Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

හස්බන් හිටියා කියලා මගේ විධිය වෙනස් වෙන නෑ.කොල්ලොන්ට තට්ටු දාන එක නවතින් නෑ-අංජුලා රාජපක්ෂ

Posted on February 27, 2023February 27, 2023

පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබට සමීප වෙන අංජුලා රාජපක්ෂ කියන්නෙ කවුරුත් දැන අඳුනන ආදරණීය රංගන ශිල්පිනියක්. ඇය ඒ වගේම දැන් ආදරණීය අම්මා කෙනෙක්. මේ තියෙන්නෙ ඇය මෑතක වැඩසටහනකට එක්වෙමින් කියූ කතාවක්.. “පවුල ඇතුළේ නම් මම හරිම නිශ්ශබ්ද චරිතයක්.

එළියට ගියාම නම් කියවනවා. ඉස්සර නම් කට ගහගෙන ගිය තැන් තිබුණා. නමුත් පස්සෙ මම තේරුම් ගත්තා. අපිට කතාබහ කරලා අනිත් දේ විසඳගන්න පුලුවන් වුණත්, විශ්වාසය කියන දේ බෑ.

මම දෙයියන්ගේ පිහිටෙන් මම අවිශ්වාස වෙන තැනට වැඩ කරලා නෑ…” “මම සාමාන්‍යයෙන් ගොඩක් පිරිමි ළමයි ආශ්‍රය කරන කෙනෙක්. හස්බන් හිටියා කියලා මගේ විධිය වෙනස් වෙන් නෑ. කොල්ලොන්ට තට්ටු දාන එක නවතින් නෑ.

ගොඩක් අයට වෙන්නෙ හස්බන් වයිෆ් ඉස්සරහා තමන් තමන් විදිහට ජීවත් වෙන් නෑ. ඇයි එහෙම ඉන්නෙ. මම නම් යන තැන වුණත් කියලා යන්නෙ. වහගෙන ජීවත් වෙන්න ඕනේ නෑ…”

අංජුලා රාජපක්ෂ කියන්නේ වර්ෂ ගණනාවක් තිස්සේ රංගනයත් එක්ක ජිවත් වෙන රංගන ශිල්පිණියක්. විවිධ නිර්මාණ එක්ක දකින්න ලැබෙන අංජුලා එදා වගේම අදටත් ලස්සන නිසා බොහෝ දෙනෙක්ගෙන් ආදරය ලබනවා. රසික ආදරය එක්ක රංගන ක්ෂේත්‍රයේ රැදී ඉන්න අංජුලා ගැනයි මේ.

ඉතිං අංජුලා කොහොමද?හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා.එන්න එන්නම ලස්සන වෙනවා. මොකක්ද රහස?රහසක් නැහැ. උපතින්ම ලැබුණ ලස්සන තමයි තාමත් තියෙන්නේ.ඇඟ ලස්සනට තියන් ඉන්න ව්‍යායාම කරනවාද?නැහැ කවදාවත් මම ජිම් එකකට ගිහින් ව්‍යායාම කරලා නැහැ. ඇඟ අඩු කර ගන්න කියලා කෑම පාලනයක් කවදාවත් කරන්නෙත් නැහැ. ඒත් හැමදාම එකම ශරීර ප්‍රමාණයක ඉන්නවා. නමුත් නිවසේදී වැඩ කාර්යක්ෂමව ඉටු කරන්න පුරුදුවෙලා ඉන්නවා.

කාන්තාවක් ලස්සනට ඉන්න එක වැදගත්ද?ඔව්. රුවැති දුවයි, කටැති පුතයි කියලා අපේ පැරණි කියමනක් පවා නිර්මාණය වී තිබෙන්නේ නිකං නොවෙයිනේ. දරුවෙක් ලැබෙන්න ඉන්න කොටමයි අම්මා කෙනෙක් අධිෂ්ඨාන කරන්නේ රූමත් දුවෙක් ලැබෙන්න කියලා. විශේෂයෙන්ම කාන්තාවකට ආකර්ශනයක් සොඳුරු බවක් ලැබෙන්න නම් අනිවාර්යෙන්ම කාන්තාවක් ලස්සන වෙන්න  ඕනේ.ලස්සන තිබූ පමණින් කෙනෙකුට හැමදේම ලැබෙනවාද?නැහැ. රූපය ලස්සන වූ පමණින් කෙනෙකුට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ලස්සනත් සමග කාන්තාවකට තිබිය යුතුම දෙයක් තමයි බුද්ධිමත් බව. අනිත් දේ තමයි හැසිරීම. කතා කරන විලාසය. මේ හැමදේම නැතුව කාන්තාවක් ලස්සන වූ පමණින් ඇයට ලැබෙන දෙයක් නැහැ. ලස්සන නිසා ලෝකය ජයගත් අය වගේම රූපය නිසාම ජීවිතයම වරද්ද ගත්ත අය ලෝකයේ  ඕනෑ තරම් හමුවන්නේ ඒ නිසා.

ලස්සන කෙනෙක් අවලස්සනව පේන්න බලපාන කරුණු මොනවාද?මම හිතන්නේ එහෙම වෙන්න බලපාන ප්‍රධාන දේ තමයි අපිරිසිදුකම. අනිත් දේ තමයි ප්‍රියමනාප විදිහට කතා කරන්න දන්නේ නැති එක. තමන් ලස්සනයි කියලා උදම් වෙන්න යනකොටත් අපි දන්නේම නැතුව අපේ ලස්සන වියැකී  යන්න පුළුවනි.කෑම බීම ගැනීමේදී සැලකිලිමත් ද?මෙහෙමයි මම කෑම වැඩිපුර ගත්තා කියලා මහත්වීමක් වෙන්නේ නැහැ. කොහොම කෑම ගත්තත් මම මාංශ ආහාරවලට කැමති නැහැ. පළා වර්ග, එළවළු, පලතුරු නිතර වැඩිපුර ආහාරයට ගන්නවා. උදේ පාන්දර ෆ්‍රෙෂ් මිල්ක් වීදුරුවක් බොනවා.

සම ලස්සනට තියා ගන්න නිවසේදී සිදුකරන ප්‍රතිකර්ම මොනවාද?සතියකට වරක් පිරිසිදුව ලබා ගත් කෝමාරිකා මදය මුහුණේ ගාන්න පුරුදු වෙලා ඉන්නවා. කෝමාරිකාවලින් මුහුණේ ඇති වන වෙහෙසකර බව නැති වෙනවා. ඊට අමතරව ඉඳහිට වෙලාවක් ලැබුණාම කඩල පිටිවලට මී පැණි ස්වල්පයකුයි, දෙහි බිංදු කිහිපයක් දමා එයට අයිස් වතුරෙන් මිශ්‍රකර මුහුණේ ආලේප කරනවා. එය විනාඩි 20ක් විතර කියලා සෝදාහරිනවා. මෙම ස්වභාවික සත්කාරයෙන් සමට නැවුම් බවක් ලැබෙනවා.

කෙනෙක් ලස්සනට ඉපදෙන්නේ?මම නම් හිතන්නේ කෙනෙක් ලස්සන වෙලා ඉපදෙන්න පෙර පිනක් තිබිය යුතුයි.පුංචි කාලේ මතකයේ තිබෙනවාද?ඔව්. ඉස්සර අම්මී බලෙන් මැල්ලූම් කවනවා. මැල්ලූම් කන්න මම ආස නැහැ. ඒත් අම්මී පෙරැත්ත කරන නිසා මැල්ලූම් ටික කාලා වතුර බොනවා. තැඹිලි වතුර, පලතුරු යුෂ වගේම වතුරත් ගොඩක් බොන්න දෙනවා බලෙන්ම. ඒ දවස්වල නම් එච්චර දැනුනේ නැහැ මේ දේවල් සම ලස්සන වෙන්නයි නිරෝගීකමටයි උපකාරී වෙනවා කියලා. ඒත් දැන් නම් හිතනවා අම්මී කරපු හැමදේම මගේ හොඳටමයි නේද කියලා.

ආ… තව අම්මා මම පොඩි කාලේ කහයි, කොහොඹ කොළයි වෙනිවැල්ගැටයි තම්බලා ඒ වතුරෙන් ඇඟ සෝදනවා. මේ ඖෂධිය වතුර විෂබීජ නාශකයක් නිසා එය සමේ පැහැයටත් ඉතාම හිතකරයි. කොච්චර හොඳ වුණත් මේ වගේ ස්වාභාවික සත්කාරනම් අපට දැං කෙරෙන්නේ නැහැ.පැහැපත් සමක්, එහෙමත් නැතිනම් සුදු සමක් තිබීම රංගනයෙන් ඉදිරියට යන්න වාසියක් වුණාද?මම ගොඩක් සුදු නිසාම දක්ෂතාවය තිබුණත් ඇතැම් රංගන අවස්ථා ගිලිහී ගිය අවස්ථා තිබුණා.  මුලදී මට ලැබුණේ වෙස්ටන් චරිත විතරයි. ආසාව තිබුණත් දක්ෂතාව තිබුණත් ගැමි චරිත රඟ දැක්වීමට අවස්ථාවක් ලැබුණේ නැති තරම්.

දැං කාලේ තරුණ ළමයි අවුරුදු 12 – 15 වෙනකොට පේෂල් දානවා, ක්ලීනප් කරනවා, විටමින් වර්ග ගන්නවා සම සුදු වෙන්න කියලා. ඇත්තට නම් අපේ තරුණ කාලේ හම සුදු වෙන්න එවැනි දේවල් කරනවා කියලා දැන සිටියේත් නැහැ. කොණ්ඩය කලර් කරපු එකටත් ගෙදරින් මුලදී කැමති වුණේ නැහැ.ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව කවුද?එහෙම විශේෂ කෙනෙක් නැහැ. ඒත් මම හරිම කැමතියි හැම දරුවෙක්ම තමන්ගේ දරුවෙකු වගේ සිතා ආදරෙන් කරුණාවෙන් සලකන, උසස් ගතිගුණ තියෙන උතුම් අම්මලාට. ඔවුන් රූපෙන් ගොඩක් ලස්සන නැතිවෙන්න පුළුවන්. නමුත් හදවතින් ගොඩක් ලස්සනයි.

ජීවිතයේ ලස්සනටම සැරසුන දවස?2018 ජනවාරි 19 වෙනිදා. මම සැබෑවටම මනාලියක් වූ දිනය. එදා මාව හැඩගැන්වූවේ රූපලාවන්‍ය ශිල්පී ලක්ෂිත ජයසිංහ. ඔසරියකින් සැරසී හිටපු එදා මම හරිම චාම්ව හිටියේ. එදා මා ගාවට ආපු ගොඩක් අය මාව අගය කළා. ‘ඔයා අද නම් හරිම ලස්සනයි’ කියලා.අධ්‍යාත්මිකව සිත දියුණු කර ගන්න මොනවාද කරන්නේ.මම බෞද්ධ කෙනෙක්. ඒ වගේම ආගමට දහමට අනුව ජීවිතය හැඩගස්වා ගෙන ජීවත්වෙන්න නිතර උත්සාහ දරනවා. ඒ වගේමයි පුළුවන් හැම වෙලාවකම සතුටින් ඉන්නත් මම පුංචි කාලේ ඉඳලාම පුරුදු වෙලා ඉන්න දෙයක්.

Post Views: 5,899

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes