසා මට පුංචි බයක් තියෙනව. ඒ හැරෙන්න වෙන දෙයක් නැහැ. මම ආදරවන්තියක් වෙනව අනිවාර්යයෙන්ම. මට ආදරය ඕන. මේ වන විටත් ආදර යෝජනා එනව? ආදර යෝජනා එක එක විදිහෙ අයගෙන් එනව. සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වගේම ඉහළ තත්ත්වයේ අයගෙනුත්. නමුත් එහෙම යෝජනා ආවට මම කැමති වෙන්න නැහැ. මටත් ඒ අය ගැන හැඟීමක් දැනෙන්න ඕනනෙ. ‘මතකද හැන්දෑවේ‘ මතකය මොන වගේද? අම්මෝ… කොච්චර දුරක් ඇවිල්ලද. දැන් අවුරුදු දොළහක් වෙනව. ඒ ගීතයට තියෙන රසික ආදරය අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනව. රඟපෑමට ආරාධනයක් ලැබුණොත්? එහෙම ආරාධනයක් ලැබුණොත් භාරගන්නව. චරිතය හොඳ නම් ගැළපෙනව නම් කරන්න පුළුවන් කියල හිතෙනව නම් භාරගන්නව. මහේෂ් එදිරිසිංහ දිවයින

Post Views: 4,982

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes